මල්ගස් වටේ දුවන ජෝඩු හිටපු හින්දි සිනමාව වෙනස් කරන අධ්‍යක්ෂවරු 8 දෙනෙක්.

කාලෙකට කලින් නං හින්දි ෆිල්ම් කිව්වාම මතක් වෙන්නෙ සාරි, ටයි කෝට් එහෙම ඇඳන් මල් ගස් වටේ නටන ජෝඩු. හැබැයි දැන් හින්දි සිනමාව ඒ කාලේ පහු කරලා හුඟක් දුර ඇවිත්. දැන් හින්දි ෆිල්ම් දුවනවද නැද්ද කියන එක තීරණය වෙන ප්‍රධාන ම සාධකය ෆිල්ම් එකේ ‘කන්ටෙන්ට් එක’ බවට පත් වෙලා. ඉතින් ෆිල්ම් එකේ හීරෝ කවුද, ප්‍රධාන නිළිය කවුද වගේ දේවල් වලට වඩා අද කාලේ ප්‍රේක්ෂකයෝ වැඩි අවධානය දෙන්නෙ ෆිල්ම් එකේ අන්තර්ගතය මොන වගේ ද කියන එකට. ඒ නිසා මොනවා නැතත් කන්ටෙන්ට් එක සොලිඩ් වෙන්න ඕනේ කියන තැනට දැන් හින්දි සිනමාව ඇවිත් බව පේනවා.

සමහර විට හින්දි සිනමාවට තියන ඔය නෙපොටිසම් වගේ චෝදනාත් මේකට හේතු වෙන්න ඇති. මොකද පහුගිය කාලේ තරු දරුවො ඉන්න වැඩකට නැති ෆිල්ම්ස් වර්ජනය කරන්න කියලත් රැල්ලක් ඉන්දියාවේ පැතිරුණා නේ. ඊට අමතරව විශේෂයෙන් නෙට්ෆ්ලික්ස්, ඇමසෝන් වගේ ස්ට්‍රීමිං අඩවිවල ආගමනයත් බොලිවුඩයේ සිද්ද වෙච්ච මේ වෙනසට හේතු වුණා. ස්ට්‍රීමිං සයිට්ස්වලට ම හදන හින්දි ෆිල්ම් නිකං ම නිකං බොළඳ කතා නොවී, මොකක් හරි අයිඩියොලොජි එකක් බේස් කරගන්න ඒවා බව හුඟක් වෙලාවට දකින්න පුළුවන්.

මේ පහළ තියන ලිස්ට් එකේ ඉන්නෙ බොළඳ ආදර කතාවලට එහා ගිහින් අලුත් අලුත් දේවල් අත්හදා බලමින් හින්දි සිනමාව වෙනස් මඟකට හරවන්න සෑහෙන දායකත්වයක් ලබා දුන්න සහ තාමත් ලබා දෙන, සමකාලීන අධ්‍යක්ෂවරු/ වරියන් 8 දෙනෙක්. බලලා නැත්තං හොයාගෙන බලන්න, මේගොල්ලන්ගෙ ෆිල්ම් ලිස්ට් එකත් අපි දාල තියනවා.

අනුරාග් කාශ්‍යප්

හින්දි සිනමාවේ විකල්ප සිනමා ඉවුරේ ඉහළින් ම ඉන්න කෙනා අනුරාග් කාශ්‍යප්. අධ්‍යක්ෂණයට අමතරව තිරරචනයේ, නිෂ්පාදනයේ, සංස්කරණයේ සහ ඉඳහිට රංගනයේත් යෙදෙනවා දකින්න පුළුවන්. මෑතක දි නිකුත් වුණ AK VS AK ෆිල්ම් එක ඒකට හොඳ උදාහරණයක්. විශේෂත්වය තමයි ඔහු අතින් බිහි වෙන්නෙ ආන්දෝලනයට තුඩු දෙන විදිහේ නිර්මාණ වීම. ඉන්දියාවේ පළවෙනි නෙට්ෆ්ලික්ස් ඔරිජිනල් සීරීස් එක ‘සේක්‍රඩ් ගේම්ස්’ අධ්‍යක්ෂණය කළෙත් අනුරාග් කාශ්‍යප්. ඔහු දැන් 48 වැනි වියේ පසු වෙනවා. මේ ඔහු අධ්‍යක්ෂණය කළ නිර්මාණ.

Black Friday (2004)
No Smoking  (2007)
Return of Hanuman (2007)
Dev.D (2009)
Gulaal (2009)
Mumbai Cutting (2010)
That Girl in Yellow Boots (2011)
Gangs of Wasseypur 1 (2012)
Gangs of Wasseypur 2 (2012)
Bombay Talkies (2013)
Ugly (2014)
Bombay Velvet (2015)
Raman Raghav 2.0 (2016)
Mukkabaaz (2018)
Lust Stories  (2018)
Sacred Games (2018)
Manmarziyaan  (2018)
Ghost Stories (2020)
Choked (2020)

ඉම්තියාස් අලී

ආලියා භාත් ඉන්න හයිවේ ෆිල්ම් එක මතකයි නේද? අන්න ඒ අධ්‍යක්ෂවරයා තමයි මේ. රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂණය කරලා, පසුව සිනමාවට අත තිබ්බ ඉම්තියාස් අලීට වැඩි කාලයක් නොයාම හින්දි සිනමාවේ තමන්ගෙ ලකුණ තියන්න පුළුවන් වුණා. ඔහුගේ චිත්‍රපටි සියල්ල ම වගේ මතුපිටින් අතපත නොගා මිනිස් හැඟීම්වල ගැඹුර ස්පර්ශ කරන නිර්මාණ. ඉම්තියාස් අලී දැන් 49 වැනි වියේ පසු වෙනවා. මේ තියෙන්නෙ ඔහුගෙ චිත්‍රපටි ලැයිස්තුව.

Socha Na Tha (2005)
Jab We Met (2007)
Love Aaj Kal (2009)
Rockstar (2011)
Highway (2014)
Tamasha (2015)
Jab Harry Met Sejal (2017)
Love Aaj Kal 2 (2020)

ශූජිත් සිර්කාර්

බැලුවද 'පිකු'? අර හැම දේ ගැන ම ඕනවට වැඩිය කරදර වෙන තාත්තෙකුයි, හැම වෙලේ ම තාත්ත එක්ක රණ්ඩු කරන දුවෙකුයි ඉන්න කතාව? බලල තියනව නං අමිතාබ් බච්චන්ගෙයි දීපිකා පදුකෝන්ගෙයි රංගනය නිසා ම ඒ ෆිල්ම් එක කීයටවත් අමතක වෙන්න නං විදිහක් නෑ. ශූජිත් සිර්කාර් බෙංගාලි ජාතික ඉන්දියානුවෙක්. 2005 ඉඳන් ඔහු සිනමාකරණයේ නියැළෙනවා. හින්දි සිනමාවට වෙනස් හැඩයක් යෝජනා කරන චිත්‍රපටි කීපයක් ම දැනට ඔහු අතින් නිර්මාණය වෙලා තියනවා.

Yahaan (2005)
Vicky Donor (2012)
Madras Cafe (2013)
Piku (2015)
October (2018)
Gulabo Sitabo (2020)

සෝයා අක්තාර් 

සුප්‍රකට ඉන්දීය කලාකරුවෙක් සහ දේශපාලනඥයෙක් වෙන ජාවෙඩ් අක්තාර්ගේ දියණිය සෝයා අක්තාර්. රන්වීර් සිං රඟපෑව ගලීබෝයි චිත්‍රපටය ඕගොල්ලො බලල ඇති. 'ගලීබෝයි' ඇතුළු ෆිල්ම්ස් ගණනාවක් සහ ‘මේඩ් ඉන් හෙවන්’ කියන ජනප්‍රිය ඇමසෝන් සීරීස් එක සෝයා මේ වෙද්දි අධ්‍යක්ෂණය කරල තියනවා. ඇගේ සොයුරා ෆර්හානුත් රංගන ශිල්පියෙක් විදිහට නමක් දිනාගත් කෙනෙක්. මේ වන විට සෝයා 48 වැනි වියේ පසු වෙනවා. මේ ඇගේ චිත්‍රපටි නාමාවලිය.

Luck By Chance (2009)
Zindagi Na Milegi Dobara (2011)
Bombay Talkies (2013)
Dil Dhadakne Do (2015)
Lust Stories (2018)
Gully Boy (2019)
Made In Heaven (2019)
Ghost Stories (2020)

වික්‍රමාදිත්‍ය මොට්වානි 

මේ අනුරාග් කාශ්‍යප් එක්ක බොහෝ විට එකට වැඩ කරන කෙනෙක්. අර අපි කලින් කියපු කාශ්‍යප් රඟපාන AK VS AK අධ්‍යක්ෂණය කළේ මොට්වානි. ඒ වගේ ම ‘සේක්‍රඩ් ගේම්ස්’ සීරීස් එකේ පළවෙනි සීසන් එක කාශ්‍යප් එක්ක සම අධ්‍යක්ෂණය කළෙත් මොට්වානි. 44 හැවිරිදි මොට්වානි අධ්‍යක්ෂණයටත් වඩා බොහෝ විට සිනමාවට තමන්ගෙ දායකත්වය දක්වන්නේ තිරරචකයෙක් සහ නිෂ්පාදකයෙක් විදිහට. මේ ඔහු අධ්‍යක්ෂණය කළ නිර්මාණ.

Undisputed (2006)
Udaan (2010)
Lootera (2013)
Trapped (2017)
Bhavesh Joshi (2018)
Sacred Games (2018)
AK VS AK (2020)

නීරජ් ඝේවන් 

‘සේක්‍රඩ් ගේම්ස්’ සීරීස් එකේ දෙවෙනි සීසන් එක අනුරාග් කාශ්‍යප් එක්ක සම අධ්‍යක්ෂණය කළේ නීරජ් ඝේවන්. ඒ වගේ ම කාශ්‍යප්ගේ 'ගැන්ග්ස් ඔෆ් වාසිපූර්' එකේ සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහු වැඩ කළා. නීරජ් ඝේවන් වඩාත් ම ප්‍රසිද්ධියට පත් වුණේ ‘මසාන්’ කියන ෆිල්ම් එකෙන්. ඊට අමතරව ඔහු කෙටි චිත්‍රපටකරණයේ නියැළෙන්න වඩා කැමති අයෙක් විදිහටත් ප්‍රචලිතයි. 

Shorts (2013)
Epiphany (2013)
Masaan (2015)
Juice (2017)
Sacred Games (2018)
Ajeeb Daastaans (2021)

අලංක්‍රිතා ශ්‍රීවාස්තව 

කාන්තාවන් වටා ගෙතුණු, බොහොම ආන්දෝලනාත්මක චිත්‍රපටි නිර්මාණය කරපු කෙනෙක් අලංක්‍රිතා ශ්‍රීවාස්තව. මෑතකදි නෙට්ෆ්ලික්ස් වෙත නිකුත් වුණු 'බොම්බෙ බෙගම්ස්' සීරීස් එකේ අධ්‍යක්ෂවරියත් ඇයයි. ඇගේ නිර්මාණ සෑහෙන විවාදයන්ට තුඩු දුන්නත්, හින්දි සිනමාව ඇතුළේ කාන්තාව සම්බන්ධයෙන් වෙනස් ම ඇහැක් ස්ථානගත කරන්න 41 හැවිරිදි අලංක්‍රිතාට පුළුවන් වුණා. කලින් අපි කියපු  ‘මේඩ් ඉන් හෙවන්’ සීරීස් එකටත් සෝයා අක්තාර් එක්ක තිරරචනයෙන් සහ සම අධ්‍යක්ෂණයෙන් අලංක්‍රිතා දායක වුණා.

Turning 30 (2011)
Lipstick Under My Burkha (2017)
Made In Heaven (2019)
Dolly Kitty Aur Woh Chamakte Sitare (2020)
Bombay Begums (2021)

අනුරාග් බාසු 

අර හරියට සද්ද කරල කතා කරගන්න බැරි ‘බර්ෆි’ මතකයි ද? නැත්තං ගිය අවුරුද්දෙ නෙට්ෆ්ලික්ස් එකට ආපු අමුතු පහේ ෆිල්ම් එක, ‘ලූඩෝ’ බැලුවද? එහෙනං අනුරාග් බාසු ගැන දන්නව ඇති. 47 හැවිරිදි අනුරාග් බාසු අධ්‍යක්ෂවරයෙක් වගේ ම තිරරචකයෙක්, නිෂ්පාදකයෙක් සහ රංගන ශිල්පියෙක්. රූපවාහිනී අධ්‍යක්ෂවරයෙක් විදිහට වෘත්තීය ජීවිතය අරඹලා පසුව තමයි සිනමාවට එකතු වෙලා තියෙන්නේ. ඔහුගේ බොහොමයක් චිත්‍රපටි ඔහු ම රචනා කරලා අධ්‍යක්ෂණය කරපු ඒවා. මේ තියෙන්නෙ ඔහුගෙ චිත්‍රපටි පෙළ.

Saaya (2003)
Murder (2004)
Gangster (2006)
Life in a… Metro (2007)
Kites (2010)
Barfi! (2012)
Jagga Jasoos (2017)
Ludo (2020)
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide