පොඩ්ඩක් පුංචි කාලෙට ගිහින් රූපවාහිනිය බලලා එමුද? මේ අපි ඒ කාලේ ආදරය කරපු වෙළඳ දැන්වීම් 11ක්.

දැන් නම් රූපවාහිනියක් දිහා ඇහැක්වත් ඇරලා නොබැලුවට මොකද, ඒ දවස්වල අපි “ටීවී කාපර්ලා”. ලස්සන කාටූන්, ටෙලි නාට්‍ය වගේ රස කර කර බලන්න දේවල් සෑහෙන්න ඒ කාලේ තිබුණනේ. අදටත් මතක් කරලා සතුටුවෙන්න පුළුවන් ඒ දේවල් අතරට එකතුවෙන තවත් දෙයක් තමයි අපි පොඩ්ඩෝ කාලේ බලපු මේ වෙළඳ දැන්වීම්.

හිතින් හරි ඒ කාලෙට ගිහින්, පුංචි එකෙක් විදියට හොඳට හරිබරි ගැහිලා රූපවාහිනිය බලන්න කැමතිනම්, ඔන්න තියෙනවා වෙළඳ දැන්වීම් 11ක්ම.

1. ඇන්කර් කිරි

අම්මා අපේ හරි හොඳයි – අපට ආදරෙයි

හොඳ නරක කියා දෙමින් – හොඳින් රැක ගනියි

පණ ඇගේ අප තමයි – අම්මා ගී ගයයි

මුළු ලොවම ලඟයි ලඟයි – අම්මා අපි ලඟයි

මේ වෙළඳ දැන්වීම තරමටම අපි ආදරය කළ තවත් දෙයක් තියෙනවනම්, ඒ තමයි මේකේ තියෙන තේමා ගීතය. අම්මගේ ආදරේ  පුංචි එකෙක්ට දැනෙන විදිය හරිම ලස්සනට ඉදිරිපත් කරපු ඒ ගීතයෙන්, මේ වෙළඳ දැන්වීම තවත් ඔප වැටුණා. මේක 90 දශකයේ අග භාගයේදී ඇන්කර් කිරි වෙනුවෙන් විකාශය වුණු එකක්. එහි තේමා ගීතය ඒ කාලේ ආව ඇන්කර් කිරි පැකට්වලත් දැකගන්න ලැබුණා.

2. කැන්ඩොස් චොකලට්

ඔබමයි මා හදවතේ – සතුටු සිනාවන් මතුකළේ

එය රසබර හැඟුමක් වේ – හැම දිනේ

ලස්සන තේමා ගීතයක් එක්ක තිබුණු වෙළඳ දැන්වීම් අතරට එකතුවෙන තවත් එකක් තමයි මේ. සිංහල වගේම ඉංග්‍රීසි බසිනුත් මේක විකාශය වුණා ඔයාලට මතක ඇති. වෙළඳ දැන්වීමකටත් වඩා, දරු දෙමාපියන් අතරේ, මිතුරන් අතරේ, ආදරෙන් බැඳිලා ඉන්න යුවලක් අතරේ තියෙන බැඳීම අපි මේකෙන් දැක්කා කිව්වොත්, වඩාත් නිවැරදියි.

3. ඔරේන්ජ් බාර්ලි බීම  

මිහිරෙන් මතකයේ ඇඳේ – ඒ රසේ රැඳේ මා සිතේ

සොඳුරු මතක සිත පිරේ

ඔරේන්ජ් බාර්ලි බීම තරම්ම රසවත් වෙළඳ දැන්වීමක් තමයි මේක. මේකෙ තේමා ගීතයත් අපි අතර ඉස්සර හරිම ජනප්‍රියයි. අක්කා කෙනෙක්ගෙයි මල්ලි කෙනෙක්ගෙයි අතරේ තියෙන ආදරණීය බැඳීම, මේ වෙළඳ දැන්වීමට මුහු කරලා තිබුණේ හරිම අපූරුවට.

4. කීල්ස් මීට් බෝල්ස්

"ස්…ස්,.. කොහෙද ඉන්නේ?

ඇයි එන්නද?"

මේ කතාව හැදීගෙන එන අපේ තරුණ පරම්පරාව අතර ජනප්‍රිය වුණේ හරිම ඉක්මණට. 2000 අවුරුද්දේ විකාශය ආරම්භ කරපු කීල්ස් මීට් බෝල්ස් වෙළඳ දැන්වීමෙන් තමයි ඒ දෙබස එයාලා අතරට ආවේ. ඒ කාලේ තිබුණු තාරුණ්‍යයේ දඟකාර බව හරි ලස්සනට මේකට එකතු කරලා තිබුණා.

5. ටිකිරි මාරි

"කොහොමද ටිකිරි මොළේ?"

පොඩ්ඩෝ අතර අදටත් ජනප්‍රිය වැකියක් තමයි මේක. ළඟකදී බිහිවුණු ටිකිරි මාරි වෙළඳ දැන්වීම් වලත් ඒ වැකිය වගේම, ඒ තේමා සංගීතය පාවිච්චි වෙන බව ඔයාලට මතක ඇති. ටිකිරි මාරි කන්න ආසාවට, හරි හරියට අක්කට කරදර කරන කපටි මල්ලි කෙනෙක් ගැන තමයි මේ වෙළඳ දැන්වීමේ තිබුණේ

6. නින්ජා කොයිල්

කාංචනා මෙන්ඩිස්, නිමන්ති පෝරගේ, සහ සනත් විමලසිරි රඟපාපු මේ වෙළඳ දැන්වීම අපට දකින්න ලැබුණේ 1998 අවුරුද්දේදී. ඇත්තම කිව්වොත් මේක කොටස් දෙකක් විදියට විකාශය වුණා. ඒ බෝඩිමේ රැයක් 1 සහ 2 විදියට.  

7. කිස්ට් ටොමැටෝ සෝස්

පොඩ්ඩෝ පස් දෙනෙක් එකට එක්කාසු වෙලා, කිස්ට් ටොමැටෝ සෝස්වල රස ගැන කතා කරන මේ වෙළඳ දැන්වීමත් අපි ඉස්සර බොහොම ආදරෙන් වැළඳ ගත්තා. මේ පොඩ්ඩෝ ලොකු වුණාට පස්සේ තවත් ඒ වගේම වෙළඳ දැන්වීමක් කළා ඔයාලට මතක ඇති.

8. සෙලාන් බැංකුව

සෙලාන් බැංකුවේ ගිණුම් දෙකක් අතර මුදල් හුවමාරු කිරීමේ පහසුකම ගැන කියාපාන වෙළඳ දැන්වීමක් අපට දකින්න ලැබුණා 90 දශකයේදී. ලන්ඩන්වල ඇල්බට් අන්කල් ගැන අපේ කතා බහට ආවේ මේකෙන්. මනමාලයාගේ මගුල් මුද්ද නැති කරපු ඔහුගේ යාළුවට සෙලාන් බැංකුවේ මුදල් හුවමාරු පහසුකම පිහිටවෙන විදිය තමයි මේකෙන් අපි දැක්කේ.

9. රිච් ලයිෆ් කිරි​   

ගුඩ් මෝනින් කිරි මාමේ

ගුඩ් මෝනින් මගේ පැටියෝ

මේ දෙබස ඇහෙද්දීම අපේ මතකය දිව යන්නේ ගම දිගේ රිච් ලයිෆ් කිරි පැකට් බෙදමින් යන කිරි මාමාව. හරිම ආදරණීය බවක් මේ කතා බහ තුළ තිබුණු බව නොකියාම බැහැ. සිංහල බසින් වගේම ඉංග්‍රීසි බසින් මේ වෙළඳ දැන්වීම විකාශය වුණා.

10. සන්ලයිට්

සන්ලයිට් – සන්ලයිට් පෙණ ඉතිරෙයි

පිරිසිදු කොට සෝදාලයි – පාවිච්චිය හරි පහසුයි

දැන් වගේ ඉස්සර හැමෝටම රෙදි සෝදන යන්ත්‍ර තිබුණේ නැහැනේ. අපේ ආච්චිලා, අම්මලා එහෙම ගමේ තියෙන දිය පාරට ගිහින් තමයි රෙදි පෙරෙදි එහෙම සෝදාගත්තේ. අන්න ඒ වගේ ගමේ සිරිය පෙන්නපු වෙළඳ දැන්වීමක් විදියට මේ සන්ලයිට් වෙළඳ දැන්වීම හඳුන්වන්න පුළුවන්.

11. සෙලින්කෝ රන්දරු

"මගේ නම රන්

ඉස්සර මට හරි හරි වැඩ වෙලා තියෙනවා"

හැමතිස්සෙම අකරතැබ්බ කරගන්න පුංචි දඟකාරයා; "රන්". අපි මෙයාව දැක්කේ සෙලින්කෝ රන්දරු වෙළඳ දැන්වීමෙන්. මේ හාදයා කරගෙන තියෙන පෝරිසාද වැඩවල හැටියට මෙහෙම ඉන්න එක තමා පුදුමේ කියලයි අපට ඒ දවස්වල හිතුණේ.

නමක් අලවපු භාණ්ඩයකට, නිෂ්පාදනයකට විතරක් සීමා නොවී, ජීවිතයට ඒක වැදගත්වෙන හැටි හරි අපූරුවට පෙන්නන්න මේ වෙළඳ දැන්වීම්වලට හැකිවුණා කියලා කියන්නම ඕනේ. මේවා අදටත් අපේ මතකයේ නොමැකෙන විදියට රැඳිලා තියෙන්නේ ඒ නිසාමයි.

මේ ලැයිස්තුවට එකතුවෙන්න ඕනේ කියලා ඔයාලා හිතන තවත් වෙළඳ දැන්වීම් තියෙනවානම්, පහළින් කමෙන්ට් කරන්නකෝ. ඒ ගැන මතක් කරලා, අපේ යාළුවන්ට මුවගට හිනාවක් දෙන්න ඒක හේතුවක් වෙයිනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide