ඉවුම් පිහුම් ගැන උනන්දු අයට.. ලංකාවේ හොඳම රෙසිපි බ්ලොග්ස් 8ක් – I.

ඉස්සර වගේ නෙමෙයි, දැන් අපි කවුරු කවුරුත් උයන්නෙ පිහන්නෙ අන්තර්ජාලෙ දිහා බලාගෙන. ඉස්සර නං කුකරි ක්ලාස්, කුකරි පොත්, කටින් කට එන කෑම වට්ටෝරු, පත්තරවල පළ වෙන ඉවුම් පිහුම් තීරු.. ඕව මේව තමයි උයන පිහන අයට නිතර උදව් වුණේ. ඒත් මේ සයිබර් යුගයෙ අපි හැමෝම කෑමක් හදන්න ඕන වුණ ගමන් කරන්නෙ රෙසිපිය ඉන්ටනෙට් එකේ සර්ච් කරන එක. 

ඕන ම කෙනෙකුට ඕන ම රෙසිපියක් ලෝකෙ ඕන ම තැනක ඉඳන් හොයාගන්න පුළුවන් වීමේ පහසුව තමයි මේ වෙනසට ලොකු ම හේතුව. මොකද, ඇත්තට ම ඉන්ටනෙට් එකෙන් හොයාගන්න බැරි කෑම වට්ටෝරුවක් නැති තරම්. ඉතින් ඉස්සර ලංකාවේ ඈයෝ අතරෙ විතරක් ගැවසුණ ලාංකික කෑම වට්ටෝරු, තාක්ෂණයට ස්තුතිවන්ත වෙන්න දැන් ලෝකේ හැමෝම අතරට ගිහින්.

අන්තර්ජාලේ, සමාජ මාධ්‍ය ඇතුළේ, මුළු ලෝකයට ම ලංකාවේ ආහාරපානවල රස ගුණ සුවඳ බෙදන ලාංකික සූපවේදියෝ රාශියක් ඉන්නවා. ඒ අය තමතමන්ගෙ කෑම වට්ටෝරු, ඉවුම් පිහුම් පාඩම් විතරක් නෙමෙයි ඉවීමෙදි වැදගත් වෙන පුංචි පුංචි ශිල්ප ක්‍රමත් එයාලගෙ බ්ලොග්වල, සමාජ මාධ්‍ය පිටුවල පළ කරනවා. ඉතින් මේ අය වටේට එකතු වුණ, ලාංකික ආහාරපානවලට ආදරය කරන හිතවතුන් ලොකු පිරිසක් ඉන්න නිසා, මේ වෙද්දි ඒ හැමෝගෙන් ම ලස්සන ඔන්ලයින් කමියුනිටි එකක් හැදිලා.

මේ ගැන හොයාගෙන හොයාගෙන යද්දි අපිට හමු වුණ වඩාත් ම සිත් ඇදගන්නාසුලු රෙසිපි බ්ලොග්ස් 8ක් ගැනයි මේ විස්තර කියන්න යන්නෙ. ලංකාවේ කෑමබීම ලෝකයට නිරාවරණය කරන්න මේ අය දරන වෙහෙස අගය කළ යුතුමයි. ඒ නිසා ඒ අය වෙනුවෙන් ම ලිපි මාලාවක් සකස් කරන්න අපි හිතුවා. ඕගොල්ලොත් දන්න රෙසිපි බ්ලොග්ස් තියනව නං ඒ ගැන අපට කියන්න. vishvi@yamu.lk ලිපිනයට එයාලගෙ වෙබ්සයිට් ලින්ක් එක ඊමේල් කරන්න.

ඉතින් මේ තියෙන්නේ අපිට හමු වුණ හොඳ ම රෙසිපි බ්ලොග්ස් 8ක් ගැන විස්තර. ඒගොල්ලන්ගෙ වෙබ්සයිට් පැත්තෙ ගිහින් බැලුවොත්, මූඩ් ෆික්ස් කරගන්න, ඉවුම් පිහුම් හැකියාව දියුණු කරගන්න වගේ ම බඩගිනි හදාගන්නත් පුළුවන්!

PeckishMe

www.peckishme.com

PeckishMe වෙබ්සයිට් එක කරන්නේ ජයනි සී. සේනානායක. දක්ෂ සූපවේදී පරම්පරාවකින් පැවත එන ඇය, ඇගේ ඉවුම් පිහුම් කතන්දර මේ වෙබ්සයිට් එකේ පළ කරනවා. ඇය උයන පිහන විදිහ, ඇගේ අලුත් අලුත් කෑම වට්ටෝරු, ඒවා රස බලන විදිහ.. මේ හැම දෙයක් ම ඇය අකුරු කරනවා මේ වෙබ්සයිට් එකට ගියොත් බලන්න පුළුවන්. 

හුරුපුරුදු රයිස් ඇන්ඩ් කරිවල ඉඳලා පේස්ට්‍රි, කේක් වර්ග වගේ ලෝකේ හැම කොනකට ම අයිති කෑමබීම ජාති ඇය අපට සමීප කරනවා. තව විස්තර ඕන නම්  @peckishme ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක පැත්තෙත් ගිහින් බලන්න. 

Hungry Lankan

www.hungrylankan.com

රොශානි වික්‍රමසිංහ තමයි හංග්‍රි ලංකන් එකේ හිමිකාරිය. වැඩිපුර ම ස්වෝත්සාහයෙන් උයන්න පිහන්න ඉගෙනගත්ත ඇගේ මේ ඉවුම් පිහුම් චාරිකාව පටන් අරන් තියෙන්නෙ ඇය ඇමරිකා එක්සත් ජනපදයට ගියාට පස්සෙ.

ඇයගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක @hungry_lankan එකට ගිහින් බැලුවත් දැකගන්න පුළුවන් දේ තමයි උයන්න පිහන්න ආධුනික කෙනෙකුට ඇගේ කෑම වට්ටෝරු කොච්චර පහසුවක් ද කියන එක. හැම පියවරක් ගැන ම සවිස්තරාත්මක ව සහ නිශ්චිත ව කරුණු පැහැදිලි කරන්න ඇය දක්ෂයි. විශේෂයෙන් බේක් කරන කෑම ජාති ගැන ඇගේ රෙසිපි ලෝකෙ පුරා විසිරිලා ඉන්න ලාංකිකයො හුඟ දෙනෙක් ෆලෝ කරනවා. 

Healthy Sutra

www.healthysutra.co.uk

සෞඛ්‍ය සම්පන්න කෑම කිව්වම මතක් වෙන්නේ මොනවද? සලාද, කොළ ජාති වගේ දේවල් නෙ. සාමාන්‍යයෙන් ඒක තමයි අපේ ඔළුවෙ හැදිල තියන චිත්‍රෙ. හැබැයි, ඒ මතය වෙනස් කරන්න නිශාගේ හෙල්දි සූත්‍ර වෙබ්සයිට් එකට පුළුවන්.

වසර කීපයකට කලින් ඇයගේ සිරුරේ බර අඩු කරගැනීමේ ගමනෙදි තමයි නිශා මේ හෙල්දි රෙසිපි හොයාගන්නෙ. එදිනෙදා ගෙදර තියන දේවල්වලින්, රසින් අනූන, සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් සකස් කරගන්න ආකාරය ඇගේ වෙබ්සයිට් එකේ තියනවා. සෞඛ්‍ය සම්පන්න අතුරුපස වර්ග, විවිධ කරීස්, පිෂ්ඨය අඩු ක්ෂණික ආහාර, ස්නැක්ස් වර්ග.. මේ හැම දේ ම ඒ අතරෙ තියනවා.

ශරීරයේ බර කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙක් වෙන ඇය දැනට ලන්ඩනයේ වාසය කරනවා. ෆුඩ් ෆොටෝග්‍රැෆි, ෆුඩ් ස්ටයිලිං පැත්තෙනුත් ඇය බොහොම ඉදිරියෙන් ඉන්නවා.  @healthysutra ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකෙන් ඇය අමතන්න ඔබට පුළුවනි.

Bread, Broth & Brieyond

www.breadbrothandbrieyond.wordpress.com

අම්මා හදපු කෑම වට්ටෝරු ගැන සව් පෙරේරාගේ මතක සටහන තමයි මේ බ්ලොග් එක. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ලාංකිකයෙක් වෙන ඇය කුස්සියේදි අලුත් අලුත් අත්හදා බැලීම් කරන්න පටන් අරන් තියෙන්නේ නව යොවුන් වියේදිමයි. ඇගේ රෙසිපි හරි ම සෘජුයි සහ පැහැදිලියි. ඇති තරම් පින්තූරත් එක්ක ම පළ කරන නිසා ඇහැටත් ප්‍රියයි.

ඇය වැඩිපුර අවධානය යොමු කරන්නේ ලාංකික කෑමබීම ගැන වුණාට ඇයගේ බේකිං පැත්තත් නියමයි කියල නොකියාම බෑ. ඇගේ බේකිං කතා බලන්න @madbatterbysav ඉන්ස්ටග්‍රෑම් එකට යන්න. අනෙක් කෑම වට්ටෝරුවල විස්තර දැන කියාගන්න @savisquishles ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකට පිවිසෙන්න.

Podi Hands Cook

www.podihandscook.lk

පරම්පරාවෙන් ආපු පවුලේ රෙසිපි සංරක්ෂණය කරන්න එරාෂා හෙට්ටිගේ පටන්ගත්ත වෙබ්සයිට් එක තමයි පොඩි හෑන්ඩ්ස් කුක්. මේ කියන ‘පොඩි අත් දෙක’ තමයි ඇගේ ආදරණීය දියණිය. මේ රෙසිපිවලට කුස්සියේදි අත්උදව් දෙන්න ඒ පොඩි අත් දෙක එකතු වෙන්නෙ හරි ම උනන්දුවෙන් ලු. ඉතින් මේ කෑම වට්ටෝරු පරම්පරාවෙන් පරම්පරාවට ආදරය අරන් යන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

පවුලේ රෙසිපිවලට අමතර ව එරාෂාගෙ ම රෙසිපි ඉදිරිපත් කරන්නත් ඇය මේ ඔස්සේ කටයුතු කරනවා. දේශීය වෙළෙඳපොළෙන් හොයාගන්න අලුත් අලුත් අමුද්‍රව්‍ය එක්ක පැරණි වට්ටෝරු අලුත් ක්‍රමවලට සකස් කරන්න ඇය උනන්දු වෙනවා. @podihandscook ඉන්ස්ටග්‍රෑම් එක පැත්තෙ ගියොත් තව විස්තර බලන්න පුළුවන්.

Food Voyageur

www.foodvoyageur.com

ඕන කෙනෙකුට ලේසියෙන් හදන්න පුළුවන් ඉක්මන් රෙසිපි ගොඩක් මේ වෙබ්සයිට් එකෙන් රචී ප්‍රනාන්දුපුල්ලේ ඉදිරිපත් කරනවා. හිටපු සූපවේදිනියක් වගේ ම ලෝකේ පුරා ඇවිදින්නියක් වෙන ඇය, ඉවුම් පිහුම් චාරිකාව පටන් අරන් තියෙන්නේ අවුරුදු 18දි. ඇය ලෝකේ වටේ තියෙන ප්‍රසිද්ධ අවන්හල් රැසක ඉන්න දක්ෂ සූපවේදීන් කිහිපදෙනෙක් යටතේ සේවය කරලා තියෙනවා. දැනට ඇය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියි.

ඇගේ වට්ටෝරුවල ජාත්‍යන්තර ලකුණක් තිබුණත් ඇය ලාංකිකකම අමතක කරලා නෑ. කුස්සියේ තියන සීමිත අමුද්‍රව්‍ය ටිකකින් වුණත් උපරිම රස ලබාගන්න ශිල්ප ක්‍රම කියා දෙමින් ඇය නිතර ලාංකික ආහාරපාන සකසනවා. ඇගේ රෙසිපි විස්තරාත්මකයි. වීඩියෝ සහ පියවරෙන් පියවර මාර්ගෝපදේශ සහිතයි. වැඩි විස්තර සඳහා @food_voyageur ඉන්ස්ටග්‍රෑම් පිටුවට පිවිසෙන්න.

The Food Snaps

www.thefoodsnaps.com

ඇන්ජලාගේ ෆුඩ් ස්නැප්ස් කියන්නේ සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායී කෑමබීම සකස් කරගන්න විදිහ කියල දෙන, ඇහැ පිනවන වෙබ්සයිට් එකක්. ඇය තමන්ගේ පවුලේ අය සතුටින් සහ නිරෝගී ව තියන්න සකස් කරන ගුණදායක පැණි රස සහ සැර ස්නැක්ස්, උදේ/ දවල්/ රෑ කෑම වේල් සහ නිරෝගී ව ඉන්න උදව් වෙන බීම ජාතිත් ඇගේ රෙසිපි එකතුවෙ තියනවා. 

හැම රෙසිපියක් ම සරලයි. පින්තූරවලිනුත් සරුසාරයි. @thefoodsnaps ඉන්ස්ටග්‍රෑම් පිටුවට ගිහින් බලන්න, තවත් කෑමබීම වට්ටෝරු හොයාගන්න ලැබෙයි.

The Dancing Kitchen

www.thedancingkitchen.food.blog

ෂෙරීනා නෙලුදි ඉතාලියේ ජීවත් වෙන ලාංකිකයෙක්. ඇගේ ගම මීගමුව. මීගමුව කිව්වම මතක් වෙන්නෙ කටට රහට හැදෙන එක එක ජාතියෙ ඉස්සො දැල්ලො කකුළුවො වගේ සීෆුඩ් වර්ග නේ. ඉතින් ඇයත් අපිට ඇගේ කෑමබීම චාරිකාව ගැන රස කතා ගොඩක් කියනවා. ඒ ඩාන්සිං කිචන් බ්ලොග් එකෙන්.

දේශීය කෑම වට්ටෝරු රැසක් වගේ ම මැදපෙරදිග ටච් එකක් තියන සිත් ඇදගන්නාසුලු කෑමබීම වර්ගත් මේ බ්ලොග් එකෙන් හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක. @the_dancing_kitchen

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide