මිලියන ගණන් රතු රෝස, චොකලට් විකිණෙන සුප්‍රසිද්ධ වැලන්ටයින් දිනය ගැන, අප්‍රසිද්ධ කාරණා 5ක්.

කැස්සයි, ආදරෙයි හංගන්න බැහැයි කියනවනේ. පොඩි කැස්සක් නම් ඉතින් දත්මිටි කාගෙන, ඇස්වලින් කඳුළු පෙරාගෙන වහන් කරගන්න පුළුවන්. ඒත් ආදරේට එහෙම කරන්න බැහැනේ. මොකද පොඩියට, ලොකුවට කියලා සයිස්වලින් මනින්න පුළුවන් එකක් නෙවෙයි මේක. ආදරෙයි නම් ආදරෙයි; ඒ නැත්තන් නැහැ තමයි. ඔච්චරයි කතාව!

ආදරේ ගැන කතා කරනකොට, පෙබරවාරි 14 කියන දිනය ගැනත් අමතක නොකර බැහැ. සමහර කට්ටියකගෙන් නොසෑහෙන්න බැණුම් අහන, තවත් කට්ටියක් රෝස මල්, චොකලට්වලින් සමරන දිනයක් තමයි මේක. හැම කෙනෙක් ම සමරන්න දිනයක් තියෙන එකේ, ‘ආදරවන්තයන් සමරන්නත් දිනයක් තිබුණ ම මොකෝ’ කියලා අහන අයත් ඔය අතරේ ඉන්නවා.

ඒත් හැබෑවට ම වැලන්ටයින් දිනය කියන්නේ මොකද්ද? අපි අද කතා කරන්නේ ඒ ගැන.

මොකද්ද මේ වැලන්ටයින් දිනය?

Image Source : npr.org

වැලන්ටයින් දිනය කියන එක බිහිවෙන්නේ ශාන්ත වැලන්ටයින් කියන චරිතයත් එක්ක. හැබැයි, ක්‍රිස්තියානි සහ රෝමානු කතෝලික ආගම්වල ඉතිහාස පොත්වලට අනූව ශාන්ත වැලන්ටයින්, එහෙමත් නැත්තන් වැලන්ටිනස් කියන පුද්ගලයා ගැන කියවෙන කතන්දර කීපයක් ම තියෙනවා. ඔය අතරින් වැඩියෙන් ම ප්‍රසිද්ධ 3 වෙනි ශතවර්ෂයේ රෝමයේ ඉඳපු පූජකවරයාගේ කතාවයි.

ඒ කාලේ රෝම අධිරාජ්‍යයෙක් වුණු දෙවැනි ක්ලෝඩියස්, තමන්ගේ හමුදාවේ උන්නු සෙබළුන් අවිවාහකව සිටිය යුතුයි කියලා නීතියක් පනවලා තියෙනවා. මේකට හේතුව විවාහක සෙබළුන්ට වඩා, අවිවාහක සෙබළුන්ගේ ක්‍රියාශීලී බව ඉහළයි කියන විශ්වාසය ඔහුට තිබුණු නිසා. ඉතින් මේ කාරණාවේ අසාධාරණ බව දැකපු ශාන්ත වැලන්ටයින් නම් පූජකවරයෙක් ඒ අණ නොතකා, රහසේ ම සෙබළුන් ව විවාහ කරවන්න කටයුතු කරලා තියෙනවා. මේ කතාව ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ කණට වැටෙන්න වැඩි කලක් ගියේ නැහැ. අධිරාජ්‍යයාගේ අණට පිටුපෑම කියන වැරැද්ද නිසා, වැලන්ටයින් පූජකවරයාට මරණීය දණ්ඩනය නියම වුණා.

Image Source : effectivechurch.com

රෝමානු සිරගෙවල්වලින් ක්‍රිස්තියානුවන්ට පැනලා යන්න උදව් කරපු වැලන්ටයින් නම් තවත් පූජකවරයෙක් ගැන කතාවකුත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඒ වගේ ම, රෝමානු සිරකරුවෙක් විදියට කල් ගත කරපු තවත් වැලන්ටයින් නම් පූජකවරයෙක්, තමන් ඉඳපු ඒ සිර ගෙදර ජේලර්වරයාගේ දියණිය එක්ක ආදරයෙන් බැඳුණා කියලා කතාවකුත් අපට අහන්න ලැබෙනවා. අදටත් ව්‍යවහාරයේ තියෙන “From your Valentine” කියන පද පෙළ අපේ කතා බහට එක් වුණේ, මේ පූජකවරයා තමන් ව මරා දමන්නට කලින් දවසේ අර තරුණියට දුන්නු පෙම් හසුනක් නිසාලු.

Image Source : beyondthestorm.us

කොහොමින් කොහොමහරි, වැලන්ටයින් දිනයට වැලන්ටයින් කියලා කෙනෙක්ගේ සම්බන්ධතාවයක් තියෙන වග නම් සක් සුදක් සේ පැහැදිලියි. ඒ පුද්ගලයා අනිත් අය වෙනුවෙන් කරුණාවක්, ආදරයක් දක්වපු බවත් දැකගන්න පුළුවන්. ශාන්ත වැලන්ටයින්ගේ ලෙසට සැලකෙන හිස් කබලක් අදටත් ඉතාලියේ රෝම නුවර පල්ලියක ප්‍රදර්ශනයට තියලා තියෙනවා.

කියාගන්න බැරි ආදරේ සංකේතවත් කරන රතු රෝස

වැලන්ටයින් දවසේ විතරක් නෙවෙයි, කොයි දවසේ වුණත් ආදරේ සංකේතවත් කරන්න රතු රෝස දෙන පුරුද්ද ආවේ වික්ටෝරියානු අවධියේ. මොකද වචනයෙන් කියන්න බැරි හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා මල් වර්ග පාවිච්චි කරන්න ආරම්භ කළේ ඒ කට්ටියනේ. ඉතින් ආදරය, සෙනෙහස වගේ හැඟීම් පළ කරන්න ඒ අය තෝරාගත්තේ රතු රෝස. කහ පාට රෝසවලින් තමයි මිත්‍රත්වය වගේ දේවල් සංකේතවත් වෙන්නේ.

ඔය අතරේ තියෙන තවත් කතාවක් තමයි ‘ආදරයට අධිපති දෙවඟන වුණු වීනස්ගේ ප්‍රියතම මල් වර්ගයත් රතු රෝස’ ය කියන මතය. ඉතින් මල්වලින් පටන්ගත්ත මේ සිරිත, අද වෙද්දී රතු රෝසවල සුවඳ තියෙන පර්ෆියුම් වර්ග දක්වා දියුණු වෙලා තියෙනවා.

ආදරේට කෑදරෙන් කන්න; චොකලට්

Image Source : candyfavorites.comthechocolatejournalist.com

ඉස්සර ඔය ටෙලිනාට්‍යවල, චිත්‍රපටිවල පෙන්නන්නේ; කල් යල් බලලා, ජැන්ඩි පහට ඇඳලා කෙල්ල ව බලන්න කොල්ලා යන්නේ චොකලට් පෙත්තක් අරගෙනමයි. රතු රෝස වගේ ම තමයි, ආදරේ සම්බන්ධ දේවල්වලදී චොකලට්වලටත් විශේෂ තැනක් ලැබෙනවා.

ආදරයයි, චොකලට් අතරයි තියෙන සම්බන්ධය 1300 වසර වගේ ඈත කාලෙකට දිව යනවා. මෙක්සිකෝවේ මිසෝඇමෙරිකන් සංස්කෘතිය එහෙමත් නැත්තන් ඇස්ටෙක් සංස්කෘතිය තිබුණු කාලයේදී ඉඳපු මොන්ටෙසුමා කියන අධිරාජ්‍යයා, තමන්ගේ රෝමාන්තික හැකියාවන් ඔප් නංවාගන්න කොකෝවා ඇට පාවිච්චි කළා කියලා විශ්වාසයක් තියෙනවා.

ඔයින් මෙයින් ඇරඹුණු චොකලට් – ආදර සම්බන්ධතාවය 1861දී තවත් කඩයිමක් පහු කළා. මොකද ඒ අවුරුද්දේ තමයි වැලන්ටයින් කියල ම නිර්මාණය වුණු චොකලට් පෙට්ටියක් ලෝකෙට හඳුන්වලා දුන්නේ. මේකේ පුරෝගාමියා වෙන්නේ රිචඩ් කැඩ්බරි, නොහොත් කැඩ්බරි සමාගමේ වැඩ කටයුතු ඒ කාලේ කරපු පුද්ගලයෙක්. හාට් ෂේප් එක තියෙන මේ චොකලට් පෙට්ටිය විවිධ වෙනස්කම් එකතු කරගන්න ගමන් අදටත් ජයට ම අලෙවි වෙනවා. 2014 අවුරුද්දේ විතරක්, මේ චොකලට් පෙට්ටිවලින් ඩොලර් මිලියන 36ක මුදලක් උපයා ගත්තා කියලා වාර්තාවල සඳහන්.

කොහොමත් චොකලට්වල තියෙන phenylethylamine, tryptophan වගේ සංඝටකවලට, අපේ මොළයේ ප්‍රීතිය උපදවන අංශය උත්තේජනය කරන්න පුළුවන්. ඒ නිසාමදෝ කොහේදෝ කෙනෙක්ගේ හිත දිනාගන්න පුළුවන් හොඳම ද්‍රව්‍යය විදියට චොකලට් හඳුන්වන්නත් කට්ටිය පෙළඹිලා තියෙනවා.

පළමුවෙනි වැලන්ටයින් සුබපැතුම  

Image Source : historybyzim.com

පළමුවෙනි වැලන්ටයින් සුබපැතුම විදියට සැලකෙන්නේ 1415දී ඕර්ලීන්ස් නගරයේ ඩියුක්වරයා වුණු චාර්ල්ස්, තමන්ගේ බිරිඳට යවපු හසුන්පතයි. ලන්ඩන් ටවර් සිරගෙදර සිරබත් කන ගමන් ඔහු ලියපු මේ ලියුම, අදටත් ලන්ඩනයේ බ්‍රිටිෂ් පුස්තකාලයේ දැකගන්න පුළුවන්.  

Image Source : blogs.bl.uk

ඩියුක්වරයා ප්‍රංශ බසින් ලියපු පෙම් හසුන හැරුණා ම, ඉංග්‍රීසි බසින් ලියපු පැරණිත ම වැලන්ටයින් හසුන වාර්තා වෙන්නේ 1477 අවුරුද්දේ. ඒ මාජරී බෘව්ස් නම් කාන්තාවක් තමන්ගේ පෙම්වතාට යවපු ලියුමයි. තමන් එක්ක ආදරෙන් උන්නු ඒ පෙම්වතා හදිසියේ වෙනස් වෙන්න පටන්ගත්ත නිසා තමයි මේ වැලන්ටයින් හසුන ලියන්න ඇය පෙළඹිලා තියෙන්නේ.

ලංකාවේ වැලන්ටයින්

Image Source : theeastafrican.co.ke

ලංකාවේ වැලන්ටයින් දිනය උන්මාදයක් බවට පත් වෙන්න පටන්ගත්තේ බොහොම මෑත කාලෙදී. හැබැයි පිටරටවල්වල මේ දවස මාකට් වෙන්න අරගෙන දැන් අවුරුදු 100කටත් වැඩියි.

මිනිස්සු අතරේ මේ දවස ගැන මොන මතිමතාන්තර තිබුණත්, ලංකාව පුරා ම රෙස්ටෝරන්ට්, හොටෙල්වල වැලන්ටයින් උත්සව පැවැත්වෙනවා. කොළඹ අවට තියෙන ඒ වගේ ඉවෙන්ට් ගැන විස්තරයක්, අපේ රිශානි ලියපු මේ ආටිකල් එකෙන් බේරගන්න පුළුවන්.

මාකටින් කිරිල්ල කෙසේ වෙතත්, ආදරය කියන්නේ අවුරුද්දට එක දවසක් විශේෂයෙන් වෙන් කරගෙන සමරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අවුරුද්දේ හැමදාක ම, ගෙවෙන හැම පැයකම මතක් කරන්න ඕනේ කාරණයක්. අනික පෙම්වතාට, පෙම්වතියට තියෙන ආදරයට විතරක් සීමා නොවී, තමන්ගේ දෙමාපියන්ට, හිත මිතුරන්ට දක්වන ආදරය ගැනත් කල්පනා කළ යුතුමයි. මොකද එක දවසේ සන්තෝසෙට රෝස මලක් දීලා, පාටි දාලා නටනවට වඩා ගැඹුරක් මේ අකුරු හතර ඇතුළේ ගැබ් වෙලා තියෙනවා.

Image Source : mountlaviniahotel.com

දිවි පරදුවට තියලා ආදරය කරපු දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා, ප්‍රේමය නිසා සැප සම්පත් අහිමි කරගත් සාලිය – අසෝකමාලා, ආදරය වෙනුවෙන් සටන් කරපු රාමා – සීතා, අසම්මත පෙමක පැටළුණු දස්කොන් – ප්‍රමිලා, කුල භේදයෙන් බැට කෑ මේට්ලන්ඩ් – ලොවීනා වගේ ආදර කතා ගැන අදටත් අපි කතා කරන්නේ ඒ නිසානේ. තව අවුරුදු ගාණක් ගියත් අපට මේ ආදර අන්දර අමතක වෙන එකක් නැහැ. මොකද අද අපි වැලන්ටයින් දවස කිට්ටු කරලා මාකට් වෙන  සරුවපිත්තල ආදරේට වඩා යමක් ඒ කතාවලින් දැකගන්න පුළුවන්. ඒ නිසා වැලන්ටයින් දවසේ විතරක් නෙවෙයි, ඒ ආදරේ හැමදාමත් එක වගේ තියාගන්න ඇහැකි නම් තමයි හොඳ.

කවරයේ පින්තූරය : Danushka Senadeera Photography
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide