දෙවනි රැල්ලට කලින්.. අඩු ගාණට රස වෑහෙන බර්ගර් කන්න, අළුත්ම කඩ 6ක්.

බර්ගර් කඩනම් ඉතින් කොච්චරවත් අපිට පාර තොටේදි හම්බවෙනවනෙ. ඒත්.. ඒ අතරින් රු. 500, 600ට මස්, චීස් පිරෙන්න දාපු රස වෑහෙන බර්ගරයක් රස බලන්න හොඳම තැනක්.. ලේසියකට නම් හොයාගන්න බෑ. අන්න ඒ නිසාමයි අපිත් කල්පනා කලේ.. ළඟ ළඟම එන කොරෝනා දෙවනි රැල්ලෙ ලොක්ඩවුණ් එකට කලින්, ඔයාලට කියන්න..

අලුත්ම, සුපිරිම බර්ගර් කඩ ටිකක්.

1. The Food Cycle

බම්බ ගෝල් රෝඩ් එකේ තියෙන හොඳ සුවපහසු ප්ලේස් එකක්.. වගේම තමයි මෑතකදි අපිට හමුවුණු සුපිරිම බර්ගර් කඩයක්. කිව්වට.. මෙයාලා ළඟ බර්ගර් විතරක් නෙවෙයි, සබ්මැරීන්,‌ කොත්තු අනං මනං ජාති ගොඩකුත් තියෙනව. කොහොමහරි ගෙදර හදන පදමට ලුණු, ගම්මිරිස් එක්ක තුනපහ අඩුම කුඩුම රසත් ලාවට තියෙන්න හදපු චිකන්, බීෆ් පැටි තමයි මේ බර්ගර්වලට එන්නෙ. ඉතින්.. ඒ වගේ පැටි එකක් එක්ක චීස් පෙත්තක් දෙකක්, ලූණු, තක්කාලි ටිකක් ගැළපිලා එද්දි, කොහොමද ඈ… අනික ගාණත් රු. 650ක් වගේනෙ.

2. Big Daddy's BBQ

අල්ලකට වඩා ලොකු, මස්වලින් පිරිච්ච චිකන් තයි එකක්, හොඳහැටි පදම් කරල චාකෝල් රස නූලට තියෙන්න ග්‍රිල් කරල.. බර්ගර් බන් එක මැදින් තියල, චීස්, මයොනිස් එක්ක ලූණු, තක්කාලි, සලාදකොළ සියල්ල තියල පොටැටෝ ෆ්‍රයිස් සමඟ මේසෙට. රු. 650 කෙචප් ටිකක් ගා ගත්තා කියන්නෙ ඉතින්.. යමරෙට ඇඹරෙන්නෙ. බොරුනම් ගිහිල්ල බලන්නකො, හෝකන්දර සමඟි මාවතේ පාර අයිනෙ තියෙන මේ ප්ලේස් එකට.

3. Thoma

රු. 400ට ටොප් බර්ගර් එකක් කන්න යන්න කොළඹ සෙන් ඇන්තනිස් පාරෙ තියෙන මේ ප්ලේස් එකට. ටිකක්.. සෝස්, මයොනිස් පැත්තට බර වුණාට මෙයාලගෙ බර්ගර් එක.. මැද්දට එන කටු නැති චිකන් කෑලි පොඩි කරල හදපු, ගැඹුරු තෙලේ පදමට බැදපු පැටි එක.. ලූණු, සලාද, තක්කකාලි සමඟ පොඩි චීස් පෙත්ත..

කටට රස ගෙනනව යාළු පංකාදු පහට!

4. Griddling (Street Rush)

මවුණ්ට් ස්ට්‍රීට් රෂ් එක ඇතුළෙ තියෙන හොඳම බර්ගර් ප්ලේස්වලිනුත් හොඳම එක කිව්වොත් හරි. විශේෂයෙන්ම මෙයාලගෙ මින්ස්ඩ් බීෆ් බර්ගර් එක, චිකන් බර්ගර් එක එහෙම. රු. 500-600 අතරෙ යන්නෙ. කියල වැඩක් නෑ.. හොඳහැටි ලුණු ඇඹුලෙ, කුළුබඩු රසත් ලාවට තියෙන්න පදම් කරල මස් ටික හීනියට ලියල කරල අරගෙන හදපු පැටි. ඒකත් ගැඹුරු තෙලේ බැදල, බර්ගර් එකට එද්දි ටොප් ඔම්ලට් එකකුයි, ලූණු පෙත්තකුයි, මයොනිසුයි මදි නොකියන්න..

ආයෙ ඉතින් ඒකෙන් එකක්, ෆ්‍රයිස් ටිකක් එක්ක දෙසාබෑවා කියන්නෙ..

5. Street Burger (Street Rush)

මෙයාල ළඟ තියෙනව නෝමල් පැටි බර්ගර්වලට එහා ගියපු යමක්. ඒ තමයි ග්‍රිල්ඩ් මීට් බර්ගර්. ටිකක් ගණන්, රු. 600න් උඩ වගේ. හැබැයි කටු රහිතව, බාබකියු රස ඇති හැටියට තියෙන්න හදාපු තඩි මස් පළුවක් චීස්, මයොනිස්, සලාද, ලූණුවලට මැදිවෙලා..

ෂැහ්, වැඩක් නෑ ඉතින් කියල. කාලම බලන්න ඕන, හ්ම්…

6. Chef Rooster

රු. 300 ඉඳන් උඩට, බර්ගර් තියෙනව කන්න හිතේ හැටියට. ප්ලේස් එක තියෙන්නෙ කොළඹ 12, අබ්දුල් හමීඩ් වීදියෙ. හැන්දෑවක් අල්ල ගියා නම්.. බර්ගර් විතරක් නෙවෙයි පංකාදු සබ්මැරීන් එකක් වුණත් රස බලන්න තිබ්බ. කොහොම වුණත් විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ චිකන්, බීෆ් බර්ගර් ජාති ටිකේ.. චීස්, මයොනිස් හැරෙන්න ඩෙවිල්, චිලි, ටොමැටෝ, ඇවකාඩෝ බේස් වෙන්න හදාපු.. මෙක්සිකන්, ග්‍රිල්ඩ්, ස්පයිසි, ෆ්‍රයිඩ් වගේ රසට ගළපපු මස් ඇති හැටියට දමාපු සුපිරිම බර්ගර් ටිකක් තියෙනව..

රස බලන්නම කියාපු, හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide