eBay එකෙන් බඩු ගෙන්නන්න බයයි? මෙන්න නියම ලාංකීය online shopping සයිට් 7ක්.

ඔන්ලයින් බයින් ඔහොම තමයි. දෙපාර්ශවයෙ කවුරුත් මුණ ගැහෙන්නෙ නැතුව සිද්ධ වෙන ගණු දෙනුනෙ. විශ්වාසය, අවංකත්වය මත රැඳුණු අපූරු ෂොපින්ග් ක්‍රමයක්. ලංකාවට තවමත් ටිකක් අලුත් වුනාට ලෝකය නම් ඔන්ලයින් බයින් වල හිණි පෙත්තටම ගිහිල්ල තියෙන්නෙ.

අපේ අය මේ ක්‍රමයට එච්චරටම කැමති නැත්තෙ, මේ ගණු දෙනු වග කීමක් නැතුව සිද්ධ වෙනව කියන වැරදි වැටහීම නිසා. හැබැයි ඒකෙ ඇත්ත පැත්තකුත් නැත්තෙම නෑ, මොකද බැංකු කාඩ් හැක් කරල සල්ලි හොරකම් කරන කට්ටිය ඕන තරම් ඉන්නවනෙ. ඔන්න ඔය නිසා තමයි ගොඩ දෙනෙක් ebay, aliexpress වගේ පිටරට සයිට් වලින් බඩු ගෙන්නන් කැමති නැත්තෙ.

ඒත් අද ඉඳන් නම් ඒ කට්ටියටත් ඔන් ලයින් ෂොපින්ග් කරන්න බය වෙන්න දෙයක් නෑ. මොකද අපි අද කියන්න යන්නෙ ඔෆිස් එකක්, ෂෝ රූම් එකක් තියෙන, වග කීමෙන් ගණු දෙනු කරන අපේ රටේ අපේම ඔන්ලයින් ෂොපින්ග් සයිට් ටිකක් ගැන.

හැබැයි අපි කිව්ව කියල එක පාරටම ගිහින් බඩු ඕඩර් කරන්න යන්නත් එපා. පහලින් තියෙන විස්තර ටික කියවල බලල, ඔයාලත් තව ටිකක් හොයල කරල වැඩේට බහින්න.

1. Wow.lk (0117 269269)

ඇත්තටම වාව් කියන්න පුලුවන් සුපිරි ඔන්ලයින් ෂොපින්ග් සයිට් එකක්. කෑම බීම හැරුණාම අනිත් හැම දෙයක්ම වගේ මෙයාල ලඟ තියෙනව. ඒ විතරක් නෙවෙයි ලෝ කොලිටි බඩු වගේම හයි කොලිටි බඩුත් තියෙන නිසා අතේ තියෙන ගාණට හරියන එක හොයල බලල ගන්නත් පුලුවන්. මෙයාලගෙ සයිට් එකේ තියෙන විශේෂත්වය තමයි ඔන්ලයින් ඕඩ්ර් කරනව වගේම ෂෝ රූම් එකට ගිහින් බලල කරල ඕඩර් කරන්නත් පුලුවන් එක. අනික ගන්න බඩු වලට වගකීම් සහතිකයකුත් ලැබෙනවනෙ. ඩිලිවරිත් හරිම ඉක්මන්, උපරිම වුනොත් දවස් 15ක් 20ක් තමයි. එහෙනම් කැමති විදියකට ෂොපින්ග් කරන්නකො, මෙන්න ලිපිනය. (176/1, තිඹිරිගස්යාය පාර, කොළඹ 05)

2. Takas.lk (0117 782527) 

ටකාස් එකේ නම් වාව් එකටත් වඩා බඩු තියෙනව,  කෑම බීම හැර. හැබැයි ගාණ පොඩ්ඩක් විතර වැඩියි. මෙයාලගෙ සේවාව සෑහෙන්න හොඳ නිසා බය වෙන්න දෙයක් නෑ. අනික පාරිභෝගිකයොත් එක්ක තියෙන සම්භන්ධතාවයත් හරිම සුහද ශීලියි. උපරිම දවස් 15ක් 20ක් ඇතුලත ලංකාවෙ ඕනම තැනකට බඩු ඩිලිවර් කරන මෙයාලත් බඩු වලට මාස 6, අවුරුද්දෙ වගකීම් සහතිකයක් දෙනව. ටකාස් එකේ හෙඩ් ඔෆිස් එක තියෙන්නෙ (48/2, වෝඩ් පෙදෙස, කොළඹ 07). හැබැයි වැඩේ යන්නෙ (66, කින්සි පාර, කොළඹ 08) ලිපිනයෙ.

3. Shopping.lk (0117446726)

මේ සයිට් එක නම් පටන් අරන් තියෙන්නෙ ලඟදි. බඩු නම් ගොඩක් තියෙනව. ඒත් ෂෝ රූම් එකක් නෑ. හැබැයි සේවාව හරිම සුහද ශීලියි. රට වටේටම ඩිලිවරි සේවාව ක්‍රියාත්මක වුනත්‍ දවස් 20ක් 30ක් විතර යනව. අනිත් කාරණය තමයි ඔයාල ගන්න බඩු වලට වගකීම් සහතිකයක් ලැබෙන්නෙත් නෑ. කෝකටත් මෙන්න මේ ලිපිනයට ගිහින් බලන්නකො. (323, ගාලු පාර, කොළඹ 04)

4. BuyOnline.lk (0773 884995)

මේකත් සුපිරි ඔන්ලයින් ෂොපින්ග් සයිට් එක. සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන වගේම මිලෙන් අධික බඩු තොගයක් තියෙනව මෙයාල ලඟ. වගකීම් සහතිකයත් ලැබෙන නිසා බය නැතුව ලැප්ටොප් එකක්, කැමරාවක් වුනත් ගන්න පුලුවන්. ගාණෙත් ලොකු වැඩියක් නෑ. මෙයාල කියන විදියට නම් ඔයාලා ගන්න බඩු දවස් දවස් 15න් 20න් ඔයාලගෙ අතටම ලැබෙන්න සලස්වනවලු. මෙන්න ලිපිනය. (337, 1A කොටස, පහත මාලය, ඩීන්ස්ටන් නිවස, ඩීන්ස්ටන් පෙදෙස, ගාලු පාර, කොළඹ 03)

5. Mystore.lk (0716 978673)

මයි ස්ටෝර් එකත් කෑම නැතුව වෙන ඕන දෙයක් ගෙන්න ගන්න කියාපු සයිට් එක. සමහර බඩු වලට වගකීම් සහතිකයකුත් ලැබෙනව. අනික රට වටේ කොහේ හිටියත් දවස් 15න් 20න් ඩිලිවරිත් කරනවනෙ. මෙයාල ලඟ හයි කොලිටි වගේම ලෝ කොලිටි බඩුත් තියෙන නිසා තෝරල බලල ගන්න එක තමයි හොඳ. විශේෂයෙන්ම කියන්න ඕන මයි ස්ටෝර් එකේ ලොකු ලොකු ඩිස්කවුන්ට් එහෙමත් තියෙනව. ඒ නිසා අද හෙටම සයිට් එක පැත්තෙ විසිට් එකක් දාලා බලන්න. කෝකටත් කියල මේ ලිපිනයත් මතක තියා ගන්නකො. (323, ගාලු පාර, කොළඹ 04)

6. Kapruka.com (0715 551111)

සමහර විට හොඳට දන්න කියන තැනක් වෙන්න ඇති. කොහොම වුනත් අහගන්නකො, මෙයාල තමයි දැනට ලංකාවට, පිටරට ඔන්ලයින් සයිට් වලින් බඩු ගෙන්නන වැඩෙත් කරන්නෙ, අහල ඇතිනෙ ඇමසන් වගේ සයිට්. හැබැයි ඉතින් ගාණ නම් සෑහෙන්න වැඩියි. පිටරටින් බඩු ගෙන්නද්දි එහෙම වුනාට ලංකාව ඇතුලෙ කෙරෙන කප්රුක ගණු දෙනු එච්චර ගණන් නෑ. අනික දවස් 15න් 20න් ඩිලිවරිත් කරනවනෙ. විශේෂයෙන් කියන්න ඕන, මෙයාල ලඟ ලැප්ටොප්, කැමරා, වගේ මිල අධික බඩු හැරුණාම රසම රස කෑම ජාතිත් තියෙනව. සයිට් එක හරහා ඔයාලට ඕන කරන කඩේ මෙනුවට ගිහින් ඕඩර් කරන්න පුලුවන්. පොඩි අවුලකට තියෙන්නෙ, කොච්චර කලත් මෙයාලගෙ සේවාව හොඳටම හොඳ නැති එක. කමක් නෑ, දා ගන්නකො කප්රුක එකේ හෙඩ් ඔෆිස් ලිපිනය. (237/22, විජය කුමාරතුංග මාවත, කොළඹ 05).

7. Retail Genius (0117 147147)

ෂෝ රූම් එකක් නැතත් කැමරා, ලැප්ටොප් වගේ ගොඩක් වටින බඩු අඩු ගාණට ගන්න පුලුවන් සයිට් එකක්. ඒත් සමහර බඩු වලට නම් වගකීම් සහතික ලැබෙන්නෙ නෑලු. මෙයාල ලඟත් නැත්තෙ කෑම බීම විතරයි. රට ඇතුලෙ ඩිලිවරි වලට දවස් 5න් 10න් කරනව කියල තමයි රිටේල් ජීනියස්ල කියන්නෙ. හැරත් ඒකෙ වගකීම එයාල දරන නිසා අවුලක් ගන්න දෙයක් නෑ. ෂෝ රූම් නැති වුනාට මෙයාලගෙ හෙඩ් ඔෆිස් තියෙන්නෙ (දෙවනි මහල, මැක්ලරන්ස් ගොඩනැගිල්ල, 123, බෞද්ධාලෝක මාවත, කොළඹ 04).

අපි ලිස්ට් එකට නොදැම්මට CatchMe.lk, SuperSavings.lk කියන්නෙත් ගෙදර දොරේ බඩු ගෙන්න ගන්න පුලුවන් නියම සයිට් දෙකක්. වගකීම් සහතික නැති වුනාට මෙයාලත් දවස් 15ක් 20ක් ඇතුලත බඩු ඩිලිවර් කරනව. ඒ හැරුණාම ලොකු ලොකු ඩිස්කවුන්ට් එහෙමත් දෙනව. බොරු නම් ට්‍රයි කරල බලන්නකො.

ඔය හැරුණාම Lankaeshop.com, Justbuy.lk, buyone.lk  වගේ අලුත් ඔන්ලයින් ෂොපින්ග් සයිට් ටිකකුත් තියෙනව. ඒවයෙ වටින කියන බඩුත් සෑහෙන්න තියෙනව. හැබැයි කවුරුත් වැඩිය ගණුදෙනු කරල නැති නිසා වගකීමක් ගන්න අමාරුයි. ඒත් ඔයාලට ට්‍රයි කරල බලන්න පුලුවන්.

ඒක නෙවෙයි, අපි ඔය කියපු ඔන්ලයින් සයිට් එක්ක ගණුදෙනු කරපු කට්ටිය ඉන්නව නම් ඒ අත්දැකීම් ගැන කමෙන්ට් කරන්න. එතකොට අපිටත් දැන ගන්න පුලුවන්නෙ. හැරත් ඔයිට වඩා හොඳ, ලෝකල් ඔන්ලයින් ෂොපින්ග් සයිට් දන්නව නම් ඒවත් කමෙන්ට් කරන්න හොඳඳ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide