පිස්සුවෙන් වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඉංග්‍රීසි පොත් හොයන අපේ පොත් ගුල්ලන්ට, මෙන්න නියම තැන් 7ක්.

ඔන්න ඉතින් 2017 අවුරුද්දෙත් බුක්ෆෙයාර් එක ඉවර වුණා. අපි කිව්ව කරුණු කාරණාත් ප්‍රයෝජනයට අරගෙන, ඉස්සරහ මාස ගාණට ම හරි යන තරමට අපේ කට්ටිය පොත් ගන්න ඇති කියලා අපි හිතෙනවා. හැබැයි ඔය අතරේ ඇති තියෙන හදිසියට හිතේ තියෙන පොත් ගන්න බැරි වුණු අයත්. සල්ලි ප්‍රශ්න නිසා ආස ම කරන පොත් ගන්න බැරි වුණු උදවියත් ඔය අතරේ නැතුව ම නෙවෙයි.

අන්න ඒ වගේ ප්‍රශ්න තියෙන අයට, යන්න පුළුවන් හොඳ ම තැන් තමයි සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩ. දැන් ඉතින් හපොයි කියලා මූණ හකුලගන්න එපා. සෙකන්ඩ් හෑන්ඩ් වුණාට මේවයේ පොත් කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ ඒවා. අනික ගාණත් සාමාන්‍ය එකෙන් බාගයක් වගේනේ. ගොඩක් වෙලාවට මේවයේ තියෙන්නේ ඉංග්‍රීසි පොත් බව හැබෑව. ඒ වුණාට ඉඳලා හිටලා තියෙනවා සිංහල පොත් විකුණන පොත් කඩවලුත්.

බුක්ෆෙයාර් ඉවර වුණාට අපේ පොතට පතට තියෙන ආසාව ලේසියකට නැවතෙන්නේ නැහැනේ. අන්න ඒ නිසාමයි අපි කල්පනා කළේ ඒ වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඉංග්‍රීසි පොත් ගන්න පුළුවන් තැන් කීපයක් ගැන කියන්න.

1. සේනානායක පොත්හල

නො.366, ගාලු පාර, වැල්ලවත්ත 

SAT, IELTS, TOEFL වගේ විභාගවලට වාඩිවෙන අය අනිවාර්යෙන් ම යන්න ඕනේ පොත්හල තමයි මේ. මොකද ඒ විභාගවලට අදාළ පොත් බොහොමයක් සේනානායක පොත්හලෙන් අඩු ගාණකට මිලදී ගන්න පුළුවන්. ඒ හැරුණා ම හාර්ඩ් කවර් තියෙන පරණ ඉංග්‍රීසි සාහිත්‍ය පොත් එහෙමත් බර තොගයක් මෙතැන තියෙනවා. ඒවායින් සමහරක් පළමුවෙනි මුද්‍රණ පෙළේ ඒවා නිසා සෑහෙන්න වටිනවා. අනික ඒ වගේ ගොඩක් පොත්වල මිල රුපියල් 500ට අඩුයි.

2. ඩීන් ද බුක්මෑන්

412, ගාලු පාර, වැල්ලවත්ත

ලොකු පොත් එකතුවක් තියෙන ඩීන් ද බුක්මෑන් ඉස්සර හිටියේ සති අන්තයේ තියෙන ගුඩ් මාකට් එකේ. හැබැයි පස්සේ කාලෙකදී තමන්ගේ ම කියලා ස්ථීර තැනකට එන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ ගාලුපාරේ අංක 412, වැල්ලවත්ත කියන ලිපිනයේ. පරණ පොතක් පතක් ඕනේ වුණා ම කොහේ හිටියත් මෙතැනට එන්න පුරුදු වෙලා ඉන්න පොත් ගුල්ලෝ කාණ්ඩෙකුත් ඩීන් ද බුක්මෑන් පොත්හලට ඉන්නවා. ඔවුන් ඒ කට්ටියව හොඳට හඳුනනවා විතරක් නෙවෙයි, ඔය යන එන ගමන් හොඳ පොත් නිර්දේශ කරන්නත් ඉදිරිපත් වෙනවා. අවුරුදු 30ක් විතර තිස්සේ තමයි මේ උදවිය මේ බිස්නස් එක කරගෙන යන්නේ.

3. ප්‍රේමදාස පොත්හල

3-4, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10

මරදානේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ තියෙන ප්‍රේමදාස පොත්හලේ සෙකන්ඩ් හෑන්ඩ් පොත් නම් ඇති තරම්. හැබැයි හොයාගන්න එක තමයි අමාරු වැඩේ. මොකද ඔහේ ගොඩ ගොඩවල් හදලා තියෙනවා මිසක් කිසි පිළිවෙළක් නැහැනේ. ඒ වුණාට පොඩි ලක් එකක් හරි තිබුණොත් අඩු ගාණට නියම ඉංග්‍රීසි සහ සිංහල සාහිත්‍ය පොතක්, සයන්ස් ජර්නල් ටිකක් එහෙම හොයාගන්න මේකත් සුපිරි තැනක්.

4. වර්ණසූරිය බුක් ඩිපොට්

5-6, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10

ප්‍රේමදාස එක එහෙම වුණාට බලන්න එපැයි වර්ණසූරිය එකේ පිළිවෙළ. එක පැත්තක කවි පොත්. අනිත් පැත්තෙ සයන්ස් ජර්නල්. ඊළඟට නවකතා, අලුතෙන් ආව පොත් ආදී වශයෙන් බොහොම ලස්සනට මේවා අහුරලා තියෙන නිසා හොයාගන්නත් කරදරයක් නැහැ. ඒ විතරක් නෙවෙයි, අවුරුදු සීයකටත් වඩා පරණ පොත් වර්ණසූරිය බුක් ඩිපොට් එකෙන් ගන්න ඇහැකි. නවකතා නම් ගොඩක් ඒවා රුපියල් 500ට අඩුයි. ඒ නිසා සාක්කුවටත් වාසියි. මේක තියෙනේ කලින් කිව්ව ප්‍රේමදාස පොත්හලට එහා පැත්තේ.

5. සරත් බුක්ස්

නො.9-11, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10

මරදානේ සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩ පේළියේ ම තියෙන සරත් බුක්ස් පොත්හල ඉතිහාස නවකතා, ටෙක් පැත්ත සම්බන්ධ පොත්, පරණ නවකතා සහ මෑතකදී ආව නවකතා ගොඩක තෝතැන්නක්. ඔය පරණ වින්ඩෝස් වර්ෂන් ගැන, ඊළඟට ලෙනින්, මාක්ස් ගැන කියවෙන විස්තර අඩංගු පොත්පත් තොගයක් සරත් බුක්ස් එකෙන් ලාබෙට ගන්න පුළුවන්.

6. ද බුක්ෂොප් පොත්හල

නො.15-16, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10

ඉස්සර ද බුක්ෂොප් විදියට තිබුණු මේ පොත්හලේ දැන් නම “කමියුනිකේෂන් ඇන්ඩ් ලෙන්ඩින් ලයිබ්‍රරි”. කොහොම වුණත් නීතිය හදාරන කෙනෙක්ට සෑහෙන්න වටිනා කියන තැනක් තමයි මේ. මොකද නීතිය හා සම්බන්ධ ඉංග්‍රීසි පොත් තොගයක් මේකේ තියෙනවා. මෙතැනට ගියාම දැනෙන්නේ 70 ගණන්වල තිබුණු වයිබ් එක. ඒ තරමට පරණ ඉංග්‍රීසි සඟරාවලින් මේ පොත්හල පිරිලා. ඔය කොලාජ් වගේ නිර්මාණ කරන අයට නම් මේවා පංකාදු පහයි ඈ! මරදානේ ම තමයි මේකත් තියෙන්නේ.

7. ඉනිමගක් ඇති පොත්හල

අයියෝ නෑ, නෑ; හෙඩිම ඔහොම තිබුණට මේකේ ඇත්ත නම ඕක නෙවෙයි. කොටින් ම කිව්වොත් මේකට නමක් නැහැ. තඩි ඉනිමගක් ඇතුළේ තියෙන නිසා තමයි අපේ කට්ටිය මේ පොත් කඩේට “බුක්ෂොප් විත් ද ලැඩර්” කියන්නේ. මේකේ අයිතිකාර මහත්මයා දෙවැනි තට්ටුවේ තියෙන පොත් පීරන්නේ ඔය ඉනිමගට නැගලා. ඔය ක්ලැසික් ටයිප් එකේ ඉංග්‍රීසි සාහිත්‍ය පොත් ගන්න මෙතැන හොඳ තැනක්. 1930 ගණන්වල ආව තෝල්ස්තෝයි, Mary Queen Of Scots, සහ History of the Roman Empire වගේ පොත් මේ පොත් කඩෙන් අපි ගත්තේ සෑහෙන්න අඩු මිලකට.

ඔය හැරුණා ම, පංචිකාවත්තේ බුහාරි හෝටලය තියෙන හරියේ පාර එහාපැත්තේ පේමන්ට් එක කිට්ටුවත් තියෙනවා. ෆායිස් මහත්මයාගේ පොත් කඩේ විදියට තමයි හුඟක් අය මෙතැන දන්නේ. පරණ සිංහල පොත් වගේ ම, කොමික් බුක්ස් සහ 20 දශකයේ අවසාන කාලයේ නිකුත් වුණු පොත් මෙතැනින් ගන්න පුළුවන්.

නුගේගොඩ සරසවියේ බාගේන් ෂොප් එක ගැනත් මේ වෙලාවේ මතක් කරන්න ම ඕනේ. මේක තියෙන්නේ ඉස්සර සරසවි එක තිබුණු ස්ටැන්ලි තිලකරත්න මාවතේ. සිංහල, ඉංග්‍රීසි පොත් දෙවර්ගෙ ම මෙතැන විකිණෙනවා.

තවත් ඔයාලා දන්නා සෙකන්ඩ් හෑන්ඩ්  පොත් තියෙනවද? දාගෙන යන්නකෝ කමෙන්ට් එකක් ඔය හුස්මට ම.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide