සිංහලෙන් ලියන සමකාලීන කවි කිවිඳියෝ – III කොටස.

සිංහල භාෂාවෙන් කාව්‍යකරණයේ යෙදෙන කවියන් කිවිඳියන් ගැන අපි පටන්ගත්ත ලිපි මාලාවේ තෙවැන්න මේ. එහි පළමු ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න. දෙවැනි ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න.

මෙවර ලිපියෙනුත් අපි ලංකාවේ දක්ෂ සහ ප්‍රවීණ කවියන් කිවිඳියන් දස දෙනෙක් ගැන කතා කරනවා.

රංජිත් මල්ලියාවඩු

1989 දී ‘ඇස් ලැබීම’ නම් පද්‍ය සංග්‍රහය පළ කරමින් සිය නිර්මාණ චාරිකාව ඇරඹු රංජිත් මල්ලියාවඩු, පහන්වැට නිර්මාණ කේන්ද්‍රයෙන් තමයි කලා ලොවට පිවිසුණේ. ඉන්පසුව ඔහු මංගල දියවර, නිදි නැති ගඟ, යළි ගලා යනු පිණිස වැනි කවි පොත් සහ කුරුලු ලියද්ද, විකට ඇඳුම, වතුසුදු මල්, පොත් කුරුල්ලා වැනි ළමා කතා ද ලියා තිබෙනවා. ඔහුගේ ‘සහෝදර මුහුණුවර’ නම් කාව්‍ය කෘතිය 2018 වසරේ රජත පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලවල අවසන් වටයට තෝරා ගැනුණා. 

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

පොත්ගුල්ලො අතරේ ‘සෙංකොට්ටන්’ නොකියවපු කෙනෙක් නං හොයාගන්න අමාරුයි. අතිශයින් ජනප්‍රිය වුණ, ඒ වගේ ම 2012 වසරේ පළ වූ විශිෂ්ටතම නවකතාවට හිමි සම්මාන රාශියක් දිනාගත් ‘සෙංකොට්ටන්’ නවකතාවේ රචකයා විදිහට මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හැමෝම හඳුනගත්තට, ඊට කලින් ඔහු කවියෙක්. හිරුත් හිම පියල්ලක, ඇහි පියන් ඇහැරිලා වැනි කවි පොත්වලින් කාව්‍ය පාඨකයන්ගේ හිත ඇදගත් ඔහු පසුව ‘මාණික්කාවත’ නම් නවකතාවත්, ‘අපොයියාව’ නම් යොවුන් කතාවත් රචනා කළා.

රුවන් බන්දුජීව

නව පරපුරේ අතිදක්ෂ කවියෙකු වන රුවන් බන්දුජීව මේ වෙද්දි පළ කරලා තියෙන්නේ ‘මීළඟ මීවිත’ කියන කවි පොත විතරයි. හැබැයි ඔහුගේ කාව්‍ය නිර්මාණ පරිචය ඊට වඩා බොහොම පුළුල්. විශේෂයෙන් ෆේස්බුක් ඉන්නවා නම් ඔහු ඉඳහිට වුණත් පළ කරන ඉතා හරවත් රසවත් කවි ඔබට අහුලගන්න පුළුවන්.

කල්පනා ඇම්බ්‍රෝස්

මේ නිහඬ වෙරළට එන්න, ඔබ ගැඹුරු නින්දක, නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි, පියා නොහැඹු පියාපත් වැනි කවි පොත් ලියූ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් මේ කාලේ ලේඛකයන් අතර ඉන්න දක්ෂතම කිවිඳියක්. haikuaddara.blogspot.com බ්ලොග් අඩවියට පිවිසුණොත් ඔබට ඇගේ තවත් කවි කියවන්න පුළුවන්. ඇගේ ෆේස්බුක් පිටුවට පිවිසිලා බලන්නත් අමතක කරන්න එපා.

ලක්ශාන්ත අතුකෝරළ

අමාවකේ සඳක් සිඹිමි, යටි වියන, හිතග්ගිස්සෙ නැතක් මොට්ටු, වැසි ඉසෙන ඉසව්, ඊ, සුසුමකින් සුළි සුළඟ, සමහර කමටහන්, අනබිසෙස් අබිනික්මන් යන කාව්‍ය කෘති රචනා කළ ලක්ශාන්ත අතුකෝරළ වෘත්තියෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නීතිඥවරයෙක්. ‘සමහර කමටහන්’ කෘතියට 2016 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය සහ රජත පුස්තක සම්මානය හිමි වුණා. ඉහත කී කවි පොත්වලට අමතරව ඔහු සිරගත නොවූ සිතුවිලි, සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා, සිපුම් සීරුම් කෙනිත්තුම් යන පරිවර්තන ද සම්පාදනය කර තිබෙනවා.

ළහිරු කිතලගම

පිනි දිය වැස්ස සහ කවුළු ඇස පාමුල නම් කාව්‍ය කෘති ද්විත්වය සහ කළු සමනලයා නම් තීරු ලිපි එකතුව රචනා කර ඇති ළහිරු කිතලගමත් නූතන  අතර ඉදිරි පෙළේ ඉන්නා කෙනෙක්. ‘Poem කවිය’ නමින් මේ දිනවල ඔහු කරගෙන යන යූටියුබ් චැනල් එක පැත්තටත් ගොඩ වෙන්න අමතක කරන්න එපා. 

කාංචනා අමිලානි කරුණාමුනි

පහුගිය දිනවල ලොකු කතාබහක් ඇති කරපු ‘ගුහා සටන’ ලියූ ලේඛිකාව තමයි කාංචනා අමිලානි කරුණාමුනි. දැනට ලේක්හවුස් පුවත්පත් සමාගමේ පත්‍ර කලාවේදිනියක් වශයෙන් කටයුතු කරන ඇය කිවිඳියක් විදිහටයි සාහිත්‍ය ලෝකයට පිවිසුණේ. ගම්මිරිස් කුරුල්ලා, බූමරංගය ඔබේ ඇස් දෙක, ප්‍රේමයේ කාර්තු ඇගේ කවි පොත්. thinkland.net නමින් ඇය බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනවා.

ප්‍රියලාල් කොග්ගලගේ

2016 දී රැහැයියනි රැය ගෙවුණි කාව්‍ය සංග්‍රහය පළ කරමින් පාඨක අවධානය දිනාගත් ප්‍රියලාල් කොග්ගලගේ, වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. බොලිවුඩ් නළු සුශාන්ත් සිං රාජ්පුත් සිය දිවි නසාගත් දා ප්‍රියලාල් කොග්ගලගේ සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කළ මේ කවිය හුඟ දෙනෙකුගේ අවධානය පැහැරගත්තා. සමහර විට ඔබත් දකින්න ඇති.

'පියෑඹීමෙන් හති වැටී, ඇති කියා සිතුණු තැනදී
පියාපත් හැකිලූ කුරුල්ලෙක් අහසින් වැටී මියැදී
පියෑඹීමෙන් තෘප්තිමත් වන කුරුල්ලනි මට ඉඩ දී
කියා දෙනු මැන නතර වීමක කුමන කොටස ද වැරදී '

ටිම්රාන් කීර්ති

සාදය සූදානම් ය, යන්නං චන්දරේ, පෙම්බරියගෙන් වෙන් වුණු ලූලෙක් හැරෙයි ඇළකට ආදී කාව්‍ය සංග්‍රහ ලියූ ටිම්රාන් කීර්ති, 2020 වසරේ ‘ඒ ජෙට්ටෙකේ ගියෙ සමන්සිරිමයි’ නමින් අලුත් කවි පොතක් එළිදැක්වූවා. ඒ වගේ ම ටිම්රාන් කීර්ති තමයි පහුගිය කාලේ බොහොම ජනප්‍රිය වුණ, සාදර බණ්ඩාර ගයන ‘පොඩ්ඩියේ’ ගීතයේ පද රචකයා.

ඩොමිනික් චන්ද්‍රසාලි

පබාවතීට කවක්, ගාලු පාර දිග හැලුණ සිනා සළු, කාලය ම සිතුවිල්ලක් වූ මිනිත්තුව යන පද්‍ය සංග්‍රහ පළ කළ ඩොමිනික් චන්ද්‍රසාලි, කවියෙක් වගේ ම අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක්. විශේෂයෙන් ම වෝල් ආට්, ග්‍රැෆිටි ශිල්පය ඇතුළේ දස්කම් දක්වන ඔහු පොත් පිටකවර නිර්මාණ ශිල්පියෙකු වශයෙනුත් නමක් දිනා සිටිනවා. https://www.facebook.com/dominiklk/ ෆේස්බුක් පිටුවෙන් ඔහුගේ නිර්මාණ විඳගන්න පුළුවනි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide