යාපනේ රස කෑම ගෙදරදී ම හදමු; යාපනේට ආවේනික කෑම රෙසිපි – I.

ලෝකේ වටේ දහ සැරයක් ඇවිදලා ආවත්, අපේ සමහර උන්නැහේලගේ ප්‍රාදේශීය මානසිකත්වය වෙනස් වෙන්නේ නැහැනේ. අපි මේ පළාතේ, දිස්ත්‍රික්කේ කියලා කයිවාරු ගහන ඕනේ තරම් උදවිය අපි අතරේ ඉන්නවා. හැබැයි ඉතින් ඕකට වැරැද්දක් කියන්නත් අමාරුයි. තමන් ඉපදුණු, හැදිලා වැඩුණු ගම ගැන ආඩම්බරෙන් කතා කරන්න කවුද අකමැති?

ලංකාවේ ප්‍රාදේශීය දේවල් ගැන කතා කරද්දී මතක් වෙන තවත් දෙයක් තමයි ඒ ඒ පැතිවලට ආවේනික කෑම වර්ග ටික. අපේ රටේ එක කෙලවරක් වෙන දකුණු පළාතේ උදවිය උජාරුවෙන් කතා කරන කෑම වර්ග කීපයක් ගැන අපි පහුගිය දවසක කතා කළා ඔයාලට මතකත් ඇති. අද කතාව ලංකාවේ අනිත් කෙලවරේ, එහෙමත් නැත්තන් යාපනේ ගෙවල්වල හැදෙන රස කෑම කීපයක රෙසිපි ටිකක්.

1. චිකන් කුලාම්බු

යාපනේ උදවිය ජයට ම කන චිකන් කරියක් තමයි මේක. මුලින් ම කරන්න ඕනේ චිකන් කිලෝ 1 1/2ක් අරගෙන තරමක සයිස් එකේ කෑලිවලට කපාගන්න එක. අල ග්‍රෑම් 500කුත් අරගෙන ඔය ගමන් ම කෑලි කපාගන්න. ඊටපස්සේ ලූණු ග්‍රෑම් 100 එක්ක, අමු මිරිස්, කරපිංචා, රම්පෙ, සේර එකට මිශ්‍ර කරලා බැදගන්න ඕනේ. ලූණු පෙති ටික රන්වන් පාට වේගෙන එද්දී, අර කලින් කිව්ව අල ටිකයි, චිකන් ටිකයි එකතු කරලා විනාඩි පහක් පිසගන්න.

ඊළඟට කරන්න තියෙන්නේ කෝප්ප හතරක පොල් කිරි මේකට එකතු කරන එක. ඒකත් එක්ක ම යාපනේ කරි පව්ඩර් ටිකකුත් දාන්න පුළුවන් නම් හොඳයි. යාපනේ කරි පව්ඩර් එක එක්කෝ කඩෙන් ගන්න පුළුවන්. ඒ නැත්තන් ලේසියෙන් ම ගෙදරදී හදාගන්නත් ඇහැකි. වියළි මිරිස්, ගම්මිරිස්, සූදුරු, කහ කුඩු, කොත්තමල්ලි, මාදුරු, සහ කරපිංචා ටිකක් ගෙදර තියෙනවනම්, වෙන වෙනම ඒවා බැදලා ග්‍රයින්ඩරේට දාලා කුඩු කරගන්නකො. ඕකෙන් තේ හැන්දක් වගේ මේ කරියට දාගත්ත ම හොඳට ම ඇති.

පොල්කිරි සහ කරි පව්ඩර් එකතු කළාට පස්සේ, හොද්ද උකු වෙනකම් ආයෙත් පිසගන්න ඕනේ. ඔය සුවඳ කුඩු ටිකකුත් අරගෙන මේකට දාන්න ඇත්තන්, රස වගේ ම සුවඳත් වැඩිවෙනවා. ඔය සුවඳ කුඩු කියන්නේ ඉන්දියාවේ තියෙන ගරම් මසාලා වගේ මික්ස්චර් එකක්නේ. කුරුඳු, කරාබුනැටි, එනසාල්, සාදික්කා එහෙම දාලා තමයි ඕක හදන්නේ. ඕවත් එකතු කරලා, තවත් විනාඩියක් විතර පිසගෙන ලිපෙන් බාගන්න. දෙහි බෑයකුත් මිරිකලා ගත්තම පංකාදු පහේ චිකන් කරිය! කන්න බැරිය ගමකට.

2. බැදපු වම්බටු කරිය

Image Source : srilankancuisine.wordpress.com

යාපනේ පොඩ්ඩෝ ආසාවෙන් ඉස්කෝලෙට ගෙනියන කෑම ජාති අතරෙන් එකක් විදියට මේ බැදපු වම්බටු කරිය හඳුන්වන්න පුළුවන්. නිකන් ම නෙවෙයි, කුරක්කන් පිට්ටුත් එක්ක තමයි මේක අරගෙන යන්නේ. එහෙනම් අහගන්නකෝ හදන විදිය.

මුලින් ම තරමක සයිස් එකේ වම්බටු ගෙඩි තුනක් වගේ අරගෙන කෑලිවලට කපාගන්න. ලුණු කුඩු තේ හැන්දක් වගේ මේකට ඉහලා විනාඩි 30ක් වගේ තියෙන්න අරින්න. එතකොට වම්බටුවල තියෙන වතුර ටික ලුණුවලට උරාගන්නවා. ඊටපස්සේ මේ වම්බටු කෑලි ටික හොඳින් මිරිකලා, ගැඹුරු තෙලේ බැදගන්න. මතක ඇතුව බලන්න ඒවා රන්වන් පැහැයත් එක්ක ක්‍රිස්පි ගතියට හැරෙන්නේ කොයි වෙලාවෙද කියලා. එහෙම වෙච්ච ගමන් මේක ලිපෙන් බාගෙන, පොඩ්ඩක් පැත්තකින් තියන්න.  

ඊළඟට අමු  මිරිස් කරල් දෙකක්, ලූණු ගෙඩි භාගයක් සහ සුදුලූණු බික් තුනක් කෑලි කපලා තෙලෙන් බැදගන්න. ලූණු ටික රන්වන් පැහැය වේගෙන එද්දී උළුහාල් තේ හැඳි බාගෙකුත් එකතු කරලා තවත් විනාඩියක් වගේ ලිපේ තියාගන්න. ඊටපස්සේ තක්කාලි ගෙඩියකුත් කපලා මේකට ම දාන ගමන්, ඒවා මෘදු වෙනතුරු හොඳින් හැඳි ගාන්න ඕනේ. මිරිස් කුඩු තේ හැඳි 1 ½, සියඹලා පේස්ට් තේ හැන්දක්, රසේ හැටියට ලුණු කුඩු එකතු කරන්න දැන් වෙලාව හරි. ඒ ගමන් ම වතුර කෝප්ප බාගෙකුත් දාලා තැම්බෙන්න අරින්න.

දැන් තමයි අර කලින් බැදපු වම්බටු ටික ඕනේ වෙන්නේ. සීනි තේ හැඳි කාලකුත් එක්ක ඒ වම්බටු ටික මේ භාජනේට ම දාගන්න. මද ගින්නේ විනාඩි දෙක තුනක් පිස ගත්තට පස්සේ පොල් කිරි කෝප්ප කාලකුයි (පොල් කිරි නැත්තන්, එළකිරි හෝ සෝයි කිරි පාවිච්චි කරන්නත් පුළුවන්), ඉඟුරුයි එක්කාසු කරලා විනාඩි පහක් වගේ පිස ගන්න. ඕක උණු උණුවේ ම පිට්ටු ගිලින්න කියාපු කරිය!

3. ක්‍රැබ් කරිය

යාපනේ කෑම ගැන කතා කරද්දී අමතක කරන්න ම බැරි කෑමක් තමයි මේ. රස කරකර  පිට්ටු කන්න මේකත් මරු. හැබැයි පිට්ටු විතරක් නෙවෙයි, පරාටා, බිත්තර රොටී, ඔය මුකුත් නැත්තන් පාන් ගෙඩියකට වුණත් වගකියන්න පුළුවන් පට්ට කරියක් මේකත්. මෙන්න මෙහෙමයි මේ ක්‍රැබ් කරිය හදාගන්නේ.

මුලින් ම කරන්න ඕනේ තෙල් ටික රත් කරගන්න එක. ඊටපස්සේ මේකට සූදුරු, තේ හැන්දකුයි, කරපිංචා, කපාගත්ත ලූණු ගෙඩි දෙකයි, තක්කාලි එකතු කරලා කලවම් කරගන්න. ඒ එක්ක ම කොත්තමල්ලි කුඩු තේ හැඳි දෙකක්, කරි පව්ඩර් තේ හැඳි තුනක්, මිරිස් කුඩු තේ හැඳි දෙකක් සහ කහ කුඩු තේ හැඳි බාගයක් එක්කාසු කරන්න. අහ්! පදම බලලා ලුණු දාන්නත් අමතක කරන්න එපා. මේ මිශ්‍රණය බැදීගෙන එද්දී පොල් කිරි, සුදුලූණු, සියඹලා පේස්ට් සහ වතුර දාලා, විනාඩි 15ක් මද ගින්නේ උයාගන්න.

ඔන්න හොද්ද පැහීගෙන එන මේ වෙලාව තමයි කකුළුවෝ ටික මේකට එකතු කරන්න හොඳ ම වෙලාව. ඒවත් දාලා හොඳට මිශ්‍ර කරන ගමන්, මුරුංගා කොළත් මේකට ම එක්කාසු කරලා තවත් විනාඩි 5ක් මද ගින්නේ පිසෙන්න අරින්න. ඇත්තමයි මේකේ සුවඳට ම බඩ පිරෙනවා. වෙලාවක හදලා බලන්නකෝ.

4. උප්පුමා

Image Source : recipeler.com

උප්පුමා කියන්නේ රුලංවලින් හදන කෑම වර්ගයක්. යාපනේ උදවිය අතරේ බොහොම ප්‍රසිද්ධ උදේ කෑමක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

පළමුවෙන් ම රත් කරගත්ත තෙල් තැටියකට අබ තේ හැඳි බාගයක් එකතු කරන්න. අබ ඇට ටික පිපිරෙද්දී ලූණු ගෙඩියකුත් කපලා මේකට ම දාන්න. ලූණු ටික බැදීගෙන එද්දී පොඩියට කපපු බෝංචි ටිකකුත් (කෝප්ප තුනක්) එක්කාසු කරන්න.  වරින් වර කලවම් කරන ගමන් මද ගින්නේ මේක පිසෙන්න අරින්න ඕනේ. බෝංචිවල පාට වෙනස් වෙලා, මෘදු වුණා ම, රස අනූව ලුණු ඩිංගකුත් එකතු කරලා, ලිපෙන් බාගන්න.

ඊටපස්සේ ආයෙත් රත් කරපු තෙල් තැටියකට කෑලි කපපු කැරට් ගෙඩි තුනකුයි, හීනියට ලියපු ගෝවායි (ගෙඩියකින් කාලක්) දාලා පිසගන්න. පදම බලලා ලුණුත් එකතු කරන්න. මේකත් හොඳට තැම්බුණා ම, අර කලින් හදපු බෝංචි, ලූණු මිශ්‍රණයට එකතු කරලා ලිපෙන් අයින් කරගන්න.

රුලංවලින් දාන සෙල්ලම පටන්ගන්නේ මේකට පස්සෙයි. මුලින් ම රුලං කෝප්ප දෙකක් තැටියක දාලා රෝස්ට් කරගන්න. ඒක පැත්තකින් තියලා වෙනම ම භාජනයක් අරගෙන 1:2 අනුපාතෙන් වතුර එකතු කරන්න (රුලං කෝප්ප එකට වතුර කෝප්ප දෙකයි). ලුණු තේ හැඳි තුන් කාලක් වගේ දාලා, කරපිංචා ටිකකුත් එකතු කරන්න. බටර් තේ හැඳි දෙකක් දාන්න පුළුවන් නම් තවත් රස වැඩිවෙනවා. මේක නටාගෙන එද්දී අර කලින් හදාගත්ත රෝස්ටඩ් රුලං ටික එකතු කරලා සාමාන්‍ය ගින්නෙන් තම්බාගන්න. රුලං ටික තැම්බුණා ට පස්සේ, මුලින් හදාගත්ත එළවලු ටික මේකට මික්ස් කරන්න. ඕනේ නම් රස අනූව ලුණුත් දාන්න පුළුවන්.

මේක අර කිරිබත් වගේ ඇලෙන සුළු ගතියට තියෙන්න ඕනේ කෑමක්. එළවලු ගොඩකුත් එක්ක එන නිසා ඇඟටත් ගුණයිනේ.

5. සුරා වරායි

Image Source : mannvasanai.weebly.com

“සුරා” කියලා දෙමළ භාෂාවෙන් හඳුන්වන්නේ මෝරා මාළුවන් ව. මේක යාපනේට ආවේනික මෝර මාළු කරියක්.

මුලින් ම මෝරා මාළු ග්‍රෑම් 250ක් වගේ කෑලි කපලා තම්බාගන්න. තැම්බුණා ට පස්සේ ඒ කෑලි අතින් පොඩි කරලා, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු (තේ හැන්දක්) සහ කහ කුඩු (තේ හැඳි බාගයක්) එකතු කරගන්න.

දැන් තල තෙල් තේ හැඳි දෙකක් තැටියක රත් කරලා, ඒකට කෑලි කපපු ලූණු ගෙඩියක්, අමු මිරිස් කරලක්, වියලි මිරිස් කරල් දෙකක්, සහ කරපිංචා එකතු කරන්න. ඒ ගමන් ම අබ තේ හැඳි බාගෙකුයි, මාදුරු තේ හැන්දකුයිත් එක්කාසු කරන්න. ලූණු ටික රන්වන් පාට වේගෙන එද්දී අර කලින් වෙන් කරලා තියපු මාළු ටික මේ තැටියට මිශ්‍රකරන්න. මාළු ටික හොඳින් පිසුණාට පස්සේ, ගාගත්ත පොල් කුඩු මේස හැඳි දෙකක් එකතු කරන්නත් ඕනේ. හොඳින් කලවම් කරන ගමන් තවත් මිනිත්තු කීපයක් මේක පිසගන්න.

හොඳට හදපු සුදු බත් හට්ටියකට වුණත් වග කියන්න පුළුවන් මේ සුරා වරායි මාළු කරියත් එක්ක.     

ඔන්න දැම්මා රෙසිපි පහක් ම. තව මේ වගේ කරි ගොඩක් තියෙනවා. ඒ ගැන විස්තරත් කියන්නම් ඉක්මනට ම. එතකම් මේවා හදලා බලලා අපටත් රස කොහොමද කියලා කියන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide