සතිඅන්තේ උදේ ගිහින් හවස එන්න! සොබාදහම රසවිඳින්න කියාපු පුංචි කැළෑ 6ක්.

මේකනෙ අපේ ට්‍රැවල් යාළුවො වගේ හැමෝටම ලෝන්ග් වීක්එන්ඩ්වල දුර යන්න බෑනෙ. සමහර අයට රාජකාරි වැඩ. සමහර අයට ගෙදර දොරේ වැඩ. ඔය අතරෙ තවත් සමහරු ඉන්නව විභාග, අනම් මනම් අත ළඟම තියාගෙන ඉන්න.

හැබැයි ඉතින්, එහෙමයි කියල ලෝන්ග් වීක්එන්ඩ් එකක් ආවාමා විනෝද නොවී ඉන්නත් බෑනෙ. කොල්ලො කෙල්ලො සෙට් නම්, ඔය කොහේ හරි කැලෑවක්, කන්දක්, දිය ඇල්ලක් හොයාගෙන විසිට් එකක් දාලා එනව. අඩුම තරමෙ උදේ ගිහින් හවස එන්නවත්. වැඩේ කියන්නෙ, අපේ පවුල් වුණ යාළුවන්ට එහෙම බෑනෙ. එයාලට වගකීම් වැඩියිනෙ. පොඩ්ඩො එහෙම ඉන්නව නම් එ් ගොල්ලන්ව බලන්නත් ඕන. අනික කාන්තා පාර්ශවයත් ගොඩක් වෙලාවට ඔය කැලේ කොලේ ඇවිදින්න එක දකින්නෙ මහා අවදානම් වැඩක් විදියටනෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, ඔය සියලු ප්‍රශ්න වලට උත්තරයක් විදියට කොළඹ අවට තියෙන ලස්සන, පුංචි කැලෑ ටිකක් ඔයාලට කියන්න. විශේෂයෙන්ම, පාන්දරින් පිටත් වෙලා ගිහින් හැන්දැ වෙද්දි ගෙදරට එන්න පුලුවන් දුරක තියෙන. ඒ හැරුණාම ඉතින්, ගහක් යටට, ගල් තලාවක් උඩට වෙලා කෑම ටිකක් කාලා, සීතල වතුර ටිකක් නාගෙන, පොඩ්ඩන්ට ලස්සන සත්තු සීපාවො, කුරුලු කොබෙයියො, සමනල්ලු ටිකක් එහෙමත් පෙන්නල, රිලැක්ස් වෙන්නත් මේවා කියාපු තැන්!

1. Bambara Botuwa

ශ්‍රී පාද රක්ෂිතය මායිමේ පිහිටපු හරි අපූරු කැලෑවක්. ලංකාවට ආවේණික කුරුලු විශේෂ, සමනල විශේෂ, ගෙඹි විශේෂ සෑහෙන ප්‍රමාණයක් මේ රක්ෂිතයෙ ජීවත් වෙනව. ඒ හැරුනාම ශාක විවිධත්වයත් සෑහෙන්න. කැලෑ මායිමෙන් ගලාගෙන යන බඹරකොටුව ගඟත්, රක්ෂිතයට ගේන්නෙ හරි අපූරු සුන්දරත්වයක්. හැබැයි ඒ සුන්දරත්වය හරි හැටි විඳින්න නම්, ගමේ කෙනෙක් කතා කරගෙන තමයි ඔයා කැලේට යන්න ඕන. මොකද, මූකළානෙ අතරමං වෙන්න තියෙන ඉඩ වැඩියිනෙ.

කොළඹ ඉඳන් රත්නපුර, ගලබඩ හරහා වෙවෙල්වත්ත පාරෙන් ගිහින් දෙහෙන ඇල්ලත් බලාගෙනම, පහළගම පාරට දැම්ම නම් ඔයාට බඹරකොටුව ගඟ ලඟට යන්න පුලුවන්. හැබැයි ඒ ටික යන්න පැය 3ක්වත් ගතවේවි. කොහොම වුනත් එතන ඉඳන් නම් ඉතින් මග පෙන්වන්නෙක්ගෙ පිහිට තමයි.

2. Gilimale

ඡායාරූපය: Parakrama

කොළඹ, ඇහැළියගොඩ, පරකඩුව හරහා මිල්ලවිට, කඳන්ගොඩට ගිහින්, එතනින් මාලව, වලාඳුර පාරෙන් යද්දි ඔයාලට ඉස්සෙල්ලම හමුවෙන්නෙ දුම්පුස් ඇල්ල. හරි ලස්සන දිය ඇල්ලක්. ඒ වගේම තමයි වතුර ටිකක් නා ගන්න, කෑම ටිකක් කන්නත් කියාපු තැනක්. එතන ලස්සන බැලුවට පස්සෙ, ඔයා ඒ කිට්ටුව කාගෙන් හරි අහල, කැළේ ඇවිදින්න ගයිඩ් කෙනෙක් හොයා ගන්න. ඊට පස්සෙ ඉතින් බය වෙන්න දෙයක් නෑ.

කළු ගං මිටියාවතේ පිහිටල තියෙන ගිලිමලේ-එරත්න රක්ෂිතයෙත් ලොකු ජෛව විවිධත්වයක් තියෙනව. විශේෂයෙන්ම කුරුළු, සමනළ සහ ගෙඹි, සර්ප විශේෂ අතරෙ. ඒ හැරුනාම ශ්‍රී පාද රක්ෂිතයෙ තියන ශාක විවිධත්වයත් එලෙසින්ම වගේ තියෙනව. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ කැමරාවක් ගෙනියන්න මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි ආපහු එන ගමනෙ, සිරිපා ගම පැත්තට වෙන්න තියෙන මාපනාන ඇල්ල බලන්න යන්නත් අමතක කරන්න එපා.

3. Klaugala

සද්ද බද්ද නැතුව, එක පිළිවෙලකට, විනයක් තියාගෙන ගිහින් එන්න ඕන ගමනක්. මොකද කළුගල කියන්නෙ ආරණ්‍ය සේනාසනයක්. ලෝන්ග් වීක්න්ඩ් එකේ අන්තිම දවස පෝයක් නිසා, අපි හිතනව මේ වන පියස හුඟ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි කියල. කොහොම වුනත් කළුගල ඇවිදින්න ගයිඩ් කෙනෙක් ඕන නැති එක ගැන නම් සෑහෙන්න සන්තෝසයි.

ඒත් කොළඹ, බණ්ඩාරගම, අඟුරුවාතොට හරහා උඩඕවිට, පිඹුර, බෙල්ලනට ඇවිල්ලා, එතනින් පොල්ගම්පොළ, රත්මලේ පාරෙන් හෙවැස්ස පාරට දාලා රනේපුරගොඩ-කළුගලින්, ආරණ්‍ය සේනාසනයට යන විදිය නම් හොයා ගන්න වෙනව. මේකත් පැය 3ක විතර ගමනක්. ඒත් එතනට ගියාට පස්සෙ ගමන් විඩාව ඉබේටම නිවෙන නිසා, බය වෙන්න දෙයක් නෑ. අනික, මොන සතා නැතත් මුලු වටපිටාවම කුරුල්ලන්ගෙන් පිරිලා ඉතිරිලා නිසා හිතට, ගතටත් හරිම සුවදායකයිනෙ.

4. Kottawa

හයිවේ දාලා පින්නදූවෙන් එළියට දැම්ම නම් උඩුගම පාරෙන්, අක්මීමන හරහා කොට්ටවට යන්න උපරිම පැයක් යාවි. එතන ඉඳන් කැළේ ඇතුලටත් අඩි පාර තියෙන නිසා ගයිඩ්ල හොයන්න උවමනාවකුත් නැති වේවි. කොහොම වුනත් කොට්ටව කියන්නෙ නම් කන්න බොන්න, විනෝද වෙන්නයි සතා සීපාවා, ගහ කොළ දැක බලා ගන්නයි දෙකටම කියාපු තැනක්. හොඳ, නැචුරල් ස්විමින්ග් පූල් එකක් එහෙමත් මේකෙ තියෙනව. ඒ හැරුනාම පොඩ්ඩන්ට දුවල පැනල විනෝද වෙන්නත් හොඳ හැටි ඉඩ තියෙනව.

ජෛව විවිධත්වය අතින් ගත්තාම සිංහරාජයට ගොඩක් ආසන්න නිසා ඒකදේශික කුරුළු විශේෂ, උරග විශේෂ, එතකොට ක්ෂීරපායී විශේෂත් හොඳ හැටි අධ්‍යයනය කරන්න පුලුවන්. ඒ නිසා කොට්ටව පැත්තෙ යද්දිත් අනිවාර්යයෙන්ම කැමරාවක් ගෙනියන්න.

5. Malabmure

ලස්සන දිය ඇල්ලක් එක්ක නිදහසේ දවස ගෙවන්න, යන්න මාලඹුරේ කැළෑව පැත්තට. ගමෙනුත් සෑහෙන්න ඈත වුනාට මොකද හිතේ හැටියට ජෛව විවිධත්වය අධ්‍යයනය කරන්න, ෆොටෝ ගහන්න පුලුවන්නෙ. හැරත් ගල් තලාවක් උඩට වෙලා හොඳ හැටි රිලැක්ස් වෙන්න එහෙමත් පුලුවන්.

කන්නෙලිය වනෝද්‍යාන මායිමේ පිහිටල තියෙන මේ පුංචි වනෝද්‍යානයෙත් නැති සතෙක් නැති තරම්. ඒ වගේම තමයි රූස්ස ගස් අතරෙ තියෙන බෙහෙත් පැළෑටිත්, සෑහෙන්න වටිනව. කොළඹ-මාතර හයිවේ දාලා කුරුඳුගහ හැතැප්මෙන් එළියට දැම්ම නම් එතන ඉඳන් ඔයාට ඇල්පිටිය, කටන්දොළ, අමුගොඩ හරහා පිටිගලට යන්න ඒ හැටි වෙලාවක් යන්නෙ නෑ. පිටිගලින් මාපලගම පාරෙ ඇවිත් පොඩ්ඩිවෙල හන්දියෙන් මාලඹුරේ පාරට හැරෙව්ව නම් හරියට හරි. හැබැයි මාලමුරේ ඇල්ල පහුකරගෙන කැළේ කොළේ පීරන්න නම් ඔයාට ගමේ කෙනෙක් හොයා ගන්න වේවි.

6. Runakanda

ඡායාරූපය: Serandib

අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. දන්නෝ දනිති රූනකන්දෙ වටිනකම. බෙහෙත් පැළෑටි වගේම ගොඩාක් වටින ගස් කොළන් සෑහෙන්න ප්‍රමාණයක් මේකෙ තියෙනව. ඒ හැරුනාම ඒක දේශික කුරුළු විශේෂත් එටමයි. ගොඩක්ම ගෙඹි, සර්ප විශේෂ අධ්‍යයනය කරන්නත් රූන කන්ද කියාපු තැනක්. මාදුගඟ මැදි කරගෙන පෝෂණය වෙන මේ රූන කන්ද, මුලු මනින්ම වගේ පිහිටල තියෙන්නෙ සිංහරාජ මායිමේ. ඔය ගොඩ දෙනෙක් හොයන පහන්තුඩා ඇල්ල තියෙන්නෙත් මේ කැළේම තමයි.

කොළඹ, අගලවත්ත හරහා බදුරලියට ඇවිත් එතනින් හැඩිගල්ල පාරෙ කෙලවරටම ආව නම් රූන කන්දට පිවිසුමක් ගන්න පුලුවන්. හැබැයි කැළේ ඇවිදින්න නම් ඔයාට, කාව හරි කතා කරගන්න වෙනව.

ඒ හැරුනාම ඉතින් ඔය කොයි තැනට යද්දිත්, මතක තියා ගන්න ඕන දේවල් ටිකකුත් තියෙනව. විශේෂයෙන්ම ගෙනියන පොලිතින් හැරුනාම එහෙනුත් ටිකක් අරගෙන එන්න වගේ. එහෙම හොඳයි නේ යාළුවනේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide