කාලයේ වැලි තලාවෙන් නොවැසුණු, සුපතළ ප්‍රේම කතා 5 ක්.

කැස්සයි, ආදරෙයි හංගන්න බැහැයි කියනවනේ. පොඩි කැස්සක් නම් ඉතින් දත්මිටි කාගෙන, ඇස්වලින් කඳුළු පෙරාගෙන වහන් කරගන්න පුළුවන්. ඒත් ආදරේට එහෙම කරන්න බැහැනේ. මොකද පොඩියට, ලොකුවට කියලා සයිස්වලින් මනින්න පුළුවන් එකක් නෙවෙයි මේක. ආදරෙයි නම් ආදරෙයි; ඒ නැත්තන් නැහැ තමයි. ඔච්චරයි කතාව!

"ඇයි මේ දවස්වල ආදරේ ගැන කතා කරන්නේ? පෙබරවාරි මාසෙට තව කල් තියෙනවනේ"; කෙනෙක්ට ඔහොමත් හිතෙන්න පුළුවන්. මේ කාලේ ඉතින් ඇත්ත ජීවිතේ, සයිබර් අවකාශයේ විතරක් නෙවෙයි, ජනමාධ්‍යවලින් අපට අහන්න දකින්න දේවල් ගැන හිතුවම ඉතින් ඔහොම හිතෙන එකෙත් වරදක් නැහැ (වෙන අනං මනං ඕනේ නැහැ, මේ දවස්වල තියෙන කෙළවරක් නැති බූට් සින්දු ටික අහලා බලන්නකෝ).

හැබැයි ඔය අතරේ ඉන්නවා, රැල්ලට අහු නොවී ඇත්තටම ආදරේ කරන අයත්. මේ අයගේ ආදර කතා ඇහුවම, අපේ ලංකාවේ ඉතිහාසයේ ලියවෙලා තියෙන සමහර ආදර කතා ගැන මතක් වෙන්නේ ඉබේටම. අන්න ඒ වගේ ඉතිහාසගත, ප්‍රසිද්ධ ආදර කතා කීපයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

1. රාමා සීතා

සීතා අම්මාන් කෝවිල: සීතාඑළිය පැත්තේ යන කෙනෙක් බොහෝ වෙලාවට යන තැනක් තමයි මේ. වෙනත් පිරිමි කොච්චර බලපරාක්‍රමයන් පෙන්වූවත්, එක හිතින් තමන්ගේ සැමියාට ආදරය කරපු සීතාගේ කතාව මේ ස්ථානය පිටුපස සැඟවෙලා තියෙනවා.

රාමාත් සීතාත් ඉපදුණේ ඉන්දියාවේ රජ පවුල් දෙකක. රාමාගේ පියා වුණු දශාර්ථ රජතුමා අයෝධ්‍යාවේ රජකම් කළ අතර, සීතාගේ පියා වූ ජනක රජු, රාජ්‍ය පාලනය කළේ මිථිලා නුවර. දෙනුවරක් යා කරමින් සිදුවුණු රාම – සීතා විවාහය ගැන, දශාර්ථ රජතුමාගේ දෙවන බිරින්දෑ නම් පසුවුනේ එච්චර සතුටකින් නොවෙයි. රජ කෙනෙක්ට තිබිය යුතු සියළුම ලක්ෂණ, සුදුසුකම් රාමාට තිබුණා. ඒ නිසා තමන්ගේ පුතු වුනු භාරතට රජකම ලැබෙන්නට කල් යාවී යි කියන බය ඇයට දැනුණා. මෙන්න මේ නිසා, රාමාව රටින් නෙරපන තැනට තමන්ගේ සැමියාව පොළොඹවන්න ඇය කටයුතු කළා. සිහසුනට ඇති උරුමය පැත්තක දමලා, සීතාත් එක්ක රාමා වනගත වෙන්නේ ඒ නිසයි.

Source : dollsofindia.com

කාලය ගත වුණා. ලංකාවේ එවකට රජකම් කලේ රාවණා රජතුමායි. යක්ෂ ගෝත්‍රයට අයත් වුණු මොහු බොහොම බලසම්පන්න අයෙක්. සුපර්නිකා කියන්නේ ඔහුගේ සොයුරියයි. ජනප්‍රවාදයේ කියවෙන විදියට නම් ඇයට ඕනෙම පුද්ගලයෙක්ගේ වේශය ගන්න පුළුවන්.

සුපර්නිකාගේ හිතේ රාම කුමරු ගැන අදහසක් පහළ වෙන්නේ මේ අතරෙදියි. ඔහුව තමන්ට ලබාගන්න නොලැබෙන බව තේරුම් ගන්න ඇය, ඒ සඳහා තමන්ගේ සහෝදරයා වූ රාවණාගේ උදව්ව ඉල්ලනවා. රාමාගේ ප්‍රිය බිරිඳ වුණු සීතා ව පැහැරගන්න මේ දෙදෙනා, ඇයව සිර කරලා තියන්නේ, අර කලින් සඳහන් කරපු සීතා අම්මාන් කෝවිල තියෙන තැන බව තමයි ජනප්‍රවාදයේ කියවෙන්නේ. සීතාගේ සොඳුරු රුව දකින රාවණා ඇයව තමන්ගේ බිසව කරන්න නොයෙකුත් දේවල් කරනවා. ඒත් සීතා නෙවෙයි ඒ කිසි දේකින් සැළෙන්නේ. ඇය තමන්ගේ හිතේ රාමා ගැන ඇති ආදරය, පති භක්තිය එළෙසින්ම තියාගත්තා.

ශිව දෙවියන්ගේ එක්තරා වේශයක් විදියට සමහර තැනක කියැවෙන හනුමාන්ගේ උපකාර ඇතිව, රාවණාව පරාජය කරලා, තමන්ගේ ආදරණීය බිරිඳව බේරාගන්න රාමා සමත් වුණා. ඉතිහාස පොත්වල කියැවෙන විදියට නම්, ආයෙත් අයෝධ්‍යාවට ගිහින් තමන්ගේ රාජ උරුමය ලබාගන්නත් පසු කාලීනව ඔහු සමත් වෙලා තියෙනවා.

2.  දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා

භද්‍රකච්චායනා බිසවගේත්, පඬුවස්දෙව් රජතුමාගේත් එකම දියණිය වුණු උන්මාද චිත්‍රා තමන්ගේ දුටුවන්ගේ සිත් වසඟ කරන රූපශ්‍රීයක් තිබුණු ඇත්තියක්. සහෝදරයන් දසදෙනෙක් ඉන්න පවුලක බාල දියණිය ඇයයි. ඇගේ උප්පත්තිය සිදුවුණු වෙලේ වේලාපත්කඩ පරීක්ෂා කරපු නැකත්කරුවන් පැවසුවේ, අනාගත දවසක ඇයට පුතෙකු ලැබුණහොත්, ඔහු තමන්ගේ මාමාවරුන් මරා රජවෙන බවයි. මේකෙන් තැතිගත්ත උන්මාද චිත්‍රාගේ සොහොයුරන්, ඇයව තිඹිරි ගෙය ඇතුළේම මරා දමන්න යෝජනා කළා. නමුත්, පවුලේ වැඩිමලා වුණු අභය කුමාරයා මේකට විරුද්ධ වුණා. උන්මාද චිත්‍රාගේ රුව කිසිම පිරිමියෙක්ගේ ඇස නොගැටෙන විදියට එක්ටැම් ගෙදරක සිරවුණේ මේකේ ප්‍රතිඵලයක් විදියට.

දීඝායු කියන්නේ භද්‍රකච්චායනා බිසවගේ සොහොයුරෙක්. දීඝ ගාමිණී නමින් පුතෙක් ඔහුට හිටියා. තරුණ වයසේ පසු වුණු මේ තරුණයා, උන්මාද චිත්‍රා ගැන දැක්වූයේ මහත් උනන්දුවක්. තමන්ගේ මාමා වුණු පඬුවස්දෙව් රජතුමාගේ අවසරයත් ඇතුව, ඔහු රජමාලිගාවේ සේවයට බැඳෙන්නේ, ඇයව දැක බලාගනීමේ අදහසත් එක්කමයි.

උන්මාද චිත්‍රා සිර කරලා තිබුණු එක්ටැම්ගෙයි මුරට හිටියේ චිත්‍රරාජ සහ කාලවේල නම් දෙන්නෙක්. ඔවුන්ගේ උදව් ඇතිව ඇයව දැකගන්න ඔහු සමත්වෙනවා. එකිනෙකා දෙස හෙලන පළමු බැල්මෙන්ම ආදරයෙන් වෙළෙන මේ දෙපළට, චිත්‍රරාජ සහ කාලවේලගෙන් ලැබෙන්නේ නොමද සහයක්. මහාවංශයේ නවවෙනි පරිච්චේදය පුරාවට මේ ආදර කතාව ගැන සඳහන් වෙනවා.

හැංගී හැංගී වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ කියන කතාව ඇත්ත කරමින්, උන්මාද චිත්‍රා – දීඝ ගාමිණී ආදර අන්දරය ලෝකෙට හෙළිවෙන්නේ, ඇය ගැබ්ගත්ත දවසේ. මේ ආරංචියෙන් තැති ගත්ත උන්මාද චිත්‍රාගේ සොහොයුරන් එක්ටැම් ගෙයි මුරට ඉඳපු චිත්‍රරාජ සහ කාලවේලව මරා දමනවා. උන්මාද චිත්‍රාවත් මරන්න තැත් කරත්, නැවතත් ඇගේ පිහිටට එන අභය කුමාරයා, තමන්ගේ සහෝදරියගේ ජීවිතය බේරනවා. ඇයට බිළිඳියක ලැබුණහොත් ජීවත් කරවන්නත්, බිළිඳෙකු ලැබුණහොත් මරා දමන්නත් තීරණය වෙන්නේ මෙන්න මේ නිසයි.

කරුමෙකට වගේ උන්මාද චිත්‍රාවට ලැබුණේ පුතෙක්. කල් තියාම මෙවන් අවස්ථාවකට මුහුණ දෙන්න ලෑස්තිවෙලා ඉඳපු උන්මාද චිත්‍රා තමන්ට උපන් පුතාව රහසේම දොරමඩලාව ගමට යවනවා. ඒ වෙනුවට, ගැමි පවුලක උපන් දියණියක් මාළිගයට ගෙන්වාගන්නවා.

නමුත්, තමන්ගේ රාජ්‍ය උරුමය ගැන පසුකාලීනව දැනගන්න මේ පණ්ඩුකාභය කුමාරයා, මාමාවරුන් දස දෙනාගෙන්, නව දෙනෙකු මරා සිහසුන අත්පත් කරගන්නවා.

3. සාලිය – අසෝකමාලා

අසෝකමාලා මමයි ස්වාමිනේ – අසෝක මල් වනයේ

රනේ රුවට රූ සපුව දිලෙන මුත් – මා චණ්ඩාලියකි

චන්ද්‍රලේකා පෙරේරා මහත්මිගේ හඬින් ඇහෙන මේ ගීතයට පදනම් වෙලා තියෙන්නෙත්, සාලිය අසෝකමාලා ආදර අන්දරයයි.අනුරාධපුර යුගය තරම් අතීතයක සිද්ධවුණු මේ ආදර කතාව අදටත් කොච්චර ජනප්‍රියයිද කියන එක මේ ගීතයෙන්ම පේනවා. දුටුගැමුණු රජතුමාගේ එකම පුත්‍රයා වුණු සාලිය කුමාරයට, අසෝකමාලා කියන තරුණියව මුලටම දැකගන්න ලැබුණේ උයන් කෙළියට යන අතරමඟදී බව තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඇගේ ඇත්තම නම දේවී වුණත්, හෝපලු ගසක් ළඟ ඉද්දී දුටුව නිසා, සාලිය කුමාරයා විසින් ඇයට අසෝකමාලා කියන නම දුන්නු බවත් මේවයේ වැඩි දුරටත් කියවෙනවා. සීහළවත්ථුව, සද්ධමාලංකාරය වගේ පොත්වල තියෙන විදියට නම්, පළමු හමුවෙන් පස්සේ, සාලිය කුමාරයා ඇයව මාළිගාවට එක්කරගෙන ගිහින් තියෙනවා.

Source : slguardian.org

අපරිමිතව එකිනෙකාට ආදරය කරපු මේ යුවළට, එක ප්‍රශ්නයක් තිබුණා. ඒ අසෝකමාලා සැඩොල් කුලයට අයත් කෙනෙක් වීම. සමාජ සම්මතයට අනූව, මේක පහත් කුලයක්. රජ කිරුළට උරුමකම් කියන කෙනෙක්ට මේ වගේ පහත් කුලයක කෙනෙක් සමඟ ආවාහ වෙන්න බැහැ. ඒත් ඒ සැප සම්පත්වලට වඩා අසෝකමාලාගේ ආදරය තමන්ට වටින බව සාලිය කුමාරයා තීරණය කරනවා. මුලදී උරණ වුණත්, ඒ දෙදෙනාගේ ආදරය සියැසින් දැකපු දුටුගැමුණු රජතුමාත් ඔවුන්ගේ විවාහයට තමන්ගේ ආශිර්වාදය ලබා දෙනවා.

Source : shellcoastresort.com

සාලිය අසෝකමාලාගේ ආදරය සනිටුහන් කරමින්, හය වෙනි සියවසේදී නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල නම් ගල් කැටයම, අදටත් මේ ආදරයේ අමරණීය බව මනාව කියාපාන්නක්.

4. දස්‌කොන් – ප්‍රමිලා

සක්මන් කරන මළුව පාලුයි දේවි – මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවි

ඉක්මන් ගමන් එපා පා පැකිලේවි – දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

කරුණාරත්න දිවුලගනේ මහත්මයත්, සමිතා මුදුන්කොටුව මහත්මියත් ගායනා කරන මේ ගීතය ඔයාලා අනිවාර්යෙන්ම අහලා ඇති. මේකට පාදක කරගෙන තියෙන්නේ මහනුවර යුගයේ සිද්ධ වුණු අසම්මත ප්‍රේමයක්.

ලංකා රාජ වංශ කතාවේ අවසාන සිංහල රජතුමා වුණු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගේ බිසවක් වූ ප්‍රමිලා, තමන්ගේ විවාහ බන්ධනය ගැන එතරම් සතුටින් ඉඳපු කෙනෙක් නෙවෙයි. University of Ceylon Review පොතේ සඳහන් වෙන විදියට නම් මේකට හේතුවෙලා තියෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අශීලාචාර ගති පැවතුම්. වයස අවුරුදු 17දී සිහසුනට පත්වුණු ඔහු, මතට ලොල් වුණු සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන්නට පෙළඹුණු කෙනෙක්. ජනප්‍රවාදයේ ඔහුව "සෙල්ලම් නිරිඳු" විදියට හඳුන්වලා තියෙන්නෙත් මේ නිසාමයි.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා යටතේ සිටි දස්කොන් අදිකාරම, ප්‍රංශ සම්භවයක් ඇති කෙනෙක්. ඔහුගේ කඩවසම් පෙනුමක් වගේම, ශෘංගාරාත්මක කවි කීමේ හැකියාව රජ වාසලේ ඉඳපු හැමදෙනාගේම හිත ගත්තු දෙයක්. රජතුමාගේ බිසෝවරු හුඟක් දෙනා දස්කොන්ට කැමැත්තක් දැක්වූවා. ඒත් ඔහුගේ ආදරේ ලැබුණේ ඒ අතර ඉඳපු ප්‍රමිලා බිසවට පමණයි. රහසේ ආදරය කරත්, රජ මැදුරේ ඉඳපු අයට නම් මේ සම්බන්ධය නොරහසක්. මේ දෙදෙනා අතර හුවමාරු වුණු කවි ගණනාවක් ගැන ඉතිහාස පොත්වල සඳහන් වෙනවා.

එක දවසක් ප්‍රමිලා වෙනුවෙන් මාළිගයේ බලි තොවිල් යාගයක් පවත්වන්න සූදානම් කළා. ඒ වෙනුවෙන් ඇගේ රූපය අඹන්නත් නියම වුණා. ඇගේ සිරුරේ රහස් තැනක තිබූ ලපයකුත් හරියටම එහි ලකුණු කරලා තිබීම නරේන්ද්‍රසිංහ රජතුමාගේ විපරමට ලක් වුණේ කවුරුවත් නොහිතපු විදියට. ඒක ලකුණු කරපු බලි ඇදුරන්ගෙන් අහලා බලද්දී දැනගන්න ලැබුණේ දස්කොන් අදිකාරම් ඒ ගැන කියූ බවයි.

Source : silumina.lk (දස්කොන් චිත්‍රපටයෙන්)

තමන්ට හිතවත්ව ඉඳපු රාජ්‍ය නිලධාරියෙක් විදියට, දස්කොන් මේ කරපු දෙයින් රජතුමා කෝප වුණා. ඉතිහාසයෙන් දිගහැරෙන සමහර වාර්තාවල තියෙන්නේ දස්කොන්ගේ හිස ගසා දැමුණු බවයි. ඔහුව උල සිඳුවා මරණ ලද බවත් ඇතැම් පොත්වල සඳහන් වෙනවා. කොහොම වුණත්, අසම්මත ආදරක පැටළුණු දස්කොන් – ප්‍රමිලා අවසානය දැක්කේ ඔන්න ඔය විදියට.

5. තෝමස් මේට්ලන්ඩ් – ලොවීනා

Source : sundayobserver.lk

ගල්කිස්ස හෝටලය, අද වෙද්දී ලංකාවේ තියෙන ජනප්‍රියතම හෝටල් අතරින් එකක්. අද හෝටලයක් වුණත් ඉංග්‍රීසි යටත් විජිත සමයේදී මේක පාවිච්චි වුණේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස විදියට. මේට්ලන්ඩ් බංගලාව විදියට තමයි මේක ඒ කාලේ හැඳින්වුණේ. හැබැයි මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ලංකාවෙන් බැහැර වෙද්දී “මවුන්ට් ලැවීනියා බංගලාව” විදියට එහි නම වෙනස් වුණා. ගල්කිස්ස නගරයටත් මවුන්ට් ලැවීනියා කියන නම වැටෙන්න තරම් මෙහි සිදුවුණු දේ මොකක්ද? මේට්ලන්ඩ් බංගලාව, මවුන්ට් ලැවිනියා බංගලාව දක්වා ආ ගමන පිටුපස තියෙන්නේ තවත් ආදර කතාවක්.

තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාර සමයේ, ඔහුගේ නිල නිවසේ සාද පැවැත්වීම අමුතු දෙයක් නෙවෙයි. වරක් මෙවන් සාදයකට රොඩී නැටුම් කණ්ඩායමක් ඇවිදින් බොහොම ලස්සන නර්තනයක් ඉදිරිපත් කළා. මේ නැටුම කොච්චර ලස්සන වුණත්, මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ සිත ගත්තේ, ඒ කණ්ඩායමේ හිටි එක්තරා ලමිස්සියකගේ රූපයයි. තමන්ගේ යටත් සේවකයෙක්ගෙන් ඇය ගැන විස්තර දැනගන්නට ඔහු පෙළඹුණේ, ඇගේ රුවේ තිබුණු මේ වශීකෘත බව නිසාමයි.

Source : mountlaviniahotel.com

ඇය නමින් ලොවීනා. ලන්දේසි පුද්ගලයෙකුට දාව රොඩී කාන්තාවකට ඉපදුණු ඇය එවකට දාහත් හැවිරිදි ගැටිස්සියක්. තලතුනා නමුත් කඩවසම් පෙනුමක් තිබුණු මේට්ලන්ඩ් සමඟ ලොවීනා ආදරයෙන් බැඳුණා. වසර පහක කාලයක් මේ ආදර අන්දරය ගලා ගියා. ලොවීනා කියන නම උච්චාරණය කරන්නට අපහසු වුණු ඔහු ඇයව ඇමතුවේ ලැවිනියා නමින්.

Source : tripadvisor.com

ආණ්ඩුකාර බංගලාවේ සිට රොඩී කුප්පෑයාමට යන්න එන්න පුළුවන් විදියේ උමඟක් ඒ දවස්වල තිබුණා. මේ උමඟ ඔස්සේ ගිහින් මුණගැහෙන්න ඔවුන් දෙදෙනා පුරුදුවෙලා හිටියා. ලොවීනා යනු මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ලිංගික භාණ්ඩයක් බව සමහරු පැවසුවත්, ඒ අදහස නිසරු කරන සිදුවීම් මේ ආදර කතාවෙන් දැකගන්න පුළුවන්. වරක් ලොවීනාගේ ආදරය පතා ආව ඉංග්‍රීසි සොල්දාදු තරුණයෙක්ව වෙඩි තබා මරා දැමුණේ ආණ්ඩුකාරවරයා විසින්මයි. රොඩී කාන්තාවන් හැමවිටම හිටියේ නිරුවත් උඩුකයෙන්. කුලහීන නිසා උඩුකයට ඇඳුම් ඇඳීමේ අවසරයක් ඔවුන්ට තිබුණේ නැහැ. ලොවීනාගේ නිරුවත් පියයුරු දෙස බලන් ඉඳපු තවත් සොල්දාදුවෙක්ව වෙඩි තබා ඝාතනය කෙරුණු බවකුත් ඉතිහාසයේ සඳහන්. ඒ විතරක් නෙවෙයි, මේ සිදුවීමෙන් පස්සේ කුලහීන හැමදෙනාටම උඩුකය වසාගැනීමේ අවසරය ලබාදෙන්නත් තෝමස් මේට්ලන්ඩ් කටයුතු කළා.  

කාලයත් එක්ක, කටින් කට ආරංචි වුණු මේට්ලන්ඩ් ආණ්ඩුකාරවයාගේ මේ ආදර සම්බන්ධය ගැන එංගලන්තයේ ජෝර්ජ් රජතුමාටත් දැනගන්න ලැබුණා. එංගලන්ත මහ රජතුමාගේ මුදල් ලංකාවේ කුලහීන තරුණියකට වියදම් කරන වග පවසමින් ඔහුට පෙත්සම් ගණනාවක් ලැබී තිබුණා. නැවතත් මව් රටට එන ලෙස පවසා ලිපියක් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට ලැබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් විදියට.

Source : mountlaviniahotel.com

ඉන් දෙසතියකට පස්සේ ආදරණීය ලොවීනාටත්, ඒ මතකයන්ටත් ආයුබෝවන් කියූ තෝමස් මේට්ලන්ඩ් එංගලන්තයට යෑමට නැව් නැග්ගා. ඔහුගේ අවසාන ඉල්ලීම වුණේ තමන් විසූ නිල නිවස "මවුන්ට් ලැවීනියා" වශයෙන් යළි නම් කරන ලෙසයි. ලොවීනා ගැන මතකය අමරණීය කිරීමේ අදහසින් ඉදිරිපත් කෙරුණු මේ ඉල්ලීමට එංගලන්ත රජයෙන් අනුමැතිය ලැබුණා. කොහොම වුණත්, හැර ගිය ආදරය ගැන සොවින් තැවුණු ලොවීනා, මුහුදට පැන සියදිවි නසාගත් බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

එදා ලොවීනා ජීවත් වුණු රොඩී කුප්පෑයම වෙනුවට අද තියෙන්නේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයයි. එතැනත්, මේට්ලන්ඩ් බංගලාවත් යා කරමින් පැවතුණු උමඟ මේ වෙද්දී වැහිලා ගිහින්. කාලය මවපු වෙනසක අරුමය කෙසේ වෙතත්, මේට්ලන්ඩ් – ලොවීනා ආදර කතාව නම් අමරණීයයි.

දිවි පරදුවට තියලා ආදරය කරපු දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා, ප්‍රේමය නිසා සැප සම්පත් අහිමි කරගත් සාලිය – අසෝකමාලා, ආදරය වෙනුවෙන් සටන් කරපු රාමා – සීතා, අසම්මත පෙමක පැටළුණු දස්කොන් – ප්‍රමිලා, කුල භේදයෙන් බැට කෑ මේට්ලන්ඩ් – ලොවීනා වගේ අය අදටත් අපි අතර ඉන්නවා, ඉස්සරහටත් ඉඳීවි. ලෝකය කොච්චර වෙනස් වුණත්, ඒ වගේ ආදර කතාවලට අවසානයක් නැහැ. අවුරුදු ගණනක් ගිහිල්ලත්, මේ වගේ ආදර අන්දර මිනිස්සුන්ගේ මතකයේ සදහටම රැඳිලා තියෙන්නේ අන්න ඒ නිසයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide