චාර්ලි චැප්ලින්ගෙ බලන්නම ඕන චිත්‍රපට 7ක්!.

හිනාව කියන්නෙ අපි ඉපදුනු දවසෙ ඉඳන් මැරෙන දවස වෙනකම්ම වෙලාවක් කලාවක් නැතුව ඇතිවෙන හැඟීමක්. සමහර අය ඇත්තට හිනා වෙද්දි තවත් සමහර කට්ටියක් තව කෙනෙක්ව රවට්ටන්න බොරුවට හිනාවෙනව. කොහොම වුනත් හිනාවෙ පොදු අර්ථය නම් අපිට හුරුපුරුදු සතුට කියන හැඟීම. වර්තමානයේදි ලස්සනට හැඩකරල හොඳට ශබ්ද කළමනාකරණය කරපු ලොකු වේදිකාවක දෙබිඩි අර්ථයන් තියෙන දෙබස්, හැසිරීම් පාවිච්චි කරල තමයි ගොඩක්දෙනා හිනාව උපද්දන්න උත්සාහ කරන්නෙ. ඒත් අද තරම් තාක්ෂණයවත් නැති ඉස්සර කාලෙක, හුදෙකලාව ඉඳපු දුප්පත් මනුස්සයෙක් කළු-සුදු සිනමාපට තුලින් ඇවිත් වචනයක් වත් නොකියා අදටත් අපිව හිනස්සනව.

'චාර්ලි චැප්ලින්' නම කිව්වාම නොදන්න කෙනෙක් නැති ගාණයි. 1889දි දකුණු ලන්ඩනයේ චාර්ල්ස් ස්පෙන්සර් චැප්ලින් නමින් ඉපදුණු ඔහු පොඩි කාලෙ ඉඳන්ම දුප්පත් කමෙන් බැටකෑවෙ එයාලගෙ තාත්තා එයාලව අත හැරල ගියපු නිසා විතරක් ම නෙවෙයි, එයාලගෙ අම්මත් මානසික රෝගයකින් පෙළුණු නිසා. අවුරුදු 05 ඉඳන්ම පාරතොටේ කරක්ගහපු චාර්ලි අවුරුදු 13 වෙද්දි පාසලත් අතහැර දාලා පොඩි කාලෙ ඉඳන්ම තිබුණු ආසාව, සංගීතයටයි රංගනයයි යොමුවුනා. රංගන කලාවට උපන් හැකියාවක් තිබුණු චාර්ලි ලොකු ප්‍රසිද්ධියක් ලැබුවෙ 1908 දි 'ෆ්‍රෙඩ් කානෝ'ගෙ සුප්‍රසිද්ධ හාස්‍යෝත්පාදක රංගන කණ්ඩායමට එකතු වුනාට පස්සෙ. ඒ ප්‍රසිද්ධියෙ ප්‍රතිඵලයක් විදියට 1913දි 'කීස්ටෝන් ස්ටුඩියෝ' එකේ වැඩ කරන්න චාර්ලිට අවස්ථාවක් ලැබෙනව. 1914 'මේකින්ග් අ ලිවින්ග්' චිත්‍රපටයෙන් තමයි චාර්ලි තමන්ගෙ සිනමා ජීවිතය පටන් ගන්නෙ.

ඒත් චාර්ලිගෙ පළවෙනි රංගනය හිතපු තරම් සාර්ථක වුනේ නැති නිසා චාර්ලි එයාගෙ පෙනුම ඇඳුම්, පැළඳුම් වලින් පවා වෙනස් කරගෙන තමයි ඊලඟ චරිතයට පණ පොවන්න එන්නෙ. ඒ 'අ ඩෝග්ස් ලයිෆ්' චිත්‍රපටයෙ 'පියරෝට්' චරිතය. චාර්ලිගෙ සිනමාපට අතරින් ලොකුම ප්‍රසිද්ධියක් ලබන්නෙ 1919දි පටන් ගත්ත යුනයිටඩ් ආර්ටිස්ට්ස් සමාගමෙන් තමන්ගෙ චිත්‍රපටවල අයිතිය තමන්ගෙ අතට අරගත්තට පස්සෙ 1921දි චාර්ලි හදපු 'ද කිඩ්' සිනමාපටය. ඒත් 1940, දෙවන ලෝක යුද්ධ කාලෙ 'හිට්ලර්'ගෙ චරිතය උපහාසාත්මක විදියට නිරූපණය කරපු 'ද ග්‍රේට් ඩික්ටේටර්' චිත්‍රපටය නිසා නොහිතපු ප්‍රසිද්ධියක් වගේම විවේචනයක්ද චාර්ලිට ලැබුණා. ඔය විදියට චිත්‍රපට 35කට රඟපෑමෙනුත් සමහර ඒවාට අධ්‍යක්ෂණයෙනුත් දායක වුනු චාර්ලි 1977දි තමයි අප අතරෙන් සමුගත්තෙ. ඒ වුනත් චාර්ලිගෙ සුපිරි නිර්මාණ ටික නම් අපි අතරින් කවදාවත් සමුගන්නෙ නෑ කියන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි.

ඉතින් ඒ අසහාය විකට නළුවගෙ චිත්‍රපට බලපු නොබලපු හැමෝටම ආයෙත් වතාවක් ඒ අපූරු හාස්‍යෝත්පාදක අත්දැකීම විඳින්න මතක්කරන්නත් එක්ක චාර්ලිගෙ හොඳම චිත්‍රපට ටිකක් ගැන ඔයාලට කියන්නයි අපි මේ හදන්නනෙ.

City Lights

1931 ප්‍රදර්ශනය වුණු මේ චිත්‍රපටයෙ අන්තර්ගතය ගොඩක් හැඟීම්බර ආදර කතාවක්. දුප්පත්, අන්ධ මල් විකුණන තරුණියකගෙ ජීවිතය මුළුමනින්ම ලස්සන කරවන දුප්පත් චාර්ලිට අන්තිමට හිරබත් කන්න වෙන්නෙත් ඒ තරුණිය නිසාමයි. චාර්ලිට, අර ගෑණු ළමයට උදව් කරන්න සල්ලි ලැබෙන්නෙ කතාව අතර මගදි චාර්ලිට මුණ ගැහෙන කෝටිපති මිත්‍රයාගෙන්. තමන්ගෙ ප්‍රිය බිරිඳ තමා හැරයාමේ දුකෙන් මතකයන් අමතක වෙනකන්ම මත් පැන් බොන මේ කෝටිපතියා චාර්ලි එක්ක ඇති කරගන්න මිත්‍රත්වය නම් ඇත්තෙන්ම අපූරුයි. කතාවෙ අන්තිමට හිරෙන් නිදහස් වෙලා එන චාර්ලි, චාර්ලි දුන්නු සල්ලි වලින් පෙනීම ලබාගත් ගෑණු ළමයාට මුණ ගැහෙන දර්ශනය නම් ඇස් වලට කඳුළු ගේන තත්පර කීපයක අවසානයක්.

Modern Times

1936 තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ. ඇමරිකාවේ කාර්මික විප්ලවයත් ඒ නිසා යාන්ත්‍රීකරණය වුන ජන සමාජයත් ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඇතිවුණු රැකියා විරහිතභාවයත්, අම්මා නැති අසරණ පවුලකින් නිරූපණය කෙරෙන මේ චිත්‍රපටයෙ තාත්තගෙ මරණයෙන් පස්සෙ පැනල යන වැඩිමහල් දියණිය චාර්ලිට මුණ ගැහෙන්නෙ ඇය කෑම හොරකමේ යන වෙලාවක. අනුන්ට උදව් කරන්න ගිහින් මේ චිත්‍රපටයෙදිත් හිරබත් කන චාර්ලි හිරෙන් නිදහස් වෙලා ඇවිත් අර ගෑණු ළමයත් එක්ක එකතු වෙලා ගෙවන දුප්පත් ලෙන්ගතු ජීවිතයත් දිගින් දිගටම මුහුණ පාන කරදරත් හරිම රසවත් විදියට මේ සිනමාපටයෙ අඩංගු කරල තියෙනව. ඒ විතරක් නෙවෙයි, ''ධෛර්යමත් වෙන්න, මැරෙන්න ඕන කියන්න එපා. දිගටම යමු'' කියල අපි හැමෝටම හොඳ ආදර්ශයක් දෙන්නත් මේ චිත්‍රපටය අවසානයෙ චාර්ලි අමතක කරල නෑ.

The Great Dictator

1900 දශකය වෙද්දි ජර්මනියෙන් පටන් අරගෙන තිබුණු යුදෙව්වන් පිටු දැකීමේ ප්‍රතිපත්තියෙ ප්‍රධාන ප්‍රතිඵලය වුණු දෙවන ලෝක යුද්ධය මුල් කරගෙන තමයි මේ චිත්‍රපටය 1940දි ජනතාව අතරට එන්නෙ. යුරෝපීය රටවල්වල යුදෙව්වන්ට ජර්මානු හිට්ලර් හමුදාව දුන්නු වධ හිංසා වගේ ම හිට්ලර්ගෙ ජීවන රටාවත් හරිම ලස්සන උපහාසාත්මක විදියකට එකතුකරල තමයි මේ සිනමාපටය හදල තියෙන්නෙ. චාර්ලි, ද්විත්ව රඟපාන මේ චිත්‍රපටය අවසානයෙ චාර්ලි හිට්ලටර්ගෙ චරිතයට පණ පොවමින් කරන කතාව දෙවන ලෝක යුද්ධයේ අවසානය කලින් දැකීමක් කියල අද මේ චිත්‍රපටය බලන අපිට හොඳට තේරෙනවා.

The Gold Rush

1925 අවුරුද්දෙ පෙන්නපු මේ සිනමාපටයෙ එකිනෙකට සම්බන්ධ වුණු කතා දෙකක් තියෙනව. ඒ අතරෙ දුප්පත්කමෙන් පටන් අරගෙන ධනවත්කමෙන් එකතුවෙන ලස්සන පුංචි ආදර කතාවකුත් තියෙනව. සීත කාලයේ උණුසුම හොයාගෙන හිම කඳු තරණය කරද්දි ඇති වෙන දුක් පීඩා, අධික බඩගිනි වගේම හිම කඳු යට හැංගිලා තියෙන දියමන්ති ආකර හමුවෙලා ඉන්මනින් ධනවත් වෙන විදියත් මේ චිත්‍රපටයෙ රංගනයෙන් වගේම හඬ කැවීමෙනුත් හොඳට නිරූපණය වෙනව. අහඹු හමුවීමකින් තමන් එක්ක ආදරයෙන් බැඳෙන දුප්පත් චාර්ලිගේ මධ්‍යම පාන්තික පෙම්වතිය, දියමන්ති නිධියක් හමු වුණාට පස්සෙ ධනවත් වෙන චාර්ලිට ගොඩ කාලයකට පස්සෙ මුණගැහෙන විදිය නම් ඇත්තටම හරිම ලස්සනයි.

The Kid

1921 චාර්ලි හදපු ගොඩක් ප්‍රසිද්ධියට පත්වුණු මේ චිත්‍රපටයෙ කියවෙන්නෙ තාත්තා නැති ළමයෙක්, දුප්පත් අම්ම විසින් මහමග දාල යන දුක්බර කතාවක්. ඒත් ඊටත් වඩා දුප්පත් චාර්ලිට හමුවෙන මේ ළමයව ඔහු ඇහැක් වගේ රැක බලාගන්න විදියත් ටිකෙන් ටික ලොකුවෙන ළමයත් එක්ක එදා වේල හොයා ගන්න පාරතොටේ කරන අපූරු වැඩ ටිකත් හරිම ආකර්ෂණීය විදියට මේ සිනමාපටයෙ නිරූපණය වෙනවා. ඒ විතරක් නෙවෙයි චාර්ලිගෙයි ළමයගෙයි තියෙන පිය-පුතු ළෙන්ගතුකම මිශ්‍ර යාළුකමේ ආදරණීයත්වය මේ චිත්‍රපටය ප්‍රසිද්ධ වෙන්න ගොඩක් දුරට හේතු වෙන්න ඇති.

The Circus

1900 දශකයේ මිනිස්සුන්ගෙ හැකියාවන් කුණුකොල්ලයට මිලට අරන් ප්‍රදර්ශනය කරලා සල්ලි ඉපයූ ක්‍රමයක් තමයි 'සර්කස්' කියන්නෙ. ඒ නොමනා ක්‍රියා විහිළුවෙන් පිටු දකින විදියේ නිර්මාණයක් වුණු මේ චිත්‍රපටය තිරගත වුනේ 1928 දි. කෘර තාත්තා කෙනෙකුගේ සර්කස් එකක බැට කන දුවක් හදිස්සියේ ම චාර්ලිට මුණ ගැහීමෙන් දිග ඇරෙන මේ කතාවෙ චාර්ලි ඇයට ආදරේ කලත් ඇය ආදරේ කරන්නෙ වෙනත් තරුණයෙක්ට. අලුතෙන් මේ සර්කස් එකට එකතුවෙන චාර්ලිට ලොකු වටිනාකමක් ලැබෙන්නෙ අනිත් අය හිනා ගස්වන්න චාර්ලිට තියෙන උපන් හැකියාව නිසා. ඒත් අවසානයේ මේ දුප්පත්, අවංක චාර්ලි තමන් ආදරේ කරන ගෑණු ළමය එයා පෙම් කරන සැබෑ පෙම්වතාට දීලා නික්ම යන්නෙ කාගෙත් ඇස් වල කඳුලක් ඉතිරි කරලා.

Limelight

1952 වෙද්දි චාර්ලිට වයස අවුරුදු 63යි. වයසට හරියන ලස්සන චිත්‍රපටයක් හදපු චාර්ලි ඒකෙ ප්‍රධාන චරිතය රඟපෑවෙ ගොඩක්ම සිත්ගන්නාසුළු විදියට. හරිම ලස්සන ආදර කතාවක් වගේම අවසානය ගොඩක් දුක හිතෙන ආදර කතාවක්. විකට චරිත නිරූපණ ශිල්පියෙක් විදියට වේදිකාවට ගොඩවෙන වයසක චාර්ලිට ලස්සන තරුණියක් මුණ ගැහෙන්නෙ චාර්ලි නතරවෙලා ඉන්න ගෙදරින්මයි. ඒකත් ගොඩක් අහඹු විදියකට. එහෙම හමුවෙන තරුණියට තාත්තා කෙනෙක් වගේ සලකන චාර්ලි තරුණියගෙ ඕනෑ එපාකම් වලට වගේම දක්ෂතා හදාගන්නත් ගොඩක් උදව් කරනව. අවසානයේ මේ තරුණියට හොඳ පෙම්වතෙක් මුණ ගැහුණත් චාර්ලිව අතඇරල යන්න ඇයට හිත දෙන්නෙ නෑ. ඒත් එක දවසක චාර්ලිගෙ විකට නාට්‍යයක අවසානය, චාර්ලිගෙත් අවසානය වෙද්දි තරුණිය වේදිකාවෙ ඈත නටනව. ඒ දර්ශනය වැහීගෙන යන චාර්ලිගෙ ඇස්වලට බොඳ වෙලා පේන විදිය චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නෙ බලන්නන්ගෙ ඇස්වලට කඳුළු ගංගාවක් උරුම කරලා කියන එක ගැන නම් කිසිම සැකයක් නෑ.

මේ හැරුණාම චාර්ලිගෙ තව ගොඩක් රසබර සිනමාපට සෑහෙන්න ගණනක් තියෙනව. ඇත්තෙන්ම එදා මෙදාතුර නිර්මාණය වුණු අර්ථවත් හාස්‍යෝත්පාදක චිත්‍රපට අතරින් අදටත් චාර්ලිගෙ චිත්‍රපට නම් ගොඩක් ඉහලින් තියෙනව කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඔයාලත් බලන්න. බලල රස විඳින්න. ගොඩක් වෙලාවට වර්තමානයේ තියෙන සිනමාපටවලට වඩා හොඳ වින්දනයක් ලබන්න පුළුවන් වේවි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide