මාස්ටර්චෙෆ් තරගයේ බැබලුණු ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙක්!.

ශ්‍රී ලංකාව, ඊට ම ආවේණික පොහොසත් ඉවුම් පිහුම් කලාවක් දායාද වුණු, වාසනාවන්ත රටක්. විවිධ වාර්ගිකයන් වාසය කරන බහුවාර්ගික රටක් වීම, ඒ නිසා ම විවිධ සංස්කෘතිවලට අයත් ආහාරපාන තිබීම, ඒ වගේ ම අපිට ම අනන්‍ය වුණු අමුද්‍රව්‍ය, කුළුබඩු ආදිය සහිත වීම, විවිධාකාර රසින්, ගුණෙන්, පෙනුමෙන් යුතු ආහාරපාන වර්ග රාශියක් තිබීම, මේවා පිළියෙල කරන නොයෙක්  ක්‍රම සහ කෑම වට්ටෝරු පරම්පරා ගණනක් තිස්සේ නොනැසී පැවත ඒම වගේ කරුණු කාරණා හේතුවෙන් අපේ රටේ ඉවුම්පිහුම් කලාව හරි ම විචිත්‍ර කලාවක් වෙලා තියනවා.

ඒත් ඉන්දියන්, චයිනීස්, තායි, ඉතාලි වගේ කෑම වර්ග ලෝකෙ පුරා ආකර්ෂණය දිනාගෙන තිබුණත්, ශ්‍රී ලාංකික කෑම හෝ කෑම වට්ටෝරුවලට ජාත්‍යන්තරයේ ඒ තරං ලොකු තැනක් ලැබිල තිබුණෙ නෑ. හැබැයි පහුගිය දශකයක වගේ කාලය ඇතුළත, ජනප්‍රිය කුකිං ෂෝ එකක් වෙන මාස්ටර්චෙෆ් වගේ වැඩසටහන් ඔස්සේ ලාංකිකයන්ගේ ඉවුම්පිහුම් දස්කම් දැකගන්න ලෝකයට ම හැකි වුණා.

ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නෙ, ලෝකෙ පුරා මාස්ටර්චෙෆ් තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලැබුව, ලංකාවේ කෑමවල රස ගුණ සුවඳ ලෝකෙට ම පතුරවලා අපේ රටට ආඩම්බරයක් වුණ, ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙක් ගැන.

ජෝජියා

2020 ජූනියර් මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා තරගය ජයග්‍රහණය කළේ 11 හැවිරිදි පුංචි ජෝජියා. ඇය තුළ ඇති ඉවුම්පිහුම් ආසාව අනෙක් අය හඳුනගෙන තියෙන්නෙ ඇයට අවුරුදු තුනේදී. ඇගේ මවගේ පාර්ශ්වය ශ්‍රී ලාංකිකයන්. ඉතින් ඇයට ලංකාවේ කෑම ජාති හදන විදිහ කියා දීලා තියෙන්නේ ඇගේ මිත්තණිය. වැඩිය පැණි රස කෑමට කැමති නැති කෙනෙක් වුණත් ජෝජියා පැණි රස ජාති පිළියෙල කරන්න නං හරි ම කැමතියි.

අවසන් මහා තරගයට ජෝජියා සකස් කළේ ලංකාවේ කෑම වට්ටෝරුවක්. සැෆ්රොන් රයිස්, පෝක් කරියක්, වම්බටු කරියක්, කජු කරියක්, පිපිඤ‍්ඤා රයිතා සහ පපඩම් තමයි ඇය අතින් පිළියෙල වුණු කෑම වේල. ඊටපස්සෙ ඇය හැදුවා අතුරුපසක්. මේකෙ නම ‘ට්‍රොපිකල් මෙස්’. කොකනට් අයිස්ක්‍රීම්, ඩේවිඩ්සන් ප්ලම් මරෑන්ග්ස් සහ පර්ල්ස් සහ ලෙමන්ග්‍රාස් ග්‍රනිටා තමයි ඇය ඒකට යොදාගත්තෙ.

ඩී විලියම්ස්

මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා තරගයට ඉදිරිපත් වුණු පළමු වැනි ශ්‍රී ලාංකික තරගකාරිය තමයි ධයනි ‘ඩී’ විලියම්ස්. ලංකාවේ ඉපදිලා, වැඩිදුර අධ්‍යාපනය සඳහා 2007 දී ඔස්ට්‍රේලියාවට ගිය ඇය මේ තරගයේ දී ලංකාවේ රස ම රස කෑම වේල් සංග්‍රහ කරලා විනිශ්චය මණ්ඩලයේ ප්‍රසාදය දිනාගන්න සමත් වුණා.

ඩී ඇගේ ක්‍රැබ් කරි, අන්නාසි සලාද සහ කොකනට් රයිස් කෑම වේල වෙනුවෙන් වයිට් ඒප්‍රන් එක දිනාගත්තා. ඊටපස්සෙ ඇය ඇගේ මවගේ කෑම වට්ටෝරුවකට අනුව චිකන් කරියක්, පොල් සම්බෝල, පරිප්පු එක්ක පොල් රොටී එහෙමත් සකස් කළා.

මිනෝලි ද සිල්වා

මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා 2021 තරගයේ අවසන් 10 දෙනා අතරට ආපු ගමනෙදි, තමන්ගෙ සූපවේදී හැකියාවෙන් විනිශ්චය මණ්ඩලය වරින් වර පුදුම කරන්න මිනෝලිට පුළුවන් වුණා. කොහොම වුණත් මිනෝලිට ඉවුම්පිහුම් ගැන ඇති වුණු උනන්දුවට හේතුව නං මාස්ටර්චෙෆ් තරගය දිනනවටත් වඩා දුෂ්කර අභියෝගයක්.

මිනෝලි කෙමිකල් ඉංජිනියර් කෙනෙක්. 2017 දී ඇයට පියයුරු පිළිකාවක් වැළඳෙනවා. මාස හතක තිස්සේ ඊට ප්‍රතිකාර ලැබීමේ අතුරු ඵලයක් විදිහට මිනෝලිට කිසිම ආහාරයක රස දැනෙන්නෙ නැතුව යනවා. ඒත් ආහාරපාන සකස් කිරීම ගැන ඇය තුළ ඇති ආශාව එයින් යටපත් වෙන්නෙ නෑ. ඉතින් ඉතා ඉක්මනින් ඇය යථා තත්ත්වයට පත් වෙලා අලුත් රස අත්හදා බලන්න පටන්ගත්තා. ඇය මාස්ටර්චෙෆ් තරගය දක්වා ආවේ ඒ අනුවයි.

පළමු වැනි වටයේදි ඇය පිළියෙල කරන්න තෝරගත්තේ ලංකාවේ කරි සහ සම්බෝල මිශ්‍රණයක්. ඒ තමයි රත් කරපු කෙසෙල් කොළයක් උඩට බෙදපු බත්, චිකන් කරියක්, වම්බටු කරියක්, කිවි කරියක්, ලූනු සහ තක්කාලි සම්බෝලයක් එක්ක පොල් සම්බෝල. ඒ වටයේදි ඇය වයිට් ඒප්‍රන් එක දිනාගත්තා. 

රේ සිල්වා

වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වෙන රේ සිල්වා 2017 දි මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා තරගයට ඉදිරිපත් වෙලා අවසන් 24 දෙනා අතරට තේරුණා. චිකාගෝවල උපන් ඔහු පසුව ශ්‍රී ලංකාවට ඇවිත්, පදිංචිය සඳහා ඔස්ට්‍රේලියාවට ගියා. ඔහුගේ ඉවුම් පිහුම් ආශාව පසුපස ඉන්නේ ඔහුගේ දෙමාපියන්. රේ කියන විදිහට ඔහු ජීවිතේ රස බලපු හොඳ ම කකුළු කරිය හදලා තියෙන්නෙ ඔහුගේ පියා.

මාස්ටර්චෙෆ් තරගය පුරා ම රේ ශ්‍රී ලංකාවේ සහ ආසියානු කෑමවලින් වෙනස් ව වෙනත් කෑම වර්ග පිළියෙල කරන්න වග බලාගත්තා. මේකට හේතුව විදිහට ඔහු සඳහන් කළේ මාස්ටර්චෙෆ් තරගයේ ඉන්න දකුණු ආසියානුවන් ‘කරි විතරක් හදන්න පුළුවන් අය’ විදිහට තියන ලේබලය බොරුවක් බව ඔප්පු කරන්න තමන්ට අවශ්‍ය වුණා කියන එකයි. හැබැයි ඔහු ලංකාවේ කෑමවලත් ලොකු රසිකයෙක්. ඒ වගේ ම තමන් සකස් කරන ආහාරපාන gourmet ඒවා බවට වග බලාගන්නත් ඔහු සෑහෙන උනන්දු වුණා. උදාහරණයක් විදිහට පැස්ටා සකස් කරද්දි ඔහු කඩෙන් ගත්ත පැස්ටා වෙනුවට ඔහු ම හදන පැස්ටා පාවිච්චි කළා.

ජෙසිකා හීත්

ශ්‍රී ලාංකික ඇමරිකානුවෙක් වෙන ජෙසිකා හීත් මාස්ටර්චෙෆ් USA සීසන් 8 තුළ අවසන් තරගකරුවන් 40 දෙනා අතරට පැමිණියා. ඒ ඇමරිකාවේ විවිධ දිශාවෙන් ආපු තරගකරුවන් 60,000ක් අතරින්. ඇයත් ඇගේ මිත්තණියගේ ඉවුම් පිහුම් ඇසුරෙන් තමයි මේ ක්ෂේත්‍රයට යොමු වෙලා තියෙන්නෙ.

මාස්ටර්චෙෆ් තරගයේ දි ලංකාවේ කුළුබඩු, මිරිස්, පොල්කිරි ඇතුළු තවත් අපේ කෑම රසවත් කරන අමුද්‍රව්‍යවලින් හදපු නියම ශ්‍රී ලාංකික කෑම වේලක් ජෙසිකා ජාත්‍යන්තර වේදිකාවට ඉදිරිපත් කළා. ඒ ගෝඩන් රැම්සි ඇගේ මේ දස්කම් දිහා බලා ඉන්න අතරේ!

ජෙසිකාගේ සූප ශාස්ත්‍ර පොත – CeyLove නිකන් ම නිකන් කුක් බුක් එකක් නෙමෙයි. ලාංකික ආහාර ගැන ඇයට ඇති ආදරය, ඇය කෑම පිළියෙල කරන ආකාරය හා බැඳුණු කතාන්දර, එයින් ඇය සතුටු වෙන විදිහ… මේ හැම දේ ම, ඇගේ පොතේ තියන හැම රෙසිපි එකක් ගාණේ ම, හැම පිටුවක් ගාණේ ම, වචනයක් ගාණේ ම ලියවිලා තියනවා. 

මලින් ද සිල්වා

BBC මාස්ටර්චෙෆ්: ද ප්‍රොෆෙෂනල්ස් තරගයේ අවසන් පූර්ව වටයට ආපු මලින් ද සිල්වා හික්කඩුවේ ඉපදිලා පසුව එකසත් රාජධානියට යන්නේ තමන්ගේ සූපවේදී හීනය හැබෑ කරගන්නමයි. ප්‍රකට අවන්හල් රාශියක වැඩ කළාට පස්සේ සහ මාස්ටර්චෙෆ්: ද ප්‍රොෆෙෂනල්ස් තරගයේ අවසන් පූර්ව වටයට ආවට පස්සේ, ඔහු ලන්ඩනයේ පැරඩයිස් සොහෝ අවන්හලේ ප්‍රධාන සූපවේදියා වශයෙන් මෑතකදී පත් කෙරුණා.

බටහිර කෑමබීමවලට ලංකාවේ ආභාසය එකතු කරන්න බොහෝ කැමති මලින්, සිය මාස්ටර්චෙෆ් චාරිකාව පුරාමත් එය අත්හදා බලන්න අමතක කළේ නෑ.

කුමාර් පෙරෙයිරා

කුමාර් පෙරෙයිරා සාර්ථක කලා අධ්‍යක්ෂවරයෙක් සහ නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේ ම සූපවේදියෙක්. ලංකාවේ ඉපදිලා, ලෝකේ වටේ ම ඇවිදලා, සිය පවුලත් එක්ක ම ඔස්ට්‍රේලියාවේ පදිංචි වුණු ඔහු 2011 දී මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා සීසන් 3 තරගයේ අවසන් 12 දෙනා අතරට පැමිණියා. ඉන්පස්සේ ඔහු ‘මාස්ටර්චෙෆ් ඕල් ස්ටාර්ස්’ නමින් 2012 දී පැවැත්වුණු, කලින් අවුරුදු තුනෙන් තෝරගත්ත විශේෂ තරගකරුවන් සහිත වැඩසටහනකටත් සහභාගි වුණා.

කුමාර්ගේ මාස්ටර්චෙෆ් ගමනෙදි ඔහු සකස් කළේ ලෝකෙ වටේ සංචාරය කරද්දි ඔහුට හමු වුණ විවිධ ආහාරපාන. ඒ හැම එකකට ම ලංකාවේ මුළුතැන්ගේ ආභාසයත් ඈඳාගන්න ඔහුට පුළුවන් වුණා.

2013 වසරේදි ඔහු තම පළමු සූප ශාස්ත්‍ර ග්‍රන්ථය එළිදැක්වූවා. ඒකෙ නම ‘කුමාර්ස් ෆැමිලි කුක් බුක්’. කෑම වට්ටෝරු නිර්මාණය කරන්න ඔහු දක්වන සමත්කම එයින් දකින්න පුළුවන්. ඒ වගේ ම ආහාරපානවල ඡායාරූප වෙනුවට ඔහුගේ අතින් ම ඇන්ද ආහාරපාන චිත්‍ර තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නෙ. ඒක හරි ම දුර්ලභ ව දකින්න ලැබෙන විශේෂත්වයක් කියල කියන්න පුළුවනි.

සමන්තා රොෂෙල් ද සිල්වා

2012 දී මාස්ටර්චෙෆ් USA තරගයේ තුන් වැනි සීසන් එකේ තරග කරපු සමන්තා රොෂෙල් ද සිල්වා එහි 18 වැනි ස්ථානය දිනාගත්තා. ඇගේ ඉවුම්පිහුම් කලාව සහ ක්‍රමවේදය, තරගයේ හිටපු දහස් ගණනක් සූපවේදීන් අතර කැපී පෙනුණා.

ඉවීමට අමතරව මුළුතැන්ගේ ඇතුළේ ඊට වැඩි දෙයක් කිරීමට ඇය නිතර උනන්දු වෙනවා. විශේෂඥ නිර්මාණ ශිල්පිනියක ලෙස ඇගේ වෘත්තියේ දී ලැබූ අත්දැකීම් සහ මාස්ටර්චෙෆ් තරගයේ දී ලද සුවිශේෂී අත්දැකීම් එකතු කරගෙන, සමන්තා දැන් සත්කාරක සහ අවන්හල් විශේෂඥ සේවයක් පවත්වාගෙන යනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide