ළඟදී බඳින්න ඉන්න අයට, ප්‍රී-වෙඩින් ෂූට්වලට වැදගත් වෙන ටිප්ස් 6ක්.

“මාත් එක්ක ඉස්කෝලේ ගිය උන් කසාඳ බඳිනවා. බබාලාගේ පින්තූර දානවා. මම දෙයියනේ කියලා ඒ සේරට ම ලයික් කරනවා"

මේ දවස්වල ෆේස්බුක් එකේ දැකගන්න ලැබෙන සුලභ කතාවක් තමයි ඕක. මේ දවස්වල දකින්න ලැබෙන වෙඩින් තොගේ හැටියට, කාටකාටත් ඔහොම හිතෙන එකේ පුදුමයක් නැහැ.

කාලෙන් කාලෙට අපේ වෙඩින්වලට එකඑක අයිටම් එකතුවෙනවනේ. ප්‍රී-වෙඩින් ෂූට් කියන්නෙත් එහෙම එකක්. මේක ඇවිල්ලා නම් දැන් ටිකක් කල්. හැබැයි තවම ඒ කාලේ තිබුණු රස්නේ තියෙනවා. සමහරු කියන විදියට මේක මේ සල්ලිවලට කරන්න දවල් නැතිකමට කරන වැඩක්.

ඒ කතා මොනවා වුණත්, ප්‍රී-වෙඩින් ෂූට් එකක් කියන්නේ ෆොටෝග්‍රැෆර්ට විතරක් නෙවෙයි, කපල් එකටත් ක්‍රියේටිව් වෙන්න ලැබෙන අවස්ථාවක්. අන්න ඒ නිසාමයි අපි හිතුවේ හොඳ ප්‍රී-වෙඩින් ෂූට් එකක් කරගන්න කපල් එකකට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන කියන්න.

1. තමන් කැමති ෆොටෝග්‍රැෆර් කෙනෙක් ව තෝරගන්න

Image Credits : Studio 4U
එක එක ඡායාරූප ශිල්පියෝ කැමරාවෙන් ලෝකය දකින විදිය වෙනස්. ඒ නිසා ම, ඔය ගොඩදෙනෙක්ට ආවේණික වෙච්ච ඡායාරූපකරණ රටා තියෙනවා. එයාලගේ ඒ රටාවල් බලාගන්න පුළුවන් හොඳ ම විදිය තමයි එයාලා ගත්ත ප්‍රී-වෙඩින් ෂූට්වල පින්තූර හොයලා බලන එක. ඒවා මෑතකදී ගත්ත පින්තූර නම් වඩාත් හොඳයි. හිතට අල්ලන ඡායාරූප ශිල්පියෝ දෙතුන්දෙනේක්ගේ ෆොටෝස් සංසන්දනය කරන ගමන්, එයාලා අය කරන ගණන් මිනුම් එහෙමත් හොයලා බලන්න ඕනේ. මොකද තමන්ගේ බජට් එකට ගැලපෙන්නත් එපැයි.
 

හැබැයි පින්තූර හොඳයි, ලස්සනයි කියලා අතේ තියෙන සබ්බ සකලමනාව ම දීලා ප්‍රී-ෂූට් එක කරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ. මොකද මේක විතරක් නෙවෙයි, වෙඩින් එකකුත් තියෙනවනේ.

2. ෆොටෝග්‍රැෆර් එක්ක හොඳ කතාබහක්

Image Credits : Memory Creations

“පින්තූරෙකට වචන දහසක් කතා කරන්න පුළුවන්” කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවනේ. ඉතින් ප්‍රී-වෙඩින් ෂූට් එකේ ෆොටෝවලින් වෙන්නේ බඳින්න ඉන්න ජෝඩුවගේ තියෙන ආදරේ  පෙන්වන එක. මේක ෆොටෝග්‍රැෆර්ට හිතුමතේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කපල් එකේ උදව්වත් සෑහෙන්න ඕනේ වෙනවා.

තමන්ට ඕනේ පින්තූර මොන වගේද, තීම් එක කොයි වගේද කියලා ෆොටෝග්‍රැෆර් එක්ක කතා කරගන්න ඕනේ. දැනට හිට්වෙලා තියෙන ප්‍රී-ෂූට් ෆොටෝ ස්ටයිල් ගැන වගේ ම, තමන් කැමති තාලේ ෆොටෝවලට හරි යන ලොකේෂන් තෝරගන්නත් ෆොටෝග්‍රැෆර් එක්ක දාන මේ කතාව සෑහෙන්න වැදගත්.  

3. ලොකේෂන් කීපයක්

Image Credits : Studio N Style

පින්තූර සේරම එක ම ලොකේෂන් එකේ ගන්නකොට ෆොටෝ ගන්න කෙනාට වුණත් බෝරින් වෙන්න පුළුවන්. වටපිටාවත් එක ම නිසා දකින කෙනෙක්ට වුණත් මේකේ ඒ හැටි ලස්සනක් පේන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ලොකේෂන් කීපයක් තෝරගන්න එක.

හැමෝම කරන විදියට පාක් එකට ගිහින් පින්තූර ගන්නවා වෙනුවට, ටිකක් වෙනස් විදියට වැඩේ ගොඩදාන එකේ අමුතු ගතියක් තියෙනවා. මොකද ගොඩක් අය හිතන්නේ කොළඹින් පිටට ගිහින් ගස්කොළන් එක්ක ෆොටෝ ගන්න එක තරම් වෙන කිසි දෙයක් හරි නැහැ කියලනේ. ඒ වුණාට නිකමට බලන්නකෝ පිටකොටුවේ වීදීවල ගහපු ප්‍රී-ෂූට් ෆොටෝස් ටිකක් අරගෙන. ඒවයේ තියෙන්නේ අමුතු ලස්සනක්.

4. ගැලපෙන ඇඳුමක්

Image Credits : Studio Sathya

අපේ ගොඩක් අය ඉවක් බවක් නැතුව අනාගන්න තැනක් තමයි මේ. කැමරාවට ලස්සනට ඉන්න ඕනේ බව ඇත්ත. ඒ වුණාට මූණේ හත්තට්ටුවක් මේකප් අතුල්ලගෙන, ලොකේෂන් එකට කිසිම ගැළපීමක් නැති ඇඳුම් ඇඳගෙන ගන්න ෆොටෝස් හරි ම අවුල්. කිසිම නැචුරල් ගතියක් නැහැ. අනික අව්වට මේකප් ටික දියවෙලා ගියාට පස්සේ තවත් සවුත්තු වෙනවා. ඒ නිසා පොඩි මේකප් එකක් එක්ක,  සිම්පල් ඇඳුමක් දාගත්ත ම, ෆොටෝ එකකට වුණත් පෝස් කරන්න ලේසියි. ඒ විතරක් නෙවෙයි, දෙන්නගේ ඇඳුම්වල, අඳින පාටවලත් ගැළපීමක් තියාගන්න ඕනේ. මේ වගේ දේවල්වලටත් ෆොටෝග්‍රැෆර්ගේ අදහස් සෑහෙන්න වටිනවා. මොකද පසුබිමේ මොන දේවල් තිබුණත්, හයිලයිට් වෙලා පේන්න ඕනේ ඔය දෙන්නවයි.

ෆොටෝවලට පෝස් කරන විදිය ගැනත් මෙතනදී පොඩ්ඩක් මතක් නොකළොත් ඒක අඩුවක්. සමහරු කැමති සාම්ප්‍රදායික විදියට කපල් එක පෝස් කරලා ඉන්න ෆොටෝවලට. ඔය අතරේ කට්ටිය ඉන්නවා ෆන් ටයිප් එකේ පින්තූරවලට ආස අයත්. තමන් තෝරගන්නේ මේ ජාති දෙකෙන් මොකක්ද කියලා තීරණය කරලා, අන්න ඒකට හරි යන විදියටයි ඇඳුම තීරණය කරන්න ඕනේ.

5. හිතේ සතුට

Image Credits : Studio U

මොන වැඩක් වුණත් හරියට කරගන්න පුළුවන් වෙන්නේ හිතේ සතුටින් කළොත් විතරයිනේ. මෙතැනටත් ඒ තත්ත්වය අදාළ වෙනවා. තරහෙන් හෝ හිතේ ප්‍රශ්න තියාගෙන පින්තූරවලට ඉන්න අමාරුයි. එහෙම ඉඳලා ගන්න ෆොටෝස් කැත වුණා ම අන්තිමට බැණුම් අහන්නේ කැමරාවේ පිටිපස්සේ ඉන්න මනුස්සයයි. ඒ නිසා තියෙන ප්‍රශ්නයක් අමතක කරලා, එහෙම නැත්තන් ගෙදර තියලා මේ වැඩේට යනවනම් තමයි හොඳ.

අනික වෙනත් හදිසි ගමන් බිමන් යන්න තියාගෙන මේ දවස බුක් කරන්න එපා. මොකද මේක බොහොම සීරුවෙන් කරන්න ඕනේ වැඩක්. හදිසියට දුවන්න බලාගෙන ෆොටෝ ගන්න ගියොත් ඒකෙනුත් මේ වැඩේ අසාර්ථක වෙන්න පුළුවන්.

6. වැඩ දෙකට ම එකම ෆොටෝග්‍රැෆර්

Image Credits :  Danushka Senadeera Photography

ප්‍රී-වෙඩින් ෂූට් එකේ පින්තූර ගහන ෆොටෝග්‍රැෆර් ම වෙඩින් එකේ ෆොටෝග්‍රැපිවලට ගන්න එකේ ලොකු වාසියක් තියෙනවා. එකක් තමයි ගාණ පොඩ්ඩක් අඩු වෙන එක. අනිත් දේ තමයි පින්තූරවල ස්ටයිල් එකේ ගැළපීමක් තියෙන එක.

ප්‍රී-වෙඩින් ෂූට් එකේ පින්තූර ගත්ත නිසා ම, වෙඩින් එක වෙද්දී කපල් එකට හොඳට ම හරි යන පෝස්, ඈන්ගල් මොනවද කියන එක ඡායාරූප ශිල්පියා දන්නවා. ඒ නිසා එක ම පෝස් එක රිපීට් වීමක් වෙන්න තියෙන අවස්ථාව හරි අඩුයි.

මේ වගේ තවත් ටිප්ස් තියෙනවනම්, අපට කමෙන්ට් එකක් දාන්න හොඳද. මේ අවුරුද්දේ බඳින්න ඉන්න උදවිය ඉන්නවනම් සෑහෙන්න වැදගත් වේවි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide