එකම රහට කාලා එපා වෙලාද? වෙනස් රහට ගෙදරදිම හදාගන්න අලුත්ම කෑම ජාති 6ක්.

මොකද කියන්නෙ, කට්ටියත් එක්ක රෑ කෑම මේසෙට වෙනසක් කරමුද? ගෙදර කුස්සිය බාර උන්දැලට පැත්තකට වෙලා ඉන්න කියලා… තියෙන අඩුම කුඩුම වලින් සුපිරි ගේමක් ගහන්න, අලුත්ම රසවල් ටිකකට පිස්සු හැදෙන කෑම ටිකක් සෙනිකව හදන්න! ලෑස්තිද…

1. බැටර්ඩ් කොහිල පෙති

Photo: celebrationscakedecorating.com

හරිම ලේසි වැඩක්. ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මහත කොහිල අලයක් ගන්න එක. ඊට පස්සෙ ඒක ඇඟිලි පුරුක් කාලක විතර ඝනකමක් තියෙන විදියට පෙති කපා ගන්න ඕන. ඒ පෙති ටික හෝදල කරල භාජනයකට දාන ගමන්, ඒකට එකතු කරන්න කහ, බැදපු තුනපහ, මස් කරි පවුඩර්, අබ පේස්ට්, ගම්මිරිස් ටිකක්. හැබැයි මිරිස් කුඩු නම් හැඳි 2ක් වත් දාන්න ඕන. ලුණු වතුරත් ටිකක් දාන්න. පස්සෙ මිශ්‍රණය හොඳට අතගාලා පැයකට එහා පැත්තෙ පදම් වෙන්න තියලා මාළු පෙති දවටල බදින විදියට බැද ගන්න තියෙන්නෙ. ෆුල්ම වෙජිටේරියන් නොවන කට්ටියට පුළුවන් දැවටුමට බිත්තර සාරු වුණත් උපයෝගී කරගන්න. මොකද එතකොට රස ඩබල් වෙනවනෙ.

2. එග් මෆින්

Photo: justpaleofood.com

මේකට බිත්තර ටිකක් ගන්න. අරගෙන ලුණු ගම්මිරිස් දාලා හොඳට ගහගන්න. ඊට පස්සෙ හීනියට ලියා ගත්තු කුකින් චීස්, සොසේජස්, තක්කාලි, ලූණු කොළ එකතු කරල කලවම් කරගන්න. ඒ අතරට මෆින් කප් ටිකක් අරගෙන බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්නත් ඕන. අන්තිමට ඒ මික්ෂර් ටික කප් වලට පුරවල බේක් කරගන්නයි තියෙන්නෙ. හැබැයි එකක් මතක තියාගන්න කප් එකකින් ⅓කට වඩා පුරවන්න එපා. මොකද බේක් වෙද්දි උතුරන්න ඉඩ තියෙනව. මේකත් ඉතින් පොඩි බඩගින්නට නම් සුපර්.

3. චීස් දැල්ලො

Photo: vympel.msk.ru

ආයෙ සෙල්ලම් කෑම නෙවෙයි හොඳේ. රියල් ශ්‍රීලංකන් චයිනීස්. දැල්ලා අරගෙන මැද්ද සුද්ද කරල හොඳට හෝදල කහ, ගම්මිරිස්, ගොරක මික්ෂර් එකක ටිකක් පදම් වෙන්න තියන්න. තියල හීනියට ලියපු කැරට්, ලීක්ස්, ලූණු, ලුණු, ගම්මිරිස් ටිකකුයි මොසරැල්ලා චීස් ටිකකුයි එකට දාලා කලවම් කරපු මික්ෂර් එකක් ලෑස්ති කරගන්න. පස්සෙ දැල්ලගෙ එක පැත්තක් ටූත් පික් එකක් ගහල වහල අනික් පැත්තෙන් මික්ෂර් පුරවන්න. පුරවල ඉවර වෙලා, අනික් පැත්තටත් ටූත් පික් එකක් ගහල සීල් කරගත්ත නම් බය නැතුව ගැඹුරු තෙලේ බැදගන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින්, තෙල් බේරෙන්න තියලා කපල ගන්නයි තියෙන්නේ…

4. බිත්තර මාළු මිරිස්

Photo: newsnavsamvaad.com

කට්ටිය කට ඇරගෙන බලන් ඇති මේ මොකක්ද මේ කියල. ලොකු වෙනසක් නෑ. වෙනදට ඔයාලා නොසෑහෙන්න මහන්සිවෙලා මාළු මිරිස් පිරවුමට හදන අල, සැමන්, කැරට්, ලූණු තෙල්දැමුම වෙනුවට මෙදා පාර බිත්තරයක් කෑලි කරලා දාගන්නයි තියෙන්නෙ. හැබැයි මතක ඇතුව අබ, ලූණු, මිරිස්, ගම්මිරිස්, ලුණු දාන්න. ඒ හැරුණාම ඉතින් සෝයා සෝස් ටිකක් එහෙමත් දැම්මට කමක් නෑ. කොහොම හරි මාළු මිරිස් කරලට බිත්තර පුරවද්දි, කරලෙ මැද සම්පූර්ණයෙන්ම හිස් කරගන්න. මොකද, නැත්නම් සැර වැඩි වෙන්න ඉඩ තියෙනව. අන්තිමට ඉතින් සුපුරුදු පරිදි දවටල, ගැඹුරු තෙලේ බැදල ගන්නයි තියෙන්නෙ.

5. චීස් චිකන් බත්

Photo: recipesbnb.com

අහද්දිත් කටට කෙල උණනව නේ… එහෙනම් අහ ගන්නකො. මේ බත හරියටම හදනව නම් ඉටෑලියන් සීසනින්ග් ඕන. ඒත් ඒව අපිට හදිස්සියට ගන්න නැති නිසා අපි මේක ශ්‍රී ලංකන් සීසනින්ග් පැත්තට බර කරමු. හැබැයි ඉතින් එහෙමයි කියල ලුණු ඇඹුල් රස තදට හිටින්න සීසන් කරන්න එපා. මොකද මේකට දාන චීස් එක්ක ඒ රස ගැළපෙන්නෙ නැති වෙනවනෙ. කොහොම හරි චිකන් ටික සීසන් කළාට පස්සෙ, ඒ චිකන් ටිකයි, සුදු හාල් හුණ්ඩුවකුයි, පොඩියට කපාගත්ත ලීක්ස්, කැරට්, ගෝවා, පිපිඤ්ඤා, නිවිතියි එකට දාලා තම්බ ගන්න. එතනදි බතේ වතුර නම් හොඳටම හිඳෙන්න ඕන. ඊට පස්සෙ රස්නෙ පිටින්ම බත, දීසියකට බාලා හීනියට ලියා ගත්තු ස්පයිස්ඩ් චීසුයි, අමු මිරිසුයි ඔලිව් ඔයිල් එක්ක කලවමක් හදල එකතු කරන්න තියෙන්නෙ. බත බාලා පොඩ්ඩක් නිවීගෙන එද්දි පිඟානකට බෙදා ගත්ත නම් ඉතින්… ගමකට කන්න තියෙන්නෙ ආයෙ.

6. කූනිස්සො රොටි

Photo: spicytamarind.com.au

හොඳට හෝදල කරල කූනිස්සො ටිකක් ගත්තා. ලාවට තැටියෙ කර කළා. පස්සෙ පිටි මෝලියට එකතු කළා. ඊට පස්සෙ ලූණු, අමුමිරිස් එහෙමත් අමුවෙන්ම දැම්මා. හැබැයි මතක ඇතුව අන්තිමට බිත්තරයකුත් දාන්න. කොහොම හරි දාලා හොඳට අනල නෝර්මල් පොල් රොටි වගේ පුච්ච ගන්නයි තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි රොටි පිච්චෙන අතරට හොඳ කට්ට සම්බෝලයක් හරි මස් හොද්දක් හරි එහෙමත් හදාගත්ත නම්… හායි හූයි ගගා රස බලන්න පුළුවන් ඉතින්!

නැතත්, ඔය වැඩ ටික දැම්මාම කුස්සෙ ඈයො පදිරි වෙනව. ඇයි අප්පේ… කොහොම වෙනසක්ද කියල බලන්නකො?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide