මීතොටමුල්ලත් කන්දක්ද?; අපේ දේශපාලුවො නොකලට අනිත් රටවල ලස්සනට කරන, ලෝකෙ ලොකුම කුණු කඳු 8.

කුහක කමට පොදි බැඳගෙන හතර වටින්

එයි ඡන්දය ඉල්ලන්නට තවත් ඉතිං

උබලත් ගොන් කමට, බෝතලයකට යටින්

ආයෙත් අහු නොවව් මිනිසුනි එයට, උඩින්!

ඔය කිව්වට, අපේ උන් සුවර් නෑ අපෙ හාමුදුරුවනේ. මොකද මුන්ට ඕවා මතක හිටින්නෙ සතියයි දෙකයිනෙ. ඒත් ඉතිං කියන එක අපේ යුතුකම නිසා, අපි කියනව. එහෙනං අහගන්නකො.

මේ තියෙන්නෙ ලෝකෙ ලොකුම කුණු කඳු ටිකක්. සමහර ඒවා තියෙන්නෙ ගොඩක් දියුණු රටවල් වල. සමහර ඒවා තියෙන්නෙ නොදියුණු රටවල් වල, කොටින්ම කියනව නං අපේ රටවල් වලටත් වඩා පට්ට දුප්පත් රටවල්. හැබැයි ඉතිං අද වෙනකං ඒ කුණු කඳු නං කඩං වැටිලා දේපළ, ජීවිත හානි සිද්ධ වෙලා නෑ. මොකද, කොච්චර අවුල් තිබුනත්, ගසා කෑවත් ඒ රටවල් වල දේශපාලඥයො ජාත්‍යන්තරේට චාටර් නොවෙන්න වැඩේ බේරගන්න දක්ෂයි.

හරි, දැන් ඒකෙන් කාරි නෑ, හැදෙන්න බලන් ඉන්න අය ඉන්නව නං මේ ටිකවත් බලල කරල හැදෙන්න, අයෙ මේ වගේ ලැජ්ජා සහගත විපත් නොවෙන්න වග බලා ගන්න.

1. Bordo Poniente Landfill

මෙක්සිකෝවෙ නෙෂ්‍යුල්කොයොට්ල්  නගරයෙ පිහිටල තියෙන මේ කුණු කන්දෙ උස අඩි 60ක්. සාමාන්‍යයෙන් දවසකට මෙතනට කුණු ටොන් 12000ක් වගේ ගෙනල්ල දානවලු. අවට ප්‍රදේශයෙ ගෙවල් දොරවල් තිබුනත් කුණු කන්දෙ උස පාළනය කරල ඒ දේවල් රැක ගන්න එක මෙක්සිකෝ රජය අකුරටම කරල තියෙනව. ඒ නිසාමද කොහෙද 2001 අවුරුද්දෙ ඉඳන් මේ කන්දට තව කුණු එකතු කරලත් නෑ.

2. Guiyu Waste Dump

ලෝකෙ ලොකුම ඉලෙක්ට්‍රොනික් කුණු කන්ද. පිහිටල තියෙන්නෙ දකුණු චීනයෙ. කොටින්ම කියනව නම් මේ කුණු කන්ද නිර්මාණය වෙන්න හේතුව තමයි චීන බඩු වල අඩු ප්‍රමිතිය. හිතන්නකො 150000ක ජනතාවක් අවුරුද්දක් පතා අහක දාන ඉලෙක්ට්‍රොනික් බඩු එකතු වුනාම. හැබැයි මේ ප්‍රදේශයෙ තියෙන පුළුල් බව නිසා කන්දෙ උස නං සෑහෙන්න දුරට පාලනය වෙලා තියෙන්නෙ.

3. Lagos Dump

දවසකට ටොන් 10000ක් ගොඩ ගැහෙන කුණු කන්දක්. ඒ අතරට ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කන්ටේනර් 500කුත් මාසෙකට එකතු වෙනව. ඒ නිසාමද කොහෙද මේ කුණු කන්දෙ උස අඩි 70කට 80කට ගිහින් තියෙන්නෙ. ඒත් නොදියුණු රටක් වෙන නයිජීරියාවෙ ආණ්ඩුවත් මේ කුණු කන්ද, මිනිස්සුන්ට හානි නොවෙන්න නඩත්තු කරන්න වග බලාගෙන තියෙනව.

4. Jardim Gramacho

බ්‍රසීලයෙ රියෝ ද ජනෙයිරෝ නගරයෙ පිහිටල තියෙන මේ කුණු කන්ද නම් සෑහෙන්න උසයිලු. සමහර තැන් අඩි 60, 80 වගේ. ඒ නිසාම අවට ප්‍රදේශවල ජනතාව ඉවත් කරල තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි මේ කුණු කන්දෙ කසල ශෝධකයො 3000ක් විතර වැඩ කරනවලු. කට්ටිය නොදන්නව වුනාට මේ කුණු කන්ද පාදක වෙලා හැදුනු, ඔස්කාර් ගියපු ෆිල්ම් පවා තියෙනව.

5. Sudokwon Landfill

ටොන් 20000ක් දවසට ගොඩෙ ගැහෙන මේ දකුණු කොරියානු කුණු කන්දෙ තියෙන විශේෂත්වය තමයි 1992 ඉඳන් මේ වෙනකනුත් කුණු ගොඩ ගැහෙන එක. හැබැයි නිවැරදි ක්‍රමවේද භාවිතා කරන නිසා කන්ද තාම කඩන් වැටුනෙ නම් නෑ. කොහොම වුනත් මේ වෙනකොට කුණු කන්දෙ හැදෙන මීතේන් වායුවෙන් විදුලිය උත්පාදනය කරන්නත් කොරියාව වැඩ කටයුතු සලස්වල තියෙන්නෙ.

6. Olusosun Landfill

ආරංචියෙ හැටියට අප්‍රිකාවෙ තියෙන ලොකුම කුණු කන්ද. ඒත් ප්‍රදේශ වාසීන්ට කිසිම ප්‍රශ්නයක් නොවෙන්න රජය මේ පිළිබඳ කටයුතු කරනව. දවසකට ටොන් 10000ක කුණු එකතු වුනාට මොකද මේ කන්දෙ උස අඩි 80 පන්නන්නෙ නැති වෙන්න සමතලා කරනව කියල තමයි කියන්නෙ. හැබැයි ඉතින් අතිශය විශ අතුරු අපද්‍රව්‍ය නම් මේ ප්‍රදේශයෙ වතුරට, පසට දැනටමත් එකතු වෙලා ඉවරයි.

7. Puente Hills Landfill

අක්කර 700ක භූමි භාගයක අඩි 500ක් උසට පිහිටල තියෙන මේ කුණු කන්ද අයිති කැලිෆෝනියා ප්‍රාන්තයෙ ලොස් ඇන්ජලීස් නගරයට. දවසකට කුණු ටොන් 12000ක් ගොඩ ගැහෙනව. ඒත් නිවැරදි භූමි සැකැස්ම නිසා මේ වෙනකං කන්දෙ කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි කුණු කන්දෙ මීතේන් වලින් විදුලිය නිෂ්පාදනය කරන වැඩෙත් සරුවටම කෙරෙනවලු.

8. Newton County Landfill

අක්කර 400ක විහිදුනු විශාල කුණු කන්දක්. මේකෙ තියෙන විශ බලපෑම් නිසාම රජය විසින් අවට වර්ග කිලෝමීටර 500ක විතර ජනාවාස තහනම් කරලයි තියෙන්නෙ. ඇමරිකාව නිසා ඒ ජනතාවට නිවාස පහසුකම් ඔක්කොම වෙන වෙන ප්‍රදේශ වලින් දීලා ඇත්තෙ.

කොහොම වුනත් අපේ අය එහෙම කලේ නෑ. අහිංසක මිනිස්සු සිය ගාණක් නිකරුනේ මරලා දැම්මා. දේශපාලුවන්ට කියන්න තියෙන්නෙ දැන්වත් ඉතිං මේ රටවල් වල ක්‍රම විදි බලල විසඳුම් කටයුතු සම්පාදනය කරන්න කියල තමයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide