සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක්වත් ගන්නද කල්පනාව ?; අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණු 9ක්..

''මොනව කරන්නද ඉතින් ඉල්ලල ගහගත්තු බද්දක් නෙවේනෙ. දැන් ඉතින් බයිසිකලයක් ගන්න තිබ්බ හීනෙත් ඉවරයි'' කීදෙනෙක් හිතනව ඇද්ද ඔහොම. ඇත්ත තමයි බදු වැඩි වුනාට පස්සෙ බයිසිකලයක් තියා ෆෝන් එකක්, ලැප් එකක් ගන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බෑ.

ඒත් ඉතින් ආසාව කියන එක හංගන් ඉන්න බෑනෙ. අමාරුවෙන් එකතු කරගත්තු සල්ලිවලින් පාවිච්චි කරපු බයිසිකලයක් හරි ගන්න තමයි කට්ටියගෙ හිත. ඒකට කමක් නෑ. ඒත් පාවිච්චි කරපු බයිසිකල්වල එකඑක ප්‍රශ්න තියෙන්න පුළුවන්. හොයන්නෙ බලන්නෙ නැතුව අරගෙන නිකරුණේ දුක් විඳින්න ඕන නෑනෙ. එහෙනම් අහගන්නකො; සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල් ටික.

1. එන්ජිම

by Eje

මොනව බලන්නත් කලින් බලන්න එපැයි එන්ජිම වැඩද කියල. මුලින්ම බයික් එක ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ එන්ජිමෙන් එන සද්දෙට හොඳට ඇහුම්කන් දෙන්න. ඔයා මීට කලින් බයිසිකල් පැදපු කෙනෙක් නම් එන්ජිමෙන් සාමාන්‍යයෙන් එන සද්දෙ හොඳට අඳුරනවනෙ. අන්න ඒ සද්දෙට අමතරව එන්ජිමෙන් වෙන සද්ද එනවද කියල බලන්න. හරියට ඔය 'කැම් ජියර්' ගෙවුනාම එන සද්දෙ වගේ. හැබැයි ඔයාට මේ සම්බන්ධව ලොකු අත්දැකීමක් නැත්නම් අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක යන එක තමයි හොඳ.

2. i) චැසිය

by Doktor X

බයික් එකේ චැසිය ඇදවෙලාද නැද්ද කියන එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒක බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි බයිසිකලේ වේගය 40ත් 60ත් අතර ගාණක පදින ගමන් සාමන්‍ය තරමෙ වංගුවක් ගන්න. ඒ වෙලාවෙදි බයිසිකලේ බැලන්ස් එක නැතුව යන ගතියක්, එක පැත්තකට වැඩිපුර ඇදෙන ගතියක් තියෙනවනම් ඒ, ගොඩක් දුරට බයිසිකලේ චැසිය ඇද නිසා වෙන්න පුළුවන්.

   ii) ෆෝර්ක්ස්

by Taymtaym

ෆෝර්ක්ස් ඇද වෙලාද කියල බලන්නත් බයිසිකලේ පදින්නම ඕන. වේගය 40, 60 අතර තියාගෙන කෙලින් පාරක පදින ගමන් අත්දෙක ටිකක් ලිහිල් කරන්න. ඒ වෙලාවෙදි  හැන්ඩ්ල් එක පැත්තකට ඇදෙනවනම්, බයිසිකලේ බැලන්ස් එක නැතුව යනවනම් ඒ කියන්නෙ ෆෝර්ක්ස් ඇද වෙලා හරි ෆෝර්ක් ඔයිල් බැලන්ස් නෑ කියන එක හරි තමයි. සමහරවිට පිටිපස්සෙ රෝදෙ එලයිමන්ට් අවුල් නිසා වෙන්නත් පුළුවන්.

4. ටයර්

by Anna

හොර කට්ට කපලද නැත්නම් පාවිච්චි කරපු විදියටම තියෙනවද කියල බලන්නෙ මෙහෙමයි. ටයර් එකේ පැත්තෙ බිත්තියෙ තියෙනව පොඩි ත්‍රිකෝණ ලකුණක්. ඒ ත්‍රිකෝණෙ කෙලින් ටයර් එකේ මතුපිට (කට්ට තියෙන ප්‍රදේශය) වෙනකම් බලාගෙන ගියාම කට්ට අතරෙ ටිකක් ඉලිප්පුණු තැනක් හමුවෙයි. ඒක තියෙන්නෙ ටයර් එක කොච්චර ගෙවිලද කියල බලා ගන්න. එතනින් පහලට ගොඩක් ගෙවිලත් කට්ට ටික අලුත් වගේ තියෙනවනම් හරි ඒ ඉලිප්පුණු තැන පේන්න නැත්නම් හරි හොරට කට්ට කපල කියන එකේ සැකයක් නෑ.ඒ ගමන්ම බලන්න ටයර් එකේ පැති ගෙවිලද කියල. ගෙවිල නම් ගොඩක් දුරට ෆෝර්ක් ඔයිල් බැලන්ස් නැතුව හරි ෆෝර්ක් ඇද වෙලා හරි තියෙද්දිත් ලොකු කාලයක් බයිසිකලය පාවිච්චි කරල තියෙනව.

5. i) විද්‍යුත් පද්ධතිය

by Eric

විද්‍යුත් පද්ධතිය හොඳයිද කියල බලන්න බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දි හෙඩ් ලයිට් දාලා rpm එක ටිකෙන් ටික අඩු වෙනවද බලන්න ඕන. සමහර විට බයික් එක, එක පාර නතර වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නෙ විද්‍යුත් පද්ධතියෙ දෝෂයක් තිබුනොත් තමයි. ඒ හැරුණාම කාබ්‍යුලේටරයෙ ප්‍රශ්න නිසා වගේම එන්ජිමේ ටයිමින්ග් ප්‍රශ්න නිසාත් rpm එක අඩුවෙන්න පුළුවන්.

   ii) බැටරිය

by Andrew

බැටරි ඇසිඩ් පොඩ්ඩක් හරි පිටාර ගිහින් කියන්නෙ බැටරිය එහෙම පිටින්ම අවුල්.

  iii) මිස් ෆයර්

බයික් එක 40ත් 60ත් අතර වේගයකින් පැදගෙන යද්දි සයිලන්සරයෙන් පුපුරන හඬක් එක්ක ගින්දර පිටවෙනව නම් ටිකක් අසාධ්‍ය තත්වයක්. ගොඩක් වෙලාවට බයික් එක මිස් ෆයර් වෙන්නෙ බයික් එකේ ප්ලග්වලට හරි වෙලාවට ස්පාර්ක් එක ලැබුණෙ නැති වුනාම. ඒ හැරුණාම එන්ජින් ටයිමින්ග් වෙනස් වුනාමත් වෙන්න පුළුවන්.

by Shehal

8. i) ට්‍රාන්සර් පේපර්ස්

බයික් එකේ පොත කාගෙ නමටද තියෙන්නෙ බලන්න. පොතේ 'ඇබ්සලුට් ඕනර්' කියන තැන හිස් නම් බයික් එක ලීස් කරල නෙවෙයි අරන් තියෙන්නෙ. හැබැයි ආයතනයක නමක් තියෙනව නම් ඒ කියන්නෙ බයික් එකට ලීස් එකක් තියෙනව කියන එක. ලීස් එක ගෙවල ඉවරනම් ලීසිං ආයතනයෙන් අයිතිකාරයට දුන්නු ඉවත් කිරීමේ ලිපියෙ කොපිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ හැරුණාම අදායම් බලපත්‍රය කවද වෙනකම් ගෙවලද කියන එකයි රක්ෂණ සහතිකය තියෙනවද කියන එකයිත් බලන්න ඕන.

  

by Vikalpa

   ii) අනෙකුත් ලිපි ලේඛණ

ඔයා බයිසිකලේ ගන්න යද්දි ඒක අනිවාර්යයෙන්ම ඒ වෙද්දි අයිති කෙනාගෙ නමට තියෙන්නෙ ඕන. එහෙම නැත්නම් බයික් එකේ පොතේ නම තියෙන කෙනා අත්සන් කරපු ට්‍රාන්සර් පේපර් එක තියෙන්න ඕන. වෙන කෙනෙක්ගෙ නමට තියෙද්දි ඔයා අරගෙන පාවිච්චි කරන එක (ඕපන් පේපර්ස්) සම්පූර්ණයයෙන්ම නීති විරෝධීයි.

by Fourwheel Drive Club

මේ දේවල් ටික හැරුණාම බයික් එකේ පේන්ට් එක ඔරිජිනල්ද, පෙට්‍රල් ටැංකිය හීරිලාද කියලත් බලන එක ගොඩක් වටිනව. කොහොම වුනත් හිත හදාගෙන සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් හරි ගන්න යන අපේ යාළුවන්ට අපි කියපු දේවල් ගොඩක් උදව් වේවි; බොරු කාරයෙක්ට අහු නොවී හොඳ බයිසිකලයක් ගෙදර ගෙනියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide