වස්සානයට අපූරු සොබාදම් චාරිකාවක්! නිවාඩුවක් ගතකරන්න කියාපු ලස්සන නවාතැන් 8ක්.

හ්ම්ම්… මොනව කරන්නද, අනිත් නගර වගේ නෙවෙයිනෙ කොළඹ. දැන් දැන් හතර මායිමක ගහක් කොළක් නැති තත්වෙට පත්වෙලා. කොහෙක් තියා මාල ගිරවෙක් දැක බලා ගන්න පුලුවන් වෙන්නෙත් එහෙමත් වෙලාවක. අනේ, ‘90’ දශකෙ උදවියගෙන් පස්සෙ, වෙලේ ඕවිටේ, කැළේ කොළේ දුවල පැනල, ඇඹුල් පේර, දං වල රස හිතේ හැටියට විඳල කරල විනෝද වුනු පිරිසක් හොයා ගන්නවත් නැති තරම්. හැරත් ඒ දවස් වල නම් ‘ගමේ යනව’ කියල හරි යන්න තැනක් තිබුනා. ඒත් දැන්?

ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි අපි කල්පනා කලේ, කොළඹ වගේම අනිත් නගරබදව ඉන්න අයටත්, අළුත් අවුරුදු නිවාඩුවෙ පොඩි වෙනසක් දෙන්න. රාජකාරි වැඩ වලටයි, අධ්‍යාපනයටයි හිර වෙලා හිටියා ඇති කියල දැනටමත් කට්ටියට හිතෙනව ඇතිනෙ. නරකද ඒ ගතිය ඇරෙන්නත් එක්ක එළඹෙන සොඳුරු වසන්තයේ අපූරු නිවාඩුවක් ගත කරන්න ගියොත්. පවුලේ අයත් එක්ක නම් එහෙමයි, යාළුවොත් එක්ක නම් එහෙමයි, හ්ම්ම්… ආදරණීයයන් එක්ක වුනත් අවුලක් නෑනෙ.

කඳු පන්ති, තැනි තලා, ගංගා ඇල දොළ, මහ සයුර වගේම කැළේ කොළේ, සතා සීපාවා, කුරුළු කොබෙයියන්ගෙත් සුන්දරත්වය හිතේ හැටියට විඳගෙන එන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි නිදහස්, සුවපහසු රැයක් ගත කරන්න, රස කෑම ඇති වෙනකම් රස බලන්න වගේම තැන බලල ගිණි මැලයක් ගහගෙන කාරිය පොඩි අඩියක් එක්ක සිංදුවක් කියල විනෝද වෙන්නත් බැරියැ.

1. Banyan Camp, Udawalawe

(077 7349878)  

උඩවලවේ, බෝදාගම, කල්තොට පාරෙ, හම්බෙගමුව වැව අද්දර පිහිටල තියෙන සුන්දර නවාතැනක්. මුලුමනින්ම වගේ ලී, මැටි පාවිච්චි කරල තමයි නිර්මාණය කරල තියෙන්නෙ. බිම් කාමර වගේම උඩු පැල් කාමරත් තියෙන නිසා කොයි කාටත් හිතේ හැටියට පරිසරය රස විඳින්න පුලුවන්. වැඩි හරියක්ම අලි, උකුසු රාජාලි වර්ග දැක බලා ගන්න කියාපු තැන. උඩවලවේ වනෝද්‍යානයෙ සෆාරි යන්න කැමති අයටත් මෙයාලා වැඩේ ලෑස්ති කරල දෙනව. හැබැයි හොඳම වැඩේ තමයි හැන්දෑ ජාමෙ අල්ලල වැවේ බෝට්ටු සවාරියක් යන එක. වැව් ඉස්මත්තෙන් ඉර බැහැගෙන යද්දි, අහස් කුසේ මැවෙන සුන්දර වළාකුල් රටා, එතකොට, ඒ අතරින් ඈතට ඉගිලෙන කුරුලු රෑන් වල ලස්සන හිතේ හැටියට විඳගන්න. ආ.. ඒක නෙවෙයි මෙයාලගෙ කෑම බීම එහෙත් පංකාදු පහට තියෙනවලු. ඒ නිසා නරකද රෑ වෙන්න, රෑ වෙන්න ගිණි මැලයක් එක්ක බාබකියු පාර්ටියක් ලෑස්ති කර ගත්තොත්. 

2. Coolest Tree House, Habarana

(077 6701975)

හබරණ හංදිය කිට්ටුවම පිහිටල තියෙන මේ උඩු පැල් නවාතැන් ටික හොයා ගන්න නම් කිසිම අමාරුවක් නෑ. මොකද එතනම තමයි හබරණ, කවුඩුල්ල ජීප් සෆාරි එක තියෙන්නෙත්. මුලු මනින්ම ලී වලින් හදපු මේ උඩු පැල් ටිකේ අඩුවක් නැතුව සනීපාරක්ෂණය, රස කෑම බීම, ලස්සන වනගත දර්ශනතලය පවා තියෙනව. ඒත් වැඩි හරියක්ම මෙතන හරියන්නෙ ගිණි මැලයක් ගහගෙන, බාබකියු පාරක් දාගෙන, බෝතලයක් දෙකකුත් කිට්ටු කරගෙන සිංදුවක් කියන ගමන් විනෝද වෙන්න. ඒකෙ නෙවයි, ට්‍රී හවුස් ගිහින් ඔය මොන දේ කලත් වැඩක් නෑ අලි බලන්න සෆාරි ගියේ නැත්නම්, හොඳද.

3. Sri Lankan Tropical Retreat, Unawatuna

(077 3220542)

ෂහ්, පට්ට ලස්සන තැන ඈ.. ආයෙ නමේ තියෙනව වගේම, ෆුල්, රි ට්‍රීට් ප්ලේස් එකක්. පිහිටල තියෙන්නෙ මාවනැල්ල, ගම්පොළ අතර හෙම්මතගම කියන පැත්තෙ. ඝන කැළෑවෙන් වටවනු පරිසරය නිසා ගහ කොළ, සතා සීපාවා එක්ක රිලැක්ස් වෙන්නත් කියාපු තැන. තෙත් කලාපීය වනන්තරේ කුරුළු ගහනයත් එමටයි. ඒ නිසාම, හිමිදිරියට ඇහෙන තොර තෝංචියක් නැති කුරුලු හඬෙත් නිමක් නෑ. සම්පූර්ණයෙන් ලී, වීදුරු යොදාගෙන නිර්මාණය කරපු මේ පුංචි හෝටලයෙ අපූරු පූල් එකක් එක්ක 30,40 දෙනෙක්ට ඉන්න ඉඩත් තියෙනව. කෑම බීමත් පංකාදු පහයි කියල තමයි ආරංචිය. මේ කිට්ටුව සෆාරි යන්න තැන් ඒ හැටි නැති නිසා හයිකින්, වෝටර් ඇඩ්වෙන්චර් වගේ වැඩ වලට තමයි සෙට් වෙන්න වෙන්නෙ. එතකොට… ගිණිමැල කෙරුවාවත් ඒ හැටි හරියන එකක් නෑ.

4. Ruuk Village, Kalpitiya

(072 5056177)

කල්පිටිය, මුහතුවරම් පාරෙ තියෙන මේ කබානා ටික ලැයිස්තුවට එකතු කරන්න හිතුවෙ පොඩි වෙනසකටත් එක්ක. මොකද කැළේට වගේම මුහුදට ආස අයත් ඉන්නවනෙ. මේවත් තනිකරම ලීයෙන් තමයි හදල තියෙන්නෙ. හරි ලස්සනට පොල් අතු හෙවිලි කරලා, කුෂන් බංකු දාලා, නිදා ගන්න මෙට්‍රස් දාලා හදල තියෙනව. කෑම බීම අතරෙන් නම් නැගලම යන්නෙ සී ෆුඩ් තමයිලු. ඒ කොහොම වුනත් ඉර බැහැගෙන යන අපූරු හැන්දෑවක පොඩි ගිණිමැලයක් ගහගෙන කට්ටියත් එක්ක බාබකියු පාර්ටියක් දාන්න නම් කියාපු තැන. දවල්ට නම් මේ පැත්තෙ කරන්න ඕන තරම් වැඩ තියෙනවනෙ, සර්ෆින්ග්, ඩයිවින්ග්, ඩොල්ෆින්ල බලන්න බෝට් රයිඩ්ස්, ඇයි කයිට් ඇක්ටිවිටීස්. 

5. Sea View Tree House, Dickwella

(071 3041505)

මුහුදත් එක්ක රටා මවන තවත් අපූරු නවාතැනක්. හැබැයි එසේ මෙසේ නෙවෙයි, ජන්ගල් බීච් විලා එකක්. ඒ නිසාම කැළෑවයි, සුන්දර වෙරළ තීරයෙයි හැඩ එක පාර විඳ ගන්න පුලුවන්. මේ උඩු පැල් කාමරත් මුලුමනින්ම හදල තියෙන්නෙ ලී වලින්. හරිම සුවපහසුව ඉන්න පුලුවන්. කෑම බීම එහෙමත් හොඳට ඇති මයෙ හිතේ. කොහොම වුනත් හැන්දෑ ජාමෙට ගිණිමැලයක, පොඩි සැර බීම වීදුරුවක පහස විඳගෙන ජන්ගල් බීච් ෆන් එකක් ගන්න නම් කියාපු තැන. දවල්ට සර්ෆනිග් කරන්නයි, ඩයිවින්ග් කරන්නයි වගේ තමයි පුලුවන්. ඒකට බලන්න එපැයි උදේට ඉර පායද්දි, එක පැත්තකින් කැළෑව පීරගෙන එන කුළුඳුල් හිරු කිරණයි කුරුල්ලන්ගෙ කීචි බීචියයි, අනිත් පැත්තෙන් ගොළු මුහුදෙ හීනි හඬ, ආයෙ තව මොනවද ඉතින් රිලැක්ස් වෙන්න නේ…?

6. Galkadawala Forest Lodge, Habarana

(077 3732855)

රියල් වනගත අත්දැකීමකට ආයෙත් යමුද හබරණ කැළේ පැත්තට. හැබැයි හබරණ ඉඳන් ගල්කඩවල් වැව් ඉස්මත්තට යන්න ඕන. හරිම ලස්සන නවාතැනක්. අලි ගහන කැළේ, සතා සීපාවා, කුරුලු කොබෙයියො එක්ක හුදෙකලා වෙන්න, වැවේ ඔරු පදින්න, හැන්දෑ ජාමෙට ගිණිමැල, බාබකියු පාර්ටියක් දාන්න කියාපු තැන. මේ නවාතැනෙත් ඉදිකිරීම් කටයුතු කරල තියෙන්නෙ ලී, මැටි, ගඩොල් වලින්. ඒ නිසා හරිම ගැමි ගතියක් තමයි තියෙන්නෙ. එහෙමයි කියල කිසි දේකින් අඩුවක් නම් නෑ. කෑම බීම වගේම සර්විස් එකත් නියමෙට තියෙනව. ලස්සන දර්ශණ පථයක පිහිටපු උඩු පැළක් එහෙමත් තියෙන නිසා උදෙන්ම නැගිටල එතනට ගියා නම් හිතේ හැටියට රිලැක්ස් වෙන්නත් පුලුවන්. 

7. The Teak House, Thangalla

තංගල්ල මුහුදු තීරයට මුහුණපාලා ඉදිවෙලා තියෙන මේ අපූරු නවාතැනේ තියෙන විශේෂත්වය තමයි හැම දෙයක්ම පාහේ තේක්ක ධැව වලින් නිර්මාණය වෙලා තියෙන එක. ලස්සන අතින් නම් කිසිම අඩු පාඩුවක් නෑ. හැන්දෑවට ලයිට් දැම්මාම තමයි ‘තේක්ක ගෙයි’ හැඩ දෙගුණ තෙගුණ වෙන්නෙ. කෑම බීම වගේම අනිත් පහසුකම් අතිනුත් සෑහෙන්න ඉහල තැනක්. හැබැයි ඔය ගිණමැල සංදර්ශණ නම් මෙතනට හරියන එකක් නෑ. බීච් එකත් පළලට ලස්සනට තියෙනව. හැබැයි වැඩිය සෙල්ලම් දාන්න යන්න පුලුවන් තැනක් නෙවෙයි. ඒ මොනව නැතත්, තේක්ක ගෙදර තියෙන සුන්දරත්වය හොඳටම ඇති රිලැක්ස් වෙන්න. 

8. Khomba House, Kalpitiya

(077 9044919)

කල්පිටිය, ආලන්කුඩා බීච් එකේ පිහිටල තියෙන හැඩකාර නවාතැනක්. මෙතන පුංචි ගෙයක් තමයි පාට පාටින් ලස්සන කරල විලා එකක් විදියට හදල තියෙන්නෙ. බීච් එකට යන්න තියෙන්නෙ පයිනස් ගස් පිරුනු ලන්දකින්, ලී පඩිපෙලක් දිගේ, හරිම අපූරු හැඟීමක්. විශේෂයෙන්ම කියන්න ඕන මේ වෙරළ තීරයෙ සුන්දරත්වය හිතේ හැටියට බලා ගන්න පුලුවන් වෙන්නෙ හවස් ජාමෙට තමයි. ඉර බැහැගෙන යද්දි ක්ෂිතිජයේ මැවෙන අපූරු වළාකුළු රටා එක්ක තනිවෙලා බෝට්ටු සවාරියක් යන්න පුලුවන් නම් තවත් මරු. ඒ හැරුනාම ඉතින් දවල් කාලෙට නම් ඉතින්, සර්ෆින්ග්, ඩයිවින්ග් වගේ දෙයක් කරන්න බැරියැ. කොහොම වුනත් රස කෑම ටිකක් කාලා, රෑ ජාමෙට ගිණිමැල, බෝතල් පාටියක් නම් දාන්න පුලුවන්. 

දැන් ඉතිං ගණන් වැඩි තැන් දෙක තුනක් කිව්ව කියල තරහ ගන්න එපා. අපි වගේම ඔය හයිෆයි කට්ටියත් යන්න එපැයි ඕවයෙ, නේද? ඒ කොහොම වුනත් ඔයාලා දන්න කියන මේ වගේ තැන් තව තියෙනව නම් අපිට කියන්න ඕන. එතකොට ඊළඟ ලැයිස්තුවට එකතු කරන්න පුලුවන්නෙ, අපේ අනිත් යාළුවන්ට දැන ගන්නත් එක්ක.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide