ලංකාවනේ, වැඩ්ඩෝනේ; නියමෙට වැඩ ගන්න පුළුවන් ලංකාවේ සුපිරි යූටියුබ් චැනල් 8ක්.

දැන්දැන් ලංකාවේ බිහිවෙන යූටියුබ් චැනල් ගාණ සෑහෙන්න වැඩියි. මේ චැනල් ගොඩක් ඒවායේ තියෙන්නේ කොමඩි වීඩියෝ. සමහර ඒවාට නම් හිනාවෙලා ම පණ යනවා. ඔය අතරේ කට්ටියක් ඉන්නවා මේ ලෝකේ රහක් නෑ. කිචි කවාගත්තත් උන්ගේ වීඩියෝවලට හිනායන්නේ නැහැ.

කොහොම වුණත්, අද අපි කියන්නේ ඒ වගේ කොමඩි චැනල් ගැන නෙවෙයි. ලංකාවේ අපේ අය කරන, සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් විදියේ යූටියුබ් චැනල් 8ක් ගැන.

1. Sinhala Geek Show

Sinhala Geek Show කරන්නේ Chanux Bro. එදිනෙදා ජීවිතේදී වැදගත් වෙන ටෙක්නොලොජි දැනුම තමයි මේකෙන් සැපයෙන්නේ. කොටින් ම කිව්වොත්, කම්පියුටරේට වින්ඩෝස් දාගන්නේ කොහොමද, ඔන්ලයින් ෂොපින් කරන්නේ කොහොමද, වගේ සරල දේවල් පවා චනුක්ස් බ්‍රෝ කියලා දෙන්නේ හරි ම පැහැදිලි  විදියට.  

ඒ විතරක් නෙවෙයි, ඉස්සරහට එන්න තියෙන නව තාක්ෂණ වැඩකිඩ, අලුතෙන් එන ඩිවයිස් ගැන මේ චැනල් එකෙන් කතා වෙනවා. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් මේ චැනල් එකේ වීඩියෝ ටිකක් බලන්නකෝ. සමහරවිට ෆෝන් එකක් එහෙම දිනාගන්න බැරිවෙන එකක් නැහැ. මොකද චනුක්ස් බ්‍රෝ හිටපු ගමන් ලයිව් ගිව්-අවේ කරනවනේ.  

2. Vishwa Karma

විශ්ව කර්ම චැනල් එක කරන්නේ දිනේෂ් සුරංග කියලා කෙනෙක්. එදිනෙදා ජීවිතේදී වැදගත් වෙන සෞඛ්‍යමය කරුණු, නක්ෂත්‍රය, විද්‍යාව ගැන තොරතුරු මේ චැනල් එකෙන් කතා කෙරෙනවා. මේකෙන් ලැබෙන දැනුම ලංකාවට විතරක් සීමා වෙන්නේ නැහැ. ලෝකයේ වෙලා තියෙන අත්භූත සිදුවීම් මේ චැනල් එකේ පෙන්වන්නේ ඒ අදාළ ඔරිජිනල් වීඩියෝත් එක්කමයි. හැමදාම වගේ අලුතෙන් වීඩියෝ එකක් නිකුත් කරන්න මේ කට්ටිය සමත්.

3. TechTrack Show

සයන්ස් ඇන්ඩ් ටෙක්නොලජිවලට ආසාවක් දක්වන උදවියට කියාපු චැනල් එකක් විදියට TechTrack යූටියුබ් චැනල් එක හඳුන්වන්න පුළුවන්. මේක කරන්නේ මලින්ද අලහකෝන් මහත්මයා. ඔහු වෘත්තියෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. රූපවාහිනී වැඩසටහන්වලට පවා සහභාගී වෙන ඔහු, තරුණ පරම්පරාව විද්‍යාවට නැඹුරු කරවන උපදේශකයෙක් විදියටත් ප්‍රසිද්ධයි.

දැනට නිකුත් වෙලා තියෙන වගේ ම, ඉස්සරහට එන්න තියෙන අලුත් තාක්ෂණයන් ගැන කාරණා TechTrackවලින් කතා කෙරෙනවා. පරිගණක විද්‍යාවට විතරක් කොටු නොවීම තමයි මේ චැනල් එකේ වීඩියෝවල තියෙන වෙනස. බොහොම සරල විදියට සිංහල බසින් කරගෙන යන නිසා, හැදෙන වැඩෙන දරුවෙක්ට පවා කිසි ම අවුලක් නැතුව මේක බලන්න දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සතියකට අලුත් වීඩියෝ දෙකක් මේ චැනල් එකට එකතු වෙනවා.

4. Wishma Lokaya

මේකත් ටිකක් විශ්ව කර්ම චැනල් එකට හුරුයි. ගොඩක් වෙලාවට කතා කරන්නේ සෞඛ්‍යමය කාරණා ගැන. හිසකෙස් ගැලවී යාම අඩු කරන ක්‍රම, තරබාරුව මට්ටු කරන හැටි, විටමින් වැඩි ම ආහාර වර්ග; ඔය ඒ වගේ වීඩියෝ කීපයක්. මීට අමතර ව සාමාන්‍ය ජීවිතේදී වැදගත් වෙන දේවල් ගැනත් විශ්ම ලෝකයෙන් බලාගන්න පුළුවන්. ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුම්, රාත්‍රියේ ස්මාට් ෆෝන් පාවිච්චියේ භයානක බව වගේ කරුණු ඇති වීඩියෝ ඒවාට උදාහරණයි.

Nodutu Lokaya කියන්නෙත් මේකට ම සමාන තවත් යූටියුබ් චැනල් එකක්. මේක කරන්නේ කවුද කියලනම් අපට හොයාගන්න බැරි වුණා. කොහොම වුණත්, මෙයාලා මේ වැඩේ කරන්නේ 2014 අවුරුද්දේ ඉඳලයි.

5. Anoma's Kitchen

අනෝමා විජේතුංග මහත්මිය කරන යූටියුබ් කුකින් ක්ලාස් එක තමයි මේ. ලංකාවේ රසට කෑම ජාති හදන හැටි පියවරෙන් පියවර කියලා දෙන්න මේ චැනල් එකට පුළුවන් වෙලා තියෙනවා. මේ වෙද්දී Anoma's Kitchen චැනල් එකෙන් නිකුත් වෙලා තියෙන රෙසිපි ගාණ 150ක්. කුස්සියට යන්න කම්මැලිකමට, කඩවල්වලින් කන්න පුරුදු වෙලා ඉන්න අපේ තරුණ පරම්පරාවට, මේකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුළුවන්.

මීට සමාන තවත් චැනල් එකක් තමයි Aasai Rasai ආසයි රසයි. ලංකාවේ කෑම වගේ ම, පිටරට කෑම අපේ හුරුවට හදාගන්න විදිය මේ චැනල් එකේ වීඩියෝවලින් බලාගන්න පුළුවන්. දැන් සති දෙකකට වගේ උඩදී නිකුත් වෙච්ච ඊස්ටර් එග් සැලඩ් වීඩියෝ එක මේකට හොඳ ම නිදසුනක්.

6. SL Geek

SL Geek එකෙන් වෙන්නෙත් අලුත් තාක්ෂණයට අදාළ විස්තර කියලා දෙන එකයි. මේක කරන්නේ පසිඳු ජයසිංහ කියලා කෙනෙක්. පරිගණක විද්‍යාව පැත්තෙන් ඉගෙන නොගත්තත්, ඊට සම්බන්ධ රැකියාවක් නොකළත්, එදිනෙදා වැඩවලට අපට පරිගණකයේ උදව් ගන්න වෙනවමයි. අන්න ඒ වගේ කාරණා ගැන පසිඳු මේ චැනල් එකෙන් කතා කරනවා.

ඒ විතරක් නෙවෙයි පරිගණක ක්‍රීඩා, අලුතෙන් එන ගැජට්වල අන්බෝක්සින්, සහ රිවීව් සම්බන්ධ වීඩියෝත් මේ චැනල් එකේ තියෙනවා. මේ වගේ තවත් චැනල් දෙකක් තමයි RuwanTech සහ නාමල් බාලසූරිය කරගෙන යන මෙන්න මේ චැනල් එක. මේ දෙකෙනුත් වෙන්නේ තාක්ෂණයට සම්බන්ධ විස්තර ඔයාලා හමුවට ගේන එකයි.

7. Video Katha

මේක ලංකාවේ නොහිටියත් අපේ රට අමතක කරන්න බැරි කොල්ලෙක් කරන නියම චැනල් එකක්. අපට දැනගන්න ලැබුණු විදියට, මේ Video Katha චැනල් එක කරන සම්පත් ඉන්නේ ඇමෙරිකාවේ. සම්පත් මුලින් ම මේ වැඩේ පටන්ගත්තේ තමන් දිනපතා කරන කියන වැඩ (උදාහරණයක් විදියට පීසා එකක් හැදීම) එකතු කරලා හදපු වීඩියෝවලින්. හැබැයි පහු වෙද්දී විද්‍යාව, තාක්ෂණය, ලෝකයේ අභිරහස් සිද්ධි ගැන තොරතුරු සහිත වීඩියෝ හදන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා.

8. YAMU TV

මේක යමු එකේ අපේ වැඩක් වග කට්ටිය දන්නවා ඇතිනේ. ගොඩක් වෙලාවට YAMU TV වීඩියෝ ජනප්‍රිය වෙන්නේ ෆේස්බුක් එකෙන්. ඒත් ඒ හැම වීඩියෝ එකක් ම අපේ යූටියුබ් චැනල් එකෙන් බලාගන්නත් පුළුවන්. එදිනෙදා ගෙදරදොරේ හදාගන්න පුළුවන් සිම්පල් අඹ අච්චාරුවෙන්, පරිප්පු හොද්දෙන් පටන්ගත්ත ම, තරු පහේ හෝටල්වල කෑම හැදෙන විදිය දක්වා රෙසිපි වර්ග මේ චැනල් එකේ පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ටේස්ට් – ඕෆ් අත්දැකීම් එහෙමත් මේ අතරේ තියෙනවා. අපි කරපු චොකලට් කිරි, චොකලට් පුඩින්, KFC බර්ගර් ටේස්ට් – ඕෆ් වීඩියෝ ඒ අතරින් කීපයක් විතරයි.

කෑම බීම ගැන දැනගන්න විතරක් නෙවෙයි තවත් වටිනා කියන තොරතුරු ගොඩක් YAMU TV චැනල් එකෙන් බලාගන්න ඇහැකි. එයින් එකක් තමයි ඉන්දි කරන Colombo Walks. මේකෙදී වෙන්නේ කොළඹ තියෙන නගරයක් තෝරාගෙන එකේ ඉතිහාසය, අද තියෙන තත්ත්වය ගැන විස්තර ලබාදෙන එක. The Whenever Show (ඉස්සර The Weekly Show) එකෙන් කාලීන මාතෘකා ගැන කතා කෙරෙනවා. ඒ හැරුණා ම, ලංකාවේ ලයිෆ්ස්ටයිල් එක ගැන, සංචාරෙකට එනවනම් යන්න ඕනේ තැන් ගැන කියවෙන වීඩියෝත් අපේ YAMU TV එකෙන් දැකගන්න පුළුවන්.

අපට මඟ අරුණු තවත් යූටියුබ් චැනල් ඕනේ තරම් ඇති. ඒවා මෙතැන කමෙන්ට් කරනවානම් සෑහෙන්න වටිනවා. අපේ යාළුවන්ට දැනගන්න පුලුවන් වගේ ම, ආයේ දවසක ඒ කට්ටිය ගැනත් කතා කරන්න බැරියැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide