පුංචි බැල්කනියක් ලස්සන කරගන්න.. ලේසි ක්‍රම 5ක්.

ඔයා ඉන්නෙ තට්ටු දෙකක් හරි ඊට වැඩි ගාණක් හරි තියන ගෙදරක නං, හැන්දෑ වරුවක නිදහසේ වාඩි වෙලා තේකක් තොල ගාන්න හරි, පොතක් කියවන්න හරි, පවුලේ අයත් එක්ක කයියක් ගහන්න හරි, මේ මුකුත් ම නැතත් ඔහේ ඈත බලන් ඉන්න හරි.. හොඳ ම තැන බැල්කනිය කියල අත්දැකීමෙන් දන්නවා ඇති.

නිකං ම නිකං සිමෙන්ති දාපු, නැත්තං ටයිල් අල්ලපු බැල්කනියකට කරන පොඩි පොඩි වෙනස්කම් කීපෙකින් පුළුවන්, එතන ගොඩක් වෙලා රැඳෙන්න හිතෙන ලස්සන තැනක් කරන්න. ඒකට ක්‍රම කීපයක් තමයි මේ. බලන්නකො මේ ක්‍රමවලින් එකක් දෙකක් පාවිච්චි කරලා ඔයාගෙ බැල්කනිය හැඩ කරගන්න පුළුවන් ද කියලා. හුඟක් ඉඩකඩ සහිත බැල්කනියක් නං නිර්මාණශීලීව හිතලා මේ ඔක්කොම ක්‍රම පාවිච්චි කරන්නත් බැරිකමක් නෑ! 

1 කොළ / මල්

බැල්කනියක් හැඩ කරගන්න ලේසි ම සහ ලස්සන ම ක්‍රමය තමයි මල් සහ පැළ වර්ගවලින් සරසන එක. ඉඩකඩ තියන විදිහට පුංචි පුංචි මල් පෝච්චිවල හිටවපු පොඩි පඳුරු, පැළෑටි, මල් පැළ එක එක හැඩයට බැල්කනියේ තියන එක ඇහැටත් ප්‍රිය දසුනක්. ලොකු ඉඩක් නැති පටු බැල්කනියක් නම් එල්ලෙන මල් පෝච්චි සහ රේලින් මල් පෝච්චි පාවිච්චි කළොත් තවත් හොඳ පෙනුමක් ලබාගන්න පුළුවන්. 

2 පුටු / මේස / බංකු

මේ වැඩේ කරන්න පුළුවන් බැල්කනියේ තරමක් ඉඩකඩ තියනව නං තමයි. අර කලින් කිව්වා වගේ තේකක් බිබී හැන්දෑ වරුව ගෙවන්න හරි, කට්ටිය එක්ක කයිවාරුවක් ගහන්න හරි පුළුවන් වෙන විදිහට, පුටු දෙක තුනක්, නැත්තං බංකුවක් එක්ක පුංචි මේසයක් ලස්සනට බැල්කනියේ අහුරන්න. මේ වැඩේ දි වැස්සට අව්වට ඔරොත්තු දෙන, යකඩ හෝ ප්ලාස්ටික් පුටු මේස බංකු තමයි පාවිච්චි කරන්න ඕනේ.

3 පාපිසි / කාපට් / පැදුරු / කොට්ට

පුටු මේස අහුරන්න තරම් ඉඩක් නැත්තං, සුවපහසු උණුසුම් පෙනුමක් එන විදිහට බැල්කනිය හදාගන්න මේකත් හොඳ ක්‍රමයක්. ගන කාපට් එකක්, රග් එකක්, නැත්තං ලොකු පාපිස්සක් බිමට එලලා ඊට උඩින් සැප කුෂන් කොට්ට කීපයක් දාන්න. මේ වැඩේට පැදුරක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් පැදුරක් දානව නං සැපට ඉන්න පුළුවන් වෙන්න ඊට උඩින් ගන ඇතිරිල්ලක් එලන්නත් අමතක කරන්න එපා. පහසුවට දිග ඇදිලා පොතක්පතක් කියවන්න එහෙම අපූරු ක්‍රමයක් වෙයි.

4 ආලෝකය / අඳුර

සමහර ගෙවල්වල බැල්කනියට දවල්ට හරි කෙළින් ම අව්ව වැටෙනවා. එහෙම වෙලාවට බැල්කනියේ රැඳෙන එක අපහසුයි නේ. අව්වෙන් බේරගෙන පොඩි අඳුරක් හදන්න ඕන නං මේ විදිහේ ටිකක් ලොකු ආවරණයක් පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් වියදම් කරන්න පුළුවන් නං මේ වැඩේට පැලලි වගේ දෙයක් වුණත් සුදුසුයි.

ඒ කිව්වේ දවල් කාලය ගැන නේ. රාත්‍රී කාලය ගැන කිව්වොත් රාත්‍රියට බැල්කනිය කළුවර වුණාමත් වැඩිය එතන රැඳෙන්න හිතෙන්නෙ නෑනේ. ඒ හින්දා රෑට බැල්කනියේ කාලය ගත කරන්න කැමති අයට පුළුවන් එතෙන්ට ආලෝකය ලැබෙන විදිහට බල්බ් කීපයක් දාගන්න.

මේවා හයි කරනකොට හැම තැන ම දාල තියන විදිහේ නිකං ම බල්බ් දාන්නෙ නැතුව, ටිකක් වෙනස් පෙනුමක් තියන ලයිට්ස් පාවිච්චි කරනවා නං අමුතු ලස්සනක් එයි. ඩිම් ලයිට්ස් පාවිච්චි කරන්න පුළුවන් නං පොඩි රොමැන්ටික් ෆීලිං එකක් ගන්නත් බැරි වෙන එකක් නෑ.

5 බිත්තිය

නිකං ම තීන්ත ගාලා ඔහේ තියන බිත්තියක් වෙනුවට සැරසිල්ලක් දෙකක් පාවිච්චි කරලා ලස්සන කරගත්ත බිත්තියක් සකස් කරගමු ද? මේකට අර කලින් කිව්වා වගේ එල්ලෙන, නැත්තං බිත්තියට හයි කරන මල් පෝච්චි පාවිච්චි කරන්නත් පුළුවන්.

නැත්තං බිත්තියට ලී, යකඩ හෝ තහඩුවලින් තට්ටු කීපයක් හයි කරලා, ඒවයෙ පුංචි පුංචි අරුමෝසම් බඩුමුට්ටු එහෙම අහුරලා හැඩ කරන්නත් පුළුවන්. ඒත් නැත්තං පොඩි අමුතු විදිහේ බිත්ති සැරසිල්ලකින්, පින්තූරයකින් දෙකකින් වෙනස් පෙනුමක් දෙන්නත් බැරි නෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide