අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවද?: හැමතිස්සෙම බැංකුවට දුවන්නෙ නැතුව ගණු දෙනු කරන්න ලේසිම ක්‍රම 5ක්..

මාසෙ පඩිය එන දවස් කිට්ටු වෙද්දි අපේ කට්ටියගෙ අතේ වැඩි පුරම තියෙන්නෙ බැංකු පොත. නැත්නම් ATM කාඩ් එකත් සාක්කුවෙ දාගෙන හවස 3, 4 වෙද්දි ATM මැෂින් එකක් හොය හොයා දුවනව. වෙන දේකට නෙවෙයි පඩිය වැටිලද කියල බලන්න. ඇයි ඉතින් පඩිය වැටුණු ගමන් කී දාහක් වැඩ තියෙනවද කරන්න. ඉස්සෙල්ලාම ලෝන් ගත්ත ඒව ටික ගෙවන්න ඕන. ඊට පස්සෙ ගෙදර බිල්. ඇයි ගෙදරට බඩු ගෙනියන්න සල්ලි ගන්නත් ඕනනෙ. තව.. වාහනයෙ ෆිනෑන්ස්, ලීසිං ටික. ඔක්කොමත් හරි හවසට යාළුවොත් එක්ක පොඩි ෆන් එකක් දාන්න ඕන වෙන ගාණත් ගන්න එපැයි.

ඇත්ත, ඔය හැම දේටම එක පාර සල්ලි අරන් ලඟ තියා ගන්න බෑනෙ. ඒත් හදිස්සියෙවත් ඕන වුන වෙලාවට ATM මැෂින් එක වැඩ කලේ නැත්නම්. සති අන්තයෙ දවසක වුනොත් නම් කපෝතියි. ඇත්තටම ඔය වැඩ ටිකත් ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

තියෙනව. ඉස්සර වගේ නෙවෙයි. දැන් තාක්ෂණය සෑහෙන්න දියුණුයි. හොඳ ආරක්ෂාවක් ඇතුව පහසුවෙන් තමන්ගෙ බැංකු ගිණුම ජංගම දුරකථනයෙන් හසුරවන්න පුළුවන් ක්‍රම ගොඩක් දැන් තියෙනව. හැබැයි අවාසනාවට අපේ ගොඩ දෙනෙක් ඒ ක්‍රම පාවිච්චි කරන්නෙ නෑ. එක්කො ඒව පාවිච්චි කරන විදිය දන්නෙ නෑ. නැත්නම් ඒවා ගැන ලොකු විශ්වාසයක් නෑ.

ඉතින් මම හිතුවා මේ නොදැනුවත්කම නිසා සිද්ධ වෙන රස්තියාදුව අඩු කරගන්න මේ වෙද්දි ලංකාවෙ ප්‍රධාන පෙලේ බැංකු ගොඩකින් හඳුන්වල දීලා තියෙන Mobile Banking ක්‍රම ටිකක් ගැන ඔයාලට කියන්න.

  1. SMS Banking

  2. USSD Banking

  3. Telephone Banking

  4.  Online Banking App.

  5.  Internet Banking (ලොකු විස්තරයක් ලඟදීම කියන්නම්)

ඇත්තටම මේවා අත්හදා බලන්න. වැඩ කටයුතු ටික හිතා ගන්නවත් බැරි තරමට ලේසි වේවි.

(සේවාවන් ගැන වැඩි විස්තර දැනගන්නයි ඒවා ක්‍රියාත්මක කරගන්න හැටි දැනගන්නයි ඒ ඒ බැංකු වල ඒ ඒ සේවාවෙ නම උඩ ක්ලික් කරන්න)

 

1. People's Bank

ස්මාර්ට් ෆෝන් එකෙන් SMS එකක් යවල හරි USSD කෝඩ් එකකින් හරි පටස් ගාලා ඔයාගෙ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් මහජන බැංකුවෙ තියෙනව. මේ ක්‍රමය මුළු මනින්ම පෞද්ගලික වුනාට අවාසනාව කියන්නෙ SMS ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් මොබිටෙල් පාරිභෝගිකයන්ට විතරයි. එතකොට USSD ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් ඩයලොග් පාරිභෝගිකයන්ට විතරයි. මේ ක්‍රමයෙදි ලංකාවෙ ඕනම තැනක ඉඳන් ගිණුම් තොරතුරු දැනගන්න, ගණු දෙනු කරන්න, බිල් ගෙවන්න වගේ වාසි ගොඩක් ලබාගන්න පුළුවන්.

2. Commercial Bank

ගොඩක්ම පහසුවෙන් ගණු දෙනු ටික කරගන්න කොමර්ෂල් බැංකුවෙන් ගොඩක් ක්‍රම හඳුන්වල දීලා තියෙනව. මෙයාලගෙ USSD ක්‍රම පහසුකම ලැබෙන්නෙ එටිසලාට්, ඩයලොග් පාරිභෝගිකයන්ට විතරයි. හැබැයි SMS ක්‍රම පහසුකම නම් එටිසලාට්, ඩයලොග්, හච්, එයාටෙල් පාවිච්චි කරන හැමෝටම ලැබෙනව. කොහොම වුනත් මේ කාට කාටත් ගිණුම් විස්තර දැනගන්න, වාර්තා ලබාගන්න, බිල් ගෙවන්න, ගණු දෙනු කරන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන්.

ඔය ක්‍රම පහසුකම් දෙක හැරුණාම ඔයාගෙ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් තියෙනව Combank Online Banking කියල. ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් වුනත් ඇපල් වුනත් ප්‍රශ්නයක් නෑ. මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් නම් ගිණුම් විස්තර ලබාගන්න, බිල් ගෙවන්න, ගණු දෙනු කරන්න විතරක් නෙවෙයි ATM කාඩ්පත් හසුරවන්නත් පුළුවන්.

3. Sampath Bank

ඩයලොග්, මොබිටෙල්, එයාටෙල්, එටිසලාට් පාරිභෝගිකයන්ට අත්විඳින්න පුළුවන් SMS බැංකු ක්‍රම පහසුකමක් සම්පත් බැංකුවෙනුත් ලබාදීලා තියෙනව. ලංකාවෙ ඕනම තැනක ඉඳන් ගණු දෙනු ටික කරන්න වගේම ගිණුම් තොරතුරු ලබා ගන්නත්, චෙක් පත් හසුරවන්නත්, බිල් ගෙවන්නත් මේ පහසුකම හරහා ඔයාට පුළුවන්.

ඒ හැරුණාම ලෑන්ඩ් ෆෝන් එකෙන් කොල් එකක් දීලා ඔය වැඩ ටික කරගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනව Tele Banking කියල. හැබැයි ඊට කලින් ලඟම තියෙන සම්පත් බැංකුවට ගිහින් ඔයාගෙ විස්තර දීලා රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. එහෙම රෙජිස්ටර් වුනාට පස්සෙ ඔයාට පුළුවන් ලෝකෙ ඕනම තැනක ඉඳන් ගණු දෙනු කරන්න. තව… ATM කාඩ්පත් හසුරවන්න, බිල් ගෙවන්න, චෙක් පත් හසුරවන්න වගේ වැඩ තොගයක් කරගන්නත් පුළුවන්.

සම්පත් බැංකුවෙනුත් ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් ස්ටෝර්ස් හරහා ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Mobile Banking ඇප්ලිකේෂන් එකක්  හදල තියෙන්නෙ. මේ ඇප් එකෙන් කරගන්න පුළුවන් වැඩ අතරෙ ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙ ගණු දෙනු කිරීම, ATM කාඩ්පත් හැසිරවීම වගේ වැඩ තමයි.

Sampath Vishwa කියන්නෙ ෆෝන් එකෙන් ගිහින් වුනත් වැඩ ටික කරගන්න පුළුවන් Online Banking ක්‍රමයක්. එයාල නම් මේකට කියන්නෙ Electronic Banking කියල. කොහොම වුනත් ගිණුම් ආරම්භ කරන්න, ATM කාඩ්පත් හසුරවන්න, ගිණුම් තොරතුරු ලබාගන්න, ගණු දෙනු කරන්න, බිල් ගෙවන්න වගේ මාරම වැඩ තොගයක් මේ සේවාවෙන් ඉටු කරගන්න පුළුවන්.

4. Hatton National Bank

හැටන් නැෂනල් බැංකුවෙන් ලබා දීලා තියෙන SMS, USSD ක්‍රම පහසුකම් නම් ඕනම ෆෝන් එකක පාවිච්චි කරන්න පුළුවන්.

හැබැයි HNB Mobile Banking ඇප්ලිකේෂන් එක නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ්, බ්ලැක්බෙරි සහ ජාවා ෆෝන්ස් වලට විතරයි. මේ ක්‍රම පහසුකම හරහා නම් HNB පාරිභෝගිකයින්ට ලෝකෙ ඕනම තැනක ඉඳන් තමන්ගෙ ගිණුම් හසුරවන්න, ගණු දෙනු කරන්න, බිල් ගෙවන්න, චෙක් පත් හසුරවන්න වගේ වාසි ගොඩක් අත්විඳින්නත් පුළුවන්. මෙයාලගේ Mobile Banking පහසුකමේ තියෙන විශේෂත්වය තමයි අධික ආරක්ෂාව. එක එක වැඩ වලට එක එක passwords පාවිච්චි කරන්න පුළුවන් වගේ ආරක්ෂක ක්‍රම කීපයක්ම තියෙනව.

5. Seylan Bank

USSD ක්‍රම පහසුකම නැතත් SMS ක්‍රම පහසුකමෙන් වැඩ තොගයක් කරගන්න පුළුවන් විදියට තමයි සෙලාන් බැංකුව කටයුතු සලස්වල තියෙන්නෙ. ගිණුම් තොරතුරු දැනගන්න, ගණු දෙනු කරන්න, චෙක් පත් හසුරවන්න, ATM කාඩ්පත් හසුරවන්න, බිල් ගෙවන්න වගේ වැඩ ගොඩක් පටස් ගාලා කරගන්න පුළුවන්.

ඒ වුනාට සෙලාන් බැංකුව හඳුන්වල දීලා තියෙන Mobile Banking ඇප්ලිකේෂන් එකෙන් නම් ලොකු වාසියක් ගන්න බැරි පාටයි. ලෝකෙ ඕනම තැනක ඉඳන් ගණු දෙනු කරන්නයි බිල් ගෙවන්නයි වගේ වැඩ ටිකක් තමයි ප්‍රධාන වශයෙන්ම කරගන්න පුළුවන්.

6. Bank of Ceylon

අවාසනාවට ලංකා බැංකුවෙ නම් තියෙන්නෙ SMS ක්‍රම පහසුකම විතරයි. ඒ වුනාට SMS වලින් ගිණුම් විස්තර දැනගන්න, ගණු දෙනු කරන්න, බිල් ගෙවන්න වගේ අත්‍යවශ්‍ය වැඩ ටිකක් කරගන්න පුළුවන්.

හැබැයි මෙයාල හඳුන්වල දීලා තියෙන BOC Smart Gen ක්‍රම පහසුකමෙත් පොඩි වාසියක් තියෙනව පටස් ගාලා ගිණුම් ආරම්භ කරන්න පුළුවන් වගේ. ඒත් ලොකු ප්‍රයෝජනයක් නෑ.

7. National Savings Bank

ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙත් ලොකු වෙනසක් නෑ. එයාලගෙත් තියෙන්නෙ SMS ක්‍රම පහසුකම විතරයි. ඒ කෙනුත් ගිණුම් විස්තර දැනගන්නයි, ගණු දෙනු කරන්නයි, බිල් ගෙවන්නයි විතරයි පුළුවන්.

8. HSBC Bank

HSBC බැංකුවෙ නම් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් ෆෝන් වලට එන Mobile Banking ඇප් එකක් විතරයි. SMS,USSD ක්‍රම පහසුකම් නෑ. ඒ වුනාට මේ ඇප් එකෙන් ගිණුම් විස්තර දැනගන්න, ලෝකෙ ඕනම තැනක ඉඳන් ඕනම තැනක් එක්ක ගණු දෙනු කරන්න, බිල් ගෙවන්න වගේම චෙක් පත් හසුරවන්නත් පුළුවන්.

9. Standard Chartered Bank

ඩයලොග්, එටිසලාට්, එයාටෙල් පාරිභෝගිකයන්ට අත් විඳින්න පුළුවන් SMS Banking ක්‍රම පහසුකම ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවෙනුත් ලබල දීලා තියෙනව. ඒ වුනාට ගිණුම් විස්තර දැනගන්න, ගණු දෙනු කරන්න, බිල් ගෙවන්න වගේ වැඩ ටිකක් විතරයි කරන්න පුළුවන්.

හැබැයි මෙයාලගෙ Phone Banking ක්‍රම පහසුකම නම් හරිම වාසි දායකයි. පැය 24 පුරාවට ක්‍රියාත්මක මේ පහසුකමෙන් ගිණුම් විස්තර ලබාගැනීම, බිල් ගෙවීම, ගණු දෙනු කිරීම වගේම චෙක් පත් හැසිරවීම වගේ වාසි අත්විඳින්න පුළුවන්.

කොහොම වුනත් ඔය ටික හැරණාම අපිට මග හැරුණු, ඔයාලා දන්න තව ක්‍රම සහ තොරතුරු අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ නිසා අපේ යාළුවන්ටයි අපිටයි දෙගොල්ලන්ටම දැනගන්න ඒවා කමෙන්ට් කරන්න නම් අමතක කරන්න එපා යාළුවනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide