ගබ්සාව ගැන ගොං ප්‍රශ්න 7ක් සහ ඒවට උත්තර.

ඔයාගෙ ශරීරය අයිති ඔයාට! ඕක ඉතිං කියන්නත් දෙයක්ද, සමහර විට ඔයා අහාවි. ඒක ඇත්ත. ඒත් මාස 3ක් වයස කළලෙක මොළේටත් තේරෙන මේ ඇත්ත (ජෝක් එකක් හොඳේ, මාස 3ක් වයස කළලයට මොළයක් නෑ!), තේරුම්ගන්න අමාරු අයත් සෑහෙන්න ලංකාවේ ඉන්න බව පහුගිය දවස්වල ෆේස්බුක් එක පැත්තෙ ගියා නම් තේරෙයි. මේක එයාලට නෙවෙයි; ඊට වඩා ටිකක් හිතන්න පුළුවන්, වැඩකරන මට්ටමේ මොළයක් තියෙන අයට.

හරි, දැන් ශරීරය අයිති තමන්ට නම්, ඒ ශරීරයෙ අවයවයක් වෙච්ච ගර්භාෂෙ වෙන කාටවත් අයිතිවෙන්න විදියක් නෑනේ (70 දශකයෙ ලව්  සිංදු ලියපු උන් වුණත්, ඇස්, තොල් වගේ ඒව ඉල්ලුව මිසක් නිකමට වත් ගර්භාෂෙ ඉල්ලුව කියල මට මතකයක් නම් නෑ). ඉතිං මේක කෙනෙක්ට තමන්ගේ ගර්භාෂය ගැන තියෙන අයිතිය සහ, එහෙම එකක් නෑ ඒක අයිති අපට කියල හිතන මිනිස්සු පිරිසක් ගැන කතාවක්.

මේ එයාලට තියෙන ප්‍රශ්න කීපයක් සහ ඒ ප්‍රශ්නවල උත්තර.

1. ජීවත්වෙන කෙනෙක්ගෙ ජීවිතය වෙනුවෙන් ඉපදෙන්න ඉන්න කෙනෙක්ගෙ ජීවිතය නැතිකරන එක හරිද?

මෙහෙමයි, දාර්ශනික ව ගත්තම ‘ජීවය’ කියන එක ගැන එක එක විදියෙ අර්ථකථන තියෙනවා “බත් පිඟානක් කියන්නෙ මේ ලෝකේ එළිය දකින්න බලං හිටපු ගොයම් ගස් කීයක මළගමද” කියලත් කාටහරි කියන්න පුළුවන්. ඩිම්බයක් හොයාගෙන පීනලා පීනලා අන්තිමේ ටිෂූ කෑල්ලක් උඩ අවසන් ගමන් ගිය ශුක්‍රාණු මිලියන ගාන බැලුවොත් අපි හැමෝම හිට්ලර්ට පොල්පොට්ට වඩා සෑහෙන දරුණු මිනීමරුවෝ තමයි.

හැබැයි වෛද්‍ය විද්‍යාත්මක ව ගත්තොත් මේක මීට වඩා සෑහෙන්න වෙනස්. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය වුණාමනේ කළලයක් හැදෙන්නෙ. හැබැයි මේ කළලය කියන්නෙ අර සමහරු හිතන් ඉන්නව වගේ පොඩි මනුස්සයෙක් නෙවෙයි. මේ විදියට හැදෙන කළලවලින් 50-80% අතර ප්‍රමාණයක් පළවෙනි සති කීපය ඇතුලත ස්වභාවික ව ම ගබ්සා වෙලා යනවා; ගොඩක් වෙලාවට ඒ කාන්තාවවත් දන්නෙ නෑ තමන් ප්‍රෙග්නට් වෙලා ඇබෝෂන් එකකුත් වුණා කියලා. ප්‍රෙග්නට් කියල වෛද්‍යවරයෙක් තහවුරු කරපු කළලවලිනුත් 15-30% අතර ප්‍රමාණයක් පළවෙනි මාස 3 ඇතුලත ස්වභාවික ව ගබ්සා වෙනවා. ගබ්සාව නීතිගත කරපු ඇමරිකාව වගේ රටවල සිද්ධකරන ගබ්සාවලින් 90%කට වැඩියෙන් කරන්නෙ මේ පළවෙනි මාස 3 ඇතුලත තමයි.

කළලකය මොළයේ මූලික ක්‍රියාකාරිත්වය පටන්ගන්නෙත් මේ පළවෙනි මාස 3න් පස්සෙ. හැබැයි මූලික ක්‍රියාකාරිත්වය, ඒ කියන්නෙ ඉලෙක්ට්‍රොනික් සිග්නල් නිකුත්කරන්න පටන්ගත්තට හිතන්න සහ හැඟීම් දැනීම් දැනෙන්න අවශ්‍ය වෙන මස්තිශ්කය හෙවත් සෙරබල් කෝටෙක්ස් එක හැදෙන්නෙ සති 24 දි. එතකල් මූලික ඉලොක්ට්‍රොනික් සිග්නල් එකක් ඇරෙන්න බ්‍රේන් වේව්ස්වත් නිකුත් වෙන්නෙ නෑ. හැබැයි සාමාන්‍යය තත්ත්වය යටතේ සති 20-22න් පස්සෙ ගබ්සා සිද්ධකරන්නෙ නෑ (කලාතුරකින් මවගේ ජීවිතයට අනතුරක් තියෙන වෙලාවක දි වගේ කළලය ඉවත්කිරීම සිද්ධ වුණත් ඒකට ‘ගබ්සාව’ කියන වචනෙවත් පාවිච්චි වෙන්නෙ නෑ).

ඉතිං හිතන්න තියා කිසිම දෙයක් දැනෙන්නෙවත් නැති, සංසේචන වෙච්ච ඩිම්බයක් අයින්කරන එක මිනීමැරුමක් කියල කියන කට්ටියගෙයි, අර ශුක්‍රාණු පිහදාපු ටිෂූ කෑල්ල (කාන්තාවන්ගෙ නම් ටැම්පූන්/ පෑඩ්) කියන්නෙ සමූහ ඝාතනයක් සිද්ධකියල හිතන අයගෙයි ලොකු වෙනසක් නෑ.

2. ඒ වුණාට… ඉතිං…

මෙහෙමයි, සති 24ට කලින් කළලයට වේදනාවක් තියා කිසිම හැඟීමක් දැනීමක් දැනෙන්නෙ නෑ කියල තමයි වෛද්‍ය විද්‍යාත්මක ව පිළිගන්නෙ. හැබැයි ඉතිං වතුරෙ ඉන්න ක්ෂුද්‍ර ජීවියෝ මැරෙයි කියල වතුරත් පෙරලා බොන මිනිස්සු ඉන්න ලෝකේ මේකටත් “හැබැයි ඉතිං… ඒ වුණාට…” කියන කට්ටිය ඉන්න පුළුවන්. ඉතිං එහෙම අය ක්ෂුද්‍ර ජීවීන්ගෙ බැරි නම් බැක්ටීරියා, වෛරස්වල ‘ජීවත්වීමේ’ අයිතිය වෙනුවෙන් පෙනීහිටියත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ බැක්ටීරියා, වෛරස් මගේ ශරීරයට ඇතුල් වුණාට පස්සෙ ඒක එයාලා ගැන තීරණය ගන්නෙ මම! මොකද ඒ මගේ ශරීරය!

කළලයේ ‘ජීවිතය’ ගැන තීරණ ගන්න ‘අම්මට’ අයිතියක් තියෙනවද කියන එක ගැන මොන දාර්ශනික ටෝක් දුන්නත් ඇත්ත කතාව තමයි කළලයක් කියන්නෙ කාන්තාවකගේ ශරීරය ඇතුලෙ තියෙන, ඒ ශරීරයේ රුධිර නාළ පද්ධතියෙන් ම පෝෂණය වෙන පරපෝෂිතයෙක් කියන එක. එතකොට මේ තවම ජීවයක් හරියට හටනොගත්ත ඩිම්බය තමන්ගේ ශරීරයේ තියාගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න එයාට සම්පූර්ණ අයිතිය තියෙනවා.

3.  අනී… ඉතිං ඔය ළමයව වදලා කාටහරි හදාගන්න දෙන්නකෝ

මේ කතාව කියන අයගේ ගෙවල්වල එයාලා ඒ විදියට අරන් හදාගත්ත ළමයි කීදෙනෙක් විතර ඉන්නවද කියල මම දන්නෙ නෑ. හැබැයි ඉතිං එයාලා හිතං හිටියට ළමයි හදනව කියන්නෙ පොටෙටො ක්‍රැකර්වලින් ලසඤ්ඤා හදනව වගේ ලේසි වැඩක් නෙවෙයි.

මාස 9ක් තිස්සෙ ළමයෙක් බඩේ තියාගෙන හදන එකයි, ඒ ළමයව එළියට ගන්න එකයි කොච්චර අමාරුද කියන එක ඔයාගෙ අම්මගෙන් (නැත්නම් ඕන ම අම්ම කෙනෙක්ගෙන්) පොඩ්ඩක් අහල බලන්න. වෛද්‍ය විද්‍යාත්මක ව ගත්තොත් දරුවෙක් ලැබෙනව කියන එකේ ශාරීරික සෞඛ්‍යයට විතරක් නෙවෙයි, අම්ම කෙනෙක්ගෙ මානසික සෞඛ්‍යයටත් ලොකු බලපෑමක් කරනවා. ඇත්ත, ඒ දේවල් ඔක්කොම විඳගෙන ඔයාව ලෝකෙට බිහිකරපු අම්මට ඔයා ගරුකරන්න ඕන. ඒත් ඒ වේදනාව තව කෙනෙකුට බලහත්කාරෙන් දෙන්න හදන්න එපා.

අතින් දේ තමයි ගෑණු කියන්නෙ ළමයි හදන මැෂින් නෙවෙයි. රේප් එකකින් ප්‍රෙග්නට් වුණු අවුරුදු 12ක පොඩි ළමයකුට තව ළමයෙක් හදන එකට වඩා ශිෂ්‍යත්වෙ පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට යනව වගේ හීන තියෙන්නෙ පුළුවන්. දැනටමත් දරුවො ඉන්න අම්ම කෙනකුට වුණත්, තමන්ට ලැබෙන සීමිත ආදායමෙන් ඉන්න දරුවන්ට හොඳට උගන්වන්න ඕන වෙන්න පුළුවන්, කන්න නැතුව මන්දපෝෂණේ හැදිලා නන්නත්තාරෙ යන ළමයි රොත්තක් හදනව වෙනුවට.
අනිත් එක “කාට හරි දෙන්න” කීවට ළමයි එහෙම “කාට හරි” දෙන්න බෑ. කළලයක් කියන්නෙ කිසි දෙයක් දැනෙන්නෙ නැති දෙයක් වුණාට ළමයෙක් කියන්නෙ ඒ වගේ නෙවෙයි. තමන්ගෙ දරුවා හරියට ආදරේ, රැකවරණය, පෝෂණේ ලැබෙයිද කියල නැතුව කොහෙ හරි, කාට හරි හදාගන්න දෙනව කියන එක ලේසි තීරණයක් නෙවෙයි.

4. මෙච්චර උපත් පාලන ක්‍රම තියෙද්දි ගබ්සාව මොකටද?

ඉස්සරලම කියන්න ඕන ගබ්සාව සාමාන්‍යයෙන් උපත් පාලන ක්‍රමයක් හැටියට සැලකෙන්නෙ නෑ. මොකක් හරි හේතුවක් නිසා අනිත් උපත් පාලන ක්‍රම පාවිචි කරන්න බැරි වුණු වෙලාවක අවසාන ඔප්ෂන් එක හැටියට තමයි ඇබෝෂන් එක එන්නෙ. ලංකාවේ ගොඩක් කට්ටිය උඩදාන සංස්කෘතියට පිං සිද්ධවෙන්න තරුණ වයසෙ ගොඩක් දෙනකුට ලිංගික අධ්‍යාපනය වගේ ම උපත් පාලන ක්‍රම සම්බන්ධ ව තියෙන ඇක්සස් එකත් හරි අඩුයි නෙ. අනිත් එක තමයි කිසිම උපත් පාලන ක්‍රමයක් 100%ක් සාර්ථක නෑ වගේ ම රේප් කේස් එකක් වගේ ටෲමැටික් අත්දැකීමකට පස්සෙ පෙත්ත ගන්න බැරිවෙච්ච එකේ වැරැද්දත් රේප් වුණු කෙනාටම දාන එක සාධාරණ නෑ. ඒ වගේ ම තමයි, ජීවිතේ අනිත් ඕනම දේකදී වගේ සෙක්ස්වලදිත් අත්වැරදීම් වෙන්න පුළුවන්.

5. ඕක නීතිගත කළොත් කට්ටිය ආතල් එකටත් ඇබෝෂන් කරගනී

ඇබෝෂන් එකක් කරපු කෙනෙක්ගෙන් ම අහල බලන්න ඕන ඒකේ තියෙන “ආතල් එක.” නියමිත පහසුකම් යටතේ සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්ගෙ අතින් කරනව නම් ගබ්සාව කියන්නෙ ලෝකේ තියෙන අවදානම අඩුම වෛද්‍ය ප්‍රතිකර්මවලින් එකක්. හැබැයි අනිත් ගොඩක් වෛද්‍ය ප්‍රතිකර්ම වගේ ම ගබ්සාව කියන්නෙත් කිසිම වේදනාවක් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොඩි පොඩි සංකුලතාවල ඉඳන් සෑහෙන වේදනාකාරි තත්ත්වයන් දක්වා මුහුණදෙන්න ගබ්සාවට ලක්වෙන ගොඩක් අයට සිද්ධවෙනවා. ශරීරයේ හෝමෝනවල සිද්ධවෙන වෙනස්කම් සහ අනිත් සමාජීය, ආගමික වගේ කාරණා නිසා ගොඩක් දෙනෙක් (තාවකාලික ව වුණත්) මානසික වශයෙනුත් ලොකු වේදනාවට මුහුණදෙනවා. ඉතිං මෙච්චර ලේසියෙන් පාවිචි කරන්න පුළුවන් උපත් පාලන ක්‍රම තියෙද්දි ඒව පාවිචි නොකර “ආතල් එකට” ගබ්සාකරගන්න හිතන කට්ටිය ඉන්නව කියල හිතන්න අමාරුයි. කලිනුත් කීව වගේ කෙනෙක් ගබ්සාවකට පෙළඹෙන්නෙ වෙන කරන්න ම දෙයක් නැති නම් අන්තිම තුරුම්පුව හැටියට.

හැබැයි ඉතිං ගබ්සාව පිටින් (හරි වෙන ඕන මගුලක් පිටින්) දාලා මිනිස්සු සෙක්ස් කරන එක නවත්තන්න බලාගෙන ඉන්න, ගබ්සාවටත් විරුද්ධ, උපත් පාලන ක්‍රමවලටත් විරුද්ධ, සෙක්ස්වලටත් විරුද්ධ, කොල්ලො කෙල්ලො අතින් අල්ලනවටත් විරුද්ධ සුචරිතවාදි සෙක්ස් කුහයන්ට නම් කියන්න තියෙන්න, ඔයා කැමති වුණත් නැතත්, ගබ්සාව තිබුණත් නැතත් මිනිස්සු සෙක්ස් කරනව තමයි; ඇයි මොකද?

6. රේප් කරපු එකාව එල්ලන්න ඕන; එතකොට හරි!

එතකොට හරිද? ෂුවර්ද? වරදකාරයට දඬුවම් ලැබෙන්න ඕන; ඒක ගැන වාදයක් නෑ (එල්ලල මරනවද නැද්ද කියන එක වෙනම කතාවක්). හැබැයි ඒකෙන් අපරාධයට ලක් වුණු කෙනාට වෙන සෙතේ මොකක්ද? ලිංගික අපරාධවලට සිර දඬුවම, මරණ දඬුවම වගේ ම අතපය කපල දානව වගේ දරුණු දඬුවම් දෙන රටවලුත් ලෝකේ තියෙනවා. ඒත් ලෝකේ කොහෙවත් නැත්තෙ මොනවද දන්නවද? ලිංගික අපරාධ සම්පූර්ණයෙන් තුරන් කරපු රටවල්! ලිංගික අපරාධ අඩුකරන්න (හෝ පුළුවන් නම් නැත්තට ම නැතිකරන්න) අවශ්‍ය පියවර ගන්න ඕන. ඒත් එතකල් මොකද කරන්නෙ? අපරාධයට ලක් වුණු කෙනාට තමන්ට අවශ්‍ය නැති දරුවෙක්ව හදාගන්න කියල බලකරනව කියන්නෙ වැරැද්ද කරපු කෙනා වෙනුවට වින්දිතයට දඬුවම් දීමක් නෙවෙයිද?

7. දෙවියන් වහන්සෙගෙ කැමැත්ත/ පූරුවෙ අකුසල තමා. අපට කරන්න දෙයක් නෑ.

මෙහෙමයි, කැමති කෙනෙකුට තමන් විශ්වාස කරන දෙවියන් ව හරි, තර්මය හරි වෙන ඕන දෙයක් විශ්වාස කරන්නත් ඒ අනුව ජීවත් වෙන්නත් අයිතිය තියෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එයාලා විශ්වාස කරන දේවල් අනිත් අයට බලෙන් පටවන්න යන එකයි. ආගම කියන්නෙ කෙනෙක් ස්වේච්ඡාවෙන් අදහන දෙයක්. දස පනත, පන්සිල් වගේ දේවල් නීතිගත කරන්න ඒ ආගමික ශාස්තෘවරු ට්‍රයි කළා කියල අපි අහල නෑනේ. ඒ නිසා ඔයා ගබ්සාවට අකැමැති නම්, ඒක පවක් කියල හිතනව නම්, දේව කැමැත්තට පටහැනියි කියල හිතනව නම්, ඔයා ඒක කරන්න එපා. ඒත් අනිත් අයට “දෙවියන්ගෙ කැමැත්තට පිටින් ගිහින් පව් කරන්න” තියෙන නිදහසට බාධා කරන්න එන්නත් එපා.

මේ දවස් වල ලංකාවේ ගබ්සාව සම්බන්ධ අලුත් නීති ගැන යන කතාබහ මේක ලියන්න හේතු වුණත් මේ කියල තියෙන දේවල් නම් ඒ අලුතින් යෝජනා කරන නීතිත් එක්ක ලොකු සම්බන්ධයක් නෑ. මොකද අකෙනෙක්ට තමන්ගේ ශරීරය ගැන තියෙන මූලික මිනිස් අයිතිය මේ නීතියෙනුත් හරියට තහවුරු වෙන්නෙ නැති නිසා. මේ අලුතෙන් යෝජනා කරන නීතියෙන් ගබ්සා කරන්න ඉඩ ලැබෙන්නෙ රේප් එකකින් ඇතිවෙච්ච කළලයකට සහ බරපතල විකෘතිතා තියෙන කළලයකටයි විතරයි. ඒකත් වෛද්‍යවරු කීපදෙනක් හරහා සහ උසාවි හරහා යන සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක්. ඇත්තට ම දුක්වෙන්න ඕන කාරණය තියෙන්නෙ මේ වගේ මොළයක් තියෙන කිසි කෙනෙක් විරුද්ධ වෙයි කියල හිතන්න අමාරු අන්තිම සාධාරණ අවස්ථාවලවත් ගබ්සාවක් කරගන්න මෙච්චර කල් නීතියෙන් අවසර නොතිබුණු එක ගැන.

ඉතිං ඒකවත් නොතේරෙන, තාමත් මාස 3ක කළලයක මට්ටමවත් මොළේ වර්ධනය වෙලා නැති අයට මෙහෙම නෙවෙයි කොහොම කීවත් තේරෙන්න නෑ කියල අපට තේරෙනවා. ඒ නිසා අපි මේ ලියන්නෙ එයාලට නෙවෙයි. හැබැයි දෙයක් හිතල තේරුම්ගන්න පුළුවන් මට්ටමේ මොළයක් තියෙන ඔයාට මේ අසාධාරණ නීතියට විරුද්ධ වෙන්න වගකීමක් තියෙනවා. ඔයාගෙ අම්මා වෙනුවෙන්; ඔයාගෙ සහෝදරිය හෝ දුව වෙනුවෙන්; නැත්නම් ඔයා කවදාවත් හම්බ වෙලා නැති, ඔයා අඳුනන්නෙත් නැති, ඒත් ඔයාට වගේ දුක වේදනාව දැනෙන තවත් මනුස්සයෙන් වෙනුවෙන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide