යාපනේ රස කෑම ගෙදරදී ම හදමු; යාපනේට ආවේනික කෑම රෙසිපි – II.

මුහුදෙන් වටවෙච්ච පොඩි දූපතක් වුණත්, පළාත්, දිස්ත්‍රික්ක අල්ලගෙන අපේ කට්ටිය කයිවාරු ගහන හැටි දැක්ක ම වෙලාවකට පුදුමත් හිතෙනවා. ඕකට කියන්නේ ප්‍රාදේශීය මානසිකත්වය කියලනේ. ලෝකේ වටේ රවුමක් ගහලා ආවත් ඕවා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් එක අතකට තමන් හැදුණු වැඩුණු ගම රට ගැන ආඩම්බර වෙන එක හිනාවෙන්න කාරණාවකුත් නෙවෙයි.

ඔය ප්‍රාදේශීය හැඟීම ගැන කතා කරද්දී අනිවාර්යෙන් ම මතක් කරන්න ඕනේ දෙයක් තමයි ඒ ඒ පැතිවල හැදෙන කෑම බීම ටික. මාතර අය ආඩම්බරෙන් කතාකරන මාළු ඇඹුල් තියල, තංගල්ලේ තෝර මාළු ඔළු කරිය, මීගමුවේ කළුවට උයපු ඉස්සෝ කරිය ආදී වශයෙන් ගම්වලට ආවේණික වුණු කෑම බීම තොගයක් ලංකාවේ නන් දෙසින් දැකගන්න පුළුවන්. සාඩම්බර දකුණු ලකේ කෑම ගැන ආටිකල් එකක් අපි මේ පහුගිය දවසකත් කළා. ඒ විතරක් නෙවෙයි, යාපනේ ගෙවල්වල හැදෙන අපූරු කෑම රෙසිපි කීපයකුත් අපි විස්තර කළා ඔයාලට මතකත් ඇති. අද කියන්න යන්නෙත් අපේ ගෙදර කුස්සියෙදී ම හදාගන්න පුළුවන් අන්න ඒ වගේ රස ම රස යාපනේ කෑම කීපයක් ගැන.

1. මුරුංගාකායි කරිය

Image Source : archanaskitchen.com

මේක මේ අමුතු කෑමක් නම් නෙවෙයි. අපි ගෙදරදොරේ හදන මුරුංගා කරිය, යාපනේ තාලෙට හදන විදිය තමයි මේ කියන්න යන්නේ.

මුලින් ම මුරුංගා ටික අරගෙන තරමක කෑලිවලට කපාගන්න. ඔය ගමන් ම රටලූණු ගෙඩි බාගෙකුයි, අල ගෙඩියකුයිත් කෑලි කරගන්න. ගාගත්ත පොල් කුඩු කෝප්ප බාගයකින් දියකිරියි මිටිකිරියි හදලා, පැත්තකින් තියන්න. දැන් සාස්පානක් අරගෙන ඒකට දියකිරි ටිකයි, වතුර කෝප්ප හතරකුයි දාගන්න. කපාගත්ත එළවළු (මුරුංගා, අල, රටලූණු) ටිකත් මේකට ම දාලා, කරි පවුඩර් (ඔය කරි පවුඩර් එක හදාගන්න විදිය අපි කලින් ආටිකල් එකේදී කතා කළා) සහ මිරිස් කුඩු ටිකකුත් එකතු කරන්න. එළවළු ටික ඉදීගෙන එද්දී, අර මිටිකිරි ටිකත් මේකට කලවම් කරන්න ඕනේ. රස බලලා ලුණු ඩිංගකුත් දාගන්න. ඊටපස්සේ තවත් විනාඩි පහක් විතර තැම්බෙන්න අරින්න. උණුඋණු පිට්ටු, ඉඳිආප්ප එක්ක කන්න මේ මුරුංගකායි කරිය පංකාදු පහයි.

2. වෙන්ධයා කුලාම්බු

Image Source : srilankancuisine.wordpress.com

මේ කෑම හදන්නේ උළුහාල්වලින්. ඒ නිසා මේස හැඳි දෙකකට විතර අල්ලන උළුහාල් ටිකක් විනාඩි 10ක් විතර පෙඟවෙන්න දාන්න ඕනේ. ඊටපස්සේ ඒ ටික වතුර බේරෙන්න තියන්න. රත්වෙච්ච තෙල් ටිකකින් උළුහාල් ටික බැදලා, තව තෙල් ටිකකුත් එකතු කරන ගමන් කරපිංචයි, රටලූණු ගෙඩියකුයි කෑලි කපලා එකතු කරගන්න. ලූණු ටික රන්වන් පැහැ වුණාට පස්සේ, සියඹලා මිරිකලා හදාගත්ත ජූස් කෝප්ප බාගෙකුයි, පොල් කිරි කෝප්ප බාගෙකුයි දාලා කලවම් කරන්න. ඒ අතරේ ම, පදම අනූව කරි පවුඩර් සහ ලුණුත් එකතුකරගන්න. දැන් පොඩ්ඩක් ගිනි දැල්ල වැඩි කරලා, විනාඩි 5 – 10 අතර කාලයක් හොඳින් පිසගන්න. ඉන් පස්සේ, තවත් පොල් කිරි කෝප්ප බාගයක් මේකට එකතුකරලා, විනාඩි පහක් වගේ ඉදෙන්න අරින්න. හප්පච්චියේ! පිට්ටු බම්බුවකට වුණත් වග කියන්න පුළුවන් මේ කුලාම්බුවත් එක්ක.

3. පුලි කන්ජි 

Image Source : eelamflavour.com

උණක් හෙම්බිරිස්සාවක් ආවම සුප් බොන්න කියලා සුද්දා අපට පුරුදු කළ බව හැබෑව. හැබැයි යාපනේ ඇත්තන්ට ඔය දවස්වලට පිහිට වෙන්නේ පුලි කන්ජි තමයි. මේකට සුප්වල යාපනේ වර්ෂන් එක කියලා කිව්වත් වරදක් නැහැ. මේ කියන රෙසිපියෙන් ගෙදර ඉන්න හතරදෙනෙක්ට රස ම රස පුලි කන්ජි කන්න පුළුවන්.

කෝප්ප පහකට වගේ අල්ලන වතුර ප්‍රමාණයක් (හයක් වුණත් අවුලක් නැහැ) ලිප තියලා රතු හෝ සුදු හාල් කෝප්ප බාගයක් ඒකට ම දාලා ඉදෙන්න අරින්න. වතුර නටාගෙන එනකොට සුද්ද කරපු ඉස්සෝ, කපාගත්ත සුදුලූණු බීක් දෙකක්, සහ රතුලූණු ගෙඩි දහපහළොවක් එකතු කරගන්න. බතයි, ඉස්සෝ ටිකයි පිසුණාට පස්සේ, අමු මිරිස් කරල් හතර පහකුයි, මුරුංගා කොළයි, සියඹලා පේස්ට් තේ හැන්දකුයි දාලා, රස අනූව ලුණුත් එක්කාසු කරන්න. ඊටපස්සේ හොඳට කලවම් කරලා ටික වෙලාවක් තැම්බෙන්න අරින්න. දැන් ඔන්න පුලි කන්ජි එක ලෑස්තියි. සාමාන්‍යයෙන් මේක පිළිගැන්වෙන්නේ දෙහි බෑයකුත් එක්ක. මොකද දෙහි යුෂ ටිකකුත් එකතු වුණා ම මේක තවත් රසවත් වෙනවනේ.

4. ඔඩියල් කූල්

Image Source : serendib.btoptions.lk

තල් පිටි අහලා තියෙනවා නේද? ඔඩියල් කූල් කියන්නේ තල් පිටි ප්‍රධාන කරගෙන හැදෙන කෑමක්. ලංකාවේ තැන් කීපයක ම තියෙන කට්පහම් අවුට්ලට්වලින් මේවා ගන්න පුළුවන්. හැබැයි තල් පිටි හොයාගන්න නැති වුණාට දුක් වෙන්න එපා. ඒවා වෙනුවට කෝන් පිටි පාවිච්චි කරලත් ඔඩියල් කූල් හදන්න පුළුවන්. පොඩ්ඩක් ලොකු අඩුමකුඩුම ලැයිස්තුවක් තියෙන නිසා මුලින් ම ඒ ටික ලියාගන්නකෝ එහෙනම්.

තල් පිටි කෝප්ප 1

කපාගත් එළවළු මිශ්‍රණයක් (මුරුංගා, මෑකරල්, කොස් ඇට, වම්බටු හැම එකෙන් ම 100g ගණනේ)

කපාගත් මාළු මිශ්‍රණයක් (ඉස්සෝ, දැල්ලෝ, කකුළු මාළු හැම එකෙන් ම 100g ගණනේ)

තම්බාගත් සහල් කෝප්ප ½

වියළි මිරිස් කරල් 5 – 10

සූදුරු මේස හැඳි 1

ගම්මිරිස් මේස හැඳි 1

කහ තේ හැඳි ½

සියඹලා සාරය කෝප්ප ½

මුලින් ම සූදුරු, වියළි මිරිස් සහ ගම්මිරිස් කුඩු එකට මිශ්‍ර කරලා ග්‍රයින්ඩ් කරගන්න. එළවළු සේරම ටික වෙනම තම්බන ගමන්, තවත් භාජනයක් අරගෙන මාළු ටිකත් තම්බගන්න. වෙජි කෙනෙක් නම් ඔය මාළු ටික නොදා මේ කෑම එක හදාගන්න පුළුවන්. ඊටපස්සේ මාළු මිශ්‍රණයයි, එළවළු මිශ්‍රණයයි එකට එකතු කරලා වතුර ලීටරයකුත් දාන ගමන් සියඹලා සාරයත් එක්කාසු කරන්න. වතුර නටාගෙන එද්දී තමයි අර තල් පිටි ටික දාන්න ඕනේ. හැබැයි එක පාරට ම නෙවෙයි, ටිකෙන් ටික. ඉන්පස්සේ තම්බගත්ත සහල් ටිකත් මේකට ම දාගන්න ගමන්, අර ග්‍රයින්ඩ් කරපු කුළුබඩු මිශ්‍රණයයි, කහයි, පදම අනූව ලුණුයි එකතු කරන්න. තවත් මිනිත්තු කීපයක් ඉදෙන්න ඇරලා ලිපෙන් බාගන්න. මේ රෙසිපියට අනූව ඔඩියල් කූල් එකක් හදාගත්තොත්, හත් අටදෙනෙක්ට වුණත් බඩ පිරෙන්න කන්න ඇහැකි.

5. කස්සාවා තුවයියල්  

Image Source : srilankancuisine.wordpress.com

ඔය කස්සාවා කියන්නේ මඤ්ඤොක්කා අලවලට දෙමළ භාෂාවෙන් කියන නමනේ. මේ රෙසිපියෙන් කියන්නේ යාපනේ කුස්සිවල හැදෙන රස ම රස මඤ්ඤොක්කා කරියක් ගැන.

පොත්ත ඇරපු මඤ්ඤොක්කා ගෙඩියක් කෑලි කපලා, ලිපේ සාමාන්‍ය දැල්ලෙන් තම්බගන්න. තැම්බුණු මඤ්ඤොක්කා ටික ලිපෙන් බාලා පැත්තකින් තියන්න. දැන් වියළි මිරිසුයි, ලුණුයි වංගෙඩියේ දාලා හොඳින් කොටාගන්න. රතු ලූණු ගෙඩි ටිකකුත් මේකට එකතු කරන ගමන්, හීන් සීරුවේ මඤ්ඤොක්කා අල ටිකත් දාලා හොඳින් කොටන්න. මඤ්ඤොක්කා ටිකත් පොඩිවෙලා මිරිස් ටිකත් එක්ක හොඳට මිශ්‍ර වුණාට පස්සේ අර කට්ලට් හදනවා වගේ ගුලි හදාගන්න. අපි සාමාන්‍යයෙන් කන්නේ මඤ්ඤොක්කා අලේ ලුණු මිරිස්වල තවරාගෙන වුණත්, මේ විදියට කද්දී ලුණු මිරිස්වල රස අඩුවක් නැතුව දැනෙනවා.

හැමදාම එක ම විදියට කෑම කාලා එපා වෙලා නම්, ඉඳලා හිටලා මේ වගේ කෑමකුත් හදලා බලන්නකෝ. වෙනසකටත් එක්ක හොඳයිනේ. හදලා බලලා අපටත් ඒවායේ රස කොහොමද කියන්න අමතක කරන්න එපා හොඳද.

කවරයේ පින්තූරය : sangam.org
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide