සත්‍යජිත් රායිගේ කෙටිකතා ඇසුරෙන් නෙට්ෆ්ලික්ස් හදපු ‘රේ’!.

නෙට්ෆ්ලික්ස් එකට දැන් දැන් රිලීස් වෙන ඉන්දියන් සීරීස් සහ ෆිල්ම්ස් හරිම විචිත්‍රයි. පොඩ්ඩක්වත් ඒකාකාරී නැති, විවිධ තේමා පාදක කරගත්ත, අපූරු නිර්මාණ මේ දවස්වල එළිදකිනවා. ‘රේ’ කියන්නෙත් එහෙම වැඩක්.

මේක රිලීස් වුණේ පහුගිය ජුනි 25 වෙනිදා. නිර්මාණකරුවා සයන්තන් මුකර්ජි. එකකට එකක් වෙනස් එපිසෝඩ් හතරක, එකකට එකක් වෙනස් කතා හතරක්. මේ කතන්දරවලට පාදක වෙලා තියෙන්නෙ සත්‍යජිත් රායිගේ කෙටිකතා හතරක්.

කවුද මේ සත්‍යජිත් රායි?

සත්‍යජිත් රායි කියන නම අහලා පුරුදුයි නේද? මේ නම ලංකාවේ අපිට නුපුරුදු නමක් නෙමෙයි. ඔබ කියවලා තියනවා නම් චින්තා ලක්ෂ්මී සිංහාරච්චි බෙංගාලි බසින් සිංහලට පරිවර්තනය කළ මාවතේ ගීතය, අපූගේ ලෝකය සහ අපරාජිත ජීවිතයක් යන අපූ නවකතා ත්‍රිත්වය, නැත්නම් ඔබ බලලා තියනවා නම් පාතර් පංචාලි, අපරාජිතෝ සහ අපූර් සංසාර් යන අපූ චිත්‍රපට ත්‍රිත්වය, සත්‍යජිත් රායිගේ නම අමතක වෙන්න විදිහක් නෑ. 

සත්‍යජිත් රායි සුප්‍රකට ඉන්දීය සිනමාකරුවෙක්. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වෙළෙඳ දැන්වීම් ආයතනයක චිත්‍ර අඳින්නෙක් විදිහට. පසුව සිනමාකරුවෙක් බවට පත් වෙලා ලෝකයේ ඉහළ ම සිනමා සම්මාන උළෙලවල විශිෂ්ටතම සිනමා සම්මාන දිනාගන්න රායිට හැකි වුණා.

සිනමාකරුවෙක් වගේ ම ලේඛකයෙකුත් වුණු සත්‍යජිත් රායි විසින් ලියැවුණු කෙටිකතා හතරක් ඇසුරෙන් නිර්මාණය වුණු ‘රේ’ සීරීස් එක නිර්මාණකරුවන් එනමින් නම් කරන්නේ රායිගේ නමේ Ray කොටස ආශ්‍රයෙන්.

රේ

‘රේ’ සීරීස් එක තිරරචනය කළේ නිරේන් භාත් සහ සිරාජ් අහමඩ්. අධ්‍යක්ෂණය කළේ ශ්‍රීජිත් මුකර්ජි, අභිෂේක් චෞබේ සහ වසාන් බාලා. නිෂ්පාදනය කළේ අජිත් අන්ධාරේ, ටිපිං පොයින්ට් සහ Viacom18 ස්ටුඩියෝස්. ප්‍රධාන නිර්මාණකරුවා තමයි සයන්තන් මුකර්ජි. ‘රේ’ ඉදිරිපත් කරන කතා හතර මෙන්න මෙහෙමයි.

පළමු කතාවෙ නම ‘ෆොගෙට් මී නොට්’. හිටපු ගමන් හැම දේ ම අමතක වෙන්න පටන්ගන්න ඉප්සිත් නමැති ධනවත් ව්‍යාපාරිකයෙකු ගැන කතාවක් මේක. ඉප්සිත්ගේ චරිතයට පණ දෙන්නේ අලී ෆසාල්. ඊට අමතරව ශ්වේතා බාසු සහ ශෘති මෙනන් ප්‍රධාන චරිතවල රඟපානවා. ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය අවුස්සන සිදුවීම් ගණනාවක් අතරින් ගලාගෙන යන මේ කතාව අවසාන වෙන්නෙ නොහිතපු විදිහෙ ප්ලොට් ට්විස්ට් එකකින්.

දෙවැනි කතාව බහ්රුපියා. මේක ඉන්ද්‍රශිෂ් නම් අංග රචනා ශිල්පියෙකු පාදක කරගෙන ගොඩ නැඟුණක්. ඒ චරිතයට පණ දෙන්නේ කේ කේ මෙනන්. සිය මිත්තණියගේ මරණයත් එක්ක ඔහු අතට ලැබුණු අංග රචනා ශිල්පය හා බැඳුණු වටිනා පොතක් නිසා ඔහුගේ ජීවිතය නොසිතු විදිහේ සිදුවීම් දාමයකට ඇදගෙන වැටෙන ආකාරය මේ එපිසෝඩ් එකෙන් දකින්න පුළුවන්.

Hungama Hai Kyon Barpa නම් තුන් වෙනි කතාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ මනෝජ් බජ්පායේ. ඒ මුසාෆීර් අලී නම් සංගීතවේදියෙකුගේ චරිතයක්. වසර ගණනාවකට කලින් ඔහුට දුම්රියේ දී මුණගැහෙන එක්තරා පුද්ගලයෙකු නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් මාවතකට හැරෙනවා. ඒත් කාලයකට පස්සේ ඒ පුද්ගලයා ම නැවත දුම්රියක දී මුණගැහීමත් එක්ක, සිය ජීවිතයට ඇත්තට ම ආලෝකය වැටෙන්නේ දැන් බව ඔහුට අවබෝධ වෙනවා.

හතර වෙනි කතාව ස්පොට්ලයිට්. ප්‍රධාන චරිතයේ රඟපාන්නේ අනිල් කපූර්ගේ පුතා, හර්ෂ්වර්ධන් කපූර්. ඒ වික්‍රම් අරෝරා නම් ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ චරිතයක්. වික්‍රම් නැත්නම් වික්ගේ පෙනුමට, නැත්නම් ‘ලුක් එකට’ ලැබෙන අතිශය ජනප්‍රියභාවය නිසා ම ඔහු ව්‍යාකූල චරිතයක් බවට පත් වෙනවා. තමන්ගේ රංගන හැකියාව පිළිබඳව ඔහුගේ මනස ඇතුළතින් ඔහුවම ප්‍රශ්න කරනවා. ඒ අතරේ ඔහුට මුණගැහෙන ආගමික නායිකාවක් නිසා මේ ව්‍යාකූල තත්ත්වය තවත් මෝරනවා. මේ කතාවෙත් අවසානය, ගෙස් කරන්න අමාරු ම එකක්.

ඉතින් හැම දාම බලන ෆිල්ම්ස් වෙනුවට වෙනස් අත්දැකීමක් ලබන්න ‘රේ’ බලන්න. නිතර මුණගැහෙන්නේ නැති අලුත් රහක් අහුලගන්න පුළුවන් වෙයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide