ටියුෂන් පන්තිවලදී අපට මුණගැහෙන චරිත 12ක්.

ඉස්කෝලේ යන කාලේ දැනුණු සැහැල්ලුව, සුන්දරත්වය වෙන කොහෙන්වත් ගන්න බැහැ. උදේට ඉස්කෝලේ ගිහින්, හවස් කාලේ වරු ගණනක් ටියුෂන් පන්තියේ ගත කරලා, ගෙදර එද්දී හවස හත, අට වුණත් අපට ඒ දවස්වල ගානක් නැහැ. ෂහ්! ඒ කාලේ ටියුෂන් පන්තිවලදී එහෙම කරපු පිස්සු වැඩ! මතක් වෙද්දී අදටත් ඉල ඇට කැඩෙනකන් හිනාවෙන්න පුළුවන්.

"ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි" කියලා කතාවක් තියෙනවනේ. ඉතින් කොහේ ගියත් ජාති ජාති කට්ටිය හම්බෙනවා අපට. ඉතින් එහෙනම් ටියුෂන් පන්තියේදී මේ ඇත්තන්ව හම්බෙලා තියෙන අය අත උස්සන්න බලන්න!

1. මොළකාරයා

මේ අපි රජ ඉබ්බෝ කාටූන් එකේ ඉන්න මොළකාරයා එහෙම නෙවෙයි හොඳේ. සර් කියල දෙන දේ මුල ඉඳන් අගට ඇහුවත්, අග ඉඳන් මුලට ඇහුවත් උත්තර දෙන්න පුළුවන් හාදයෙක් තමයි මේ. මෙයාලා ඇත්තටම පන්ති එන්නේ අනන් මනං නැතුව ඉගෙනගන්න බලාගෙන. තමන්ගේ පාඩුවේ ඇවිල්ලා ඉගෙනගෙන, තමන් වගේම තමන් වටේම ඉන්න අයත් ගොඩ දාන එක්කෙනෙක් විදියට මෙයාලව හඳුන්වන්න පුළුවන්.

2. කුම්භකර්ණයා

සාමාන්‍යයෙන් ටියුෂන් පන්තිය පටන් අරගෙන පැයක් හමාරක් යද්දී, පිටිපස්සේ බංකු පැත්තෙන් ගොරවන සද්දයක් එහෙම ඇහෙනවනම්, අපි දන්නවා කුම්භකර්ණයා පන්තියට ඇවිල්ලයි කියලා. නින්ද තමාගේ එකම සහ පරම මිතුරා වගේම විනෝදාංශය විදියට තියාගෙන ඉන්න මේ උන්දැලා ගෙදර හිටියත්, ඉස්කෝලේ හිටියත්, පන්තියට ආවත් කරන්නේ නිදියන එක තමයි.

3. ගොට්ටා

නමේ හැටියටම තේරෙනව නේ? පන්තියේ මිස්ගේ/සර්ගේ සුවච කීකරු ගෝලයා වගේ හිටියට කට්ට වැඩවලට හරිම දක්ෂ කෙනෙක් තමයි මේ ගොට්ටා. පන්තියේ දුන්න ගෙදර වැඩ එහෙම ලේසියෙන් ලිස්සලා හරින්නෙත් මිස්ට/සර්ට දාලා තියෙන ගොට්ටේ පිහිටෙන්.

4. පැණියා

තමන්ගේ පපු කැනත්තේ පිපී ලෙල දෙන පරම පිවිතුරු නිර්මල ආදරය පිරිනමන්න ලස්සන ගැහැණු ළමයෙක් හොයන්න තමයි මෙයා පන්තියට එන්නේ. උන්දැගේ ආදරේ එහෙමයි කියලා කිව්වත්, සමහර වෙලාවට "ගැහැණු ළමයි පාරේ යන බස් වැනිය, එකක් මිස් වුණොත් අනෙකේ යා හැකිය" කියන තියරිය පාවිච්චි කරන්නත් මෙයාලා පෙළඹෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් යන හැම පන්තියේම වගේ මෙයා ප්‍රේම කරන ගැහැණු ළමයි දෙතුන් දෙනෙක්ම ඉන්නවා.

5. අන්දරේ

ඇතුවත් බැරි නැතුවත් බැරි අන්දරේ, මුළු  පන්තියම හිනා ගස්සන්න සමත් ඇත්තෙක්. පිස්සුවක් නටන වෙලාවට නම් ඉන්නම ඕනේ චරිතයක් වුණත්, පන්තියේ උගන්නන වෙලාවට සර්/මිස් කියන හැමදේටම හූමිටි තියන්න ගියාම නම් මූව එපා වෙනවා.

6. බයිටා

කට ඇරියත් බයිට් වෙන්න සමත් චරිතයක් විදියට මෙයාව හඳුන්වන්න පුළුවන්. යාළුවන්ගෙන් විතරක් නෙවෙයි සමහර වෙලාවට  පන්තියේ මිස්/සර්ගෙන් පවා මෙයාට ඒ අකරතැබ්බේ වෙනවා. ඉඳලා හිටලා පොඩ්ඩක් තරහ ගියොත් හැරෙන්න, ගොඩක් වෙලාවට බයිටා කියන්නේ විහිළු තහළු ඕනේ දෙයක් හිනාවෙලා ඉවසන චරිතයක්.

7. ලොක්කයියා

නෑ නෑ මෙයාට මෙහෙම කියන්නේ මෙයා වයසින් වැඩි නිසා නෙවෙයි. ඕනේ වෙලාවක, ඕනේ තැනක රණ්ඩුවකට, හෝ එයාලගේ වචනෙන් කියනවනම් වලියකට යන්න බලාගෙන තමයි මෙයාලා ඉන්නේ. ඒ වැඩවලට උදව් වෙන හෙන්චයියෝ ටික දෙනෙකුත් මෙයා වටේ ඉන්නවා. සමහර වෙලාවට රණ්ඩුවලට ගියාම, ඒවට හේතු මොනවද කියලා මිනිහවත් දන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිවිරුද්ධ පාර්ශවෙට නැතුව, තමාගේ පැත්තේ කට්ටියටම ගහපු වෙලාවලුත් ඕනේ තරම්.

8. විල්සන් මාස්ටර්ගේ පුතා

බැලුවොත් ඇත්තන් පන්තියේ බංකුවකට, මේසෙකට තඩි බාන ගමන් සින්දු කියන උන්දැ කෙනෙක් තමයි මේ. සංගීතේ තමයි මිනිහගේ ජීවිතේ.

9. සීදේවි

තමන්ගේ පාඩුවේ පන්තියට ඇවිල්ල, සද්දයක් බද්දයක් නැතුව ඉඳලා ඉගෙනගෙන යන අහිංසක ගැහැණු ළමයි ජාතියක් විදියට මේ චරිතේ හඳුන්වන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන් බැරිකම කෙසේ වෙතත්, ඒකට ඕනෙකම නම් සෑහෙන මෙයාලට තියෙනවා. දකින කෙනෙක් වුණත් කියන්නේ "සීදේවි ගෑණු ළමයා" කියලා.

10. නට් එක

පන්තියක ඉන්න පුළුවන් නරකම ජාතියක්. පිරිමි ළමයින්ව දැලේ දාගෙන, උන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ වගේ ගැහැණු ළමයි එකෙක් හරි අඩු තරමේ පන්තියේ හිටියා ඔයාලට මතක ඇති. මේ වගේ අය නිසා, අමාරුවේ වැටුණු පිරිමි ළමයි ඕනේ තරම් ඒ කාලේ පන්තිවල හිටියා.

12. සරුංගලේ  

ගෙදර තියෙන පාට පාට මේකප් සේරම මූණේ උලාගෙන, තියෙන තරම් සේරම මාල, වළලු, කරාබු එල්ලගෙන පන්තියට එන ගැහැණු ළමයි ජාතියක් තමයි මේ. මෙයාලගේ ගෙජ්ජිවල සද්දේ පන්තියට මීටරයක් විතර තියලත් ඇහෙන තරම්. ටිකක් විතර ඔලුවත් උදුම්මාගෙන ඉන්න මෙයාලගේ කෙස් ගහක් හරි ඇඟේ වැදෙන්න ඕනේ, රවලා බලන හැටි බලන්න.

ඒ කාලේ අපට ටියුෂන් පන්තිවල මුණගැහුණ චරිත ගැන කියන්න ගියොත් පිටු ගාණක් වුණත් ලියන්න පුළුවන් වෙයි. බොහොම අමාරුවෙන් තමයි මේ එයින් දොළොස්දෙනෙක් විතරක් තෝරාගත්තේ. ඔයාලගේ මතකෙට එන තවත් මේ වගේ චරිත තියෙනවනම්, පහළින් කමෙන්ට් කරන්නකෝ. පස්සේ දවසක එයාලා ගැනත් කතා කරන්න බැරියැ.

Images were obtained from : apisrilankan.comhirunews.lk

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide