කොළඹ අවටින් චීස් ඩිලිවර් කරගන්න පුළුවන් තැන් 6ක්.

චීස් කියන්නෙ හුඟක් කෑම ජාති එක්ක හරි හරියට ගළපන්න පුළුවන් කෑමක්. පිට්සා ද පැස්ටා ද පේස්ට්‍රි ද පාන් ද චිප්ස් ද ෆ්‍රයිස් ද.. මෙකී නොකී ඕන දේකට චීස් එකතු කරලා රස දෙගුණ කරගන්න පුළුවන්. චීස්වල ප්‍රෝටීන් සහ අනෙකුත් පෝෂක රැසක් අඩංගුයි. ඒ නිසා සිරුරේ ශක්තිය වඩවන්නත් චීස්වලට පුළුවන්.

චීස්වලට කැමති, නිතර නිතර කෑමවලට චීස් එකතු කරගන්න අයට වැදගත් ආරංචියක් මේ. වසංගත කාලේ වුණත් ගෙදරට ම චීස් ඩිලිවර් කරන්න ලෑස්ති තැන් කීපයක ලිස්ට් එකක් අපි හැදුවා. කියවල බලන්නකෝ. මීට අමතරව ඕගොල්ලො දන්න තව මේ වගේ තැන් තියනව නං ඒ ගැනත් අපිට කියන්න.

Kremeux

මේ හෝම්මෙඩ් ක්‍රීම් චීස් විශේෂඥයෙක්. ලස්සනට පිළිවෙළට බෝතල්වල දාල තමයි මෙයාලගෙ චීස් ඩිලිවර් කරන්නේ. මේ අයගෙ චීස්වල කෘත්‍රිම රසකාරක හෝ කල් තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නෑ, සම්පූර්ණයෙන් ම ස්වාභාවිකයි. දැනට Original, Garlic & Herb, Kaaramiris සහ Krusty Krab නමින් චීස් ජාති හතරක් මෙතන තියනවා. අපිට ආරංචි විදිහට මේ චීස්, සලාද, පැස්ටා, පාන් වගේ ම කරීස්වලට වුණත් දාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සෝස් එකක්, ඩිප් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.

කොළඹ 1 – 15 ඇතුළත සහ ඒ අවටට මේ අය ඩිලිවර් කරනවා. 

ඕඩර් කරන ක්‍රමය: Kremeux ඉන්ස්ටග්‍රෑම් එකට මැසේජ් එකක් දාන්න.

කෑෂ් ඔන් ඩිලිවරි සහ බැංකු ට්‍රාන්ස්ෆර් පහසුකම් සහිතයි.

Ciao

නුගේගොඩ ඉන්න, යුරෝපීය කොලිටියේ චීස් නිෂ්පාදනය කරන කට්ටියක් මේ. Buffalo Mozzarella, Feta, Ricotta, Cheddar ඕන ජාතියක් ඉහළ ම ගුණාත්මක තත්ත්වයෙන් ලබාගන්න මෙතනින් පුළුවන්. දැනට අපි අපේ හෝම්මෙඩ් පැස්ටාවලට මෙයාලගෙ මොසරැල්ලා චීස් පාවිච්චි කරල තියනවා. කියන්න සතුටුයි, ඒක මෙච්චර කාලෙකට දේශීය වෙළෙඳපොළෙන් ගන්න පුළුවන් වුණ හොඳ ම චීස් නිෂ්පාදනයක් කියල කියන්න පුළුවන් තත්ත්වයේ තිබුණා.

ඕඩර් කරන ක්‍රමය: පික්මී මාකට්ප්ලේස් හරහා ඇණවුම් කරන්න.

LUXE Colombo

හොඳම කොලිටියේ, ආනයනය කරන ලද චීස් ජාති විශාල ප්‍රමාණයක් www.luxecolombo.com වෙබ් අඩවියේ තියනවා. කොටින් ම අපිට දැනට හමු වෙලා තියන ලොකු ම චීස් කලෙක්ෂන් එක තියෙන්නෙ ඒගොල්ලො ළඟ. මේ වෙබ් අඩවිය පිරික්සුවාම Grana Padano, Brie, Dutch Cheese, Emmental, Pecorino Romano සහ තවත් චීස් ජාති ගොඩක් පහසුවෙන් හොයාගන්න පුළුවන්.

ඒ වගේ ම මේ අයගෙන් ඕඩර් කරන ක්‍රමවේදයත් හරිම ලේසියි. දැනට අවුරුද්දක විතර කාලයක් තිස්සේ අපි මෙතනින් චීස් ඕඩර් කරනවා. අපි ඇණවුම් කරන නිෂ්පාදන නියමිත වෙලාවට ලැබෙනවා වගේ ම, ඒවා ඇසුරුම් කරලා තියෙන්නෙ පරිසර හිතකාමී අසුරණවල. කොළඹ සහ ඒ අවටට ඔවුන් ඩිලිවරි ගාස්තුවක් අය කරන්නෙ නෑ. පෙරවරු 10.00ට කලින් ඔබ ඕඩරයක් දැම්මොත්, ඔවුන් එම දිනයේ ම ඔබේ ඇණවුම ලැබෙන්න සලස්වනවා. එහෙම නැතිනම් ඔබේ ඇණවුම පැය 24ක් ඇතුළත ලැබෙනු ඇති.

ඕඩර් කරන ක්‍රමය: luxecolombo.com/collections/cheese වෙත පිවිසෙන්න.

කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ් ඔන් ඩිලිවරි සහ ඔන්ලයින් ගෙවීමේ පහසුකම් ලබා දෙනවා.

Maia Cheese

දැනට අවුරුදු තුනක විතර ඉඳන් මේ අයත් චීස් ඩිලිවරි සේවාවක් විදිහට කටයුතු කරනවා. ඉන්දියාවේ ගෝවාවල ආරම්භ කරපු මේ ව්‍යාපාරය ඉන්පස්සෙ ලංකාවෙත් නිෂ්පාදන ශාඛාවක් ආරම්භ කළා. Halloumi, Smoked Mozzarella, Blue Cheese සහ Goat Feta ආදී යුරෝපීය ස්ටයිල් එකේ ගුණාත්මක චීස් ලබාගන්න මේකත් හොඳ තැනක්. 

ඕඩර් කරන ක්‍රමය: maiacheese.lk/online-store වෙත පිවිසෙන්න.

ඔන්ලයින් ගෙවීමේ පහසුකම සහිතයි.

Cheese Kade

කිරිබත්ගොඩ තියන චීස් ඩිලිවරි සේවාවක් මේ. ආනයනය කරන ලද චීස් මේ අය ළඟත් තියනවා. ඔබේ ඇණවුම පැය 24ක් තුළ ඩිලිවර් කරන බවට මේගොල්ලො පොරොන්දු වෙනවා.

ඕඩර් කරන ක්‍රමය: 0778908085 අංකයට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.

කෑෂ් ඔන් ඩිලිවරි සහ බැංකු ට්‍රාන්ස්ෆර් පහසුකම් සහිතයි.

Park Street Gourmet

ඉහළ ම තත්ත්වයේ ආනයනය කරන ලද චීස් Park Street Gourmet එකෙත් තියනවා. ෂොප් එකට යන්න කරදර වෙන්න ඕන නෑ, zipsip.lk වෙබ් අඩවියට ගිහින් ඔබට අවශ්‍ය දේ තෝරන්න. ඒ අය ගෙදරට ම ගෙනත් දෙයි.

ඕඩර් කරන ක්‍රමය: zipsip.lk ඔස්සේ, පික්මී ෆුඩ් හරහා හෝ 0114333505 අංකයෙන් ඇණවුම් කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide