හැමදාම තම්බන බිත්තරේට වෙනසක්! ගෙදරදි හදාගන්න කියාපු සුපිරි බිත්තර කෑම 5ක්.

මස් මාළු හැමදාම නෑනේ. අතේ සතේ නැතිදාට කරවල හාල්මැස්සො ටිකක් කන්න වෙනවනේ. මොකද ඔය ඇති නැති කාටත් අමාරු කාල එනවනෙ?

වැඩේ කියන්නෙ එහෙමයි කියල අපේ උන් සම්බෝලයි බතුයි කන්නෙත් නෑනෙ. කටට රහට එළවළුවක් හැදුවත්, ගොඩ දෙනෙක්ට නම් ප්‍රෝටීන් මොනව හරි ඕනමයි. ඒකත් හැමදාම දෙන විදියට දීලත් බෑ. වෙනස් විදියකට දුන්නොත් තමයි පිරියක් ඇතුව කන්නෙ. නැත්නම් ඔහේ කාලා දානව, ඇඟට අල්ලන්නෙත් නෑ, හදපු කෙනාට සතුටකුත් නෑ…

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ අළුත් විදියකට ප්‍රෝටීන් ටිකක් හදාගන්න පුළුවන් ක්‍රම ටිකක් ඔයාලට කියන්න. ලොකු වියදමක් නැතුව, කුස්සිය අහල පහළ තියෙන දේවල්වලින්, කටට රහට හදාගන්න. ඊට පස්සෙ බත් එකත් එක්ක තලු මර මර රස බලන්න. ඒ විතරක් නෙවෙයි හදිස්සියකදි ඔය පොඩි, කෑම වේලකට වුණත් පිළිගන්වන්න පුළුවන්නෙ, මේ සුපිරි බිත්තර ප්‍රඩක්ට්ස් 5 නේද?

1. Egg Bhurji

බිත්තර කෝම්පිට්ටු කාලා තියද?

නෑනේ, එහෙනම් අහගන්නකො හදන විදිය. ගන්න බිත්තර 5ක් විතර අරගෙන, කඩල, භාජනයකට දාලා හොඳට ගහගන්න. ඒ අතරට රස පදම බලල ලුණු, ගම්මිරිස් දාන්නත් අමතක කරන්න එපා. ඊට පස්සෙ බී ලූණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, මාළු මිරිස් කරල් 2ක්, අමුමිරිස් කරල් 2ක්, කොත්තමල්ලි කොළ අහුරක් අරගෙන හීනියට ලියල බිත්තර එකටම දාලා හොඳට කලවම් කරගන්න. අන්තිමට බටර් මේස හැඳි 3ක් 4ක් පෑන් එකකට දාලා, ඒක ලාවට දියාරු වීගෙන එනකොට මිශ්‍රණය එකතු කරල හොඳ…ට කලවම් කරගන්න තියෙන්නෙ. දන්නවනෙ, බිත්තර කැරලි කැරලි හිටින විදියට, හොඳද.

හැදුවට පස්සෙ ඉතින්, පාන් කනව නම් එහෙමයි, පිරවුමකට ගන්නව නම් එහෙමයි, ටිකක් සැරට හදාගත්තොත් බයිට් එකකට වුණත් නරකම නෑ.

2. Egg Muffin

මේකටත් බිත්තර 5ක් විතර ගන්නකො. අරගෙන ලුණු ගම්මිරිස් දාලා හොඳට ගහගන්න. ඊට පස්සෙ හීනියට ලියා ගත්තු කුකින් චීස් මේස හැඳි 3,4ක් සොසේජස් කරල් 3,4ක් තක්කාලි ගෙඩි බාගයක්, ලූණු කොළ අහුරක් එකතු කරල කලවම් කරගන්න. ඒ අතරට මෆින් කප් ටිකක් අරගෙන බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්නත් ඕන. අන්තිමට කප්වලට පුරවල සෙල්සියස් 180ට විනාඩි 20ක් 25ක් බේක් කරගන්න තියෙන්නෙ. හැබැයි කප්වලට පුරවද්දි මතක තියාගන්න කප් එකකින් ⅓කට වඩා පුරවන්න එපා. මොකද බේක් වෙද්දි උතුරන්න ඉඩ තියෙනව.

කොහොම වුණත් ඉතින් මේකත් පොඩි බඩගින්නට නම් සුපර්.

3. Frittata

ෆ්‍රට්ටාටා හදන්න, බිත්තර ගන්න කලින් පෑන් එකකට තෙල් ටිකක් ලිපේ තියල ඉන්න. මේස හැඳි 3,4ක් විතර. ඊට පස්සෙ පොඩියට කපා ගත්තු සුදු ළූණු, ළූණු, නිවිති කොළ, තක්කාලි, තම්බපු අල කෑලි තෙලට දාලා තෙම්පරාදුවක් හදාගන්න. ෆ්‍රීසර් එකේ මස් මාළු, සොසේජස් මොනව හරි තිබ්බොත් ආස හැටියට ඒවත් එකතු කරගන්න. හැබැයි ලුණු, මිරිස් පදම බලන්න අමතක කරන්න එපා. තෙම්පරාදුව සුවඳ ගගහ පදමට එද්දි ලිපෙන් බාලා බිත්තර 8කුයි ලුණු, ගම්මිරිස් ටිකකුයි එකතු කරල හොඳට කලවම් කරගන්න. අන්තිමට බේකින්ග් තැටියක බටර් ටිකක් ගාලා, මිශ්‍රණය අතුරල හැඩයට හදල සෙල්සියස් 160 විතර, විනාඩි 20ක් 25ක් බේක් කරගත්ත නම් හරි.

පාන් නැත්නම් නිකම් වුනත් කන්න පුලුවන් බයිට් එක.

4. Scotch Egg

ෂප්පේ… මතක් වෙද්දිත් කටට කෙළ උනන කෑමක්. හදන්නත් ඒ හැටි අමාරු නෑ. කරන්න තියෙන්නෙ ආස කරන මස් ජාතියක් අරගෙන කටු අයින් කරල හොඳට අඹර ගන්න එක. ඊට පස්සෙ ඒකට හීනියට ලියාගත්තු පාස්ලි කොළ, රස පදමට ලුණු ගම්මිරිස් එකතු කරල රොටියක් වගේ තැටියක හරි ලෑල්ලක හරි තුනී කරගන්න. ඒ රොටිය මැද්දට තම්බපු බිත්තර තියල, සම්පූර්ණයෙන්ම වැහෙන විදියට එකින් එක ඔතාගන්න. ඔතාගෙන ෆ්‍රීසර් එකේ පැයක් එක හමාරක් තියන්න ඕන. බිත්තරේ හොඳහැටි ගල් වුණාට පස්සෙ ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන නිවෙන්න ඇරලා බිත්තර සාරු, බිස්කට් කුඩුවල තවරල ගැඹුරු තෙලේ බැදල ගන්න.

මේකෙ රස කියන්නෙ යාළු! ෆ්‍රයිඩ් රියස්, බිරියානි පිඟානකට ගේමක් නැතුව වග කිව්වහැකි.

5. Smashed Egg Toasts

තම්බපු බිත්තර නිකම් කන්න කම්මැලියිද? එහෙනම් කරන්න, මෙන්න පොඩි වෙනසක්.

තම්බපු බිත්තරේ හීනියට පොඩි කරලා මයොනීස් ටිකක් දාලා හොඳට කලවම් කරන්න. මයොනීස් නැත්නම් චීස් මොනව හරි වුණත් දාන්න පුළුවන්. දාලා ඒක පැත්තකින් තියල, පෑන් එකක පාන් පෙති දෙකක් කර කර ගන්න. පාන් පෙති දෙකත් ලාවට කරවීගෙන එද්දි ඒව උඩට චීස් පෙති හරි බටර්, මාගරින් තට්ටුවක් හරි දාලා, ඒ එක්කම වගේ මිශ්‍රණයත් ටිකක් ඝනට අතුරල ලුණු, ගම්මිරිස් කුඩු ටිකක් ඉහින්න. අන්තිමට ඉතින් සුවඳ ගහගෙන එද්දි බාලා, උණු උණුවෙම රස බලන්නයි තියෙන්නෙ.

හැබැයි එකක්, මේ කෑම කෑව වගේ නෙවෙයි, එක දිගට එන වතුර තිබහ නිවාගන්න සෑහෙන්න වතුර ප්‍රමාණයකුත් බොන්න වේවි, හොඳද.

‘ඒකට මොකද’ කියල හිතෙන යාළුවන්ට පුළුවන්, ඔයාලා දන්න මේ වගේ පොඩි පොඩි කෑම අපිට කියන්න. එතකොට අපේ අනිත් යාළුවන්ටත් ඒවා බලාගෙන ගෙදර ඉන්න ගමන් හදල, රස බලන්න බැරියැ, නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide