කටට රහට අරක්කු! රු. 700ට අඩුවෙන් කොක්ටේල් රස බලන්න කියාපු අවන්හල් 7ක්.

දත කට විකාගෙන, සැර බයිට් හපාගෙන, සිගරට් පත්තු කරගෙන අමාරුවෙන් අරක්කු බීපු කාලෙට සමුදෙමුද?

දීලා?

දීලා, බොමු කටට රහට කොක්ටේලේ!

දන්නව, කොක්ටේල් කිව්වාම ගොඩ දෙනෙක් හිතින් අයින් කරල දාලා තියෙන්නෙ කියල. මොකද හොඳ කොක්ටේල් වීදුරුවක් සෑහෙන්න ගණන්නෙ. අද කාලෙ හැටියට නම් අරක්කු බෝතලයකින් බාගයක් විතර. හැරත් මේක ටිකක් පොෂ් බීමක්නෙ. තියෙන්නෙත් ටිකක් පොෂ් තැන්වල. විශේෂම දේ තමයි කොක්ටේල් කියන්නෙ උගුරට හොරා අරක්කු බොන්න පුලුවන් සුපිරි ක්‍රමයක් වෙච්ච එක. ඒ නිසාමයි මේව මෙච්චර ගණන්.

කොහොම වුනත් අස්ප ගණන් කොක්ටේල් අතරෙ රු. 500ට 600ට කොක්ටේල් නැතුවමත් නෙවෙයි. වැඩේ කියන්නෙ වැඩිය හොයා ගන්න නැති එක තමයි. හා හා… එහෙමයි කියල කට්ටිය අවුලක් ගන්න ඕන නෑ. අපි කියන්නම් අතේ තියෙන ගාණට රසම රස කොක්ටේල් රස බලන්න පුලුවන් තැන් ටිකක්. එහෙනම් අද හෙටම යන්න ලෑස්ති කර ගන්නකො.

1. The Re.pub.lk

සුපිරිම සර්විස් එකක්, නිදහසේ ඉන්න පුළුවන් ලස්සන ඉන්ටීරියර් පාරක් තියෙන රිපබ් එක පිහිටල තියෙන්නෙ කොටුව රෝහල පාරෙ, පරණ තාලෙට හදපු සුදු උස ගොඩ නැගිල්ලක. ඇතුලෙ ලී මේස බංකු දාලා සෙට් වෙන්න කියාපු විදියට තමයි හදල තියෙන්නෙ. රු. 500න් උඩ ගණන් වලට මේසෙට එන රිපබ්. එකේ කෑම බීමත් පට්ට රසයි. හැබැයි ඉතින් ගොඩක්ම තියෙන්නෙ බටහිර පන්නයේ කෑම. රිපබ් අවන්හලේ බාර් එක පිටිපස්සෙ තියෙන බෝතල් රාක්කෙ දැක්කාම තමයි වැඩි හරියක්ම ආස හිතෙන්නෙ. මෙයාලගෙ අරක්කු කොක්ටේල් වල මිල ගණනුත් රු. 600 වගේ ඉඳන් පටන් ගන්න නිසා ඇතුල් වෙන්න නම් දෙපාරක් හිතන්න ඕන වෙන්නෙ නෑ.

2. Love Bar

ඇත්තටම ආදරේ හිතෙන ලව් බාර් එකක්. ලයිට් දාලා හැඩ කරල තියෙන විදියට තමයි වැඩි හරියක්ම ආදරේ හිතෙන්නෙ. බටහිර පන්නයේ කෑම බීම තිබුනට මොකද ලව් බාර් එකේ වැඩියෙන්ම නැගල යන්නෙ රස වෑහෙන පළතුරු, අරක්කු රසයෙන් මේසෙට එන කොක්ටේල් තමයි. නිකමට කියන්නෙ, ගියපු වෙලාවක රස බලන්නකො මෙයාලගෙ පැෂන් ෂූටර් කොක්ටේල් එක. රු. 600යි වෙන්නෙ. පැෂන් රසයෙන් අනූන, පදමට වොඩ්කා එහෙමත් දාලා හදපු සුපිරි කොක්ටේල් එකක්.

3. Alhambra

කොල්ලුපිටිය ගාලු පාරෙ තියෙන රාමදා හෝටලයෙම තමයි අල්හම්බ්‍රා රෙස්ටුරන්ට් එකත් තියෙන්නෙ. පැහැදිලිවම මේක නම් ටිකක් වෙනස් අත් දැකීමක් වේවි. මොකද ඉන්දියන්, මැලේ වගේ කෑම පිඟානක් එක්ක කොක්ටේල් රස බලන්න ලැබෙනවනෙ. හැරත් රු. 1000ක් වගේ ගාණකින් බඩ කට පුරව ගන්න ගමන් පොඩි ලයින් එකකට වද්ද ගන්නත් පුලුවන්. ඔන්න මෙයාලගෙ මෙනුවෙ නම් රු. 550 වගේ ගණන් වල ඉඳන්ම කොක්ටේල් තියෙනව, ඔය ජින්, ලයිම් සෝඩා දාලා හදන ජිප්සිස් කිස් වගේ.

4. Colombo Fort Cafe

කොළඹ කොටුවෙ ඩච් හොස්පිටල් කිව්වාම කවුරුත් හොඳට දන්නව. ඒ වගේම තමයි වෙස්ටර්න් ටයිප් කෑම පිඟානක් එක්ක රස වෑහෙන කොක්ටේල් කිව්වාමත්. මොකද ඩච් හොස්පිටල් එකේ තියෙන කලම්බු ෆෝර්ට් කැෆේ, අඩු ගාණට සුපිරි කොක්ටේල් රස බලන්න කියාපු තැනක්. රු. 400 වගේ ගණන් වල ඉඳන් තියෙන මෙයාලගෙ කොක්ටේල් මතක් වෙද්දිත් කටට කෙල උනන තරම් රසයි. ඒ කොක්ටේල් එකක් එක්ක ඩබල් චිකන් බර්ගර් එකකුත් ගත්ත නම් තමයි පංකාදු පහට තියෙන්නෙ. අනික ෂුවර් කරල කියන්න පුලුවන් බිල රු. 1000ක් වෙන්නෙ නෑ කියල.

5. Lion Pub

කවුරුත් හොඳට දන්න කියන තවත් තැනක්. තියෙන්නෙ ගල්කිස්සෙ ගාලු පාර අයිනෙ. ඔන්න කලින්ම කියන්නම් ලයන්ස් පබ් එකෙත් වෙස්ටර්න් ටයිප් කෑම තරම් අනිත් ඒව නම් නැගල යන්නෙ නෑ, විශේෂයෙන්ම කොක්ටේල් ජාතිත් එක්ක. මෙයාල ලඟත් රු. 550 වගේ ඉඳන්ම කොක්ටේල් තියෙනව හැබැයි හොඳ, රස එකක් රස බලන්න නම් රු. 600ක් විතර වියදම් කරන්න වේවි. මොකද අඩු ගාණට තියෙන කොක්ටේල් වල රස ටිකක් අවුල්, හරියට නොර්මල් සැන්ඩි කරපු අරක්කු බොනව වගේ.

6. The Long Bar

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයෙ තියෙන ද ලෝන්ග් බාර් අවන්හලෙත් පට්ට රස කොක්ටේල් තියෙනව. හැබැයි ගාණ ටිකක් සැරයි. කෑම, ස්නැක්ස් එහෙමත් රු. 500න් එහා පැත්තෙ. හැබැයි මෙයාල ලඟ තියෙන එස්පෙස්රෝ මාර්ටිනි, හෙවන්ලි මික්ස් වගේ කොක්ටේල් නම් රු. 700ට අඩුයි. ඒ වගේම රසත් පංකාදු පහට තියෙනව. කොහොම වුනත් ලස්සන දර්ශන තලයක් දිහා බලාගෙන, නිදහස් කතා බහක් දාගෙන කොක්ටේල් වීදුරුවක් තොල ගාන්න නම් කියාපු තැන.

7. Il Cielo

හුණුපිටිය ගංගාරාම ගොල්ඩ් බ්ලොක් ගොඩනැගිල්ලෙ 5වෙනි තට්ටුවෙ තමයි ඉල් සෙයිලෝ රෙස්ටුරන්ට් එක පිහිටල තියෙන්නෙ. බොරු කියන්න ඕන නෑනෙ මෙයාලගෙ කෑම වල රස හොඳ වුනාට ගාණෙ හැටියට ටිකක් පාඩු පාටයි. හැබැයි ඒ අඩු පාඩුව මැකෙන්නත් එක්ක කොක්ටේල් වල රස නම් සුපිරියට තියෙනව. ගාණත් රු. 500 වගේ ඉඳන් තියෙන්නෙ. නිකමට හරි ගියොත් රස බලන්නකො, කැමිකාසේ කොක්ටේල් එකක් හරි ඇපල් ස්පාර්ක් එකක් හරි. රු. 500ක් 600ක් වෙයි.

ඒක නෙවෙයි, ඔයාලා ඔය කොක්ටේල් රස බලන්න ගමන්, දන්න කියන මෙතන නැති අඩු ගාණට කොක්ටේල් රස බලන්න පුලුවන් තව තැන් ටිකකුත් කමෙන්ට් කරන්න. ඔය නිකම් ඉන්න වෙලාවට අපිට හරි ගිහිල්ල රස බලල එන්න බැරියැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide