ගමේ රහට! රු. 150ට බඩ පැලෙන්න බත් කන්න නියම ‘මාතර බත් කඩ’ 8.

මතකෙයි ඉස්සරම, දවල් කෑම වෙලාවට බත් කඩ හොය හොය දුවද්දි

“ඒ.. මේක මාතර බත් කඩයක් නෙවෙයි බං. තව ටිකක් ඉස්සරහට ගිහින් බලමුකො”

මාතර බත් කඩයක් සෙට් වෙනකම්ම ඇවිදිනව. ඇයි ඉතින් රු. 80ට 100ට, කටට රහට, බඩ පැලෙන්න බත් කන්න තියෙන එකම තැනනෙ.  

හැබැයි, කාලෙත් එක්ක ඔය සීන් එක යට ගියා කිව්වොත් හරි. මොකද ‘මාතර බත් කඩේ’ නම හිට් වෙන්න ගත්ත අනික් පැත්තට හැම හන්දියක් ගාණෙම හරි හතු පිපෙන්න වගේ මාතර බත් කඩ ඇරෙන්න පටන් ගත්තනෙ. කොටින්ම කියනව නම් ඔරිජිනල් කඩයි, හොර කොපියි වෙන් කරල අඳුන ගන්න බැරි වෙන තරමට. ඉතින් මිනිස්සු රැවටිලා, බත් කන්න ගොඩ වෙලා, කෑම අවුල් ගියාට පස්සෙ බැන බැන එළියට බැහැලා ගියේ ආයෙ මාතර බත් කඩ හතර මායිමක එන්නෙ නෑ කියන අදහසින්.

අනේ අවාසනාවන් කියන්නෙ, ඒකෙන් මේකෙන් පාර වැදුනෙ ඔරිජිනල් මාතර බත් කඩ ටිකට. සමහර කඩ වැහෙන්න පවා ගිය තරම්. බේරුනානම් බේරුනේ වැඩේ කොලිටියටම කරගෙන ගියපු කඩ ටික විතරයි.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අතීත රස මතක වලට පණ පොවන්නත් එක්ක මේ වෙද්දි ජයටම කරගෙන යන මාතර බත් කඩ ටිකක් ඔයාලට මතක් කරල දෙන්න.

එහෙනම් කියවල බලන්නකො. හිතට ඇල්ලුවොත්, යන එන වෙලාවක් බලල ගොඩ වෙලා, බඩ කට පිරෙන්න කන්න බැරියැ.

1. Matara Bath Kade (Maharagama)

ප්ලේස් එක තියෙන්නෙ මහරගම හයිලෙවල් එකෙන් ඇල්හේන පාරට හැරෙද්දිම වගේ. මාතර බත් කඩේ වුනාට මේක හුඟ දෙනෙක් දන්නෙ රතු කැකුළු බත් කඩේ කියල. එහෙමයි කියල මෙයාල ලඟ සුදු බත් නැතුව නෙවෙයි. හැබැයි එකක් මතක තියාගන්න මෙතන බීෆ්, පෝර්ක් නම් නෑ. ඒත් පංකාදු පහට හැදෙන මාළු ඇඹුල් තියල් එකක් නම් තියෙනව. මෙයාලගෙ චිකන් කරියත් සුපිරි. හොඳ සැරට, තුන පහ රස එහෙමත් ගාණට. රස පදමට කිරි දාලා හදපු ව්‍යංජන 4ක් එක්ක බැදපු මිරිස් කරලක්, පපඩමක් එහෙමත් බත් එකට එකතු වුනාම ඉතින්… ඇත්තටම රු. 120-150ට නම් ලොවෙත් පාඩු නෑ.

2. Matara Bath Kade (Dehiwala)

කඩේ පොඩි වුනාට වැඩේ සුපිරි. කෑම ටික හැදෙන්නෙ ගෙදරමයි. ඒ නිසාම උදේ, දවල්, රෑ තුන් වේලම වුනත් රස බලන්න පුලුවන්. අවාසනාවට මෙතනත් පෝර්ක් නම් නෑ. හැබැයි පට්ට රස චිකන් කරියකුයි, මාළු කරියකුයි තියෙනව. ඒ හැරුනාම ඉස්සො, දැල්ලො කරි, ඩෙවල් එහෙමත් ගන්න පුලුවන්. හැබැයි කටගැස්මට පපඩම් පමණයි. මිරිස් තිබ්බත් එහෙමත් වෙලාවක තමයි. මොනව වුනත් දෙහිවල, කවුඩාන පාරට හැරෙන්න ඔන්න මෙන්න, ගාලු පාරෙ පිහිටල තියෙන මේ මාතර බත් කඩෙත් කෑම ටික නම් නියමම ගමේ රහ තමයි. හැරත්, ගණනුත් රු. 100-130 නිසා පොකට් එකටත් ගාණක් නෑනෙ.

3. New Matara Ratu Kelkulu Bath Kade (Maharagama)

අද කාලෙ රු. 80ට 120ට බත් කන්න කඩයක් තියෙනව කිව්වාම පුදුමයි නේ. පුදුම වෙන්න දෙයක් නෑ යන්න මහරගම, නාවින්න, පරණ කොට්ටාව පාරෙ තියෙන රතු කැකුලු බත් කඩේට. නියම ගමේ රහට බත් වේලක් බඩට දාගන්න කියාපු තැන. විශේෂයෙන්ම, මෙයාලගෙ එළවලු ව්‍යංජන ටික නම් පංකාදු පහයි. වට්ටක්කා මාලුව, පොලොස් ඇඹුල එහෙම කාපු තාක්කල් රස මතක හිටින තරම්. බැදපු මාළු, මිරිස් මාළු, චිකන් කරි හැරුනාම සමහර වෙලාවලට මෙයාලා ලඟ කිරි මාළුත් තියෙනවලු. කොහොම වුනත් උදේ, දවල්, රෑ තුන් වේලටම වුනත් කටට රහට බත් වේලක් රස බලන්න, මහරගම පැත්තෙ උදවියට නම් ඉතින් නම් නිව් මාතර බත් කඩේ තමයි.

4. Matara Bath Kade (Dehiwala)

දෙහිවල, පැපිලියාන පාරෙ විජිත පාරට හැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මුණ ගැහෙන මේ මාතර බත් කඩෙත් අතේ තියෙන ගාණට රයිස් ඇන්ඩ් කරි පාරක් දාන්න නියම ප්ලේස් එක. හැබැයි මෙයාලගෙ කෑමවල ගමේ රහ නම් ඒ හැටියටම නෑ. සමහර විට තෙල් ටිකක් වැඩිපුර පාවිච්චි කරන නිසා වෙන්නත් පුලුවන්. කොහොම වුනත් කෑමවල සැර ගතියයි, කුළු බඩු රසයි නම් නියම ගාණට තියෙනව. චිකන්, බිත්තර, මිරිස් මාළු එක්ක රස මෑකරල් තෙල් දැමුමක්, අල, පරිප්පු කරියක් නැත්නම් වට්ටක්කා ව්‍යංජනයක් එක්ක වුනත් හිතේ හැටියට බත් කන්න පුලුවන්. විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙත් කෑමවල ගණන් යන්නෙ රු. 100-130 අතරෙ.

5. Matara Ratu Kekulu Bath Kade (Slave Island)

හිතේ හැටියට වාඩි වෙලා, හායි හූයි කිය කිය දවල් කෑම වේලට රස බලන්න, යන්න කොම්පඤ්ඤවීදියෙ මැලේ ස්ට්‍රීට් පැත්තට. ගමේ ටයිප්ම නොවුනට මෙතන කෑම ටික නම් පංකාදු පහයි. තෙල් ගතිය පොඩ්ඩක් විතර තිබුනට මොකද රස පදමට තුනපහ, පොල් කිරි එහෙම දාලා හදන නිසා ව්‍යංජනවල රස සෑහෙන්න හොඳයි. විශේෂයෙන්ම බීට් ව්‍යංජනය, බෝංචි කරිය, ටොපේ ටොප්. ඒ හැරුනාම චිකන්, මාළු, බිත්තර කරිවල රස, සැර එහෙමත් නියම ගාණට. ඒත් බැදපු මාළු එක නම් හරියන්නෙ කටගැස්මට තමයි. කොහොම වුනත් රු. 120-150ට බඩ පැලෙන්න කන්න පුලුවන් නිසා අවුලක් නම් ඇත්තෙම නෑ. වැඩේ කියන්නෙ මෙතන බීෆ්, පෝර්ක් තියෙනවද කියල අපිට හොයා ගන්න බැරිවුනානෙ. ඔන්න ඒක හොයල කියන එක ඩේලි කස්ටමර්ස්ලට බාරයි.

6. Matara Malidu Bath Kade (Borella)

හැංගිලා තිබ්බට මොකද හෙයාගෙන ගිහින් කෑවත් පාඩු නැති කඩයක්. උදේ, දවල්, රෑ ඕන කෑම වේලක් රු. 100-130ට කන්න මරු තැන. බීෆ්, පෝර්ක් නම් නෑ. හැබැයි ඒ අඩුපාඩුව පුරවන්න පුලුවන් සුපිරි මාළු කරියක් තියෙනව. ඒ හැරුනාම මෙයාලගෙ චිකන් එකත් කටට සැරට තෙල් ටිකක් දාලා එහෙම හදල තියෙන නිසා රස කර කර කෑ හැකි. එළවළු ව්‍යංජන අතින් ගත්තොත් හිටපු ගමන් බහින පළාමැල්ලුමයි, මෑ කරල් තෙල් දැමුමයි, පොලොස් මාලුවයි තමයි නියම. ලුණු ඇඹුල් පදම වගේම කිරි රසත් හොඳට තියෙනව. විශේෂයෙන් කියන්න ඕන මලිඳු කඩේ මොනව නැතත් බැදපු මිරිස්, පපඩම් ටික තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ. අනික හිතේ හැටියට අඩුපාඩු ඉල්ලගෙන කන්නත් පුලුවන්නෙ.

7. Matara Ratu Kekulu Bath Kade

කොහුවල හංදියෙන් පොලිසිය පැත්තට හරවනවත් එක්කම වංගුවෙ හැංගිලා තියෙනව තවත් මාතර බත් කඩයක්. ඒකෙත් නම රතු කැකුළු බත් කඩේ. ඔන්න මෙතන කෑම ටික නම් සෑහෙන්න දුරට ගමේ රහට තියෙනව. තෙල් එහෙමත් තරමක් අඩුවෙන් තමයි පාවිච්චි කරන්නෙ. එතකොට මිරිස් තුනපහ ටිකයි, ලුණු ඇඹුල් ටිකයිත් ගෙදර හැදෙන ව්‍යංජනවල ගාණටම. විශේෂයෙන් කියන්න ඕන මේ මාතර කඩෙත් පොලොස් ඇඹුලයි, වට්ටක්කා මාලුවයි නම් මරේ මරු. ඒ හැරුනාම ඉතින් චිකන්, මාළු කරි, බැදපු මාළු, බිත්තර කරිවල රසත් නියමෙට තියෙනව. පොදුවෙ ගත්තම මෙයාලගෙ කෑමවල සැර ගතිය ටිකක් අඩුයි. ඒත් බැදපු මිරිස් කරලක් පපඩමක් එකතු කරගත්තාම ඒ අවුලත් හරි යනව. අනික කෑමවල ගණනුත් රු. 120-150 වගේ යන්නෙ.

8. Matara Bath Kade

ඩී. එස්. එකේ ස්විමින්ග්පූල් කම්පෙලක්ස් එක ඉස්සරහ පාරෙන් අනික් පැත්ත බැලුව නම් ඔන්න තියෙනව මාතර බත් කඩේ. කෑම ටික හොඳ සැරට කන්න පුලුවන් කඩයක්. ගමේ රහටම නැති වුනාට මොකද හොඳට ලුණු ඇඹුල් ඇතුව හැදෙන එළවලු ව්‍යංජන ටිකක් තමයි මෙයාල ලඟ තියෙන්නෙ. බිතතර, කුකුල් මස්, මාළු අතරට හිටපු ගමන් මෙයාලා ඉස්සො, දැල්ලො එහෙමත් එකතු කරනව. හැබැයි ඌරු මස්, හරක් මස් නම් පැත්ත පලාතක නෑ. කොහොම වුනත් ව්‍යංජන 4ක් එක්ක පපඩමක්, බැදපු මිරිස් කරලක්, කුකුල් මස් කරියක් දාපු බත් එකක් මෙයාලා ලඟ වෙන්නෙ රු. 150ක් වගේ.

ඔය ටික හැරුනාම ඉතින් අපිට මගහැරුනු තවත් මාතර බත් කඩත් ඕන තරම් තියෙන්න පුලුවන්නෙ. අන්න ඒවා අපිට කියන එක ඔයාලගෙ යුතුකම. විශේෂයෙන්ම නිතර දෙවේලෙ පාර තොටේ රස්සාව කරන අපේ යාළුවන්ටත් උදව්වක් විදියට, හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide