තාරුණ්‍යයේ සදාදර විරු දෙපල ‘චේ, බොබ්’ ගැන නොදන්න දේවල් 20ක්.

රස්තියාදු ගහන දොස්තර මහත්තයෙක්. මාස ගණනක මෝටර් සයිකලයකල් සවාරියක්. ඔව්, අවසන් ප්‍රතිඵලය ඒකාධිපති පාලනයට එරෙහිව පටන් ගත්තු පුංචි කැරැල්ලක විජයග්‍රාහී අවසානයක්. ඒ 'චේ'.

දුප්පත්කම නිසා සුන්දර ළමා විය අහිමි වුනු තාත්තා නැති පුංචි ළමයෙක්. අම්මට, නංගිට එදා වේල හොයල දෙන්න අනේක විද දුක් විඳින තරුණයෙක්. ඔහුගෙ හිතේ කුරිරු ඉංග්‍රීසි පාලනයට එරෙහිව බුර බුරා නැගෙන කෝපයක්. ඔව්, අවසන් ප්‍රතිඵලය රෙගේ තාලයට මුසුවුනු විප්ලවීය වාග් හරඹයක විජයග්‍රාහී අවසානයක්. ඒ 'බොබ් මාර්ලි'.

තාරුණ්‍යයට නව ජීවයක් වගේම විප්ලවීය අරුතක් දෙන්නත් ඉස් ඉස්සෙල්ලාම පදනම දාන නම් දෙකක්නෙ චේ ගුවේරා, බොබ් මාර්ලි කියන්නෙ. ඉස්කෝලෙ යන ළමයෙක්ගෙන් ඇහුවත් අඩුම තරමෙ ''ආ.. අහල තියෙනව'' කියන උත්තරේවත් ලබන්න තරම් මේ නම් දෙක ප්‍රසිද්ධයි. චේ ටයි බොබ් ටයි බාල මහළු බේදයක් නැතුව හැමෝම වගේ ආදරය කරන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි, සල්ලි පැත්තකින් තියල මිනිස්සු හම්බකරපු නිසා.

ඡායාරූපය: Pedro

පීඩිත පන්තියෙ මිනිස්සු වෙනුවෙන් මෙයාලා කරපු සේවය අගයන්න අද වෙද්දි ධනපති පංතියත් එකතුවෙලා ඉන්නව. මෙයාලගෙ විප්ලවීය සිතුවිලිවලින් බිහිවුනු රැල්ලට මිනිස්සු නැමෙන්නෙ හිතා මතා නෙවෙයි. ඒවයෙ තියෙන අසීමිත ආකර්ෂණය මිනිස්සුන්ව ඉබේටම නම්ම ගන්න තරම් බලවත් නිසා. කොටින්ම කියනව නම් බොබ්ගෙ වගේ කොණ්ඩෙ හදපු චේගෙ වගේ කොණ්ඩෙ රැවුල වවල තොප්පිය දාපු යාළුවො ඕන තරම් අපි අතරෙ ඉන්නව. ඒ විතරක් නෙවෙයි චේ, බොබ් රැල්ලෙ විලාසිතාවලට ගැලපෙන්න බැරි වුනත් එයාල ගැන විස්තර හොයන, හොයල දැනුවත් වෙන යාළුවොත් ගොඩ දෙනෙක් ඉන්නව.

හැබැයි ඉතින් ඔය කාට කාටත් මග හැරෙනෙ එහෙමත් නැත්නම් වැරදියට දැනගෙන ඉන්න විස්තරත් ඔය චරිත දෙක ඇතුලෙ තියෙනව. ඒ නිසාමයි අපි හිතුවෙ චේ, බොබ් ගැන රසවත් වගේම කවුරුත් හරි හැටි නොදන්න විස්තර ටිකක් ඔයාලට කියන්න. එහෙනම් කියවල බලන්නකෝ. හැබැයි අපි කියපුව වැරදි නම් ඒවත් හරිගස්සල කමෙන්ට් කරන්න.

චේ ගුවේරා

1. අපි 'චේ' නැත්නම් චේගුවේරා කියල කතා කලාට චේ ගෙ සම්පූර්ණ නම 'අර්නස්ටෝ ගුවේරා ඩි ලා සර්නා ලින්ච්'. නම බැලුවාම මොකක්ද හිතෙන්නෙ? පොඩි ස්පැනිෂ් ගතියක්. ඔව් චේ ඇවිල්ලා ස්පැනිෂ්-අයිරිෂ් පෙළපතකින් එන පවුලක වැඩිමහල්ම පුතා.

ඡායාරූපය: Wiki Media

2. කියුබානු විප්ලවයට උර දීලා කියුබාව මුදවගත්තු විප්ලවකාරයා 'චේ' කියුබානු ජාතිකයෙක් නෙවෙයි. ආර්ජන්ටියානු ජාතිකයෙක්.

3. අපිට වගේම චේ ටත් ඉස්කෝලෙ කාලෙ ඉඳලම කාර්ඩ් එකක් (විහිළු නමක්) තිබිල තියෙනව, 'එල් චැන්කෝ' කියල. ඒකෙ තේරුම 'ඌරා'.

4. ඇවිදින්න කරන්න ලෝකය දකින්න අසීමිත ආසාවකින් පෙළුණු චේ, එයාගෙ යාළුව ඇල්බර්ටෝ එක්ක දිග මෝටර්සයිකල් චාරිකාවක් යනව. ආර්ජන්ටිනාවෙන් පටන් ගන්න මේ සවාරිය චිලී, මියාමි හරහා ගිහින් ඇමරිකාවෙ ෆ්ලෝරිඩාවලින් ඉවර කරන්නෙ කිලෝමීටර 8000ක දුරක් ගෙවල. මේ සවාරිය යන්න යාළුවො දෙන්නට මාස 9කට වැඩි කාලයක් ගිහින් තියෙනව. ඒ විතරක් නම් බැරියැ, 1950 ලංකාවට ආව වගේම චේ තව රටවල් 30කට වැඩි ගණනක ඇවිදල තියෙනවලු.

ඡායාරූපය: Wiki Media

5. දන්නවද? චේ කියන්නෙ දක්ෂ වෛද්‍යවරයෙක්. බුවනොර්ස් අයර්ස් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ගන්න චේ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වගේම මෙක්සිකෝ, රජයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක්.

ඡායාරූපය: Vurter

6. 'වීර ගරිල්ලා සොල්දාදුවා'. අපි කවුරුත් දන්න කියන, චේ ගෙ සංකේතවත් ෆොටෝ එක. 1960, හවානා නුවර තිබුනු කියුබානු විප්ලව ජයග්‍රහණ සැමරුම වෙලාවෙදි ඇල්බර්ටෝ කොර්ඩා තමයි මේ ෆොටෝ එක ගන්නෙ. අවාසනාවට මේ ලෝක ප්‍රසිද්ධ ෆොටෝ එකෙන් ඇල්බර්ටෝ නම් සතයක්වත් උපයගෙන නෑ.

ඡායාරූපය: Wiki Media

7. ''උඹ ආවෙ මාව මරන්න කියල මම දන්නව. වෙඩි තියපන් බයගුල්ලා. උඹ තවත් එක මිනිහෙක්ව මරනව විතරයි'' චේ ගෙ අන්තිම වචන ටික. ඇඬෙනව නේ. මරණය පෙනි පෙනි ඔහොම කියනව කියන්නෙ. කොහොම වුනත් මේ වචන පේලිය ලෝකෙ ප්‍රසිද්ධම 'අන්තිම කියමන්' ටික අතරෙ තියෙනව කියල තමයි කියන්නෙ.

ඡායාරූපය: Wiki Pedia

8. අත් දෙක නැති මිනියක්! එහෙම කිව්වාම කට්ටිය හිතයි චේ ට වද දීලා මැරුවා කියල. නෑ ඇත්තටම සිද්ධ වුනේ චේ ට වෙඩි තියල මැරුවට පස්සෙ අත් දෙක කපල බුවනෝර්ස් අයර්ස්වලට යවල තියෙනව ඇඟිලි සලකුණු හරිද කියල බලල මැරුවෙ හරියටම චේ ද කියල තහවුරු කරගන්න.

කොහොම වුනත් පීඩිත පන්තියෙ ජනතාව වෙනුවෙන් අත උස්සපු චේගෙ අත පහත් කරන්න අන්තිමට චේව මරන්නම සිද්ධවුනා.

බොබ් මාර්ලි

1. ඔන්න හිතාගන්නකො සුද්දන්ගෙ වංචාකාර, දරදඬු පාලනයෙ තරම. බොබ් ඉපදෙද්දි බොබ්ගෙ අම්මට වයස අවුරුදු 19යි. තාත්තට 60ට කිට්ටුයි. එක එක වැඩ වලට එක එක කාලෙට කළු මිනිස්සු ඉන්න රටවල් වලට එන සුද්දො, ඉන්න ටික කාලෙට ඒ රටේ තරුණියක් රවට්ටගෙන පවුල් කාලා යනව. ඉන්න කාලෙදි සැලකුවට ගියාට පස්සෙ ආයෙ ඒමක් නෑ. ඒවයෙ ප්‍රතිඵල තමයි මේ.

ඡායාරූපය: Feel Numb

2. බොබ් දුප්පත් පවුලකනෙ ඉපදුණේ. ඉතින් ඉස්කෝලෙ යන්න, හරියට ඉගෙන ගන්න බැරිවෙන්න ඇති නේ. අපි එහෙම හිතුවට ඒක වැරදියි. අපේ පොඩි එවුන්ට අවුරුදු 3දි 4දි අකුරු කියෙව්වට බොබ් අවුරුදු 4 වෙද්දි පල්ලියෙ ජය කොන්තයත් කියවනවලු. එක පාරක් බොබ් කිංග්ස්ටන් ගියපු වෙලාවක ගෑණු කෙනෙක් එයා ලඟ තිබුණු ජය කොන්තය බොබ් දීලා කියවන්න කිව්වලු. දන්නවද බොබ් දීලා තියෙන උත්තරේ? ''මම තව දුරටත් කියවන්නෙ නෑ. ගායනා කරනව''.

3. බොබ්ගෙ ලා දුඹුරු හම නිසා වැටුණු කාර්ඩ් එක (විහිළු නම) තමයි 'වයිට් බෝයි'. 'සුදු කොල්ලා'. ඇයි අනිත් ජැමෙයිකානුවො කට්ට කළුයිනෙ.

ඡායාරූපය: Word Hotel

4. බොබ් මාර්ලි කියන්නෙ තමන්ගෙ ස්වොත්සාහයෙන් ගොඩ ආපු මනුස්සයෙක්. ක්‍රයිස්ලර් ආයතනයෙ ෆෝර්ක් ලිෆ්ට් ඩ්‍රයිවර් කෙනෙක් විදියට වගේම ඩු පොන්ට් ආයතනයෙ ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක් විදියටත් බොබ් රස්සාව කරල තියෙනව.

5. අපේ කට්ටිය විතරක් නෙවෙයි, බොබ් මාර්ලිත් ගංජා ගහල නඩු කාලා තියෙනව. වැඩේ කියන්නෙ හිරේ ඉන්න කාලෙ තමයි බොබ් ආණ්ඩුවට විරුද්ධව සිංදු ලියන්න පටන් ගන්නෙ. පස්සෙ කාලෙදි සුද්දන්ට හිතෙන්න ඇති අපරාදෙ බොබ්ව හිරේ දැම්මෙ කියල.

6. උපතින් කතෝලික වුනත් 1960 ගණන්වල දි බොබ් 'රාස්තාෆාරි' දර්ශනයට මාරු වෙනවලු. එහෙම තමයි 'රස්තා මෑන්' බිහි වෙන්නෙ.

7. බොබ්ගෙන් බිහිවුනු අසම සම සංගීත සම්ප්‍රදාය 'රෙගේ'. වැඩේ කියන්නෙ 'රේගේ' කියන වචනෙ තේරුම බොබ් වත් දන්නෙ නෑලු.

ඡායාරූපය: Mono Snaps

8. බොබ් ආසම වගේ ම වැඩි කාලයක් පදවපු වාහනෙත් බී. එම්. ඩබ්ලිව් එකක්.

ඡායාරූපය: Weheartit

9. 1976 ලෝක රූ රැජින සින්ඩි බ්‍රේක්ස්පියර්, බොබ්ට පෙම් බැඳල තියෙන්නෙ පිස්සුවෙන් වගේ. කොහොම හරි හොරාට හොරාට මෙයාලා දෙන්න අතරෙ ආදරණීය බැඳිමකුත් තිබිල තියෙනව.

ඡායාරූපය: Urban Islandz

10. බොබ් ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙක්නෙ. 1977දි තිබුනු පාපන්දු තරඟයක් අතර තුර බොබ් හදිසි අනතුරකට ලක්වෙලා රෝහල්ගත කරනව. ඒ වෙලාවෙදි තමයි වෛද්‍යවරු දකින්නෙ බොබ්ගෙ කකුලෙ ඇඟිලි තුඩක තියෙන ගෙඩිය. බොබ් ඒක කපල අයින් කරන්න කැමති වෙලා නෑ. අවාසනාවට බොබ්ට මැරෙන්න වෙන්නෙත් මේ ගෙඩිය නිසා පැතිරෙන පිළිකාවෙන්.

ඡායාරූපය: Sound Sand Colours

11. මළ ගෙයකින් ආදායමක්! ඔව් බොබ්ගෙ මළ ගෙදර තමයි ලෝකයෙ 5වැනියට වැඩියෙන්ම ආදායමක් ලබපු මළ ගෙදර. ඒ විතරක් නෙවෙයි එක දවසකට මිනිස්සු 40,000ක් විතර ඇවිත් තියෙනව බොබ්ට අවසන් ගෞරවය දක්වන්න.

ඡායාරූපය: Bone Yaad

12. ''ජීවිතය, සල්ලිවලට ගන්න බෑ'' බොබ්ගෙ අන්තිම වචන ටික. අවාසනාවට ඒක අහන්න ලඟ ඉඳල තියෙන්නෙ බොබ්ගෙ පුතා සිගි මාලේ විතරයි.

ඡායාරූපය: Ashley

එදා පුතා විතරක් අහගත්තු දේ අද වෙද්දි අපි අතරට ඇවිල්ල තියෙන්නෙ ඇත්තක් වෙලාද බොරුවක් වෙලාද කියන එක පොඩ්ඩක් නතර වෙලා හිතන්න. ආපහු හැරිල බලන්න. ජීවත් වෙනව කියල මොනවද කරන්නෙ? පරක්කු නෑ යාළුවනේ, ආයෙත් මුල ඉඳන් පටන් ගන්න. මොකද මේ සදාදරණීය විරු දෙපල ම අවුරුදු 40ක් වත් ජීවත් වුනු අය නෙවෙයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide