භීෂණ සමයේ වෙඩි උණ්ඩයට බිලිවුණු කලාකාමී හදවත් 5ක්.

80 දශකයේ අග භාගය, ලංකාවාසීන්ගේ මතකයේ තියෙන්නේ “මිනී උඩින් පැන පැන පාරේ ඇවිදින්නට වුණු කාලයක්" විදියට. නිරතුරුව ම ඇහෙන වෙඩි හඬ, දිනපතා දැනගන්න ලැබෙන මරණ නිසා ගෙවෙන මොහොතක් ගානේ මිනිස්සු හිටියේ හරි බයෙන්.

දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සහ රජයේ හමුදා අතර ඇතිවුණු මේ ගැටුම, රටට වැඩදායී දක්ෂ පුද්ගලයන් සිය ගණනකගේ ජීවිත අහිමි කරන්නක් වුණා. ඉතින් භීෂණ සමයේ මියගිය, සොඳුරු කලාකරුවන් කිහිපදෙනෙක් ගැන මතකය අවදි කරන්න අපි හිතුවා.

1. රිචඩ් ද සොයිසා

Image Credits : colombotelegraph.com

සමාජවාදී මත දරණ, නුහුරු විදියට සිංහල හසුරුවන, යුගාන්තයේ “මලින් කබලාන”; අපේ මතකයේ හොඳින් ම රැඳුණු චරිතයක්. මේ චරිතය, ඒක නිරූපණය කරපු තරුණ රිචඩ් ද සොයිසාගේ සිතුවිලිවල හරස්කඩක් කිව්වොත්, වඩාත් නිවැරදියි.

1958 කොළඹදී ඉපදුණු රිචඩ් ද සොයිසාගේ පවුල් පසුබිම, සිංහල, ද්‍රවිඩ වර්ග දෙකේ සම්මිශ්‍රණයක්. ඉංග්‍රීසි කතාකරන පොහොසත්, උසස් පවුලක උපත ලැබුවත් ඔහු තමන්ගේ රැකියාව විදියට තෝරාගත්තේ ජනමාධ්‍යවේදයයි. තරුණ වයසේ දි ම, දක්ෂ, ජනප්‍රිය රූපවාහිනී ඉංග්‍රීසි නිවේදකයෙක් වුණු ඔහු, අයිතිවාසිකම් නොලබපු කුඩා මිනිසා වෙනුවෙන් කතා කරන්නෙක් වුණා.

1990 අවුරුද්දේ පෙබරවාරියේ රිචඩ්ගේ නිවසට කඩාගෙන වැදුණු නාඳුනන කණ්‌ඩායමක්‌ ඔහුව පැහැරගත්තා. පහුවෙනිදා හවස තිස් දෙහැවිරිදි වියේ සිටි ඔහුගේ මළසිරුර හමුවුණේ කොරළවැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ මුහුදු වෙරළේ තිබියදීයි. ඉදිමිලා තිබුණු ඔහුගේ දේහයේ හිස පසුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල දැකගන්න ලැබුණා.

ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති බලමින් සිටි රිචඩ්ගේ මව වුණු මනෝරානි සරවනමුත්තු මහත්මිය, එහි සිටි පොලිස්‌ නිලධාරියකු තම පුත්‍රයාව පැහැරගෙන ගිය කණ්‌ඩායමේ ප්‍රධානියා බවට හඳුනා ගත්තා. ඒ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහයි. මහේස්ත්‍රාත් නියෝගයෙන් ඔහුව අත්අඩංගුවට ගන්න නියම වුණත්, දේශපාලන බලවත්කම් නිසා ඉන් ගැලවෙන්න ඔහුට පුළුවන් වුණා. ආණ්ඩුව මාරු වුණාට පස්සෙත් ඔප්පු කරන්න පුළුවන් විදියේ සාක්කි නොතිබුණු නිසා, ඔහු ඇතුළු කණ්ඩායම වරදින් නිදහස් වුණා. මේ නිසා, රිචඩ්ගේ පවුලේ අයට ලැබිය යුතුව තිබුණු යුක්තිය ඉටුවුණේ නැහැ.

ඒත්, 1993 වසරේ කොළඹ ආමර්වීදියේදී කොටි සංවිධානය පුපුරවපු බෝම්බයට බිළිවන්නට රොනී ගුණසිංහට සිදුවුණා.

2. ප්‍රේමකීර්ති ද අල්විස්

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත”

සුභාෂිතයේ එන මේ කියමන බොරු කරවන, කලා ලෝකයේ මෑත අතීතයෙන් අපට හමුවන කෙනෙක් ඉන්නවනම්, ඒ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයායි. ගීතයට, කවියට, කතාවට එක විදියට දක්ෂකම් දක්වපු ඔහු මියගියේ 1989 අවුරුද්දේ.

1947 උපන්න ප්‍රේමකීර්ති ද අල්විස්, හරි සරල මනුස්සයෙක්. පාරේ තියෙන පොදු ජල නළයෙන් දිය බීලා, පෙට්ටි කඩයෙන් වඩේ එකක් කාලා ප්ලේන්ටියක් බිව්ව ඔහු,  කොච්චර ජනප්‍රිය වුණත් මේ අව්‍යාජ බව අත හැරියේ නැහැ.

ගුවන්විදුලි නිවේදකයෙක් වුණු ඔහු, ජීවත් ව ඉඳපු වසර 42ක් වගේ කාලය ඇතුළත ගීත එක්‌දහස්‌ හයසියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ලියන්න සමත් වුණා. ගුවන් විදුලිය වගේ ම, රූපවාහිනිය ඔස්සේ ඉතිහාසය, සාහිත්‍යය, ආගම හා සමාජවාදය වගේ මාතෘකා ගැන ඔහු තමන්ගේ දැනුම ප්‍රකාශ කළා. නමුත් විවිධ දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා ඔහුගේ වැඩ තහනම් වුණු වාර අනන්තවත් තිබුණා.

1989 අවුරුද්දේ ජූලි මාසේ දවසක පාන්දර ඔහුගේ දේහය හොයාගන්න ලැබුණේ හෝමාගම කටුවාන පාරේ කාණුවක තිබිලයි. කලින් දවසේ රාත්‍රියේ ඔහුව නිවසින් ඇදගෙන ගිය නාඳුනන කල්ලියක් ඔහුට මේ විදියට වෙඩි තියලා තිබුණා. පස්සේ දැනගන්න ලැබුණු විදියට, මේ අපරාධය කරලා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ උදව්කරුවන් පිරිසක් විසින්.

3. විජය කුමාරතුංග

Image Credits : nfc.gov.lk

1988 පෙබරවාරි 16 වෙනිදා දවල් 12.45ට, ගුවන් විදුලි සංස්ථාවේ දහවල් ප්‍රවෘත්ති විකාශය සාමාන්‍ය විදියට ම ආරම්භ වුණා. ඒත් ටික වෙලාවකින් ඒ නිවේදකයා ප්‍රවෘත්ති කියන එක නැවැත්තුවා. විනාඩි දෙක තුනක නිශ්ශබ්දතාවයක් ඇතිවුණේ මේකට සවන්දෙමින් ඉඳපු හැමෝම කුතුහලයට පත් කරමින්. ඉන්පස්සේ අපට ඇහෙන්න ලැබුණේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ හුරුපුරුදු කටහඬ. ආදරණීය චිත්‍රපටි රංගන ශිල්පියෙක්, ගායකයෙක්, ගෞරවණීය දේශපාලකයෙක් වුණු විජය කුමාරතුංගයන්ගේ මරණය ගැන ශෝකජනක ආරංචිය  අපට අහන්න ලැබුණේ ඒ මොහොතෙයි.

Image Credits : waytofamous.com

1945 ඉපදුණු විජය කුමාරතුංග තමන්ගේ සිනමා ගමන පටන්ගත්තේ මනමාලයෝ චිත්‍රපටියෙන් වුණත්, ඔහුව රසිකයන් හොඳින් ම අඳුනගත්තේ හන්තාන ගමන සිනමාපටයෙන්. සම්මානනීය නළුවෙක්, ගායකයෙක් විදියට ඔහු ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට පත්වුණා. ඔහු විවාහ වුණේ සිරිමාවෝ – එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක පවුලේ දෙවන දියණිය වගේ ම පසුකාලීන ව ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සමඟයි. ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන ජීවිතය ආරම්භ කරපු ඔහු, මිය යද්දී නියෝජනය කළේ ශ්‍රී ලංකා මහජන පක්ෂයයි.

විජය කුමාරතුංග මහත්මයා මිය ගියේ ටී56 තුවක්කුවකින් වැදුණු වෙඩි පහරකින්. දේශපාලන නියෝග පිට, මේ ඝාතනය සිදු කරපු බවට සැක කෙරුණේ ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නැමැත්තෙක්. ජීවත්ව ඉඳපු අවුරුදු 43ක කාලය තුළ චිත්‍රපටි 114ක ප්‍රමාණයක් රඟපෑ විජය කුමාරතුංග, අපේ හදවත්වල අදටත් ජීවත් වෙනවා.  

4. සාජන්ට් නල්ලතම්බි හෙවත් නිහාල් සිල්වා

“දවාලෙ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා

මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා”

මිනිස්සුන්ට සිනහව දීලා, නිහඬව ම නික්ම ගිය ආදරණීය කලාකරුවෙක්ගේ මතකය මේ ගීතයත් එක්ක අපේ සිහියට එනවා. කාකි ඇඳුමක් ඇඳගෙන, කැඩිච්ච සිංහලෙන් කතාකරන, තට්ට හිසක් ඇති සාජන්ට් නල්ලතම්බිගේ චරිතය නිරූපණය කරපු නිහාල් සිල්වා මහත්මයා අපට අහිමි වුණේ 1989 අවුරුද්දේ.

1950 වසරේ කිරුළපනදී උපත ලබාපු නිහාල් සිල්වා, රංගන ශිල්පියෙක් වෙන්න නොවිඳිනා දුක් විඳපු කෙනෙක්. ඒත් ධෛර්යවන්ත විදියට ඒ හැම බාධකයකට ම මුහුණ දුන්නු ඔහු සාජන්ට් නල්ලතම්බි චරිතයෙන් මුළු රටක් ම හිනාගස්සන්න සමත් වුණා. ඉන්පස්සේ තවත් වේදිකා නාට්‍ය, චිත්‍රපටි, ටෙලිනාට්‍ය රැසක් ඔස්සේ ඔහුගේ රංගනය දැකගන්න අපට අවස්ථාව ලැබුණා.

දෙහිවල වැල්ලවත්ත සම්බන්ධ කරන පාලම ළඟදී ඔහු මිය ගිහින් තිබුණේ හමුදාව එල්ල කරපු වෙඩි පහරකින්. හමුදා අණ නොතකා වාහනය ධාවනය කිරීම හේතුවෙන් තමන්ගේ ජීවිතයෙන් දිවි ගෙවන්න ඔහුට සිද්ධවෙලා තිබුණා.

5. සාගරිකා ගෝමස්

මාගෙ හිසකේ ගර්භයෙහි – සඟවාගෙන ආ සාදරෙන්

ලෝනා මුණි රාජගේ- ශ්‍රී දළදා පෙන්වමි

ශ්‍රී දළදාව ගැන කියැවෙන මේ ගීතය, ආගම් භේදයක් නැතුව හැමකෙනෙක් ම ආසාවෙන් රස විඳපු එකක්. මේක ගායනා කරපු සාගරිකා ගෝමස් මෙනවියගේ 1989 සැප්තැම්බරයේ දවසක මිය යද්දී, ඇයට යන්තමින් අවුරුදු 27ක් පිරුණා විතරයි.

මිය යද්දී ටවර්හෝල් පදනමේ පොත් තබන්නියක් විදියට රැකියාව කරපු සාගරිකා, ගායනයට, නර්තනයට, වගේ ම නිවේදනයටත් උපන් හපනියක්. 1961 අවුරුද්දේ ඉපදුණු ඇය නොබෝ දිනකින් තමන් ආදරය කරපු තරුණයාත් සමඟ විවාහ වෙන්න බලාපොරොත්තු වෙලයි හිටියේ. ඔහු වෘත්තියෙන් හමුදා නිලධාරියෙක්.

Image Credits : silumina.lk

ගොම්මන් වැටෙන වරුවේ රැකියාවේ වැඩ කටයුතු අහවර කරලා ගෙදරට ආව සාගරිකාට දැකගන්න ලැබුණේ නන්නාදුනන තුවක්කුකරුවන් ගේ ඇතුළේ රැස්වෙලා ඉන්න විදියයි. ඇයව ගෙදර කාමරයකට ඇදගෙන ගිය ඔවුන්, ඇය කරන දේශපාලන කාර්යයන් ගැන දාහක් ප්‍රශ්න ඇහුවා. ඒත් ඇගේ මව කියන විදියට, සාගරිකා ඒ වගේ දේශපාලන වැඩවලට අත ගසා තිබුණේ නැහැ. ප්‍රශ්න කිරීම ඉවරයක් වුණාට පස්සේ, ඇයට නියම වුණේ ඔවුන් එක්ක යන්නට එන ලෙසයි.

“අම්මලා බයවෙන්න එපා. මේ මල්ලිලා මාව ගෙදර එවයි"

මෙහෙම කියපු සාගරිකා, තමන් පැළඳගෙන ඉඳපු රත්තරන් බඩු සේරම ඇගේ මවගේ අතේ තිබ්බා. ඒත් ඇය නැවත ගෙදර ආවේ නැහැ. පහුවෙනිදා ඒ පවුලේ අයට හොයාගන්න ලැබුණේ දෙහිවල – ගල්කිස්ස මුහුදු වෙරළේ තිබුණු ඇගේ නිසල සිරුරයි. නොකළ දේශපාලනයක් වෙනුවෙන් වෙඩි උණ්ඩයකට බිලිවෙන්න ඇයට සිදුවෙලා තිබුණා. මේ මරණයත් වරදකරු විදියට නියම වුණේ ජනතා විමුක්ති පෙරමුණයි.

රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස්, විජය කුමාරතුංග, නිහාල් සිල්වා, සාගරිකා ගෝමස් වගේ කලාකරුවන්, කලාකාරියන් අද ජීවත්ව හිටියනම්, ඔවුන්ගෙන් කලාවට කොච්චර සේවයක් වෙන්න තිබුණද? ඒත් ජීවත්ව ඉඳපු කාලයේ ඔවුන්ගෙන් ලැබුණු දායාද, ඔවුන්ගේ මතකය කවදාවත් ම අපට අමතක වෙන එකක් නැහැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide