වැස්සට ලස්සන වෙන සොබාදහම! ලක්ෂරි කෑම්පින්ග් කරන්න කියාපු කෑම්ප් සයිට් 8ක්.

පායල පායල වැස්සාම, වට පිටාවෙ ගස් කොළන් පීදිලා සොබාදහමට එන අපූර්වත්වය දන්නෙ නිතර දෙවේලෙ ගහ කොළ එක්ක ඉන්න මිනිස්සු තමයි. හැබැයි ඉතින් එහෙමයි කියල නගරබදව ඉන්න අපිට ඒ සුන්දරත්වය අත්විඳින්න තහනමක් තියෙන එකක්යැ. වැඩේ තියෙන්නෙ ගොඩ දෙනෙක්ට හරි හමන් වෙලාවක් නැති එකනෙ. හැරත් පවුල් වුනාට පස්සෙ බිරිඳව, ළමයින්ව දාලා තනියෙන් යන්නත් බෑ.

ඔන්න ඔය නිසයි අපි කල්පනා කලේ පවුල් වුනු නොවුනු කාට කාටත් සැප පහසුවට ඉඳගෙන සුපිරි කෑම්පින්ග් පාරක් දාන්න කියාපු තැන් ටිකක් කියන්න. මේ ඒක නෙවෙයි, ‘ලක්ෂරි’ කියල මාතෘකාවෙ තිබ්බට කලබල වෙන්න ඕන නෑ, මොකද අපි කිව්වෙ සාධාරණ ගණන්වලට උපරිම වයිල්ඩ් ලයිෆ් අත්දැකීමක් ගන්න පුලුවන් කියන එක.

කොහොම වුනත් උදේ හවහ මීදුමෙන් වැහිලා යන කඳු මුදුන්, ඉර පායද්දි ලස්සන වෙන අපූරුව, පින්නෙන් නෑවුනු පැළෑටිවල දළු රස බලන්න එන ගෝන, මුවන්ගෙ හැඩ, කුරුළු කොබෙයියන්ගෙ කීචි බිචියෙ රසාස්වාදය, හිතේ හැටියට විඳ ගන්න පුලුවන් නම් ඉතින් තව මොනවද නේ?

1. Pardus Seek (Yala)

යාල කැලේ ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මාස හත අටකට වැඩි කාලයක් පායල මේ මාසෙ පෝයත් එක්ක තමයි හරියට වහින් පටන් ගත්තෙ. ලඳු කැලෑවල දළු පීදිලා හරිම ලස්සනයි. සතා සීපාවාත් නිරත දෙවේලෙ වැව් ඉවුරුවල. කෑම්පින්ග් කරන්න විතරක් නෙවෙයි සෆාරියක් යන්නත් කියාපු කාලෙ.

යාල මායිමේ පලටුපාන කලපුව කිට්ටුව පිහිටල තියෙන පාර්ඩස් සීක් කෑම්ප්සයිට් එක, මේ සුපිරි යාල අත්දැකීම සුව පහසුව ඉඳගෙන, විඳගන්න කියාපු තැනක්. ලොකු ටෙන්ට් ඇතුලෙ හදල තියෙන සුව පහසු කාමර, රස වෑහෙන කෑම බීම විතරක් නෙවෙයි හැන්දෑවට හැදෙන ලොකු ගිණි මැලය වටේට වෙලා සිංදුවක් කියල විනෝද වෙන්න පුලුවන්. එතකොට පාන්දරින්ම පිටත්වෙන සෆාරි සවාරි එහෙමත් තියෙනව.

2. Mahoora (Island Wide)

යාල, උඩවළව, විල්පත්තු, වස්ගමුව, බුන්දල, ගල්ඔය, සිංහරාජ, නක්ල්ස්, මින්නේරිය, කුමන, හෝර්ටන් තැන්න කියන ඕනම තැනක මෙයාලගෙ ලක්ෂරි කෑම්ප් සයිට් තියෙනව. ජාතික වනෝද්‍යානවල තියෙන මාහූරා කෑම්ප් සයිට් එකකට ගියොත් සුපිරි වයිල්ඩ් ලයිෆ් සෆාරියක් යන්න පුලුවන්. නකල්ස් වගේ රක්ෂිතයක කෑම්පින්ග්වලට ගියොත් අපූරු පා ගමනක් යන්න පුලුවන්. හැබැයි ඔය කොහොම ගියත් හවස් ජාමෙට කෑම්ප් සයිට් එකට ගොඩ වෙලා හොඳ වතුර ටිකක් එහෙම නාගෙන කාරිය සැපට ඉන්න ගමන් රස කෑම ටිකක් රස බලන්න නම් පුලුවන්. එතකොට රෑ ජාමෙ අල්ලල පොඩි ගිණි මැලයක් ගහගෙන සිංදුවක් කියන්න බැරි කමකුත් නෑ.

3. Leopard Safaris (Wilpattu)

කතරගම-සිතුල් පව්ව පාරෙන් ටිකක් ඇතුලට වෙන්න යාල කැලේ මායිමෙයි විල්පත්තු, පහළ මාරගහ වැව කිට්ටුවයි පිහිලට තියෙන ලෙපර්ඩ් සෆාරිස් කෑම්ප් සයිට් දෙකත් සුව පහසුව කෑම්පින්ග් කරන්න කියාපු තැන්. විශේෂයෙන්ම ෆොටෝග්‍රැෆර්ස්ලට, වයිල්ඩ් ලයිෆ් ලවර්ස්ලට එහෙම නියමෙටම ගැලපෙනව. දවස තිස්සෙ මුලු කැළේ පුරාම සෆාරි කරල ආවට පස්සෙ මහන්සිය නිවෙන්න රස ජූස් එකක්, ගමේ රහට කෑම ටිකක් එහෙමත් රස බලන්න පුලුවන්. මෙයාලගෙ ටෙන්ට් වල සුව පහසුවත් උපරිමයි. හැන්දෑවට, ටෙන්ට්වලට මැදි වෙලා පත්තු වෙන ගිණි මැලයෙත් තියෙන්නෙ අපූරු රසවින්දනයක්.

4. The Beach Camp (Yala)

කැලේ ඇතුලෙම ඉඳල එපා වෙලා නම් මෙන්න තියෙනව නියම කෑම්ප් සයිට් එකක් යාල, ආඳාගල වැල්ලයි කිරින්දයි අතරෙ. බීච් කෑම්පින්ග් කරන්න කියාපු තැන. යාල සෆාරි ගිහින් දවස පුරාම සත්තුන්ගෙ හැඩ වැඩ අත්විඳල ඇවිත් ඉර බහින වෙලාවට බීච් එකට බැස්ස නම් කවදාවත් අමතක නොවෙන අපූරු අත්දැකීමක් ගන්න පුලුවන්. රතු පාටට දිලිසෙන ඉර ක්ෂිතජය හැඩ කරන හැටි බලාගෙන ඉන්න, අඳුර වැටීගෙන එද්දි ගිණි මැලයක් පත්තු කරගෙන හීනියට සිංදුවක් මුමුණන්න එතකොට ගමේ රහට හැදෙන කෑම ටිකකින් බඩ කට පුරව ගන්නත් බීච් කෑම්ප් එකේ ඉඩ පහසුකම් සලසල තියෙන්නෙ. ඒ හැරුණාම සුව පහසු ටෙන්ට් එකක මුහුදු හුළඟෙ ආශ්වාදයට තුරුලු වෙලා සැප නින්දක් දාන්නත් මෙතන කියාපු තැන. 

5. Elephant Safari (Buttala)

බුත්තල කැලේ, තල්කොළ වැවයි කිරිඳි ඔයයි අතරෙ ඔක්කම්පිටිය, බඩේයායෙ පිහිටල තියෙන එලිෆන්ට් සවාරි කෑම්ප් සයිට් එක නම් හරියන්නෙ රියල් ඇඩ්වෙන්චර් වයිල්ඩ් ලයිෆ් අත්දැකීමකට තමයි. මොකද මේ හරිය නිදහසේ හැසිරෙන අලින්ගෙ පාරාදීසයක්. කොයි වෙලාවෙ කඩා පාත් වෙයිද දන්නෙ නෑ. හැරත් වැව්වල නිතර දෙවේලෙ කිඹුල්ලුත් ඉන්නව. එහෙම කිව්ව කියල බය වෙන්න ඕන නෑ ඔයාලගෙ ආරක්ෂාවට ගයිඩ්ලා ඉන්නවනෙ. විශේෂයෙන්ම කියන්න ඕන එලිෆන්ට් සෆාරි කෑම්ප් සයිට් එකේ කෑම බීම ටික නම් පංකාදු පහයි. හොඳ සුව පහසුවට හදපු ටෙන්ට් කාමර නිසා සැපට නිදා ගන්නත් පුලුවන්. ඒ හැරුණාම රෑ ජාමෙට අලි බලන්නත් පුලුවන්නෙ. 

6. Rustic and Cozy Eco Lodge (Puttalam)

කලා ඔය නිම්නයත් හරි ලස්සන පැත්තක්නෙ. අන්න ඒ ලස්සන වගේම සතා සීපාවගෙ හැඩ බලන්නත් ආසයි නම් යන්න ඕන සාලිය වැව රස්ටික් ඇන්ඩ් කොසි ඉකෝ ලොජ් එකට. කැලේ මායිමේ තියෙන නිසා සෆාරි යන්නත් පුලුවන්. හිතේ හැටියට අලි දැක ගන්න අතරෙ බාග වෙලාවට ලොකු මුව රංචු දැක බලා ගන්නත් බැරි වෙන එකක් නෑ. හැබැයි ඉතින් කෑම බීම, අනිත් පහසුකම් සුපිරි වුනාට මෙයාලගෙ ටෙන්ට්වල තත්වය නම් ටිකක් අවුල්. මොකද ඒවයෙ සයිස් එකයි පිහිටීමයි මුලු මනින්ම ස්වභාවික නැති නිසා. කියන්න බැරි වුනානෙ, මෙයාලගෙ තවත් කෑම්ප් සයිට් එකක් තියෙනව තිස්ස වැව් ඉස්මත්තෙ. ඒකෙ නම් ටෙන්ට් කාමරේ සෑහෙන්න සුව පහසුයි.

7. Cape Columbine Nature Reserve (Yala)

සුපිරි කෑම්පින්ග් පාරක් දාන්න පුලුවන් තවත් තැනක් තමයි යාල බීච් එකේ තියෙන කේප් කොලොම්බීන් නේචර් රිසර්ව් එක. ගාණ අඩුයි කියල මෙයාලගෙ ටෙන්ට්වල සැප පහසුකම් නම් අඩු නෑ. සුව පහසු ඇඳන්, ටොයිලට් එහෙමත් තියෙනව. හිතේ හැටියට සෆාරි යන්න විශේෂයෙන්ම දිවියා, වළහා වගේ සත්තු දැක බලගන්නත් කියාපු තැන. ඒ හැරුණාම ගමේ රහට හදපු රස කෑම බීම ටිකකින් බඩ කට පුරව ගන්නත් පුලුවන්, වැඩි හරියක්ම සී ෆුඩ් වගේ කෑමවලින්.

මේ ලෑලි ගහල ආවරණය කරපු අපූරු ටෙන්ට් පිහිටල තියෙන්නෙ පුංචි ධීවර ගම්මානයක නිසා ඒ මිනිස්සුන්ගෙ ජීවන රටා අධ්‍යයනය කරන්න වගේම කැමති කට්ටියට මුහුදු සවාරි යන්නත් අවස්ථාවක් තියෙනව.

8. Luxury Tents in Kalpitiya

කල්පිටිය බීච් එකේ තියෙන මේ සුව පහසු ටෙන්ට් ටික කරගෙන යන්නෙ කවුද කියල නම් හොයා ගන්න බැරි වුනා. හැබැයි පට්ට ප්ලේස් එක. ටෙන්ට් ඔක්කොමත් ඒ සී කරල තියෙන්නෙ. මේ පැත්තෙ සී ෆුඩ් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ වගේම අනිත් කෑමත් රසට තියෙනව. ඉර බහින ක්ෂිතජයේ සැබෑ සුන්දරත්වට  අත් විඳින්නත් කියාපු තැන. ඒ හැරුණාම ස්නෝර්කෙලින්ග් කරන්න, ඩයිවින්ග් කරන්න, බෝට්ටු සවාරි ගිහින් ඩොල්ෆින් මාලු බලන්නත් පුලුවන්.

දැන් ඉතින් කට්ටිය තරහ ගන්න එපා මේ කෑම්ප් සයිට් පට්ට ගණන් කියල. මේ ටික කිව්වෙ හොඳට අතමිට සරු, සැපටම ඉන්න බලාගෙන කෑම්පින්ග් කරන්න යන කට්ටියට හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide