මීතොටමුල්ලත් නාය ගියා, දෙයියනේ කියලා දැන්වත් හැදෙමුද?.

ලංකාවේ ගොඩක් අයගේ කට විතරනේ; වැඩ නැහැ. රටේ පාලනය අතට අරගෙන ඉන්න මේ ලෝකේ රහක් නැති ආණ්ඩුවේ ලොක්කන්ගේ ඉඳන්, පොඩි ම මනුස්සයා දක්වා මේ තත්ත්වය සාමාන්‍යයයි.

Image Source : newsradio.lk

මීතොටමුල්ලේ කුණු කන්ද නායගියාට පස්සේ, විපතට පත්වෙච්ච පවුල්වලට සහන දෙන්න මේ තරම් මුදල් වෙන් කළා; මියගිය අයගේ දේහයන් හොයන්න මෙච්චර හමුදා බල ඇණි යෙදෙව්වා වගේ කතාන්දර කියන්න අය ඕනේ තරම් ඉන්නවා. ඒත් මේ කුණු කන්ද නායයන්න කලින්, ඒ ගැන තියෙන අවදානමට පියවරක් ගන්න කිසි කෙනෙක් නොහිටියේ, අපේ ගොඩක් අයට තියෙන්නේ කටේ හයිය විතරක් නිසයි.

කොහොම වුණත් තව සතියකින් දෙකකින් අපේ හුඟක් අයට මේ සිද්ධිය අමතක වෙනවා. විශේෂයෙන් ම අපේ ආණ්ඩුවේ ලොක්කන්ට. ඊටපස්සේ කුණු කඳු හැදෙන එක ගැන තියා, මේ නාය යෑමෙන් අතරමං වෙච්ච මිනිස්සු ගැනවත් උන්දැලට සිහියක් නැහැ.

ඉතින් ආයේ මේ වගේ දෙයක් නොවෙන්න අපට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ඔව්, අපි එකතු කරන කුණු කන්දල්, කුණු කන්දට නොයැවෙන විදියට  කරන්න පුළුවන් දේවල් බොහොමයි. මේ ඒ අතරින් කීපයක්.

1. කඩදාසි/රෙදි බෑග් පාවිච්චිය පටන්ගනිමු

පොලිතීන් පාවිච්චියේ ආදීනව ගැන කොච්චර බණ කිව්වත්, අපේ අයගේ ඒ පුරුද්ද නැති කරන්න බැහැනේ. 2016 ජනවාරි පළවෙනිදා ඉඳලා මයික්‍රෝන 20ට අඩු පොලිතීන් තහනම් කරමින් ආණ්ඩුවෙන් නීතියකුත් දැම්මා. ඒත් දැනටත් සුපර් මාකට්, ග්‍රොසරිවල පාවිච්චි වෙන්නේ ෂොපින් කවර ම තමයි. ඉතින් මේකට පිළියමක් දෙන්නේ කොහොමද?

කඩපිලට යද්දී පොලිතීන් බෑග් උස්සන් නොයා ගෙදර තියන කඩදාසි බෑග්, රෙදි බෑග් අරගෙන යනවනම්, කඩවල්වලින් පරිසරයට එකතුවෙන පොලිතීන් ප්‍රමාණය නිකන් ම අඩු වෙනවා. ඒකත් බැරි නම්, ගෙදර තියෙන පරණ පොලිතීන් බෑග් විසි නොකර ආයේ පාවිච්චියට ගන්න. එතකොට අමුතුවෙන් පොලිතීන් පරිසරයට එක්කාසු වීමක් වෙන්නේ නැහැ. තමන් මේවා කළාට විතරක් මදි. වටේ පිටේ ඉන්න අයට, අපේ පොඩ්ඩන්ට එහෙමත් ඒ ගැන කියලා දෙන්නත් ඕනේ.

2. ප්ලාස්ටික් පාවිච්චිය අවම කරමු

ගමනක් බිමනක් යද්දී තිබහක් ආවම අර කඩේ තියෙන රුපියල් හැටේ ප්ලාස්ටික් වතුර බෝතලයක් අරන් බොන්න අපි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ඔය පැණි බීම ජාති බොනවට වඩා, මේ වගේ දේකින් තිබහ යවාගන්න එක තමන්ගේ ඇඟට ගුණයි. ඒ වුණාට, ඒ ප්ලාස්ටික් බෝතලය පරිසරයට බැහැර කළා ම එකෙන් පරිසරයට වෙන්නේ ලොකු හානියක්. ඒ නිසා බොන බොන වතුර බෝතලේ පාරේ අතාරින්නෙ නැතුව, තමන්ගේ පාවිච්චියට ගන්න හැකියාවක් ඇත්තන්, සෑහෙන්න හොඳයි. ඔය මෙගා සයිස් බීම බෝතල් කපලා, මල් වගාවට යොදාගන්න විදිය එහෙම දැකලා තියෙනවා නේද?

3. ප්‍රතිචක්‍රීකරණය කරමු

Image Source : Ceylon Waste Management

අපි අහක දාන ද්‍රව්‍ය බාරගෙන, ප්‍රතිචක්‍රීකරණය කරන ආයතන කීපයක් ම මේ වෙද්දී ලංකාවේ තියෙනවා. ප්‍රයෝජනයට නොගන්න ඇඳුම් එහෙම තියෙනවනම්, The Street Store Sri Lanka එකට දෙන්න පුළුවන්. ගේ පුරා තියෙන කැඩිලා බිඳිලා ගිය ඉලෙක්ට්‍රොනික් කෑලි බෑලි එහෙම දෙන්න ඕනේ Ceylon Waste Management එකට.

4. කොම්පෝස්ට් පොහොර හදමු

කොම්පෝස්ට් කියන්නේ ගෙදරදොරේ ම ලේසියෙන් හදාගන්න පුළුවන් පොහොර ජාතියක්. ඉවතලන කෑම, එළවලු, පළතුරු කොටස්, තේ කොළ, කෝපි කුඩු, බිත්තර කටු වගේ ජාති මේ වැඩේට යොදාගන්න පුළුවන්. වත්තේ පිටියේ වගාවක් නොකරන අයට මොකටද කොම්පෝස්ට් පොහොර කියලා කෙනෙක්ට හිතෙන්නත් ඇහැකි. තමන්ගේ පාවිච්චියට නැතත්, මේ වැඩේ බිස්නස් එකක් විදියට කරන්නකෝ. අමතර ආදායමකුත් ලැබෙනවා, පරිසරයටත් හොඳක් වෙනවා.

5. දෙමු

කුස්සියේ රාක්කවල, ශීතකරණ ඇතුළේ පරණ වෙන කෑම වර්ග කොච්චරක් නම් අපේ ගෙවල්වල තියෙනවද? තමන්ට ප්‍රයෝජනයක් නැතත්, සෝබනේට හරි මේවා තියාගන්න තමයි අපේ උදවිය කැමති. අන්තිමට වෙන්නේ ගෙදරට ම පරණ වෙලා කුණු ගොඩට යන එක. බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ කියන්නේ ඔන්න ඔය වගේ වෙලාවට.

කල් තියා ගන්න පුළුවන් විදියේ කෑම වර්ග ඔයාලා ළඟත් තියෙනවනම්, ඒවයෙන් ඔයාලා වැඩක් ගන්නෙත් නැත්තන් WGSA, Robin Hood Army Sri Lanka වගේ ආයතනවලට පරිත්‍යාග කරන්න පුළුවන්. කෑම බීම උවමනා කරන කට්ටියට මේවා ගිහින් දෙන්න ඒ අය ඇපකැපවෙලා ඉන්නවා.

ඒ විතරක් නෙවෙයි, ගෙදර එකතු වෙන කඩදාසි, පත්තර කොළ, වීදුරු බෝතල් වගේ දේවල් බැහැර කරන්නත් විදි තියෙනවා. එකක් තමයි බෝතල් පත්තරකාරයෙක් ට ඒවා දෙන එක. ඒ නැතත්, ඕවා මිලදී ගන්න කඩවලුත් ලංකාවේ ඕනේ තරම්. මාසෙක විතර කඩදාසි එකතු කරලා ඒ වගේ තැනකට ගියොත්, සාක්කුවටත් ගාණක් එක්කාසු කරගත්තෑකි.

6. සැලකිල්ලෙන් බඩු මිලදී ගමු

සුපර් මාකට්වලින් එහෙම ගන්න බඩු සමහර ඒවායේ මෙන්න මේ සලකුණ තියෙනවා දැකලා තියෙනවද? මේකෙන් කියන්නේ ඒ අදාළ ‘නිෂ්පාදනය ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්’ ය කියන එක. ඒ කියන්නේ ඒ වගේ ද්‍රව්‍යවලින් පරිසරයට වෙන හානිය අවමයි. ඉතින් ගෙදරට බඩු ගනිද්දී, හැකි තරමෙන් ඒ වගේ නිෂ්පාදන ගන්න එක තමයි හොඳ.

7. බිස්නස් එකක් පටන්ගමු

Image Source : Manga'sWaste For Life Sri LankaHouse of Lonali 

කලින් අර කොම්පෝස්ට් කතාවේදී කිව්වා වගේ, අහක දාන මේ කැළිකසළවලින් බිස්නස් එකක් පටන් ගන්න එක මහ වැඩක් නෙවෙයි. පරිසරයට සෙතක් කරන ගමන්, අතටත් ගාණක් ලෙසියන් ම එකතු කරගන්න මේක නියම පිළියමක්. ප්‍රතිචක්‍රීකරණය කරපු ද්‍රව්‍යවලින් තමන්ගේ ම කියලා ව්‍යාපාර කරන කාණ්ඩ කීපයක් ම ලංකාවේ ඉන්නවා.

Waste For Life Sri Lanka ඒ අතරින් එකක්. එයාලා කරන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික්, රෙදි සහ කෙසෙල් පටවලින් පර්ස්, කෝස්ටර්, නෝට්බුක් වගේ දේවල් හදන එක. ඉවතලන කඩදාසි, කාඩ්බෝඩ්, ඩෙනිම්වලින් ලස්සන ආභරණ හදන්න Manga's එකේ උදවිය සමත් වෙලා ඉන්නවා. House of Lonali මේ ගොන්නට එකතුවෙන්නේ අහක දාන ද්‍රව්‍යවලින් එයාලා හදන පර්ස්, සපත්තු වගේ ජාති නිසා.

මීතොටමුල්ලට කොච්චර සහන දුන්නත්, නැතිවුණු ජීවිතවලට පණ දෙන්න ඒවාට බැහැනේ. දේපල, හරකා-බාන යකාට ගියත්, ඒ මිනිස්සුන්ගේ නැතිවෙලා ගිය බලාපොරොත්තු, නෑදෑකම්, හිතවත්කම් ආයේ ඇති කරන්නත් බැහැ. කොටින් ම කිව්වොත්, මේ වගේ ආපදාවක් වුණාට පස්සේ රටේ නැති මොන බණ කිව්වත් වැඩක් නැහැ. කරන්න ඕනේ දේ ආයෙත් මේ වගේ දෙයක් නොවෙන්න වග බලාගන්න එකයි. අන්න ඒ වෙනුවෙන් අපේ අතින් කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි අපි මේ කිව්වේ. රටේ ලොකු ලොක්කනුත් නිදි නම්, අඩු තරමේ අපේ අතින්වත් මේවට පිළියම් යෙදෙන්න ඕනෙනේ, නේද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide