බොමු බොමුද තේ?: කොළඹ පැත්තෙන් නියම තේ කඩ 11ක්.

''මචං ප්ලේන්ටියක් ගහමුද?'' උදේට කාලා පැයක් යන්න නෑ!

තේ කහට උගුරක් ඇඟට වැටුනෙ නැත්නම් අපේ අයට නිකන් මොකක්ද මොකක්ද වගේනෙ. කම්මැලියි කියයි, නිදිමතයි කියයි. ආයෙ අහන්න දෙයක්යැ, හවසටත් එලෙසම තමයි. ඇත්තටම තේ වලින් අපේ ඇඟට හොඳ ජවයක්, ප්‍රබෝධයක් ලැබෙනව කියල අපි දන්නව. ඒත් අවාසනාවට අපේ රටේ හැදෙන තේ වල සාරවත් අස්වැන්න අපිට රස විඳින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්.

ඉතින් මට හිතුණා කලාතුරකින් හරි හොඳ තේ කහට උගුරක් තොල ගාන්න පුළුවන් තැන් ටිකක් ගැන ඔයාලට කියන්න. බලන්නකො මේ තේ කඩ ටික කොහොමද කියල.

1. Dilmah t-Lounge

කොළඹ කොටුව, චැතම් පාරෙ වගේම නිදහස් චතුරස්‍ර ආකේඩ් එකෙත් තියෙන ඩිල්මා තේ කඩේ කියන්නෙ ඇත්තටම  හොඳම තේ කහට කෝප්පයක් රස බලන්න පුළුවන් තැනක්. අපි සාමාන්‍යයෙන් බොන ප්ලේන්ටිය හැරුණාම Cinnamon Ice Cream T-Shake, Kandy Lemonade Tea වගේ වෙනස්ම රස වලින් එන තේ වීදුරුවක් එක්ක ඒකටම කියාපු පොඩි අතුරු ආහාරයකුත් රස බලන්න ඩිල්මා තේ කඩේට යන ඔයාලට පුළුවන්. රුපියල් දෙතුන්සීයට නියම ප්ලේන්ටියක් ගහන්න ඩිල්මා ටී ලෝන්ජ් එක නම් නියම තැනක්.

2. Euphorium

රසම රස ජපන් තේ උගුරක් රස බලන්න ආස නම් යන්න කොළඹ 07 කිංසි පාරෙ යුෆොරියම් තේ කඩේට. කඩේ කරගෙන යන ජපන් කාන්තාව නම් කියන්නෙ එයා ලඟ තියෙන රසම තේක, තේ සෝඩා එක කියල. ඒ හැරුණාම තව තව රසවල් ගොඩක තේ ජාති වගේම තේ බොද්දි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කුකීස් වගේ රසම රස බිස්කට් ජාතිත් යුපෝරියම් තේ කඩේ තියෙනව. රුපියල් දෙතුන්සීයකට ඒ වගේ නිදහස් වට පිටාවක ඉඳන් තේ කහට උගුරක් තොල ගාන්න ලැබෙන එකත් ඇත්තෙන්ම ගොඩක් වටිනව.     

3. Ayu the

මී පැණි රසට, කුරුඳු රසට, පැඟිරි රසට ප්ලේන්ටියක් ගහමුද? ඒ නම් එන්න බත්තරමුල්ලෙ දියත උයනට හරි කොළඹ 07 ගුඩ් මාකට් එකට හරි. 'ආයු තේ' කිව්වාම අමුතුවෙන් කියන්න දේකුත් නැති තරම්. ඇඟට හොඳ තේ කහට කෝප්පයක් රු. 50ක් වගේ අඩු ගාණකට බොන ඔයාට හිතට අල්ලපු රසක් තිබුනොත් ඒ රසෙන් තේ කොළ පැකට් එකක් ගෙදර ගෙනියන්නත් පුළුවන්.

4. Garden cafe (T-sips)

කජු දාලා හදපු බ්‍රවුනි කෑල්ලක් එක්ක සීතල ඉඟුරු තේ වීදුරුවක් රස බලන්න, ගාර්ඩ්න් කැෆේ එක තමයි නියමම තැන. කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරෙ තියෙන මේ තේ කඩේ තියෙන්නෙ නුවර, දඹුලු පැති වල හැදෙන සාරවත්ම තේ අස්වැන්නෙන් එන තේ දළු. අයිස් තේ විතරක් නෙවෙයි සුදු තේ, මින්චි තේ වගේ අපූරු තේ ජාති කීපයකුත් ගාර්ඩ්න් කැෆේ එකේ තියෙනව. රුපියල් සීයක් දෙසීයක් වගේ ගාණකට අපේම සාරවත් අස්වැන්න රස බලන්න ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්නෙ.

5. Tea Triumph

ඇඹිල්මීගම වතු යායෙන් නෙලා ගත්තු තේ දළු වල රස වෙනස්ම විදියක පාරිභෝගිකයන්ට දෙන අපූරු තේ කඩයක් තියෙනව කොල්ලුපිටිය මරීන් ඩ්‍රයිව් එකේ. හීනෙන්වත් හිතල තියෙනවද අනෝදා රස තේ කෝප්පයක් බොන්න. එතකොට… සමන්පිච්ච රස. ඒ විතරක් නෙවෙයි තේ කොක්ටේල් වගේ තේ වලින් දාන සුපිරිම වැඩ ටිකක් රස බලන්නත් ටී ට්‍රයම්ප් එකට යන ඔයාලට පුළුවන්. කහට කෝප්පයක් රුපියල් සීයක් දෙසීයක් විතර වුනාට මොකද රසයෙන් නම් අනූනයි.

6. Blue Field Tea Centre

බම්බලපිටිය හේග් පාරෙ තියෙන බ්ලූ ෆීල්ඩ් තේ කඩේට ගියොත් නම් බඩටත් මොනව හරි දාගෙනම ප්ලේන්ටියක් ගහන්න පුළුවන්. රසම රස කළු තේ කෝප්යක් හරි අර්ල් ග්‍රේ තේ කෝප්පයක් හරි රස බලන ගමන් මෙයාලගෙ ෂෝට්ටීට්ස් මොනව හරිත් රස බැලුව නම් තමයි නියම. උපරිම වුනොත් රු. 100ක් වෙයි.

7. Tatlers Tea

මේක නම් YAMU එකේ අපිත් හොඳට දන්න කියන කඩයක්. බාග වෙලාවට අපිත් පොඩි රෝල් එකක් කාලා ප්ලේන්ටියක් ගහන්න යන්නෙත් බම්මබලපිටිය ඩුප්ලිකේෂන් පාරෙ තියෙන ටැට්ලර්ස් එකට තමයි. මාරම තේ ජාති ටිකක් තමයි මෙතනත් තියෙන්නෙ. අපේ රටේම වතු යායකින් එන මේ අස්වැන්න තේ කෝප්පයක් වෙලා මේසෙට එන්නෙ රු. 100කටත් අඩු ගාණකට.

8. Heladiv Tea Club (Bar)

තේ බීලා මත් වෙන්න ඕන නම් යන්න ඕන මෙතනට. කොටුව, ලංකා බැංකු පාරෙ තියෙන මේ හෙලදිව් තේ බාර් එකේ තියෙන්නෙ තේ කොක්ටේල්. රු. 500ක් වගේ ගාණකට ගන්න පුළුවන්. තේ රසයි අරක්කු රසයි පදමට ගලපල හදන මේ තේ කොක්ටේල් වල රස නම් මරු. හැබැයි ගැහුවොත් බඩු. හැබැයි මත් වෙන්න උවමනාවක් නැති අයට බොන්න සාමාන්‍ය තේ වර්ගත් මෙතන තියෙනව.

9. Rama's Tea House

නියම ස්නැක් පාරක් එක්ක තේ කෝප්යක් රස බලන්න ඇතුල් කෝට්ටෙ තියෙන රාමාගේ තේ කඩේ නම් කියාපු තැනක් තමයි. මෙයාල ලඟ තියෙන ග්‍රීන් ටී අයිස්ක්‍රීම් එක වගේම බටර් බීයර් එකත් හරිම රසයි. රු. 500ක් වගේ ගාණකට සුපිරි තේ කෝප්පයකුයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පිඟානකුයි එක්ක ටික වෙලාවක් නිදහසේ ඉන්න නම් මේ තේ කඩේ නියම තැනක්.

10. Tea Avenue

කොළඹ 07 බාන්ස් ප්ලේස් වල තියෙන ටී ඇවනියු එකත් තේ කෝප්පයක රස බලන්න හොඳ තැනක්. හැබැයි මෙතනට යන ඔයාට දවල් කෑම කාලම වුනත් තේ කෝප්පයක් රස බලන්න පුළුවන්. නැත්නම් පොඩි ෂෝටීට්ස් පාරක් එක්ක වුනත්. පොඩි ප්‍රශ්නයකට කියල තියෙන්නෙ මෙයාලගෙ කෑම බීම වල ගණන් ටිකක් වැඩි එක තමයි. සාමාන්‍යෙයන් රු. 500කට නම් එහා.

11. Tea Breeze

ටී බ්‍රීස් එක තියෙන්නෙ කොල්ලුපිටියෙ පෙරහැර මාවතෙයි කොළඹ රේස්කෝස් පැත්තෙයි. රස අයිස් ටී එකක් බොන්න වගේම නියම අතුරුපසක් රස බලන්නත් මේක නියම තැනක්. හැබැයි මෙතනත් ගාණ නම් රු. 500ට එහා යනව.

ඇඟට ගැම්මක් ගන්න උදේ හවහ තේ කහට කෝප්පයක් රස බලන අපේ යාළුවනේ, මතක ඇතුව ඔයාල දන්න කියන තේ කඩ ටිකත් කමෙන්ට් කරන්න හොඳේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide