හැන්දෑවට පොඩි අඩියක්! රු. 800 ගාණෙ දාලා සූර් වෙන්න කියාපු තැන් 7ක්.

“කතා කරන්න එපා අද නම් හොඳ…ට ගසන්නෝනි. ගිය මාසෙත් පඩියෙන් හරියට බොන්න බැරි වුණා…”

රු. 1000ක් අතේ තියාගෙන මම කට්ටියට ටෝක් කළේ අද නම් හැන්දෑවට අනිවා අඩියක් ගහනව කියලමයි. මොකද මං දන්නවනෙ, මං රු. 1000ක් දැම්මොත් අනිවා අපේවුන් රු. 500 ගාණෙවත් දානව කියල. කොහොම හරි, එහෙම ටෝක් කරලා ඔන්න කොල්ලො හතර පස්දෙනෙක් වැඩේට සෙට් කරගත්තා. සෙට් කරගෙන… කල්පනා කරද්දි තමයි මීටර් වුණේ!

“යකෝ, අරක්කු ගණන් ගියානෙ. දැන් කොහෙද බජට් ගණන්වලට බොන්න තියෙන්නෙ?” කියල. ආයෙ මොනව කරන්නද, තිබ්බ එකම දේ තමයි ‘යමු’ සයිට් එක පීරන එක. පිටත් වෙන්න වෙලාවත් හරි නිසා සනික ‘යමු එකේ බොමු’ එකට ගියපු මම බැලුවා බජට් බාර් ටික. බලල බලල තමයි යාන්තම් 6, 7ක් ගලපගත්තෙ. පස්සෙ හිතුණා කෝකටත් කියල ඒ ටික ලැයිස්තුගත කරල තියන්න. මොකද අනාගතේ දවසක අපිටමනෙ ඕවා ඕන වෙන්නෙ. හැරත් මේ වැස්ස දවස් ටිකේ හැන්දෑවට පොඩ්ඩක් සෙට් වෙන්න හොයන ඔයාලටත් මේවා වැදගත් වෙයිනෙ කියලා… ඔන්න ඒ ලැයිස්තුව දැම්මා පහළිනුත්! පොඩ්ඩක් ගිහින් බලන්නකො අද හෙට අඩියක් ගහන්න ඉන්නව නම්, ඒ තැන් ඔයාලට සෙට්ද කියලා.

1. Panaroma, Kottawa

ඉස්සො, දැල්ලො, කකුළුවො, චිකන්, පෝර්ක්, සොසේජස්, බුල්සායි… පිරිච්ච සුපිරි මික්ස් ග්‍රිල් එකක්! එක්ක බෝතලයක් වුණත් ගහන්න කියාපු ප්ලේස් එක. ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ රයිස්, ඩෙවිල්ස් එහෙමත් තියෙනව පංකාදුවට. ගැඹුරු තෙලේ බැදලා රස පදමට සෝස්, මිරිස්, ලූණු අඩුම කුඩුම ටිකත් දාලා, ආයෙ කට ගැස්මට නොම්මර එකයි ඈ. අනික මෙතන බයිට්වල ගණන් යන්නෙත් රු. 600 -1000 වගේනෙ. එක පිඟානක දෙන්නෙක්ට ඇති වෙන්න තියෙන නිසා ඉතින් පොකට්වලටත් අවුලක් නෑ.

2. Navro Beach, Panadura

සුන්දර වෙරළ තීරයක් දිහා බලාගෙන නිදහසේ අඩියක් ගහන්න. ඒකත් නිකම් නෙවෙයි රස බයිට් එකක් එක්ක. ඇත්තටම මෙයාලගෙ බයිට් වගේම කෑමත් පට්ට රසයි. ලුණු ඇඹුල්, සැර ගතිය, චයිනීස්, තායි රසවල් එහෙමත් ගාණට. ඊටත් ඒ බයිට් පිඟානක සයිස් එකත් ලොකුවට තියෙනවනෙ. ඩයට් එකට නොකෑවොත් ඉතින් දෙන්නෙක්ට වුණත් ඇති. නැතත්… පෝර්ක්, බීෆ්, සීෆුඩ් ඕන ජාතියක් රු. 500-1000 අතරෙ ගන්න පුළුවන් නිසා හිතේ හැටියට ගසන්නත් පුළුවන්නෙ.

3. Hotel Atlantic, Bambalapitiya

මෙන්න අඩි ගසන්න කියාපු තැන්. රු. 300 ඉඳන් තියෙනව බයිට්. විශේෂයෙන් ම මතක තියාගන්න මෙයාලගෙ කඩල කොත්තුව එහෙම තියෙනව පිස්සු හැදෙන්න. ඒ වගේම තමයි හැඳැල්ලො එකත් මරු. හ්ම්ම්… තව ඉතින්, ෆ්‍රයිඩ් රයිස්, නූල්ඩ්ල්, සීෆුඩ් ජාති එහෙම තියෙනව බයිට් එකටම කියාපු. ඒ අතරින් දැල්ලො එකත් ටොප් ආ… අනික මෙයාලගෙ සර්විස් එකත් ලෙසටම තියෙන නිසා බයක් නැතුව හිතේ හැටියට ගැසුව හැකි. මොකද සේවක සෙට් එක එලනෙ!

4. Havi, Pannipitiya

මෙයාලගෙ නම් පෝර්ක් ජාති ටික ඔක්කොම වගේ සුපිරි. තායි පෝර්ක්, චයිනීස් පෝර්ක් එතකොට බ්ලැක් පෝර්ක්. සැහ්! පිස්සු හැදෙනව ඈ. වැඩේ කියන්නෙ පෝර්ක්වලට එහා කියන්නකො ස්පෙෂල් රයිස් එක. ඒකෙ, නැති දෙයක් නෑ. චිකන්, පෝර්ක්, දැල්ලො, ඉස්සො, මාළු, බිත්තර, සොසේජස්… පංකාදු පහයි ඈ. ඒ වගේම තමයි මෙයාලගෙ අනිත් බයිටුත්. එතකොට… සේවක මිත්‍රයො සෙට් එක එහෙමත්. රෑ 12 වෙනකම් සෙට් වුණත් වචනයක් කියන්නෙ නෑ. උපරිම සර්විස් එක. ඔක්කොමත් හරි මෙයාලගෙ බයිට් රු. 600-1000 අතරෙ කිව්වාම, නේ…!

5. New Thisara, Pannipitiya

අතේ තියෙන ගාණට ගසන්න කියාපු තැනක් තමයි මෙතනත්. මොකද මෙයාලගෙ බයිට් එහෙම සුපිරි. රු. 500 ඉඳන් ඩෙවිල් එකක්, ෆ්‍රයිඩ් එකක් ගන්න පුළුවන්. රයිස්, චොප්සි යන්නෙ රු. 600-800. එතකොට… අරක්කු එහෙමත් ඒ හැටි ගණන් නෑ. සාමාන්‍යයෙන් රු. 2000ක් වගේ වියදම් කලා නම් දෙතුන් දෙනෙක්ට හොඳ පදමට එන්න පුළුවන්. ඔක්කොමත් හරි එකක් මතක තියාගන්න ඕන, මෙතන බොද්දි පුළුවන් නම් උඩ තට්ටුවට සෙට් වෙන්න. එතකොට නිදහසේ සිංදුවක් අහගෙන අඩිය ගහන්න පුළුවන්. නැත්නම් අම්බානක කන්කරච්චලේ.

6. Angel Wok, Kottawa

ආයෙ සුප්ප ඈ… පැනරෝමා එකට කරට කර තියෙන ප්ලේස් එකක් තමයි ඒන්ජල් වොක් එක. හැබැයි එක අවුලක් තියෙනව, මෙයාලගෙ කෑම පිඟන්වල සයිස් එක පැනරෝමා එකේ තරම් ලොකු නෑ. අනික මික්ස් ග්‍රිල් එක එහෙමත් අරගෙන වැඩක් නැති ගාණයි. ඒ වුණාට පෝර්ක්, සීෆුඩ් ටික පංකාදුවට තියෙනව. රයිස්, නූඩ්ල්සුත් නරකම නෑ. කොහොම වුණත් මෙයාලගෙ සේවක මිත්‍රයො සෙට් එක, එළමකිරි නිසා බය නැතුව ගිහින් සෙට් වෙන්න පුළුවන්. සර්විස් එක දෙනව නිකම්… ඇඹරෙන්න. කොටින්ම කියන පරක්කුව විතරයි. ඒ අතරට ඉතින් බයිට්වල ගණන් යන්නෙත් රු. 600-1000 නිසා බජට් පාර්ටියකට අවුලක්ම නෑනෙ.

තව ඉතින්… මේ වගේ තැන් තියෙනව. ඒවා ඊළඟ ලැයිස්තුවට කියන්නම්. මොකද ලබන මාසෙත් වැස්ස, සීතල තියේවිනෙ, කොල්ලො සෙට් එකට සෙට් වෙලා පොඩි බජට් පාර්ටියක් දාන්න… නේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide