එදා මෙදා තුර අපි අහපු ලස්සන ම ටෙලිනාට්‍ය ගීත – III.

දැන් තියෙන ගොඩක් ටෙලිනාට්‍යත් එක්ක, ඉස්සර තිබුණු ටෙලිනාට්‍ය සසඳලා බැලුවා ම එක දෙයක් තක්කෙටම කියන්න පුළුවන්. ඒ තමයි පරණ ඇතැම් ටෙලිනලු කොච්චර බොළඳ වුණත්, දැන් තියෙන බහුබූතවලට වඩා දාහෙන් සම්පතයි කියන එක. මේ තියෙන මෙගා ටෙලිනාට්‍යවල අඩු තරමේ අහලා රස විඳින්න පුළුවන් තේමා ගීතයක්, ප්‍රාසාංගික ගීතයක්වත් තියෙනවද? නෑනේ.

ඒකට ඉස්සර! බලන්න එපෑයැ තිබුණු ටෙලිනාට්‍යවල ලස්සන. කතාව විතරක් නෙවෙයි, හොඳ ගීතත් තිබුණා. පහුගිය දවස්වල ඔය සමහර ගීත ගැන ලිපි දෙකකින් ම අපි කතා කළා ඔයාලට මතක ඇති. අදත් මේ ලෑස්තිවෙන්නේ ඒ වගේ තව ගීත කීපයක් ගැන මතකය අලුත් කරන්න.

1. සඳකැන් දහරින් දෙනුවන් පිරිලා

“සඳකැන් දහරින් – දෙනුවන් පිරිලා

දෙනුවන් කැළුමින් – පියුමන් සැලිලා”

ගුනේන්ද්‍ර සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන තරුණයෙක්. නගරයේ ජීවත් වුණු ඔහු මේ රෝගයෙන් මිදෙන්න නොකරපු දෙයක් නැහැ. ගමක ඉන්න බොහොම දක්ෂ, තරුණ වෙද නෝනා කෙනෙක් ගැන ඔහුට අහන්න ලැබෙන්නේ මේ අතරෙදියි. ගුනේන්ද්‍රත්, මංගලිකා නම් මේ වෙද හාමිනේත් වටා ගෙතුණු කතාව, අපි වෙද හාමිනේ කතාවෙන් දැක්කා. මේ ගීතය ගායනා කළේ මාලනී බුලත්සිංහලයන්. ඒකෙ අඩංගු වුණු මේ ගීතය වගේ ම, ප්‍රදීපා ධර්මදාස මහත්මිගේ හඬින් ගැයුණු “දූවිල්ලෙන් සැදුණු ලියේ” ගීතයත් රසිකයන් වැළඳගත්තේ හරි ම ආදරයෙන්. ගුනේන්ද්‍රගේ චරිතයට කමල් අද්දරආරච්චි මහත්මයත්, මංගලිකාගේ චරිතයට රෙබෙකා නිර්මලී මහත්මියත් රංගනයෙන් දායක වුණා.

2. නීල නුවන් යුග කවියක් විය ඔබගේ

“නීල නුවන් යුග කවියක් විය ඔබගේ – පන්හිඳ තුඩගේ පැටලී

ඇයගේ හඳින් ගැලු සෙනෙහස – සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී”

ෂහ්! කොච්චර ලස්සන ගීතයක් ද? අපේ ටෙලිනාට්‍ය වංශකතාවේ පළමුවෙනි සංගීතමය ටෙලිනාට්‍ය විදියට මේ රේඛා ටෙලිනාට්‍යය හඳුන්වන්න පුළුවන්. මේක බොහොම සරළ, ඒත් ලස්සන ප්‍රේම කතාවක්. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා සංගීත ගුරුවරයෙක් විදියටත්, දේවිකා මිහිරානි මහත්මිය නර්තන ශිල්පිනියක් විදියටත්, චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය ගායිකාවක් විදියටත් මේ ටෙලිනාට්‍යයේ රඟපෑවා. මේ ගීතය විතරක් නෙවෙයි, රේඛා ටෙලිනාට්‍යයේ තිබුණු ‘වන සිව්පාවුන්’, ‘දැල් වූ පහන්’ වගේ ගීත අදටත් අපි අතර ගොඩක් ජනප්‍රියයි. ඒ හැම ගීයක ම වගේ තිබුණේ චන්ද්‍රලේකා මහත්මියගේ හඬයි.

3. මල් කැකුළු පොකුරු වාගේ

“මල් කැකුළු පොකුරු වාගේ – අපි පුංචි පැටව් යාළුයි

අපි යාළුයි අපි යාළුයි – හැමදාමත් අපි යාළුයි”

මේ අපි පොඩි කාලේ බලපු ලස්සන ම ළමා ටෙලිනාට්‍යයක්. ගමක ඉන්න පොඩ්ඩෝ ටිකක් වට කරගෙන හැදුණු මේකේ නම “පුංචි පැටව්”. චරිතා ප්‍රියදර්ශනී මහත්මියගේත්, එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේත් දයාබර හඬ මේ ගීතයෙන් අපට අහන්න ලැබුණා.

4. දිව්‍ය අංගනාවන්ට අපට වාගේ තරහ යන්නේ නෑ

“දිව්‍ය අංගනාවන්ට අපට වාගේ තරහ යන්නේ නෑ

ඒක හින්දා ඒ උදවිය කවදාවත් නාකි වෙන්නේ නෑ”

කතාව ඇත්තද මන්දා! ඒ කොහොම වුණත් මේ ගීතය නම් නියමයි. “නිල් මානෙල් මල” ටෙලිනාට්‍යයේ තමයි මේක තිබුණේ. ගායනා කළේ රෝහණ වීරසිරි, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි කියන මහත්වරු. කමල් අද්දරආරච්චි, රන්ජන් රාමනායක වගේ නළුවන් මේ ටෙලිනාට්‍යයේ රඟපෑවේ ඉස්කෝලේ යන වයසේ ඉලන්දාරි විදියටයි. තාරුණ්‍යය ගැන හරි අපූරුවට පෙන්වපු ටෙලිනලුවක් විදියට මේක හඳුවන්න පුළුවන්.

5. ආජී තපර ලාහිලා  

“මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට – හඬා දොඩා පළ නොලැබෙන හින්දා

උදා ලහිරු විලස එබී හිඳිමු ලොවට – සිනා මලක් මුව අද්දර රන්දා

මතකද රමණී බර්තොලමියුස්? රූපවාහිනී නිළියක්, රූ රැජිනක් වුණු ඇයව හැමෝම හඳුන්වන්නේ “අකාලයේ සමුගත් පුංචි සමනළිය” කියලයි. ඒ බොහොම ළාබාල වයසෙන් මිය යන්න ඇයට සිද්ධවුණු නිසා. මියයන්න කලින් ඇය රඟපෑව “භාග්‍යා" ටෙලිනාට්‍යයේ තිබුණු මේ ලස්සන ගීතය හැමෝගෙ ම ප්‍රියතම ගීත අතරට එකතු වුණේ එක රැයින්.

6. කල්ප සිහිනය දුටුව රෑ යාමේ

“කල්ප සිහිනය දුටුව රෑ යාමේ –  නුරාවෙන් මත් නොවී සිටියා නම්

ළහිරු පින්නේ සැඟව නොගොසින් – අපට එක්වී ඉන්න තිබුණානම්”

“බිම් මල්” ටෙලිනලුවේ තිබුණු මේ ගීතය ගායනා කරන්නේ කවුද කියන එක නම් අපට හොයාගන්න බැරිවුණා. හැබැයි 80 දශකයේ ගොඩක් ජනප්‍රිය වුණු ටෙලිනාට්‍ය ගීතයක් තමයි මේකත්.

7. නවාතැන්පොළේ ඔබ උන්නා

නවාතැන්පොලේ ඔබ උන්නා – හිම කැට විසිරෙන හැන්දෑවේ

සිතිජ ඉම බලා සුසුම් ලමින් – සුසුම් ලමින්

මේකත් ආවේ 80 දශකයේ අග භාගේ වගේ. ටෙලිනාට්‍යයේ නම “ඉරට හඬන මල්”. සනෝජා බිබිලේ, ලකී ඩයස් වගේ නළු නිලියන්ගෙන් හැඩවුණු මේ ටෙලිනලුව, අනියම් ප්‍රේම සම්බන්ධතා විවාහ ජීවිතයට ගේන කරදර ගැන පෙන්නුම් කරපු කතාවක්. රමණී බර්තොලමියුස් මහත්මියගේ සොඳුරු රුව මේ ටෙලිනලුවෙනුත් අපට දැකගන්න ලැබුණා. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය තමයි මේ ගීතය ගායනා කළේ. ඒත් අවාසනාවකට වගේ සයිබර් අවකාශය පීරලා බැලුවත් මේක හොයාගන්න බැරිවුණා. මේ ගීතය ළඟ තියෙන කෙනෙක්ට පුළුවන් නම් අපටත් ඒක හොයාගන්න විදියක් කියන්න; සෑහෙන්න වටිනවා ඇත්තටම.

8. හිරු ළඟ සීතල සොයනා

“හිරු ළඟ සීතල සොයනා – හිම මත උණුසුම පතනා

ලොව තුළ අපි සැරිසරනා – සිහිනය තනියට හිඳිනා”

සංගීතයට නැඹුරු  දරු දැරියන් හත්දෙනෙක්ගෙන් හැදුණු පවුලක කතාව අපි දැක්කේ “ජීවිතය ලස්සනයි" ටෙලිනාට්‍යයෙන්. මේ හත්දෙනාට නම් දාලා තිබුණෙත් සංගීත ස්වරවල අකුරුවලින්. තරමක් බොළඳ කතා සාරයක් ඉඳහිට දකින්න ලැබුණත්, මේක පවුලේ හැමෝට ම එකට වාඩිවෙලා බලන්න පුළුවන් විදියේ කතාවක් වුණා. සුරංජි ශ්‍යාමලී සහ රංජන් පාලිත මේ ගීතය හරි අපූරුවට ගායනා කළා.

9. අකල් වැස්සට තෙමී ඉහිරුණු

“අකල් වැස්සට තෙමී ඉහිරුණු – සුසුදු මල් පෙති ලිහී විසිරුණු

ජීවිතේ දුක් තැවුල් දුරදිග යා නොදී – වසත් මල් සුවඳ අපි විඳිමූ”

කරදර කම්කටොලු කියන්නේ ජීවිතේට අමුතු දේවල් නෙවෙයිනේ. ඒවත් ජීවිතේ කොටස්. ඉතින් ඒ මත්තෙම නැහිලා විඳින්න තියෙන ජීවිතේ විඳවන්නේ මොකටද? “ඉතින් අපි කතා කරමු" ටෙලිනලුවෙන් අපට කියලා දෙන්න හැදුවේ ඔන්න ඔය කතාවයි. උරේෂා රවිහාරි ගායනා කරපු මේ ගීතය, ඒ ටෙලිනාට්‍යයේ සාරය හොඳ හැටි පෙන්වන්නක් වුණා.

10. ඔබ කවුද

“ඔබ කවුද හඳුනන්නට හැකිවෙයිද

ඔබ කවුද හැඳිනූවත් ඔබමයිද”

තරමක් මෑතකදී බිහිවුණු, හොඳ මට්ටමේ ටෙලිනාට්‍යයක් විදියට “ඔබ කවුද” ටෙලිනාට්‍යය හඳුන්වන්න පුළුවන්. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරපු මේ ගීතයට ඒ අවුරුද්දේ සුමති සම්මානයත් ලැබුණා. මේකත් තරුණ පරපුර ගැන, දෙමාපියන් එක්ක ගැටෙන ඔවුන්ගේ හැඟීම් ගැන කියවුණු ටෙලිනලුවක්.

11. දැන් ඉතින් වෙන කුමක් කරන්නද

“දැන් ඉතින් වෙන කුමක් කරන්නද

ආදරය කරනු මිස”

අතුල අධිකාරි මහත්මයාගේ හඬින් ඇහෙන මේ ගීතය අපට අහන්න ලැබුණේ “සින්තටික් සිහින” ටෙලිනාට්‍යයෙන්. මේක ඒ කතාවේ තේමා ගීතය ම ද කියලා නම් හරියට ම නිච්චියක් නැහැ. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් අපටත් කියන්න.

12. කිරිල්ලියක් විය තටු නැත ලැබිලා

“කිරිල්ලියක් විය තටු නැත ලැබිලා – ඉගිලී යන්නට අහස වටා

ලොව හිනැහෙද්දී දෑස වසාගෙන – දෙපයින් ඇය යයි දෙරණ පුරා”

මේ ගීතයත් ගැයුවේ මාලනී බුලත්සිංහල මහත්මියයි. පොද වැස්සක් කියන ටෙලිනාට්‍යය වෙනුවෙන් තමයි ඒක ගායනා වුණේ. කතා සාරය නම් අපේ මතකයෙන් තරමක් ගිලිහිලා. ඒත් මේ ගීතය රස විඳින්න එයින් බාධාවක් නැහැනේ.

13. අහස කළුවරයි

“අහස කළුවරයි – නිල් අහස කළුවරයි

සුළඟ හරි සැඩයි – බොල් සුළඟ හරි සැඩයි”

ගම්බද ඉස්කෝලෙක උගන්වන තරුණ සංගීත ගුරුවරියකට ඇගේ පෙනීම අහිමි වෙනවා. ඒ තමන් නිතර යන එන, ගමේ ලංගම බස් එක අනතුරකට පත්වෙන නිසා. එයින් කනස්සල්ලට පත්වෙන මේ බස් එකේ රියදුරු මහත්මයා, ඇයව විවාහ කරගන්නවා. මේ ගම තියෙන්නේ ලංකාවේ උතුරු පළාතට තරමක් නැඹුරු වෙන විදියට. ඒ නිසා යුද්ධයේ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්න, ඒ ගැමියන්ට සිද්ධ වෙනවා. මේ රියදුරු මහත්මයා මියයන්නෙත් ඒකෙ ප්‍රතිඵලයක් විදියට. මේක වෙන්නේ අර තරුණ ගුරුවරිය ගැබ්බර වෙලා ඉද්දියි. සැමියෙක් නැති, ඇස් නොපෙනෙන, ගැබ්බර බිරිඳකගේ චරිතය හරි ම සංවේදී විදියට රඟපෑවේ දුලීකා මාරපන මහත්මියයි. “සඳ අමාවකයි” ටෙලිනලුවේ එන මේ ගීතය ගායනා කළෙත් ඇයමයි.

ඔන්න ඔයාලා ආස කරන ටෙලිනාට්‍ය ගීත මේ ලැයිස්තුවේ නැහැයි කියලා නෝක්කාඩු කියන්න එපා හොඳද. මොකද අපි කලින් ලියපු ලිපි දෙකේත් මේ වගේ ලස්සන ගීත ගොඩක් ගැන කතා කළා. ලිපි තුන ම බලලා, අපට මඟ හැරුණු ගීතයක් තියෙනවා නම්, කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට අපට ආයෙත් දවසක ඒ ගැන කතා කරන්න පුළුවන්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide