පොත් පිටු අස්සේ හැංගිලා, අපේ පුංචි සන්දිය රසවත් කරපු චරිත 8ක්.

දැන් කාලේ අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට පොඩ්ඩන්ට තෑගි විදියට අරන් දෙන්නේ මොබයිල් ෆෝන්, ටැබ්, ලැප්ටොප් වගේ ජාති. ඒවායිනුත් හැදෙන වයසේ ළමයෙක් ට ගන්න පුළුවන් වැඩ බොහොමයක් ඇති බව හැබෑව. ඒත් ඒවාට ලේසියෙන් ම ඇදිලා යන පොඩි එවුන් දැන් පොතක් කියවන්නේ හරි ම අඩුවෙන්.

ඒ වුණාට අපි පොඩි කාලේ ඕවා තිබුණේ හරි අඩුවෙන්. පොත්පත්වල කතාවලින්, ඒ චරිතවලින් තමයි අපේ ලෝකේ හැදුණේ. ලංකාවේ රචකයන් ගොතපු කතා වගේ ම, සිංහල බසට පරිවර්තනය වෙච්ච කතා පොත් එහෙමත් මේ අතරේ තිබුණා. අන්න ඒ වගේ පොත් පිටු අතරේ හැංගිලා ඉඳපු අමතක නොවෙන චරිත කීපයක් ගැන කතා කරන්නයි මේ සූදානම.

1. ඩැරල් රිවර්ස්

මතකද මෙයාව? මෙයා හිටියේ පොත් දොළහකින් සමන්විත වෙච්ච “මැලෝරි ටවර්ස්” කතාවේ. මේකේ මුල් පොත් හය ලිව්වේ ඉනිඩ් බ්ලයිටන් වුණාට, ඉතුරු ටික ලිව්වේ පැමෙලා කොක්ස් නම් රචිකාවියක්. සිංහල බසින් අපට මේක කිව්වේ චන්ද්‍ර අනගිරත්න සහ එම්.ඩී.එච්. සෙනවිරත්න මහත්වරු.

මැලෝරි ටවර්ස් කියන්නේ බෝඩිම් ඉස්කෝලයක්. මේ ඉස්කෝලෙට යන ඩැරල්ගේ හොඳ ම යාළුවා වෙන්නේ කටකාර අලිෂියා ජෝන්ස්. කපටි ග්වෙන්ඩලින්, අහිංසක මේරි ලූ, දඟකාර බෙටී හිල් වගේ චරිත අතරේ ඩැරල් අත්දකින දේවල් මේ කතාවේ සඳහන් වෙලා තිබුණා. උත්සහවන්ත බව, මිත්‍රත්වය, ඉවසීමේ වැදගත්කම වගේ පාඩම් ගොඩක් මේ චරිතයෙන් අපට ඉගෙනගන්න ලැබුණා. 

2. මැටිල්ඩා

සල්ලිකාර පවුලක් වුණත්, මැටිල්ඩාගේ පවුලේ අය නම් හරි ම අනුවණ උදවිය. මැටිල්ඩාට ගෙදරින් ලැබුණේ හරි අඩු සැලකිලි. කැඩුණු වාහන ලී කුඩු දාලා අලුත්වැඩියා කරලා විකුණපු මැටිල්ඩාගේ තාත්තා හැමවෙලේම කිව්වේ මැටිල්ඩා කියන්නේ හරි මෝඩ කෙල්ලක් කියලා. මැටිල්ඩාගේ අයියා ගැන නම් එයා හරි ඉහළින් කතා කළා. ඒත් මැටිල්ඩා දැනගෙන හිටියා තමන් කොච්චර නුවණක්කාර කෙනෙක්ද යන වග.

ඔන්න ඔය පසුබිමෙන් පටන්ගන්න මැටිල්ඩාගේ කතාව අපට දැනගන්න ලැබුණේ රෝල්ඩ් ඩාල් මහත්මයා ලියපු “මැටිල්ඩා” නවකතාවෙන්. උපාලි උබයසේකර මහත්මයා අතින් මේක සිංහලේට පරිවර්තනය වුණා. කෙළවරක් නැතුව පොත් කියවන්න ආස කරන, වයසට වඩා අසාමාන්‍ය දක්ෂකම් ඇති මේ කෙල්ලගේ කතාව එක හුස්මට කියවගෙන යන්න පුළුවන් තරමට රසවත්.

පස්සේ කාලෙකදී මේ පොත ඇසුරෙන් ඉංග්‍රීසි චිත්‍රපටියකුත් බිහිවුණේ, ඒ කතාවේ මතකය ආයෙත් අලුත් කරන ගමන්මයි.

3. ටෝට්ටෝ චං

“වැඩුණු පසු තමා කවරකු විය යුතු දැයි මෑතක සිට ටොට්ටෝ චං සිතන්නට වූවා ය. ඇත්තටම ඔව් ! මම කවුරු වෙනවා දැයි තීරණය කරලා ඉවරයි. මද්‍ය දාහකය දල්වමින් සිටි තායි චං වෙත දිව ගිය ඇය මෙසේ කීවාය. ‘මම ඔත්තුකාරියක් වෙන්න හිතුවා.’ ඇය අබිමන් පෙනුමක් දැක්වූවා ය.”

ෂහ්! කොච්චර ලස්සන කතාවක්ද? මේ ටට්සුකෝ කියුරෝයනාගි ලියපු  “ටෝට්ටෝ චං: ද ලිට්ල් ගරිල් ඇට් ද වින්ඩෝ” පොත. අපේ භාෂාවට පරිවර්තනය කළේ ලීලානන්ද ගමාච්චි මහත්මයයි. ඒ “හරි පුදුම ඉස්කෝලේ" නමෙන්. රාජ්‍ය සම්මාන ගාණක් දිනපු මේ ළමා නවකතාවෙන් අපට මුණගැහුණු ටෝට්ටෝ චං, ටෝකියෝ නගරයේ තියෙන අමුතු ඉස්කෝලෙකට යන කෙනෙක්. මේ අපූරු ඉස්කෝලේදී ටෝට්ටෝ අත්දකින දේවල් තමයි මේ කතාවෙන් කියවුණේ. මේ ඉස්කෝලේ ඉඳපු කොබයාෂි මහතා ගැනත් මෙතැනදී මතක් කරන්න ම ඕනේ. පන්තිවලට කොටුවුණු අධ්‍යාපන ක්‍රම වෙනුවට, ස්වභාවික පරිසරයත් එක්ක එකතුවෙලා උගැන්වීම් ක්‍රම ඔහු පාවිච්චි කළා.

මේ පොතේ සඳහන් වෙන කාල වකවානුව දෙවැනි ලෝක යුද්ධ සමයයි. ඒ වගේ කාලයක් ඇතුළත දරුවන්ගේ නිර්මාණ හැකියාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැන, ටෝට්ටෝ චංගේ කතාව හරහා අපට දැනගන්න ලැබුණා.

4. පැට් සලිවන් සහ ඉසබෙල් සලිවන්

මේ සලිවන් නිවුන්නු හිටියේ “සෙන් ක්ලෙයාර්ස්” කතා පොත් පෙළේ. සෙන් ක්ලෙයාර්ස් කියන බෝඩිම් ඉස්කෝලෙකට යන මේ නිවුන්නු දෙන්නට විවිධ යාළුවො ගොඩක් අඳුනගන්න ලැබෙනවා. වයසෙන් වැඩෙද්දී, ඒ දෙන්නට ඉස්කෝලේදී මුහුණදෙන්න වෙන අත්දැකීම් ගැන තමයි මේකේ තිබුණේ.

ඉනිඩ් බ්ලයිටන්, පැමෙලා කොක්ස් එකතුවෙලා ලිව්ව සෙන් ක්ලෙයාර්ස්, පොත් නවයකින් සමන්විතයි. මේ පොත් ටික සිංහල බසින් රසවත් කළේ සුදත් රොහාන් මහත්මයයි.

5.ඈන්

කැරට් පාට කොණ්ඩෙයි, ලප වැටුණු මුහුණයි, කෙසඟ ඇඟපතයි, තොරතෝංචියක් නැතුව කියවන කටයි; මේ ටික කියද්දී ගමන් අපේ කට්ටියට මතක් වෙනවා ඇති මේ කවුද කියන එක. ලුසී මොන්ටෙගොමරි ලියපු “ඈන් ඔෆ් ද ග්‍රීන් ගේබල්ස්”, “අරඹේ ගෙදර ඈන්” විදියට අපි හමුවට ගෙනාවේ ප්‍රේමසිරි මාහිංගොඩ මහත්මයයි.

ඈන් අරඹේ ගෙදරට එන්නේ කත්බර්ට් පවුලේ වතුපිටිවල උදව්වට ළමයෙක් හොයපු නිසයි. එයාලට ඇත්තටම ඕනේ වුණේ පිරිමි ළමයෙක්. ඒත් ළමා නිවාසයට වැරදීමක් වෙලා එවන්නේ ගැහැණු ළමයෙක් ව. ඈන් හරි ම නිර්මාණශීලී හිතක් තියෙන කෙල්ලක්. බර වචන දාපු කතා කියන්නත් එයා සෑහෙන්න දක්ෂයි. අරඹේ ගෙදරින් පටන්ගෙන ගුරුවරියක් දක්වා ඈන් යන ගමන කියවෙන මේ කතාව තමයි මේ පොත් පෙළේ තියෙන්නේ. 

6. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්

“මීට වසර හැටකට එපිට, එකෝමත් එක කාලයක, විස්කොන්සින් මහ වනයේ ලී කොටවලින් තැනූ කුඩා අළු පැහැති නිවසක කුඩා දැරියක් ජීවත් වුවාය.”

“මහ වනයේ දැවැන්ත අදුරු ගස් නිවස වඩා නැගී සිටියේය. ඒවාට එපිටින් තවත් ගස් ද, ඒවාට එපිටින් තවතවත් ගස් ද පැතිරී තිබිණි.  දවසක් පුරා, සතියක් පුරා නොව සුළු මාසයක් පුරා වුවද තමාට හැකි තරම් දුරක් උතුරු දිගට ඇවිද යන මිනිසෙකු ට, මහ වනය මිස අන් කිසිවක් හමුවන්නේ නැත.  එහි ගෙවල් නොවීය.  මං මාවත් නොවීය.  මිනිස්සු නොවූහ.  එහි දක්නට ලැබුණේ ගස් හා ඒවා අතර සිය නිවාස තනාගත් කැලෑ සතුන් පමණි.”

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියපු “ලිට්ල් හවුස් ඔන් ද පෙරී" කතා මාලාව සිංහල බසට පරිවර්තනය කළේ ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද මහත්මියයි. මේ පොත් පෙළේ පළමුවෙනි පොත (“වන අරනක කුඩා නිවස"), ආරම්භ වෙන්නේ ඔන්න ඔය විදියට. වයිල්ඩර් පවුලේ දෙවැනි දුව විදියට අපි හමුවට ආව ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, තමන්ගේ ජීවිත කාලය ඇතුළේ අහපු, දැකපු හැම දෙයක් ම හරි අපූරුවට විස්තර කළා. අවුරුදු දාසයක් තිස්සේ,  කැන්සාස් මිසූරි, විස්කොන්සින්, මිනෙසෝටා සිට අයෝවා ප්‍රාන්ත වලට සංක්‍රමණය වෙච්ච වයිල්ඩර් පවුලේ කතාවේ සිදුවීම් අපට මවලා පෙන්වන්න ලෝරා ට පුළුවන් වුණා.  

7. ෂර්ලොක් හෝම්ස්

අපේ මතකයට ෂර්ලොක් ඇතුල් වුණේ 90 දශකයේදී වගේ වුණත්, ඒ චරිතය මිනිස්සු අඳුනගෙන දැන් අවුරුදු සීයකටත් වැඩියි. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් තමයි මේ චරිතය නිර්මාණය කළේ. සිංහල භාෂාවෙන් මේක පරිවර්තනය කළේ චන්දන මෙන්ඩිස් මහත්මයයි.

කුතුහලය අවුස්සමින් කියවන කෙනාගේ අවධානය කතාවට යොමු කරගන්න චන්දන මෙන්ඩිස් මහත්මයාගේ භාෂාවට තිබුණේ පුදුම හැකියාවක්. අදටත් මේ පොත් කියවද්දී බේකර් වීදියේ 221/B නිවසේ ඉඳන්, දුම් පයිප්පයකුත් බිබී කල්පනාවේ නිරත වෙන ෂර්ලොක් හෝම්ස් ව අපට මතක් වෙන්නේ ඉබේටම.

8. එලිසබෙත් ඇලන්

හපෝ! මෙයා නම් හරි ම දඟ මල්ලක්. කරන තරමක් කළේ අලි පෝරිසාද වැඩ. ඒ නිසා ම තමයි එයාව වයිට්ලීෆ් බෝඩිම් ඉස්කෝලෙට යවන්නෙත්. මෙයාගේ දඟ වැඩ නිසා ඉස්කෝලේ  මුල් කාලෙදී එයාට යාළුවෙක්වත් සෙට් වෙන්නේ නැහැ.

හැබැයි ටිකෙන් ටික එයා හොඳ ළමයෙක් වෙන්න ඉගෙනගන්නවා. කල් යද්දී එයාට හොඳ යාළුවොත් මුණගැහෙනවා. ඒත් ඉඳලා හිටලා කරන දඟ වඩාත් නැතුව ම නෙවෙයි.

මෙන්න මේ එලිසබෙත් ඇලන්ගේ චරිතය අපේ මතකයේ තියෙන්නේ අපි ඒ කාලේ කියවපු “දඟ මල්ල" පොත් පෙළ නිසා. ඉනිඩ් බ්ලයිටන් ලිව්ව “ද නෝටියස්ට් ගර්ල්” පොත් මාලාව මේ විදියට සිංහල බසට පෙරළුවේ ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද මහත්මියයි. 

පරිවර්තන පොත් අතරේ හැංගිලා ඉඳලා, අපේ පුංචි සන්දිය රසවත් කරපු තවත් මේ වගේ චරිත බොහොමයි. අන්න ඒ වගේ ඔයාලට මතක් වෙන තවත් චරිත ඉන්නවනම්, අපට කමෙන්ට් එකක් දාන්නකෝ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide