කෝච්චියෙන් යද්දී අපට මුණගැහෙන චරිත 8ක්.

සමුද්‍ර දේවි, සාගරිකා, රුහුණු කුමාරි, ගාලු කුමාරි ; දුර බැහැර, විශේෂයෙන්ම දකුණු පළාතේ ඉඳන් කොළඹට උදේ හවා රස්සාවට යන එන ඇත්තන්ව කරගහගෙන එන්නේ මෙයාලා තමයි. මේ කෝච්චිවලට කන්තෝරු එහෙමත් නැත්තන් "ඔෆිස් ට්‍රේන්" කියන්නෙත් ඔන්න ඔය හේතුව නිසා. හුස්ම හිරවෙන තරමට තදවෙලා පොඩිවෙලා දවසක් නෑර යන එන මේ ගමන ඉතින් සුන්දර නැහැ. ඒත් මොනවා කරන්නද? ජීවිතේ ගැටගහගන්නත් එපැයි.

ලෝකේ කොහේ ගියත්, අපට එක එක වර්ගයේ මිනිස්සු මුණගැහෙනවනේ. කෝච්චි ගමන්වලදීත් ඒ වගේ තමයි. ඉතින් අපටත් මුණගැහිලා තියෙන මේ නා නා විධ චරිත ගැන කල්පනා කරපු අපි හිතුවා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඔයාලත් බලන්නකෝ, මේ අය අතරින් කී දෙනෙක් ඔයාලටත් මුණගැහිලා තියෙනවද කියලා.

1. ලොකු හෑන්ඩ් බෑග් ආන්ටි

ඔෆිස් යන ගැහැණු කෙනෙක්ට නැතුවම බැරි දෙයක්නේ හෑන්ඩ් බෑග් එක කියන්නේ. කෑම පැකට් එකේ ඉඳන්, වතුර බෝතල්, සල්ලි, ලාච්චු, කබඩ්වල යතුරු, ලිප්ස්ටික්, පනා, ලේන්සු, ටිෂූ කොළ ආදී මෙකී නොකී කෙළවරක් නැති ජාතිවලින් පුරවපු මල්ලක් තමයි මේක.

මහ දවාලේ කණේ කරේ තියෙන දේවල් හොරකම් කරන මේ වගේ කාලෙක, තමන්ගේ හෑන්ඩ් බෑග්වල තියෙන දේවල් වුණත් පරිස්සම් කරගෙන අරන් යන එක වැදගත් තමයි. හැබැයි ඒකෙ මුවාවෙන් ඒවා අනිත් අයට කරදර වෙන විදියට ඒක අරගෙන යන්නත්  සමහර අය පුරුදුවෙලා ඉන්නවා. හරි හරියට තදවෙලා යන කෝච්චියකදී මේ වගේ අලි හෑන්ඩ් බෑග් එකක් ඇඟේ වදිනකොට හොඳ ගණන්.

ඒත් ඉතින් හෑන්ඩ් බෑග් එකක් අරගෙන යන හැම කෙනාම මේ වගේ කියලා කියන්න බැහැ. තමන් වගේම අනිත් අයත් මේ කෝච්චියේ යන්න ඕනේ බව තේරුම් අරන් ඉන්න අය, හෑන්ඩ් බෑග් එක තමන්ගේ අහල පහල ඉන්න අඳුනන කෙනෙක්ට හරි, උඩ තියෙන රාක්කයකින් තියන්න පුරුදුවෙලා ඉන්නේ මෙන්න මේ නිසයි.

2. නිදි නැති කුම්භකර්ණයා

මේ ගොඩක් කන්තෝරු කෝච්චි එන්නේ මහ පාන්දර. උදේට මේ කෝච්චිවල යද්දී වගේම, තෙහෙට්ටුවෙලා හවස ගෙදර එද්දී පොඩි නිදිමතක් එන එක පුදුමයක් නෙවෙයි. එහෙම වෙලාවට කරන්න පුළුවන් හොඳම වැඩේ පුළුවන් නම් කෝච්චියේ අසුනක් අල්ලගෙන පොඩි නින්දක් දාන එක. ඇත්තටම නිදිමතක් තියෙන කෙනෙක් කරන්නේ ඔය දේ තමයි. හැබැයි මේ අතරේ ඉන්නවා හොරට නිදි වගේ පෙන්නන, ඒත් හොඳට ඇහැරලා ඉන්න අයත්. එයාලා මේක කරන්නේ වෙන මොකටවත් නෙවෙයි, තමන්ගේ අසුන වෙනත් කෙනෙක්ට (වයසක කෙනෙක්ට, ළමයෙක් වඩාගත්ත කෙනෙක්ට, ගැබ්බර කෙනෙක්ට) පිරිනමන්න වෙයි කියන බයට. එහෙමත් නැත්තන් කාගෙහරි බෑග් එකක් වගේ අතට ගන්න වෙන එක මග හරින්න. කණ ළඟ බෝම්බයක් පිපිරුණත් මෙයාලා එහෙම නෙවෙයි අවදි වෙන්නේ.

3. "ලව්" බර්ඩ්ස්

මේක කියෙව්වම සමහර අය හිතයි "සැබෑ ආදරයට කොහේදෝ බාධා නැත්තේ" කියලා. ඒත් ඇත්තම කතාව මේකයි. ආදරය කරන්න කාටවත් තහනමක් නැහැ, ඒක වටේ පිටේ ඉන්න අයට බාධාවක් නොවෙන විදියට කරනවා නම්. කෝච්චිවල යන එන ගමන් තියෙන නිදහස ඕනේ නැති විදියට පාවිච්චි කරන, අවට ඉන්න අයටත් බලන් ඉන්න බැරි තරමට අප්‍රසන්න විදියට හැසිරෙන ජෝඩු සමහර වෙලාවට අපට දැකගන්න පුළුවන්. මෙයාලා ඉන්නේ කෝච්චිය කියන්නේ පොදුවේ හැමදෙනාම ගමන් කරන තැනක් කියන දේ අමතක ගාණට.

4. තඩි බෑග් උස්සගත්ත පොඩි එවුන්

කෝච්චියෙන් ඉස්කෝලේ යන, එහෙමත් නැත්තන් විශ්ව විද්‍යාලයට හෝ තමන් ඉගෙනගන්න තැනට යන ගැහැණු පිරිමි ළමයි මේ කාණ්ඩයට වැටෙනවා. මෙයාලගේ ඇඟටත් වඩා ඉඩ යන්නේ පිටේ එල්ලගෙන ඉන්න පොත් පත්, ලැප්ටොප් පුරවපු මල්ලට. මේ මල්ල නිසා කෝච්චියේ යන එන අයට කරදරයි නම් තමයි. ඒත් ඉතින් ඒකයි කියලා ඉස්කෝලේ හෝ කැම්පස් එකට නොයා ඉන්න බැහැනේ. ගොඩක් වෙලාවට මේ ලොකු බෑග් දාන්නත් කෝච්චි පෙට්ටි ඇතුළේ තියෙන රාක්කවල ඉඩත් නැහැ. ඒක නිසා ඉතින් සැප පහසුවට වාඩිවෙලා ඉන්න අයට පුළුවන් නම් මේ බෑග් එකක් අරගන්න, ඒ ළමයට වගේම හිටගෙන යන අනිත් අයටත් ලොකු පහසුවක් වෙයි.

5. රණ්ඩු කෙක්ක

කෝච්චියේ දොරින් ඇතුළු වෙච්ච වෙලාවේ ඉඳන් මොකක්ම හරි රණ්ඩුවක් පටලවගන්න බලන් ඉන්න මේ වගේ උදවිය නිසා මුළු දවසම එපා කරගන්න වෙන වෙලාවල් එමටයි අපට. ගෙදර දොරේ හෝ, රස්සාව කරන තැන හෝ වෙනත්  ප්‍රශ්නයක් නිසා ඔළුව අවුල් කරගෙන ඉන්න මෙයාලාගේ ඇඟේ කෙස් ගහක් වැදුණත් ඇති රණ්ඩුවක් පටන් ගන්න. ඇත්තටම වරදක් කරපු අය වගේම, තමන්ගේ පාඩුවේ යන අයත් බැණුම් අහනවා මෙයාලගෙන්. මේ වගේ කෙනෙක් ළඟ පාත ඉන්නවා නම්, පොඩ්ඩක් මග හැරලා ඉන්න එක කොයිකටත් ඇඟට ගුණයි.

6. කොන්දොස්තර

"කෝච්චිවල කොහේද කොන්දොස්තරලා?"

"කවුද නෑ කියන්නේ? මේවයෙත් ඉන්නවා"

ඔව්, ඒ කතාව හරි. මෙයාලා ඉතින් බස්වල වගේ ටිකට් කඩන කොන්දොස්තරලා එහෙම නෙවෙයි. කෝච්චියේ දොර ළඟ එල්ලිලා "ඔය මල්ලි ඔතනින් ඇතුළට යන්නකෝ, මෙතන දොරේ කට්ටියට ඇතුළට එන්න බැහැ" කියලා කට්ටියව මෙහෙයවන එක තමයි මෙයාලගේ වැඩේ. හැබැයි ඉතින් කෝච්චි පෙට්ටිය ඇතුළේ කොච්චර ඉඩ තිබුණත් මිනිහා නෙමෙයි දොර ලඟින් හෙල්ලෙන්නේ.

7. සල්ලාලයා

මිනිස් වේසයෙන් ඉපදුණත් ඒ විදියට හැසිරෙන්න නොදන්න පිරිමි කාණ්ඩයක් විදියට මෙයාලව හඳුන්වන්න පුළුවන්. පොදුවේ ගත්තම කෝච්චියේ යන එන ඕනෙම කාන්තාවකට මෙයාලගෙන් කරදරයි. තනියෙන් ගමන් කරන කාන්තාවක් ලඟට ගිහින් නොවුමනා දේවල් කරන්න පෙළඹෙන මේ අය නීතිය ඉදිරියට ගෙනියන එක, ඒ කාන්තාවගේ විතරක් නෙවෙයි, ඒ කෝච්චියේ යන ඕනෙම කෙනෙක්ගේ වගකීමක්.

8.  සීට් මුරකරු

සමුද්‍රදේවී වගේ කන්තෝරු කෝච්චිවල අඩුවක් නැතුවම හොයාගන්න පුළුවන් ජාතියක් තමයි මේ. ගාල්ලේ ඉස්ටේසමෙන් නැග්ගම, කළුතර ඉන්න යාලුවටත් අසුනක් වෙන් කරගන්න මේ අය, ඒ අසුනේ වෙන කෙනෙක් වාඩි වුණොත් එහෙම ඒ දිහා බලන්නේ හරිම කේන්තියෙන්. සමහර වෙලාවට ඒ වගේ අයට ඇහෙන්න මග දිගට ඇනුම් පද කියන්නත් මේ කට්ටිය පෙළඹෙනවා. මේ අය ගොඩක් වෙලාවට හැමදාම වාඩිවෙන්නේ එකම පෙට්ටියේ, එකම අසුන්වල.

කොහොම වුණත්, හැමදේටම වඩා යාළුකම වැදගත් බව ඇත්ත. අවුරුදු දහ පහළොවක් තිස්සේ හැමදාම කෝච්චියේ ගියත්, ඒක පොදු දේපලක්. කවදාහරි පැන්ෂන් ගිය දවසට කෝච්චියේ මේ අසුන ගෙදර අරගෙන යන්නේ නැහැනේ කියන දේ හිතට ගන්න පුළුවන් නම්, ඇත්තටම ගොඩක් හොඳයි.

කෝච්චිවලදී අපට මුණගැහෙන චරිතවලින් කීපයක් විතරයි මේ. ඔයාලටත් මේ වගේ මතක් වෙන, කෝච්චිවල හම්බවෙලා තියෙන චරිත ඉන්නවා නම්, පහතින් කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට ඒ අය ගැනත් වෙලාවක අපට කතා කරන්න බැරියැ.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Trio of Radisson Hotels Welcome the Festive Season with Christmas Cake Mixing Ceremonies

Welcoming the spirit of the festive season, Radisson Blu Resort Galle, Radisson Hotel Kandy, and

Highlights Trending

Colombo Gets Ready for a Christmas Spectacular Like No Other

International circus artistry, Christmas music and festive dining come together for Once Upon a Christmas

Highlights Trending

Christmas Begins Above the Clouds

City of Dreams Sri Lanka ushers in the festive season with its Christmas cake mixing

Highlights Trending

BODARE VOL. 1 – A playground for heavyweights, a launchpad for fresh talent in hip-hop

Sri Lanka’s hip-hop scene is gearing up for a major showcase as BODARE VOL. 1

Highlights Trending

Sri Lanka’s biggest Oktoberfest returns to City of Dreams Sri Lanka

Running from 21 to 24 October at The Podium, tickets are priced at LKR 9,800

Highlights Trending

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide