ගෙදර බත් එකට අළුත් රසක්! ලේසියෙන්ම ගෙදරදි හදාගන්න කියාපු සුපිරි බත් වර්ග 6ක්.

“අයියෙ, රයිස් ඇන්ඩ් කරි තියෙනවද?”

දවල් කෑමට කඩේකට ගියත් අපේ අය අහන්නෙ ඕකනෙ.

වෙන දෙයක් නිසා නෙවෙයි, ඒක අපේ පුරුද්ද නිසා. සමහරු කතාවටත් කියන්නෙ ‘බත් කටක් කෑවෙ නැත්තං නින්ද යන්නෙ නෑ’ කියල.

හැබැයි ඉතින්, කවුරු කොහොම කිව්වත් කාලයක් තිස්සෙ එකම රහට කෑම කද්දි පොඩි එපා වෙන ගතියක් එනව. වැඩේ කියන්නෙ එහෙමයි කියල හැමදාම කඩෙන් කන්නත් බෑනෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ, ගෙදර දොරේ උයන පිහන අංශය බාරව ඉන්න අයට පොඩි පොඩි, අළුත් අදහස් ටිකක් දෙන්න. බිරිඳට, අම්මට විතරක් නෙවෙයි, බාග වෙලාවට කුස්සියෙ වැඩ අතට ගන්න අපේ පිරිමි පාර්ශවයට වුණත් මේ ටික සෑහෙන්න වටීවි.

එහෙනම් අහගන්නකො.

මේ, ගෙදර දොරේ නිතරම තියෙන අඩුම කුඩුම වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රස වෑහෙන බත් වර්ග 8ක්.

1. මුං පොල් බත්

උදේ කෑමකට කියාපු බත. හැරත්, රසයෙන් වගේම ගුණයෙනුත් ඉහලයි. කටට සැරට, රස පදමට ළූණු, මිරිස්, උම්බලකඩ ටිකක් දාලා හදපු කට්ට සම්බෝලයක් එක්ක තලු මරමර කතහැකි. පැය බාගෙකින් වගේ හදාගන්න පුළුවන් මේ බතට ඕන වෙන්නෙ මුං ඇට 250g, කැකුළු හාල් 250g, පොල් බෑයක පොලුයි. කලින් දවසෙ රෑ මුං ඇට ටික පෙඟන්න දැම්ම නම් වැඩේ තවත් ලේසියි. මොකද ඉස්සෙල්ලම, මුං ඇට පියලි වෙන් කරල ලිපේ තියන්න ඕන. ඊට පස්සෙ තමයි හාල් ටික එකතු කරන්න තියෙන්නෙ. බතේ වතුර හිඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොල් ටික එකතු කරල, රසේ හැටියට ලුණු දාලා කලවම් කරගත්ත නම් හරියටම හරි.

2. සූදුරු බත්

ෆ්‍රයිඩ් රයිස් එකක්වත් හදා ගන්න බඩු නැති වෙලාවක, වේල ගොඩ දාගන්න කියාපු බතක්. හදාගන්නත් ඒ හැටි මහන්සියක් නෑ. බාස්මතී, කීරි සම්බා හරි නැතිම නම් සම්බා හාල් හරි 250g වගේ තමයි ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නෙ. ඊට පස්සෙ එළඟිතෙල් මේස හැඳි දෙක තුනක්, සූදුරු තේ හැන්දක්, ගම්මිරිස් ඇට, කජුමද පහ හයක්, කොත්තමල්ලි කොළ දෙක තුනක්, ළුෑණූ ගෙඩියක් හොයා ගත්ත නම් බත හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම එළඟිතෙල් එක්ක කජුමද, සූදුරු, ගම්මිරිස්, ළූණු තෙල් දාගන්න. තෙල් දැමුම හරියාගෙන එද්දි හාල් එකතු කරල, පොඩ්ඩක් බැදෙන්න අරින්න. මතක තියාගන්න හාල් ටික බැදෙද්දි තමයි වතුර දාලා තම්බ ගන්න ඕන. ලුණු එකතු කිරීම ඔයා සතුයි.

මස් කරියක් එක්ක පංකාදු පහට ගියාට මොකද ගෙදර නිසා බුල්සයි එකක් වුනත් නරකට හිටින එකක් නෑ.

3. ලෙමන් චිකන් රයිස්

මේකත් නරකම නෑ. හැබැයි ටිකක් ලෑස්ති පිට ඉන්න ඕන. මොකද ෆ්‍රිජ් එකේ චිකනුයි, රාක්කෙ ඔලිව් ඔයිලුයි තියෙන්න ඕන. මුලින්ම කරන්න තියෙන්නෙ සුදු සම්බා හාල් 250gක් ලිපේ තියල, කහ හැඳි කාලක්, ලුණු, ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා තම්බ ගන්න එක. ඊට පස්සෙ පෑන් එකකට තව ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා මුද්දරස් පලම්, ග්‍රීන් පීස්, සුදු ළූණු මේස හැන්ද ගාණෙ වගේ එකතු කරල තෙල් දාගන්න. ඒ අතරට, ඒකටම බිත්තර 2කුත් එකතු කරන්න ඕන.

ඉදුණු බත, තෙල් දැමුමට දාලා කලවම් කරල පැත්තකින් තියන ගමන්, චිකන් 250g අඟලෙ විතර කෑලි වලට කපලා, සෝයා සෝස් මේස හැන්දයි, ගම්මිරිස් කුඩු තේ හැන්දයි, ලුණු, බිත්තරයක් දාලා හදාගත්තු මිශ්‍රණයක පදම් කරගන්න. පදම් වුනාට පස්සෙ, චිකන් කෑලි ටික කෝන් පිටිවල දවටල බැද ගන්න.

රයිස් එකට හරියන ලෙමන් සෝස් එක හදාගන්නෙ මෙහෙමයි. ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් ලිපේ තියල ඒකට සුදු ළූණු තේ හැන්දක්, චිකන් ස්ටොක් කෝප්පයක්, දෙහි යුෂ කෝප්ප කාලක්, සීනි තේ හැඳි දෙකක් දාලා උකු වෙනකම් හැඳිගාන්න තියෙන්නෙ. රස පදම ආවට පස්සෙ ලිපෙන් බාලා, චිකන් එකත් එක්ක බතට මික්ස් කරන්න.

ආයෙ වෙන මුකුත් ඕන වෙන එකක් නෑ ඉතින්.

4. සුදුළූණු බත්

ඔන්න ගෙදර අයගෙ සෞඛ්‍ය සම්පන්න බව ගැන හිතල සුදුළූණු කවන්න උත්සාහ කරන අයට නියම ක්‍රමයක්. මොකද සුදුළූණු නොකන අයට වුනත් කන්න ආස හිතෙන විදියට හදන්න පුළුවන් බතක් තමයි මේක. බත උයන්න කලින් දුන්තෙල් හරි එළවළු තෙල් හරි මේස හැඳි 3ක් ලිපේ තියල රම්පෙ කරපිංච, උළුහාල්, ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කුරුඳු එකතු කරල බැද ගන්න. සුවඳ එන ගාණට බැදෙද්දි ඒකට හාල් ටික එකතු කරල කලවම් කරලා පදමට පොඩ්ඩක් අඩුවෙන් වතුර දාලා තැම්බෙන්න අරින්න. වතුර ටික හිඳීගෙන එද්දි සුදුලූණුයි, තක්කාලියි හැඳි මිටක ආධාරයෙන් බත ඇතුලට බස්සන්න. මතක තියාගන්න බත කූරු ගාන්න එපා. බත බාන්න ඔන්න මෙන්න තියෙල පොල්කිරි කෝප්පයක් එකතු කරල ගත්තා නම් පංකාදු පහයි.

5. ඔම්ලට් බත්

මේකෙ විශේෂත්වය ලොකුවටම තියෙන්නෙ පෙනුමෙ. රසත් නරකම නෑ. හැබැයි සුපරුදු බිත්තර ඔම්ලට් රසම වගේ තමයි. කරන්න තියෙන්නෙ, ගෙදරදි හදන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක්, කහබතක් වගේ එකක් හදල, ලොකු ඔම්ලට් එකක් මැද්දට පුරවල බේක් කරගන්න එක.

මේ ලොකු ඔම්ලට් එක හදාගන්නෙ, පාන් පිටි 150g, බටර් මේස හැන්දක්, බේකින් පවුඩර් තේ හැඳි කාලක්, ලුණු, බිත්තර දෙකක් එකට එකතු කරල මිශ්‍රණයක් හදල, ඒකෙන් රොටියක් හදාගෙන. රොටිය මැද්දට බතුයි, තව මස් මොනවහරි තියෙනව නම් ඒවයිත් දාලා පැණි ආපේපෙ වගේ නවල බේක් කරගන්න. ආයෙ ටොප් තමයි.

6. සුනුසහල් බත්

ඔන්න තියෙනව හැමදාම පොලල පොලල ඉතුරු වෙච්ච හාල් ටිකට කරන්න දෙයක්. ගන්න ඒ හාල් ටික නෑඹිලියකට. හොඳට ගරන්න ගල් අයින් වෙනකම්. ඊට පස්සෙ ලිපේ තියල තම්බ ගන්න. තම්බන අතරට, සේර කෑල්ලක්, කුරුඳු පොත්තක්, උළුහාල් ටිකක් එහෙම එකතු කලාට කමක් නෑ. මොකද හොඳ රසක් හදා ගන්න පුළුවන්. කොහොම හරි බත තැම්බීගෙන එද්දි, ඒ කියන්නෙ වතුර හිඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොල් ගෙඩියක විතර පොල් එකතු කරගන්න. එතන ඉඳන් දිගටම බත හැඳි ගාන්න ඕන. පුළුවන් තරම් අඩුවෙන් කැට තියෙන තරමට තමයි බත කද්දි රස වෙන්නෙ. පෙනුමෙන් පොල් පිට්ටු වගේ වුනාට රස අතින් නම් තනිකරම වෙනස්.

සුනුසහල් බතේ රස එන්නෙ උණුවෙන් කද්දි. හැබැයි හොඳට, මිරිස් උම්බලකඩ දාලා හදපු කට්ට සම්බෝලයක් නම් අනිවා.

ඔය හැරුණාම, තව බත් සෙට් එකක්ම තියෙනව අපි ලඟ, හදිස්සියට හදාගන්න කියාපු. ඒත් ඒවා දැන්ම කියන්නෙ නෑ. මොකද ඔයාලටත් චාන්ස් එකක් දෙන්න එපැයි ඔයාලා දන්න රස බත් රෙසිපි අපිට කියන්න. එහෙනම් ඔන්න අපි බලාගෙන ඉන්නව හොඳද…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide