ලස්සන මීමුරේ විතරද? වීක්එන්ඩ් එකේ කෑම්පින්ග් කරන්න කියාපු තවත් ලස්සන ගම්මාන 7ක්.

තවත් ලෝන්ග් වීක් එන්ඩ් එකක් අත ළඟම එනව නේ. මොනවද ප්ලෑන් කළේ; කෑම්පින්ග් පාරක්, නැත්නම් දිග හයික් එකක්? මොකක් වුණත් කමක් නෑ, ප්ලෑන් කරපු කට්ටියට එයාලගෙ ගමන් ටික යන්න කියල අපි හිතුවා ප්ලෑන් නොකරපු කට්ටියට නියම ප්ලෑන් එකක් දෙන්න.

බාග වෙලාවට කට්ටියට මතකත් ඇති, පහුගිය ගිය දෙසැම්බර් මාසෙ ලෝන්ග් වීක් එන්ඩ් එකක් අල්ලල අපි මේකෙ පළවෙනි කොටස ඔයාලට. ඉතින් ටිකක් කල් අරගෙන, හොඳට හොයල කරල තමයි මේ දෙවනි කොටස, මීලඟ වීක් එන්ඩ් එකේ ඔයාලට ගේන්න හිතුවෙ.

කොහොම හරි, මේ පාරත් ඇතිනෙ ඔය මීමුරේ යන්න ප්ලෑන් කරපු අය. අපිත් දන්නව මීමුරේ හොඳයි, ලස්සනයි කියල. හැබැයි දෙවනි තුන්වෙනි පාරත් මීමුරේම යන්න හිතාගෙන ඉන්නව නම්, ඒත් වෙන කොහේ හරි ගමක් බලන්න යන්න තියෙනව නම් හොඳයි කියලත් හිතෙනව මෙන්න ඒකට කියාපු ගම්මාන ටිකක්.

අවුලක් ගන්න කාරි නෑ, මේ ගම්මානවලත් හොඳ හැටියට හයිකින්, කෑම්පින්ග් කරන්න පුළුවන්. ඒ හැරුණාම ගැමි සුන්දරත්වය, ජීවන රටාව අත්විඳින්න, ගමේ රහට කෑම බීම ටිකක් රස බලන්න එහෙමත් බැරි කමක් නෑ. කොහොම වුණත් ගමේ මිනිස්සුන්ට, සතා සීපාවට, පරිසරයට කරදරයක් නොවෙන්න හැසිරෙන එක ඔයාලගෙ යුතුකම.

ඒ එක්කම මේ දේවලුත් ඔයාලට කියන්න ඕන. අපි මේ කියන්න යන ගම්මාන ගොඩක් දුෂ්කර නිසා පුළු පුළුවන් විදියට, ඔයාලගෙ අතේ තියෙන දේවල්වලින් හරි ඒ මිනිස්සුන්ට උදව් කරන්න. මොකද එතකොට තමයි ඔයාලගෙ ටුවර් එකට නියම අරුතක් එන්නෙ.

හිතන්නකො, ‘දුප්පත් පොඩි එකෙක් ඇවිල්ල ඔයා කොළඹින් ගෙනිහිල්ල බෙදපු චොක්ලට් එකක් අරගෙන සතුටින් උඩ පැන පැන ගෙදර දුවද්දි’ පොඩ්ඩට කෙසේ වෙතත් ඔයාට කොච්චර සතුටක් දැනේවිද?

1. රඹුක්ඔළුව

නකල්ස් නිමන අතරෙ හැංගුණු අපූරු ගම්මාන අතරින් තවත් සුන්දර ගම් පියසක්. යන්න තියෙන්නෙ කොළඹ, කුරුණෑගල, රිදීගම හරහා දොඩංගස් ලන්දට ගිහින්. දොඩංගස් ලන්දෙ ඉඳනුත් කිලෝමීටර 60කට වැඩි දුරක, නකල්ස් රක්ෂිතය දිගේ යටවත්ත, ආඳාවල, ලග්ගලට ගිහින් එතනිනුත් පුංචි අඩි පාරක තමයි රඹුක්ඔළුවට යන්න ඕන. සරු සාර කෙත් වතු, හේන කොරටුවලින් පිරිලා ඉතිරිලා ගියපු මේ ගම්මානය මුලු මනින්ම පෝෂණය වෙන්නෙ කළු ගං දිය දහරෙන්. කළුපහන, කොරහන, ඉත්තෑගල වගේ කඳු මුදුන්වලින් වට වෙලා තියෙන රඹුක්ඔළුව අවට කැළේ කොළෙත්, සතා සීපාවා නොසෑහෙන්න ගැවසෙනව. හිමිදිරියට ඇහෙන කුරුළු හඬත් ගතට හිතට ගේන්නෙ හරි අපූරු ආශ්වාදයක්. පාරම්පරික චාරිත්‍ර වාරිත්‍රවලින් හැඩ වුනු මේ ගැමියන්ගෙ, ජීවන රටාවල් කෘෂි කාර්මාන්තයට නිරන්තරයෙන්ම හුරුවෙන නිසාද කොහෙද, රඹුක්ඔළුවෙ ලොකුම අඩු පාඩුව තාක්ෂණික දියුණුව නැති එක තමයි.  

2. මඩුගොල්ල

අනේ යාළුවනේ, ගමේ ලස්සන කියන්න කලිනුයි කියන්නෙ. මඩුගොල්ල පැත්තෙ යනව නම්, ඒ ගමේ ඉස්කෝලෙ යන නංගිල මල්ලිලාට මොනව හරි දෙයක් අරන් යන්න අමතක කරන්න එපා. පොත පතටත් වැඩිය එයාලට ඕන කරන්නෙ ඇඳුම් පැළඳුම්.

කොළඹ ඉඳන් රත්නපුර, උඩවළව හරහා වැල්ලවායට ඇවිල්ල එතනින් බලේවෙළට යන පාරෙ මුණගැහෙන හංදියකින් හැරිලා තමයි මේ දුෂ්කර මඩුගොල්ල ගමට යන්න තියෙන්නෙ. වැඩේ කියන්නෙ වැල්ලවායෙ ඉඳනුත් කිලෝමීටර 20කට කිට්ටු වෙන්න දුර තියෙනව. ඉතින් ඔයාලටම තේරෙනව ඇතිනෙ මඩුගොල්ලෙ මිනිස්සු පාර තොටටම කොච්චර රස්තියාදු වෙනවද කියල.

හැරත් කුඹුරු කොරටු හැරුණාම මේ ගමේ ප්‍රධාන ආදායම වෙන්නෙත් මල් කැපීම විතරයි. හැබැයි පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර වගේම අපූරු, අමිශ්‍ර සංස්කෘතියක් නම් මඩුගොල්ලෙ ගැමියන් අතරෙ තියෙනව. වාසනාවට වගේ නමුණුකුල කඳු පන්තියෙන් වට වෙලා තියෙන නිසා, ගමේ ජල හිඟයක් නම් ඇති වෙනව කියල හිතන්න අමාරුයි. ඒත් ගමට යන්න හරි හමන් පාරක් නෑනෙ.

“අනේ කවුරු හරි පාර හදල දෙනව නම්?” කියන්න කණගාටුයි යාළු මඩුගොල්ලෙ හැමෝගෙම පැතුම ඒකයි.

3. මන්දාරම් නුවර

ෂහ්, කියල වැඩක් අපූරු නෑ ස්වයංපෝෂිත ගම්මානයක්. එක පැත්තක් මුලුමනින්ම පිදුරුතලාගල කඳු පන්තියෙන් වට වෙලා තියෙන්නෙ. හෙල්මළු වෙල් යායවලින්, කොරටුවලින්, තේ වතුවලින් වගේම ඊට එපිට ඝන කැළෙන් වැහිලා ගියපු මන්දාරම් නුවර, පෝෂණය වෙන්නෙ කොළපතන ඇල්ලෙන් ගලාගෙන එන ඔය පාරෙන්. ඉතිහාස කතා තොගයකට පණ පොවන මේ සුන්දර ගම්මානය, ‘මන්දාරම් පුවත’ කියන රසබර ගද්‍ය පන්තියෙ තමයි හොඳටම විස්තර වෙන්නෙ.

කොඩ්ඩිආර් ගල, හොල්ලන් ගල දිය ඇලි කියන්නෙ මන්දාරම් නුවර අපූර්වත්වය තවත් වැඩි කරන තවත් සුන්දර ස්වභාවික පිහිටීම්. කොළඹ, නුවර පාරෙන් රිකිල්ලගස්කඩ, හඟුරන්කෙතට ගිහින් කිලෝමීටර 140කට කිට්ටු දුරක් ගෙවාගෙන මන්දාරම් නුවරට යන එක ලේසි වුණත් නුවරඑළිය, කඳපොළ හරහා මන්දාරම් නුවරට යන පාර තමයි ලස්සනම. හැරත් නුවර එළියෙ ඉඳන් දුර තියෙන්නෙත් කිලෝමීටර 40ක් විතර නිසා ලොකු අවුලකුත් නෑනෙ.

4. දන්දෙණි කුඹුර

අනුරාධපුර යුගයේ ඉඳපු රජ කෙනෙක් රහතන් වහන්සේලාට ‘දන් දුන් කුඹුර’, අද වෙද්දි ගූගල් මැප් එකෙත් නෑ කියන්නකො. හැබැයි, මැප් එකේ නැති නිසාමද කොහෙද දන්දෙණි කුඹුරෙ ඉතිහාසය, අදටත් හරි අපූරුවට රැකිලා තියෙනව. විශේෂයෙන්ම අනුරාධපුර, මහනුවර රාජධානි අතර සම්බන්ධතා ගොඩ නැගුණු මං මාවත හැටියට.

මේ ගම්මානයත් නකලස් නිම්න අතරෙ හොර රහසේ හැංගුණු ගම්මානයක්. මුලුමනින්ම කඳුවලින් වට වෙලා තියෙන්නෙ. සතා සීපාවා, කුරුළු කොබෙයියන්ගෙන් පිරිලා ඉතිරිලා ගියාට මොකද දන්දෙණි කුඹුර අද වෙද්දි නම් ජන ශුන්‍ය, හුදෙකලා ගම්මානයක්. කොටින්ම කියනව නම් දැනට ඉතුරු වෙලා තියෙන්නෙත් එක පාළු ගෙයකුයි මහ විශාල බෝ ගහකුයි විතරයි. ඒ නිසා, ඔයාලා දන්දෙණි කුඹුර පැත්තෙ යනව නම් අවශ්‍ය කරන හැම දෙයක්ම අරන් යන්න අමතක කරන්න එපා.

5. මඩොල්සිම

දෙයියනේ කියල මඩොල්සිමට නම් පිටකොටුවෙ ඉඳන්ම බස් තියෙනව. එහෙම නැත්නම් බදුල්ලට ගිහින් පස්සර හරහා යන්නත් පුලුවන්. බදුල්ලෙ ඉඳන් නම් දුර කිලෝමීටර 40යි.

මඩොල්සිම කියන්නෙ තනිකරම තේ වතු ගම්මානයක්. කියන්න තරම් දුෂ්කර බවක් නම් නෑ. ලොකු ඉස්කෝලයක්, ඉස්පිරිතාලයක්, පන්සල් කෝවිල් එහෙමත් හොඳ හැටි තියෙනව. හැබැයි මඩොල්සිමෙන් එපිට තියෙන පිටමාරුව, මීගහ කිවුල, කොහොනාවල, ඌරු මී තැන්න වගේ ගම්මාන නම් ටිකක් දුෂ්කරයි. ඒ වගේම හරිම ලස්සනයි. දිය ඇලි, ඔය පාරවල් එහෙමත් පිරිලා. සතා සීපාවා ඒ හැටි දකින්න නැති වුනත් කුරුල්ලො, සමනලුන්ගෙ නම් පාරාදීසයක්. මඩොල්සිම රෝබරි වතු යායෙ පිහිටල තියෙන පුංචි ලෝකාන්තය සමහර කාලවලට හෝර්ටන් ප්ලේන්ස් ලෝකාන්තයටත් වඩා ලස්සනයි. එතනට දිස් වෙන වළා පවුර, හිමිදිරියෙ වැටෙන කුළුඳුල් හිරු කිරණට හැඩ වෙන්නෙ හිතා ගන්න බැරි තරම් ලස්සනකින් වට පිටාව කැටයම් කරල. ඒ හැරුණාම අපූරු දිය ඇල්ලක් එහෙමත් මඩොල්සිමේ තියෙනව. වැඩේ කියන්නෙ ඔය කොයි ලස්සන බලන්නත් බදුල්ලට පායන කාලෙ අල්ලලම යන්න වෙනව. නැත්නම් ඉතින් වැස්සට හැම දේම දියාරු වේවි.

6. නාරංගමුව

මොනව කරන්නද ඉතින්, කොයි දේටත් නක්ල්ස්ම තමයි. මොකද ලංකා ඉතිහාසයෙ, ඒ කියන්නෙ ලංකාපුරය කාලෙ ඉඳන්ම පැවත එන ජනතාව ඉන්න පැත්තනෙ. අපි මේ කියන්න යන නාරංගමුව තියෙන්නෙත් නකල්ස් නිම්නයකම තමයි. ඔය කවුරුත් යන එන මීමුරේ, ලකේ ගල පාරෙනුත් නාරංගමුවට යන්න පුලුවන්. තනිකරම කැළෑ අඩි පාරක් නිසා ගමන දුර වුනත් විඩාවක් නෑ. හැරත් දිය ඇලි, ඔය පාරවල් වගේම සතා සීපාවා, කුරුළු කොබෙයියන්ගෙන් එහෙමත් පිරිලනෙ.

ගොඩක් පොඩි ගම්මානයක් වුන මේ නාරංගමුව, පිහිටල තියෙන්නෙ පල්ලෙගම පැත්තට වෙන්න. අපි පළවෙනියටම කියපු රඹුක්ඔළුවට යන පාරෙ ආඳාවල හරහා මොරගහ කන්ද ව්‍යාපෘතිය ලඟට ඇවිල්ලා එතනින් පල්ලෙගම පාරෙන් ඇවිත් නාරංගමුවට එන්නත් පුලුවන්. ගමන ටිකක් දුරයි වගේ පෙනුනට දොඩංගස් ලන්දෙ ඉඳන්ම තියෙන්නෙත් කිලෝමීටර 80ක් වගේ. කෘෂි කර්මාන්තයෙන් පෝෂිත නාරංගමුව ගම්මානයෙ තියෙන තාක්ෂණික අඩු පාඩු හැරුනාම කෑම බීම ඉඳුම් හිටුම්වලින් නම් අග හිඟ කමක් නෑ

කොහොම වුනත් නාරංගමුවෙ යන්න හිතන් ඉන්නව නම්, මීමුරේ කැළෑ පාරෙන් යන්න. එතකොට තමයි ගමනෙ සුන්දරත්වය අත් විඳින්න පුලුවන් වෙන්නෙ.

7. රණමුරේ

මීමුරේ හරහා යන්න තවත් අපූරු ගමනක්. ලකේගල පාමුලින් වැටුනු වන ගත අඩි පාරක පැය හතක් අටක් තිස්සෙ ඇවිදින්න තියෙන්නෙ. සතා සීපාවා මුණ ගැහෙනවටත් වැඩිය වටින්නෙ ලස්සන ලස්සන කුරුළු විශේෂ දැක බලා ගන්න පුලුවන් එක තමයි. යන ගමනෙ රොටියක් පුච්චගෙන කාලා, ගලාගෙන යන ඔය පාරකින් සීතල වතුර ටිකක් බිව්වට පස්සෙ මහන්සිය කොහෙන් ගියාද නෑ. තුන්හිස් ගල නැගල, ගිණිකෙලියව පතන පහු කරගෙන රණමුරේට කිට්ටු වෙද්දි දූවිලි ඇල්ලෙන් නා ගත්ත නම් සැප නින්දක් දාන්නත් පුලුවන්.

හැබැයි ඉතින් ඒ ගමනට කැමති නැති කෙනෙක් ඉන්නව නම් ඔය උඩින් කියපු නාරංගමුව පාරෙන් ඇවිල්ල රණමුරේට ගොඩ වුනත් කමක් නෑ. කොහොම වුනත් මේ සුන්දර ගම් පියසත් කෘෂි කර්මාන්තයෙන් නම් පරිපෝෂිතයි. ජන ජීවිතයෙත් කියන්න තරම් අඩු ලුහුඬු කම් නෑ. ඒ නිසා බය නැතුව ගිහින් සැප පහසුව ඉඳල එන්න පුලුවන්.

හැබැයි ඔය අතරට, යන්න ඉන්න කොයි කවුරුත් මතක තියාගන්න ඕන කාරණාවකුත් තියෙනව. කෑම්පින්ග් කරල විනෝද වෙලා එන එකත් එක්ක, ඒ ගම් කාලා විනාස කරන්න පුරුදු වෙන්න එපා. පුලුවන් නම් තව ඉස්සරහට කාට කාටත් දැක බලා ගන්න, සුන්දරත්වය අත් විඳින්න ඉතිරි කරල එන්න පුරුදු වෙන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide