හවස් ජාමෙට බඩගිනි වෙනවද? ෂෝටීස් පාරක් ලඟටම ගෙන්න ගන්න කියාපු කඩ 5ක්.

ඔෆිස් එකේ හිටියොත් නම් දවල්ට කෑවට පස්සෙ ආයෙත් වැඩ වැඩ වැඩ තමයි. හැබැයි ගෙදර හිටියොත්; පොඩි ඇලට් එකක් දානව නේ. ඔය මොන දේ කළත් හවස 4, 5 වෙද්දි මහා කම්මැලිකමකුත් එක්ක ලොකු බඩගින්නක් එනව. මේ දවස්වල වැස්සත් තියෙන නිසා ඒ බඩගින්න දෙගුණ තෙගුණ වෙනව මිසක් අඩුවක් නම් වෙන්නෙ නෑ.

ඇත්තටම හවසට එන බඩගින්නට මොකද කරන්නෙ? ගෙවල් පැති වලට නම් පාන් මාමා (චූන් පාන්) හරි එනව. ඒත් කොළඹ පැත්තෙ ඔෆිස්වල අයට කොහෙන්ද චූන් පාන්? ඉතින් ගොඩක් අය කරන්නෙ ඒ පැය ගාණත් බඩගින්නෙම ඉඳල ගෙදර යන ගමන්ම මොනවහරි බඩට දාගන්න එක.

ඒත් මොකටද එහෙම බඩගින්නෙ ඉන්නෙ. අද ඉඳන් කවුරුත් හවස් ජාමෙට බඩගින්නෙ ඉන්න ඕන නෑ. බඩගින්නක් ආපු ගමන් පටස් ගාලා ෆෝන් එක අතට. දෙන්න කෝල් එකක් මෙන්න මේ කඩවලින් එකකට. ඔයාලට කැමති ෂෝටිට්ස් ජාතියක් පැයෙන් පැය භාගෙන් ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන්.

1. Panino (0112 332296) 

පංකාදු පහට තියෙන රස රෝස් පාන් සැන්ඩ්විච් පාරක් ගෙන්න ගන්නව නම් කොළඹ 07 Cotton Collection එක ඇතුලෙ තියෙන පනීනෝ එක නියම තැනක්. පොල් සම්බෝල, ඔම්ලට් සැන්ඩ්විච් එක මාරම රසයි. මස් දාපු සැන්ඩ්විච් අතරෙන් නම් හැම්, චීස් සැන්ඩ්විච් එකයි බාබකියු සැන්ඩ්විච් එකයි තමයි රසම. උපරිම වුනොත් රු. 500ක් වෙයි. ඕනම නම් ඉතින් සුපිරි අයිස් කෝපි බෝතලයක් රු. 250කට වගේ ගෙන්න ගන්නත් පුළුවන්.

2. Arabian Nights (0112 301032)

කොල්ලුපිටියෙ ඇරබියන් නයිට්ස් එකේ තියෙන Cheese Sambosek කියන්නෙත් පොඩි බඩගින්නට සුපර් පැටිස් ජාතියක්. දෙන්නෙක් විතර එකතු වුනානම් රු. 660ට තියෙන මේ පැටිස් පිඟානක් ගෙන්න ගන්න පුළුවන්. මැද්දට චීස් පුරවල හදන මේ පැටිස් එකක් ඒකටම එන සෝස් ටිකකුයි මෙයොනීස් ටිකකුයි ගාගෙන රස බලද්දි නම් පට්ටම පට්ටයි. කොළඹ ඇතුලෙ ඩිලිවරි කරන්න මෙයාලා ගන්නෙ රු. 50-200ත් අතර ගාණක් තමයි.

3. Paan Paan (0114 388488)

බම්බලපිටියෙයි රාජගිරියෙයි පාන් පාන් දෙකත් ෂෝටීට්ස් ටිකක් ගෙන්න ගන්න කියාපු තැන් දෙක. Ciabatta cheese melt with smoked chicken එකක් රු.300ක් වගේ වෙන්නෙ. එතකොට ඔලිව් පීසා එකක් රු. 60යි. හැබැයි පාන් පාන් එකේ ෂෝටීට්ස් වල රස ගැන මට නම් ලොකු තක්සේරුවක් දෙන්න බෑ.

4. Milk & Honey Cafe (0115 234373) 

ගාණ පොඩ්ඩක් වැඩි වුනාට මෙයාල ළඟ තියෙන වෙනස් ම වගේම රසම රස ෂෝටිට්ස් ජාති ටික වෙන තැන්වල නම් ගන්න නැති තරම්. මිල්ක් ඇන්ඩ් හනි කැෆේ එකේ සීනි සම්බෝලයි චීසුයි දාලා හදන සුපිරිම සැන්ඩ්විච් එකක් තියෙනව රු. 550යි. පාන් පෙති දෙකක් මැද්දට චීස් පෙති දෙක තුනක් තියල ඒ මැද්දට සීනි සම්බෝල පුරවල හදන මේ සැන්ඩ්විච් එක නම හරිම රසයි. ඒ වගේම තමයි තුනී රොටියක් මැද්දට නිවිති කොළයි ක්‍රීම් චීසුයි තියල, ඔතල හදන 'wrap' එක. හැබැයි ඒකත් රු. 500ක් විතර වෙනව. මෙයාලත් ඩිලිවරි කරන්නෙ නම් අපි (YAMU Delivery) හරහා තමයි.

5. RTM Delights (0112 875199)

RTMලගෙ කඩයක් නම් නෑ. 'හෝම් බේකර්ස්ලනෙ'. හැබැයි චිකන්, චීස්, එළවළු පාවිච්චි කරල හදන මාරම රස පෆ් ටිකකුයි පේස්ට්‍රි ටිකකුයි තියෙනව මෙයාල ලඟ. රු. 100ක් වත් වෙන්නෙ නෑ එකක්. කෝල් එකක් දුන්නනම් පැයෙන් එකහමාරෙන් ඔෆිස් එකටම ගෙන්න ගන්න පුළුවන්. උපරිම වුනොත් රු. 150ක් 200ක් යයි ඩිලිවරි ගාස්තුව.

තව හොඳ හොඳ ෂෝටීස් කඩ නම් ඕන තරම් තියෙනව. ඒත් ලඟට ගෙනැල්ල දෙන්නෙ නෑනෙ. හැබැයි ඔයාල දන්න ඒ වගේ තැනුත් නැති වෙන්න බෑ. ඉතින් අපි කාටකාටත් හවස් ජාමෙට දැනෙන මේ පොඩි 'බඩගින්නට සුපර්' ෂෝටීස් පාරක් ගෙන්න ගන්න පුළුවන් ඔයාල දන්න කඩත් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide