පාන් පෙත්තට ලොකු වෙනසක්! ලේසියෙන්ම හදාගන්න කියාපු සුපිරි පාන් කෑම 6ක්.

පරිප්පු නැත්නම් පාන් එපා. අඩුම තරමෙ මස් හොද්දක් හරි ඕනා…

ආ නැද්ද කියන්නකො. අපේ කට්ටිය පාන් කන්න ගියාම එහෙම නෙවෙයිද… කටට රහට මොනව හරි තියෙන්න, ඕනම නැද්ද…?

ඒකනෙ කියන්නේ! වැඩිය ඕන නෑ, ගෙදරදි පාන් කෑල්ලක් කන්න ගියත් බටර්, මාමයිට්, සීනි අඩුම කුඩුම ටික තියෙන්න ඕන. නැත්නම් හෙණ කේස්. ෆ්‍රිජ් පෙරළන්න හදනවා, දඩි බිඩියෙ හන්දියෙ කඩේට දුවන්න හදනවා, අනේ මන්දා.

ඇත්තටම නැද්ද ඕකට හරි හමන් විසඳුමක්?

මට හිතුණා නිකමට ගූගල් එකේ සර්ච් කරල, ගෙදර කුස්සිය භාර අයෙගෙනුත් අහල බලන්න ඕන කියල.

අනේ වාසනාවන් කියන්න, වැඩේ සාර්ථකයි යාළු. පාන් පෙත්තෙන් හදන්න පුළුවන් කෑම ජාති එකක් නෙවෙයි, තොගයක්ම සෙට් වුණා කියන්නකො. ඒවත්, නිකම් ඒව නෙවෙයි. ගෙදර කුස්සියෙ නිතර දෙවේලෙ තියෙන, ලට්ට ලොට්ටවලින් පට්ට රසට හදන්න පුළුවන් සුපිරි පාන් ප්‍රඩක්ට්ස්. ඔක්කොම නම් එක පාර මේ ලැයිස්තුවට දාන්න බෑ. ඉස්සෙල්ල හොඳම ටික දාලා ඉන්නම්කො, එහෙනම්.

1. පාන් බුල්සායි

ඉතාමත් පහසුවෙන්, ගෙදරදි හදාගන්න පුළුවන් සුපිරි ෂෝට් ඊට් එකක්. රස වගේම ගුණ අතිනුත් සෑහෙන්න ඉහළයි.

අනික මේක හදන්නත් හරිම ලේසියි. කරන්න තියෙන්නෙ පාන් පෙත්තක් අරගෙන මැද්දෙ, මෘදු කොටසින් අඟලක වගේ ඉඩක් ඉතුරු කරල, අනිත් ටික හාරල අයින් කරන එක. ඊට පස්සෙ පෑන් එකකට බටර් පොඩ්ඩක් රත් වෙන්න තියල, පාන් පෙත්ත දාන්න. දාපු සනිකව, බිත්තරයක් කඩල, පාන් පෙත්තෙ මැද හිඩසට දාන්න ඕන. ඊට පස්සෙ ලුණු කුඩු ටිකක්, ගම්මිරිස්, හීනියට ලියා ගත්තු ලූණු අමුමිරිස් දාලා විනාඩියක් දෙකක් වහල තියන්න. ඇරල තිබ්බත් අවුලක් නෑ. හැබැයි, කොහොම කළත් බිත්තරේ මුලු මනින්ම කර වෙන්න දෙන්න එපා. කහ මදේ හාෆ් බොයිල් ගාණට තියෙද්දි බා ගත්ත නම් පංකාදු පහයි!

2. පාන් කොත්තු

                                                                                               ඡායාරූපය: Subbu’s Kitchen

මේ අනිත් භාණ්ඩෙ. ආයෙ, ගමකට කතහැකි හරියට හදාගත්තොත්. වැඩේ කියන්නෙ මේක හදන්න පොඩී… වෙලාවක් යනවනෙ. මොකද මුලින්ම, පාන්, අඟලෙ අඟලෙ වගේ කෑලිවලට කඩා ගන්න ඕන. ඊට පස්සෙ පෑන් එකකට තෙල් ටිකක් රත් වෙන්න තියල, පාන් කෑලි ටික දාලා ලාවට ෆ්‍රයි කරගන්න ඕන. ඒ අතරට මැටි වළඳකට තෙල් ටිකක් ලිපේ තියල ඒකට අබ, රම්පෙ කරපිංච, සුදු ලූණු, ලූණු ටිකක් දාන්න. හැබැයි වැඩිය කර වෙන්න දෙන්න එපා. කර වෙන්න, ඔන්න මෙන්න තියෙද්දි බිත්තරයක්, ගම්මරිස්, කෑලි මිරිස්, ලුණු ටිකක් දාලා, කැරලි වෙනකම් හැඳි ගා ගන්න. රස පදම බලල සෝස් ටිකක්, චිලී පේස්ට් ටිකක් එහෙමත් එකතු කළාට කමක් නෑ, බිත්තර මික්ෂර් එක හරියද්දිම පාන් ටික දාලා හොඳ හැටි කලවම් කරන්න නම් අමතක කරන්න එපා. කොහොම කළත් පොඩ්ඩක් කරවෙන්න ඇරලා, කොත්තුව බාගත්ත නම්, බඩ පැළෙන්න කන්න පුලුවන්.

3. පාන් පීසා

වැරදියට වටහා ගන්න එපා මේ ‘පෑන් පීසා’ නෙවෙයි, ගෙදර හදන ‘පාන් පීසා’ හරිද.

හදාගන්නෙ මෙහෙමයි. ගන්න පෝරණු පාන් පෙත්තක්. හැබැයි තුනීයට කපා ගන්න ඕන. ඊට පස්සෙ ඒකෙ වාටිය අයින් කරගන්න. අයින් කරගෙන හීනියට ලියා ගත්තු චීස්, ටිකක් ඝනකම තට්ටුවක් හිටින විදියට අතුර ගන්න. ඒ ඇතිරුමට උඩින් සොසේජස් හරි, මස්, මාළු, සැමන් හරි, නැතිම නම් කැරලි වෙන්න හදාගත්තු බිත්තර හරි දාලා, සෝස් තට්ටුවකුත් අතුරන්න. අන්තිමට ඉතින් සෙල්සියස් අංශක 200ට විතර අවන් එකේ තියල විනාඩි 5ක් 6ක් බේක් කරගන්න. හදිස්සියෙවත් ගෙදර අවන් එකක් නැත්නම් පෑන් එක රත් වෙන්න තියල, මැදි ගින්දරේ, පීසා එක වහලා ෆ්‍රයි කරගත්තත් අවුලක් නෑ.

හ්ම්ම්… මට හිතෙන විදියට නම් පෑන් ෆ්‍රයි පීසා එක රහට හිටියි.

4. පාන් බෝල්ස්

                                                                                                       ඡායාරූපය: Shaheen Ali

මේක ඇවිල්ල මීට් බෝල්ස්වලට කියාපු ආදේශකයක්. හදන්න ඒ හැටි අමාරු නෑ. මේකට ඕන කරන්නෙ පාන්වල මැද, සුදු මෘදු කොටස. අරගෙන ඒක ලෑල්ලක තියල අතින් තලා ගන්න, නිකම් රොටියක් වගේ වෙන්න. ඊට පස්සෙ ඒක පැත්තකින් තියල, පෑන් එකට මික්ෂර් එක හදාගන්න. ඒකෙදි, අබ, හීනියට ලියා ගත්තු ලූණු, සුදු ලූණු, බිත්තර, මොනව හරි ඔය පැකට් කරපු රස කාරක ටිකක් එකතු කරල තලපයක් වගේ වෙනකම් හදා ගන්න. ලිපෙන් බාන්න ඔන්න මෙන්න තියල ග්‍රේට් කරපු චීස් ටිකකුත් එකතු කරන්න ඕන. ඔය බිත්තර එකතු කරන වෙලාවට, ෆ්‍රිජ් එකේ තිබ්බොත් සොසේජස් හරි, සැමන් හරි එකතු කළත් කමක් නෑ.

කොහොම හරි අන්තිමට අර පාන් රොටිය මැද්දට මික්ෂර් පුරවල, අතින් බෝල කරල, බිත්තර සාරුවල තවරල බේක් කරගන්න. එහෙම නැත්නම් ඉතින් ගැඹුරු තෙලේ බැදගත්තත් අවුලක් නෑ.

5. පාන් රෝල්ස්, පැටිස්

                                                                                                               ඡායාරූපය: Swasthi

මේ විදියට ඉතින් සමෝසා වගේ ඒව වුණත් හදන්න පුළුවන්. කරන්න තියෙන්නෙ, පාන් බෝල්ස් හදද්දි හැදුව වගේම, පාන් රොටියකුයි එළවළු හරි මස් මාළු හරි තෙල් දාපු මිශ්‍රණයකුයි හදා ගන්න එක විතරයි. ඊට පස්සෙ මිශ්‍රණය මැද්දට තියල පාන් රොටියෙන් ඔතා ගන්න. මෙතනදි ඉතින් ඔයාට කැමති හැඩයකට ඔතා ගන්නත් පුළුවන්නෙ. පස්සෙ බිත්තර සාරුවල ගිල්වල, පාන් කුඩුවලම දවටල ගැඹුරු තෙලේ බැද ගන්න. ලුණු, ඇඹුල් රස පදම ගැන අපි කියන්න ඕන නෑනෙ ඉතින්, නේ…

6. ෆ්‍රෙන්ච් ටෝස්ට්

ඔය උඩින් කියපු කෑම ටික කාලා ඉවර වෙලා කන්න රස ඩෙසට් එකකුත් තියෙන්න එපැයි. ඒකට හදන්න මේ ස්වීට් ටෝස්ට් එක. කරන්න තියෙන්නෙ අඟලෙ අඟල් 4 විතර තීරුවලට පාන්වල මැද කොටස කපා ගන්න එක. ඒ අතරට බිත්තර, කිරි, සීනි, කුරුඳු කුඩු එකතු කරගත්ත මිශ්‍රණයක් හදාගන්නත් ඕන. පස්සෙ, පාන් තීරු ඒ මිශ්‍රණයෙ ගිල්වල අරගෙන පාන් කුඩුවලම දවලට ගැඹුරු තෙලේ බැදගන්න. බැදල අරන් තෙල් බේරෙන්න තියල කිතුල් පැණි හරි, ෂුගර් සිරප් හරි ටිකක් උඩින් දාලා ගත්ත නම් මුලු කෑම වේලම, පාන්වලින් කවර්.

ඊට පස්සෙ ඉතින්, නිතරම වතුර බිබී තමයි ඉන්න වෙන්නෙ. හැබැයි අවුලක් ගන්න එපා. මොකද බඩ කට පිරෙන්න, කටට රහට කාලනේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide