ආයෙත් බලමුද? අපේ ළමා කාලය රසවත් කල අපූරු ටෙලිනාට්‍ය‍ 8ක්.

1980,90 දශක දෙක ලංකාවෙ ටෙලිනාට්‍ය කලාව තුල ස්වර්ණමය යුගයක් ඇති කරන්න පුරෝගාමී වුනු කාල පරාසයක් කියන එක අපි ගොඩ දෙනෙක් හොඳට දන්නව. සිනමාකරණයේ ආභාශයෙන් බිහිවුනු අපේ ටෙලිනාට්‍ය කලාවෙ මුල් නිර්මාණ හැම එකක්ම වගේ හරිම රස වින්දනාත්මකයි. වෙන දෙයක් නිසා නෙවෙයි, ඒවට පසුබිම් වෙලා තිබුණ අපේ රටේ ඉතිහාසයත්, ඉතිහාසය සතු ප්‍රෞඪත්වයත් ඒ හැරුණාම සාමාන්‍ය සමාජයීය සිදුවීමුත් ඒවයෙ තියෙන පොදු රසවින්දන හැකියාවත් නිසා.

අවාසනාවට දැන් නම් ඒවගේ ටෙලිනාට්‍ය හැදෙන්නෙ හරිම අඩුවෙන්. ඇයි ඉතින් මෙගා ටෙලිනාට්‍ය කලාව සෑහෙන්න දුරට මුල් බැහැගෙනනෙ. කොහොම වුනත් ඒ දවස්වල හැදුණු ටෙලිනාට්‍ය බලන්න, රස විඳින්න වගේම ඒ කතා සිද්ධි ඇතුලෙ හැංගුණු ඔයාලගෙ පුංචි පුංචි ජීවිත අත්දැකීම් රස කර කර මතකයට නගන්නනත් අපේ අය ආසයි කියන එක ගැන නම් සැකයක් නෑ.

ඉතින් YAMU එකේ අපි හිතුවා 1980,90 කාලයෙ හැදුණු, සුන්දර රූප රාමු තොගයකින් අපේ ළමා කාලය රසවත් කරපු අපූරු ටෙලිනාට්‍ය හත අටක් ඔයාලට මතක් කරල දෙන්න. බලන්න මේ සුන්දර අතීතයන් ඔයාලටත් අයිතිද කියල.

1. දඬුබස්නාමානය

ලංකාවට ආවේණික සටන් ක්‍රමයක් වුනු අංගම් ශාස්ත්‍රය පදනම් වුනු කතාවකින් එන මේ ටෙලිනාට්‍ය ගැමි ජීවිතයත් ඒ කාලෙ අධ්‍යාපන ක්‍රමයත් වගේම ග්‍රාමීය පාලන තන්ත්‍රයත් ගොඩක් රසවත්ව ඉදිරිපත් වෙන විදියට තමයි හදල තියෙන්නෙ. ගැමි සමාජයේ ඇතිවෙන විවිධ ගැටුම් වගේම ඒවා විසඳගන්නා හැටිත් තාරුණ්‍යයේ හිතුවක්කාර ගති පැවතුම් වලින් කැටයම් වුනු ලස්සන ආදර කතාවකුත් දඬුබස්නාමානය ටෙලිනාට්‍යයේ රස වින්දනය තව තවත් වැඩි කරනව. කතාවෙ අන්තිම වෙනකන්ම ලොකු කුතුහලයක් වගේම හොඳ රස වින්දනයක් තියෙන නිසා අපි හැමෝගෙම වගේ බලන්න කැමති ටෙලිනාට්‍ය අතරෙ දඬුබස්නාමානය උඩින්ම තියෙයි කියල තමයි අපි හිතන්නෙ.

2. අඹ යහළුවෝ

ටී. බී. ඉලංගරත්න ශූරීන්ගේ අඹ යහවවෝ කතා පොත පාදක කරගෙන නිර්මාණය වුනු මේ කතා වෘතාන්තය ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ තියෙන ලස්සනම ළමා කතාව විදියට හඳුන්වන්න පුළුවන්. එකම ගමක එකම ඉස්කෝලෙකට යන සමාජ මට්ටම් දෙකක පවුල් දෙකක ළමයි දෙන්නෙක් වුනු සුනිල්ගෙයි නිමල්ගෙයි කතාව අඹ යහළුවෝ නමින් කරළියට එන්නෙ ගැමි ජන ජීවිතයෙ සුන්දරත්වය වගේම දුක් දොම්නසුත්, ඇස් වලට කඳුළු ගේන විදියේ රූප රාමු පෙළක් ඇතිව. දුප්පත් කමෙන් දරුණු විදියට බැට කන නිමල්ට සුනිල්ගේ කරුණාවන්ත පියාගෙන් ලැබෙන අසීමිත කරුණාව මේ කතාවෙ අවසානයට ගේන්නෙ කඳුලක් ගැබ්වුනු සතුටක නිමාවක්.

3. බෝගල සවුන්දිරිස්

බෝගල මිනිරන් පතලත් ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගහපු කැරලි කාරයකුගේ ජීවිතයත් අතර ඇති සිදුවීම් වලින් පරිපූර්ණ වුනු මේ ටෙලිනාට්‍ය වැඩ වසම් සමාජයේ කෘර පාලන ක්‍රම ගැන හරි ලස්සනට විස්තර කරනව. දුප්පත් ගැමියන් මුළු දවසක් තිස්සෙ මිනිරන් එක්ක හැපි හැපි පතල ඇතුලෙ ගෙවන ජීවිතයත් මේ අනිසි පාලනයට එරෙහි වෙන අයට පාලකයින්ගෙන් ලැබෙන දඬුවමුත් මේ කතාවෙ ලස්සන තව තවත් වැඩි කරනව වගේම ටෙලිනාට්‍යයෙ හැම කොටසකම වගේ ගැබ් වෙලා තියෙන කුතුහලයත්, වෛරය මුසු දුකත් හරි අපූරුවට අපේ හිත් වලට කාවදිනව.

4. දිමුතු මුතු

ලංකාවෙ පළවෙනි වර්ණ ටෙලිනාට්‍ය විදියට නිර්මාණය වුනු දිමුතු මුතු කතාවෙ තියෙන්නෙ විදෙස් රටකට ගිහින් හොඳට සල්ලි බාගෙ හම්බ කරගෙන ගමට එන තරුණයෙකුගේ අලුත් ජිවිතයත් ඔහුගේ ආදරවන්තියත් සම්බන්ධයෙන් ගොඩනැගුණු අපූරු ආදර කතාවක්. ගැමි සුන්දරත්වයට එකතු වුනු ධනවත් බවෙන් ආදරයත්, ජීවිතයත් දෙකම ජයගන්න උත්සාහ කරන මේ තරුණාගේ කතා වෘතාන්තය ඇත්තටම හරිම සිත් ඇදගන්නා සුළුයි.

5. හත් පණ

කුමාරතුංග මුනිදාසය ශූරීන් ලියපු හත් පණ කතාවට පණ පෙවීමක් විදියට හඳුන්වන්න පුළුවන් මේ ටෙලිනාට්‍ය හරිම විනෝද ජනක වගේම ජීවිතට ගොඩක් වටිනා කියන යටි අර්ථයන්ගෙන් පිරුණු කතාවක්. හැම රූප රාමුවකම පිරිල තියෙන හාස්‍ය රසයත් කුතුහලයත් මේ කෙටි ටෙලිනාට්‍ය එක දිගටම රස විඳින තරමේ ආසාවක් ඇති කරනව කියල සැක නැතිව කියන්න පුළුවන්.

6. බෝඩිම

එක එක රස්සාවල් වල නිරත වෙන තරුණ වගේම මැදි වයසෙ යාළුවො අත් අට දෙනෙක්ගෙ බෝඩිමක දින පතා සිදුවීම් වල තියෙන රසවත් සිදුවීම්, තවත් රසවත් වෙන විදියට රූප රාමු පෙලකට නගල හදපු මේ ටෙලිනාට්‍යයත් හොඳට හිනා වෙවී බලන්න පුළුවන් ලස්සන කතාවක්.

7. ගම්පෙරළිය

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අතින් ලියවුනු ගම්පෙරළිය නවකතාව පාදක කරගෙන නිර්මාණය වුනු මේ ටෙලිනාට්‍ය, ආදරයත් විරහවත් හරිම රසවත්ව ලබාදෙන විදියට තමයි හදල තියෙන්නෙ. වලව්කාර උගත් තරුණයකුගේත්, දඟකාර තරුණියකගේත් පෙම් පුවතින් හැඩ වුනු ගම්පෙරළිය ටෙලි වෘතාන්තයත් අපේ අතීත මතකයන් ගොන්න හාරවුස්සන්න කියාපු කතාවක්.

8. අකාල සන්ධ්‍යා

පරංගි කාලෙ ලංකාවෙ සිද්ධ වුනු සිදුවීම් කිහිපයක තේමාව ගොඩක් ලස්සන විදියට නිරූපණය කෙරෙන මේ ටෙලිනාට්‍යයත් මුළු මනින්ම අංගම් සටන් කලාව කියවෙන කතාවකින් තමයි හැඩ වෙන්නෙ. වලව්කාර නිලමෙ කෙනෙක්ගේ පවුලේ විස්තරයත්, ගැමි ජන ජීවිතයත් හිතට කාවදින විදියට අඩංගු කරල හදල තියෙන අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයේ විශේෂත්වය තමයි අංගම් සටන් කලාවේ ප්‍රවීණත්වයෙන් කාල යාත්‍රා කරන සටන් ශිල්පියකුගේ චරිතය නිරන්තරයෙන් ගේන කුතුහලය.

අපේ සුන්දර අතීත මතකයන් ආයෙත් මතක් කර කර හිතුමතේ රසවිඳින්න මේ ටෙලිනාට්‍ය ටික ලොකු රුකුලක් වෙවි කියල අපි හිතනව. ඒ විතරක් නෙවෙයි අපි මෙතන සඳහන් නොකරපු ලස්සන ආදර කතා වලින් හැදුණු ටෙලිනාට්‍යත් තවත් දවසක ඔයාලට ගේනව කියල පොරොන්දුවකුත් දෙන ගමන්ම අපි නතර වෙන්නම්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide