ළඟදී බඳින්නද ඉන්නේ? වෙඩිමට කලින් ඇඟ හදාගන්න දඟලන කෙල්ලන්ට, නියමෙට ගැලපෙන ටිප්ස් 9ක්.

මේ දවස්වල මොනවා හිඟ වුණත් වෙඩින්වලින් නම් අඩුවක් පාඩුවක් නැහැ. ඒ තරමට මඟුල්. කොච්චර කතා මුලදී කිව්වත්, තමන්ගේ මේ විශේෂ දවසේ ලස්සනට ඉන්න තමයි ඔය කවුරු කවුරුත් බලන්නේ. විශේෂයෙන් ම අපේ කෙල්ලෝ වැඩිපුර ම ට්‍රයි කරන්නේ ඇඟපත පොඩ්ඩක් හැඩේට හදාගන්න. ඉතින් ළඟදී බඳින්න ඉන්න එහෙම කෙල්ලන්ට ගැලපෙන ටිප්ස් ටිකක් කියන්නයි මේ ලෑස්තිය. ඇත්ත ම කිව්වොත් බර අඩු කරගන්න උත්සහ කරන්න කාට වුණත් මේවා වැදගත්.

1. පුළුවන් තරම් බොන්න

අයියෝ නෑ, නෑ; මේ කියන්නේ සැර ජාති බොන්න කියන එක නෙවෙයි. ඔය ඩයට් කෝක්, සෝඩා කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා පොඩ්ඩක් වතුර වැඩිපුර බොන්න කියන එක. ඇඟේ තියෙන්න පුළුවන් ඇඟට අහිතකර ටෝක්සින් ජාති දාඩිය වගේ ම මුත්‍රා විදියට පිට කරන්න මේ වතුර බීම උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි, නිතර දෙවේලේ වතුර බොන නිසා අනං මනං කෑම කන්න තියෙන ඕනෙකමත් නැතිවෙනවා. සාමාන්‍යයෙන් දවසකට වතුර වීදුරු 8ක් බොන්න පුළුවන් නම් ගොඩක් හොඳ බව තමයි කියවෙන්නේ. ඒත් ඇත්ත ම ඔය වතුර ප්‍රමාණය තීරණය වෙන්නේ තමන්ගේ ඇඟේ බර අනූවයි. ඔයාගේ බර මැනලා, ඒ ගාණ දෙකෙන් බෙදන්න. ඒකෙන් එන උත්තරේ සමාන වෙන්නේ ඔයා දවසකට බොන්න ඕනේ වතුර අවුන්ස ගණනට. ඒ ගාණ බොන්න ඇහැකි නම් තමයි හොඳ ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙන්නේ.

2. පෙරේතකමට වඩා බඩගින්නට මුල් තැන දෙන්න

පුරුදුවෙලා තියෙන කෑම රටාව එක සැරේ ම නවත්තන්න අමාරු බව හැබෑව. ඒ වුණාට පොඩ්ඩක් පාලනයක් තියාගෙන කන තරමට ඇඟට ගුණයි. අපේ ගොඩක් කට්ටිය මුලින් කන්නේ බඩගින්නට. ඊටපස්සේ කන්නේ පෙරේතකමට. ඔන්න ඔය පෙරේතකම මඟ ඇරලා බඩගින්නට විතරක් කන්න කාලේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔය චීන්නු එහෙම බත් කෝප්පයක් විතරක් කාලා යස අගේට ඉන්නේ. ඔයාලටත් තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රමාණෙක ට විතරක් කන එක.

3. වැඩි වැඩියෙන් කන්න

දැන් කට්ටිය බලනවා ඇති අහස පොළව වගේ වෙනස් කතා දෙකක්නේ මේ කියන්නේ කියලා. මේ කියන්නේ තියෙන තරම් කෑම බීම සේරම බඩට දාගන්න ලෑස්ති වෙන්න කියන එක නෙවෙයි. කෑම බීම පාලනයක් කරන මේ වෙලාවේ, වැඩි වැඩියෙන් පළතුරු, එළවලු කන එක සෑහෙන්න හොඳ පුරුද්දක්. මොකද මේදය අඩු මස් වර්ග ලංකාවේ හොයාගන්න හරි අමාරුයිනේ. තිබුණත් ගොඩක් ගණන්. ඒ නිසා එක ම විකල්පය වෙන්නේ එළවලු සහ පළතුරු.

බත් කනවනම් පීරිසියක් තරම බෙදාගෙන, ඉතුරු ටික එළවලුවලින් සම්පූර්ණ කරගන්න. ඒ වගේ ම, රෑ කෑම වේලට බර කෑමක් නොගෙන පළතුරු ටිකක් කන්න. බඩගින්නත් නැතිවෙනවා, ඇඟත් හැඩ වෙනවා. කන කෑම මොකක් වුණත් වෙලාව අරගෙන රස කර කර කන්න. එතකොට කොච්චර අඩුවෙන් කෑවත් හරි සංතෘප්ත ගතියක් දැනෙනවා (හරියට කෑවේ නැතත් බඩ පිරිලා වගේ).

කෙට්ටු වෙන කතාවත් පැත්තකින් තියමුකෝ. බලන්න එපෑය මේ එළවලු පළතුරුවල තියෙන ගුණේ. මෙන්න මේ ආටිකල් එක පොඩ්ඩක් කියවලා බැලුවොත්, ඔයාලටත් තේරේවි.

4. අමතර කෑමක් ළඟ තියාගන්න

සාමාන්‍යයෙන් කෑම පාලනයක් කරද්දී නිතර දෙවේලේ බඩගිනි වෙන එක ස්වාභාවික දෙයක්. හොඳට කාලා බීලා පුරුදුවෙලා උන්නු කෙනෙක්ට ඔන්න ඔය බඩගින්න දරාගන්න ගොඩක් අමාරුයි. සමහරුන්ට ඔලුව කැක්කුම්, ක්ලාන්ත එනවා ඕකට. ඒකට හොඳ ම විසඳුම වෙන්නේ අමතර කෑමක් ළඟ තියාගන්න එක. ඔය බ්‍රෑන් ක්‍රැකර් එකක්, පේර ගෙඩියක්, ඇපල් ගෙඩියක් වගේ දෙයක් ගමනක් යද්දී එද්දී වුණත් කකා යන්න ඇහැකි දේවල්නේ. ඇඟටත් හොඳයි. අනික ඔය වගේ අමතර කෑමකින් බඩ පිරුනොත්, ඊළඟ ප්‍රධාන වේල කන්නත් ඕනේ නැහැනේ.

5. අඩුවෙන් බොන්න

මේ කියන්නේ වතුර ගැන නෙවෙයි හොඳේ. මත්පැන් ගැන. සමහර කොක්ටේල් ජාතිවලින් ඇඟට එකතුවෙන කැලරි ගාණ වැඩියි. ඒ නිසා සතියකට දෙතුන් වතාවක් ඩ්‍රින්ක්ස් ගන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ට මේකෙන් වෙන්නේ ලොකු පාඩුවක්. මඟුල ගැන සලකලා බලලා, මේකත් ටිකක් පාලනය කරගත්තොත් ගොඩක් වටිනවා.

6. බත් වෙනුවට සුප්

මේකත් හොඳ වැඩක්. අපි ගොඩක් වෙලාවට සුප් බොන්නේ කෑමකට කලින්. එහෙම නොකර, ප්‍රධාන කෑම සුප් කරගත්තොත් මොකද වෙන්නේ? හොඳට එළවලු දාලා හදපු සුප් එකකින් ඇඟට ඕනේ කරන සේරම පෝෂ්‍ය ප්‍රදාර්ථ ලැබෙනවා වගේ ම, බඩගින්නත් නැතිවෙනවනේ.

7. හොඳට නිදියන්න

නින්ද කාටත් අත්‍යවශ්‍ය දෙයක්. කැලන්ඩරේ දවස් පෙරලි පෙරලී වෙඩින් දවස කිට්ටු වෙනකොට තියෙන වැඩ කන්දරාව මතක් වෙද්දී ඔලුව අවුල් වෙනවනම් තමයි. ඒත් ඒ ගැන කල්පනා කර කර නිදි වරණ එකේ කිසි තේරුමක් නැහැ. අඩු තරමේ පැය 7,8කටවත් නින්දක් ගන්න බලන්න. මොකද නින්ද මදි වෙද්දී රටේ ලෝකේ නැති බඩගිනි එන්න පුළුවන්.ඒ හැම වෙලාවට ම අතට අහුවෙන දේ කෑවොත්, ඇඟ හදාගන්නවා බොරු. ඔය සමහරු ස්ට්‍රෙස් වුණා ම මහත් වෙනවා කියන්නෙත් එකනේ. ඒ නිසා නින්ද අමතක කරන්න එපා.

8. ඔලුවට මහන්සිය නොදෙන්න

කිව්වත් වගේ කාලයක් තිස්සේ බලාගෙන ඉඳපු තමන්ගේ වෙඩින් දවස කිට්ටු වෙද්දී ගොඩක් අයට ස්ට්‍රෙස් ගතියක් එනවා. මොකද සේරම ගාණට නූලට නොතිබුණොත් ඕවා දික්කසාදෙන් වුණත් කෙළවර වෙන්න පුළුවන් ජාතියේ ප්‍රශ්නනේ. මෙන්න මේ කාලෙට තමයි ඔයාගේ යාලුවන්ගේ උදව්ව ඕනේ වෙන්නේ. ඔලුව බදාගෙන දහ අතේ කල්පනා නොකර, යාලුවොන්ට කතා කරලා ප්‍රශ්න තියෙනවනම් එයාලත් එක්ක බෙදාගෙන හිත සැහැල්ලුවෙන් තියාගන්න.

9. ව්‍යායාම ජීවිතේ කොටසක් කරගන්න

ඔය කෑම බීම පුරුදු මොනවා කරත් වැඩක් නෑ, මේ වැඩෙත් නොකරොත්. නින්ද වගේ ම ජීවිතේ කොටසක් විදියට ව්‍යායාමය පුරුදු කළොත්, කෙටි කාලෙකින් ප්‍රතිඵල බලාගන්න ඇහැකි. මේ දවස්වල තියෙන කළබලෙත් එක්ක, කොහෙන්ද ඕකට වෙලාවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි නිකමට හිතන්න, ඔයා නැගිටින්නේ උදේ 6ට කියලා. හෙට ඉඳන් 5.30ට ඇහැරිලා පොඩ්ඩක් ව්‍යායාම කරන්නකෝ. හැමදාම උදේට විනාඩි 20 – 30ක් මේ වැඩේ කරලා, කෑමත් පාලනය කළා ම, හරි ඉක්මනට ඇඟ අඩු කරගන්න පුළුවන් වෙනවා.

තවත් ඔයාලා දන්න, මේ වගේ ටිප්ස් තියෙනවද? පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්නකෝ එහෙනම් අපේ යාලුවන්ට දැනගන්නත් එක්ක.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide