මීදුමෙන් හැඩවුනු වතුයායක සුන්දර නිවාඩුවක්! ලස්සනම ‘ටී එස්ටේට්’ හෝටල් 8ක්.

සොබාදහමෙ ආශ්වාදයට තුරුළු වෙලා, සුන්දර නිවාඩුවක් ගත කරන්න අපි කොයි කවුරුත් කැමතියිනෙ. ඒත් ඉතින් දරු මුණුබුරෝ එක්ක වන ගත වෙනව කියන්නෙ නම් ටිකක් අවදානම් වැඩක් තමයි. හැරත් ලංකාවෙ ගොඩ දෙනෙක්ට මේ වනගත වීම කියන වැඩේ ඒ හැටි හුරු නැති නිසා කොයි වෙලෙත් හොයන්නෙ සැප පහසුවට කාලා ඇඳල, වැටිලා ඉන්න පුලුවන් තැන්. කොටින්ම කියනව නම්, ‘ඇවිද්ද පය දහස් වටී’ කියල කියමනක් තිබුනට, අපේ රටේ ගොඩක් තැන් වල වැඩියෙන්ම ඇවිදල තියෙන්නෙත් සුද්දොනෙ.

දැන් ඉතින් ඒකෙන් මේකෙන් කාරි නෑ, පොඩ්ඩො උස්සගෙන කැළේ ඇවිදින්න බය අයට අපි ලඟ තියෙනව නියම විකල්පයක්. ‘එස්ටේට් හෝටල්’. ඇඳිරි වැටීගෙන එන වෙලාවට වුනත් බයක් සැකක් නැතුව පාර තොටට බහින්න පුලුවන්. පාන්දරින්ම ඇහැරුනොත්, මිහිදුම් වළා අතරින් එන කුළුඳුල් හිරු කිරණ කොළ පාට වතුයාය හැඩ කරන හැටි දැක බලා ගන්න පුලුවන්. එතකොට, හීත හුළං පොදක දැවටෙන ගමන් කුරුළු කොබෙයියන්ගෙ හඬින් මුසපත් වෙන එකෙත් අමුතුම ආශ්වාදයක් තියෙනවනෙ. අඩු පාඩුවකට කියල තිබ්බොත් ඉතින් සතා සීපාවා දැක බලා ගන්න බැරි එක තමයි. හැබැයි ඉතින් ඒ අඩු පාඩුව මැකෙන්නත් එක්ක රස කෑම බීම ටිකක් කන්න, දිව පිනා යන කහට කෝප්පයක් තොල ගාන්න වුණත් බැරියැ.

එහෙනම් බලන්නකො මෙන්න මේ සොඳුරු ‘ටී එස්ටේට්’ හෝටල් ටික ඒ වැඩේට ගැලපෙනවද කියල. ගැලපෙනව නම්, හිතට ඇලලනව නම් දැන්ම වුනත් බුකින්ග් එකක් දාන්න බැරියැ, ඔය ලබන මාසෙ එන ලෝන්ග් වීක් එන්ඩ් එකක් එහෙම අල්ලලා.

1. Ceylon Tree Trails

ඉමක් කොනක් පේන්නෙ නැති අපූරු තේ වත්තක් මැද තනිවුණ මේ හෝටලය පිහිටල තියෙන්නෙ හැටන්වල. සෞම්‍ය දේශගුණයයි හෝටලය ඉස්සරහට පේන කාසල් රිජ් ජලාශයයි තමයි මේ හෝටලය අවට සොබාදහමෙ සුන්දරත්වය වැඩි කරන්නෙ. කුළුඳුල් හිරු කිරණ කඳු අතරින් ඇවිල්ල මුළු තේ වත්තම ලා කොළ පාටින් හැඩ කරද්දි තොරතෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ හඬ විඳ ගන්න නම් සිලෝන් ටී ට්‍රේල්ස් හෝටලය කියාපු තැනක්. අපි දන්න විදියට ඒකට හොඳම කාලෙ අගෝස්තු, සැප්තැම්බර්. හැබැයි තවමත් හරි හැටි වැස්සක් වැටෙන්නෙ නැති නිසා හැටන් පැත්ත මේ දවස් වලත් හරිම ලස්සනයි. මීදුමෙන් වැහිලා ගිහින් තියෙන්නෙ.

මේ හෝටලේට ගියපු ගොඩ දෙනෙක් කියන කාරණයක් තමයි කෑම පට්ට රසයි කියන එක. සමහර විට ඒ නිසාම වෙන්න ඇති ගාණත් ටිකක් වැඩි. 

2. Kahanda Kanda

ගාල්ල, හබරාදූව-දික්කුඹුර පාරෙ අඟුලුගහට ගියාම තමයි කහඳ කන්ද හෝටලය මුණ ගැහෙන්නෙ. ඉස් ඉස්සෙල්ලාම කියන්න ඕන ඔය අනිත් තේ වතු තියෙන පැති වගේ නෙවෙයි හබරාදූවෙ රෑ, පාන්දරට උහුලන්න බැරි සීතලක් එ් හැටි නෑ. හැරත් පොඩි ගිණි මැලයක් අටව ගන්න තැනක් දෙකක් හොයා ගන්න බැරි කමකුත් නෑනෙ. බොංගො තාලයක් අල්ලන ගමන් හීනියට අඩියක් ගහල සූර් වෙන්නත් පුලුවන්. ඒ විතරක් නෙවෙයි රස බයිට් එහෙත් එමටයිලු, කහඳ කන්ද හෝටලයෙ. ලොකු පූල් එකක්, හිතේ හැටියට ඇවිදින්න කරන්න ඉඩ කඩත් ඕන තරම් තියෙන නිසා පොඩ්ඩන්ට, පවුලේ උදවියටත් හොඳ හැටි සතුටු වෙන්න බැරියැ.

අනික, හැන්දෑ ජාමෙට ඉර බැහැගෙන යද්දි, රතු පාටට දිළෙන ඈත අහස හෝටල් ආලින්දය හැඩ කරන අපූරුව, කුරුල්ලො රෑන් පිටින් පියඹද්දි ඒ අහස් තලයෙ මැවෙන රටා, කවදාවත් අමතක නොවෙන සුන්දර මතක ගොන්නට තමයි. 

3. Living Heritage

දියළුම ඇල්ලෙ සුන්දරත්වය හිතේ හැටියට විඳගෙන, සුවපහසු රැයක් ගත කරන්න, යන්න දෙමෝදර, කොස්ලන්ද පැත්තට. එතනින් කෙලින්ම නාඋල්ල, එගොඩවත්ත එස්ටේට් එකේ ලිවින්ග් හෙරිටේජ් හෝටලයට. හිතේ හැටියට සත්තු බලන්න කැළේ කොළේ රවුමක් දාන ගමන්, හොඳ වතුර ටිකක් නාගන්න, රස කෑම ටිකක් කන්න එහෙමත් කියාපු තැන් එමටයි මේ පැත්තෙ. එහෙම අකමැති කෙනෙක් ඉන්නව නම් දවස පුරාම තේ වත්තෙ අස්සක් මුල්ලක් නෑර ඇවිදින්නත් පුලුවන්. ගොඩක් වෙලාවට පවුලේ උදවිය එක්ක ගියාම ඒ හැටි රවුම් ගහන්න බැරි නිසා පරණ වලව් තාලෙට හදපු මේ අපූරු හෝටලේ කොහේ හරි තැනකට වෙලා විනෝද වෙන එක තමයි හොඳ. හරි ලස්සන පූල් එකක් එහෙමත් තියෙනවනෙ. හැරත් ලිවින්ග් හෙරිටේජ් වල අමුතුම ගැමි ගතියකුත් තියෙනව.

4. Stafford Bungalow

සීතල නුවර එළියෙ රවුමක් දාලා එන්න කියාපු කාලෙ තමයි මේ. මොකද රෑට ටිකක් සීතල වුණාට, වැස්ස වැටෙන්නෙ නැති නිසා දවල්ට හොඳ හැටි අව්ව පායනවනෙ. ඒ නිසාම මීදුම් වලින් වැහිලා ගියපු කඳු මුදුන්, තේ වතු එහෙමත් පාන්දරට හරිම ලස්සනයි. හැබැයි ඉතින් පෑවිල්ල නිසා දිය ඇලි ටික නම් තරමක් වේලිලා ගිහින් ඇත්තෙ. ඒ කොහොම වුණත් නුවර එළිය, රාගල කිට්ටුව බෲක් සයිඩ් වල පිහිටල තියෙන ස්ටැෆර්ඩ් බංගලාව නම් කොයි කාලෙටත් හරිම ලස්සනයි. මොකද පිහිටල තියෙන්නෙ පිදුරුතලාගල කඳු පන්තියෙ එක බෑවුමකට වෙන්නනෙ. කියල වැඩක් නෑ තේ වතු නම් අන්න තේ වතු කිව්වලු. උදේ පාන්දරට පට්ට ලස්සනයි. ලා කොළ පාට දල්ලෙ ඉඳන් තරමක් තද කොළ පාට දළු වෙනකම්, තට්ටු තට්ටු කන්දෙ උඩ ඉඳන් පාමුල වෙනකම්ම. හරියට කැටයමක් වගේ.

බංගලාව නම් සෑහෙන්න දුරට අලුත් පන්නෙට හදල තියෙන්නෙ. කෑම බීම සුපිරියි කියලත් ආරංචියක් තියෙනව. එතකොට අනිත් සැප පහසුකම් අතිනුත් උපරිමයිලු. පවුලේ උදවියත් එක්ක විනෝද වෙන අයට නම් කොහොමත් එකයිනෙ. හැබැයි කඳු නගින්නන්ට, අන්න කියාපු පැත්ත රාගලින් ගිහින් මන්දාරම් නුවරින් එන්න පුළුවන්. 

5. Ancoombra Tea Estate Bungalow

අංකුඹුර එස්ටේට් බංගලාවත් හරි ලස්සන තැනක්. තියෙන්නෙ නුවර, කටුගස්තොට පැත්තෙන් ගල් හින්න, උඩ කිතුල් ගොල්ලට ගියාම. ඇවිදින්න කරන්න, පවුලේ අයත් එක්ක විනෝද වෙන්න හොඳ හැටි ඉඩ තිබුණට මොකද මේ කිට්ටුව පාත පරිසරයෙ නම් ඒ හැටි අත් විඳින්න, ගවේශණය කරන්න දෙයක් නෑ. හැබැයි හැන්දෑ ජාමෙටයි, හිමිදිරියටයි බංගලා මිදුලෙන් එපිට ඈත කඳු පන්තිය එහෙම හරි අපූරුවට පේනව. ඉමක් කොනක් නෙපෙනෙන වතු යායෙත් අමුතු ලස්සනක් නැතුවම නෙවෙයි. වැඩේ කියන්නෙ මේ කිට්ටුවම Meezna කියල තව බංගලාවකුත් තියෙනවනෙ. අවාසනාවට ඒකත් මේ වගේම තමයි.

මේ බංගලා දෙකේම කෑම එහෙමත් සාමාන්‍යයි. එළි පෙහෙළියෙන් නාගන්නව නම් ඉතින්, ඔය පාරක් තමයි. 

6. Madulkelle Tea and Eco Lodge

නුවර, හබරගල, මඩුල්කැලේ වතුයාය මැද්දෙ පිහිටල තියෙන මේ ටී ඇන්ඩ් එකෝ ලොජ් එකත් අපූරු වනගත අත් දැකීමක් ගන්න කියාපු තැනක්. ඉස්සරහින් පේන්නෙ නිම්නීය ගම්මාන තොගයක්. ඒව අඩ මීදුමෙන් වැහිලා ගියාම එතනට එන හිරු කිරණ ගේන රටා ඇත්තෙන්ම හරිම ලස්සනයි. එතකොට දවස පුරාම වගේ තියෙන සෞම්‍ය දේශගුණය ඒ ලස්සන හරිම ආශ්වාදජනක විදියට ගතට හිතට ගේනව. ඇත්තෙන්ම මඩුල් කැලේ ලොජ් එක කියන්නෙ ලස්සන දර්ශණ තලයක සුන්දරත්වය හිතේ හැටියට විඳින ගමන් රස කෑම ටිකක් කාලා, පොඩ්ඩොත් එක්ක තේ වත්තෙ දුවල පැනල විනෝද වෙලා එන්න කියාපු තැනක්. ඒ නිසා පරක්කු වෙන්න එපා, මේ පායන කාලෙ අල්ලල ගියොත් තවත් හොඳයි. 

7. Taylors Hill

මේ සුන්දර හෝටලය තියෙන්නෙත් නුවරම තමයි. ගලහ, දෙල්තොට පට්ටියගම වතු යායෙ. ටේලර්ස් හිල් කිව්වාම ගොඩ දෙනෙක් දන්නවත් ඇති. තනිකරම කළු ගල්වලින් හදපු ලස්සන බංගලාවක්. සුව පහසුව අතිනුත් සෑහෙන්න ඉහලයි. අපූරු පූල් එකක් එහෙමත් තියෙනව. ඒ වගේම තමයි කෑම බීම, බයිට් වල එහෙම රස. ෂහ්, පංකාදු පහයි ඈ. එතකොට වතු යායත් හරිම ලස්සනයි. ඈතට යනකම්ම නිම්නය වගෙත් පිහිටල තියෙන නිසා උදේ පාන්දරින්ම නැගිට්ට නම්, මනස්කාන්ත දර්ශණ තලයක ආශ්වාදය හිතේ හැටියට විඳ ගන්න පුලුවන්. කුරුළු කොබෙයියන්ගෙ කීචි බීචියෙන් වගේම ලස්සන සමනල්ලුන්ගෙනුත් පිරිලා ගියපු වතු යායක්. ඇවිදින්න කරන්න, බයිසිකල් පදින්න එහෙමත් තැන් සෑහෙන්න තියෙනව. 

8. The Tea Cottages Resort & Spa

පට්ට ම ලස්සන හෝටලයක්. ලීවලින් හදල තියන්නෙ. වතු යායක් මැද්දෙ වුණාට කැළෑ ගතියත් හොඳ හැටි තියෙන නිසා සතා සීපාවා කුරුළු කොබෙයියන්ගෙනුත් අඩුවක් නෑ. හැරත් හිමිදිරි හිරු කිරණ රූස්ස ගස් අතරින් ඇවිල්ලා හෝටල් ආලින්දය එළිය කරද්දි හරිම ලස්සනයි. පුංචි ලස්සන පූල් එකක් එහෙමත් ටී කොටේජ් හෝටලයෙ තියෙනව. කෑම බීම එහෙමත් පංකාදු පහයි. වැඩි හරියක්ම, හිතේ හැටියට ඇවිදින්න කරන්න, විනෝද වෙන්න, කඳු නගින්න එහෙමත් තියෙන නිසා පවුලේ අයත් එක්ක නැතුව තනියම ආවත් පාඩු නැති තැනක්. ඒ විතරක් නෙවෙයි අළුත බැඳපු ජෝඩුවකට මධුසමය ගත කරන්නත් කියාපු.

මේ හෝටලය පිහිටල තියෙන්නෙ නාවලපිටියෙ. හරියටම දිඹුල-නාවලපිටිය පාරෙ ග්‍රීන්වුඩ් වතු යායෙ.

සීතල කාලගුණය ලබන මාසෙ දිහාවට ඇරිලා, ගිහින් වැස්ස පටන් ගත්තට පස්සෙ නම් ඔය තේ වතු අස්සෙ යන එක එච්චරම නුවණට හුරු නෑ. මොකද කූඩැල්ලො එහෙම රොතු බුරුතු පිටින් එළියට එනවනෙ. හැරත් එළි පෙහෙළියෙ ඇවිදින්න, පොඩ්ඩො, පවුලේ උදවිය එක්ක හරි හැටි විනෝද වෙන්නත් බැරි වෙනව. ඒ නිසා ලබන මාසෙ දිහාවට එන ලෝන්ග් වීක් එන්ඩ් එකම ඇල්ලුව නම් තමයි හොඳ. ආ… ඒ විතරක් නෙවෙයි ලබන සතිය දිහාවට මෙච්චරටම ගණන් නැති, වතු බංගලා ටිකකුත් අපි ඔයාලට කියන්නම්. එතකොට අතමිට ටිකක් හිඟ වුනත්, ගිහින් සතුටු වෙලා එන්න පුලුවන්නෙ නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide