ශ්‍රී ලංකාවේ අපේ අභිමානය; අංගම්පොර සටන් කලාව.

මනුෂ්‍ය වර්ගයාගේ බිහිවීම පටන්ගෙන දැන් අවුරුදු මිලියන දෙකහමාරකටත් වැඩියි. එදා මෙදාතුර කාලය ඇතුළත නොනැසී පවතින්න ඕනේ නිසා ම, අභියෝග ගණනකට මුහුණදෙන්න ඔවුන්ට සිද්ධ වුණා. එක එක මිනිස්සු අතරේ තියෙන විවිධ අසමානතා නිසා ඇතිවුණු ගැටලු, ඒ අතරින් එක අභියෝගයක්. සමාජයීය, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික කාරණා මේ වගේ ගැටලුවලට බලපෑවා. මේවා සමහරක් විසඳගන්න වුණේ  දෙපැත්ත බෙදිලා කරපු සටන්වලින්. ඔය නා නා ප්‍රකාර නම්වලින් ආව සටන් ක්‍රම බිහිවෙන්නේ මේ වගේ සටන් ජයගන්න පාවිච්චි කරපු උප්පරවැට්ටිවල ප්‍රතිඵල විදියටයි. ලංකාවේ අංගම් පොර කියන්නෙත් අන්න ඒ වගේ සටන් ක්‍රමයක්.

අංගම් පොර හැදුණු හැටි

Image Credits : Lasitha Imali Gunarathne

ලංකාවේ අංගම් පොර කලාව අවුරුදු 4000ක් විතර පරණයි. මේ ඉතිහාසේ ගැන කතා කරද්දී මුලින් ම මතක් වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලේ ගෝඨයිම්බර, රිටිගල ජයසේන දෙන්න අතරේ ඇතිවෙච්ච සටනයි. ඉතිහාසයේ සඳහන් වෙන විදියට ගෝඨයිම්බර එල්ල කරපු දරුණු පා පහරක් නිසා, රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන් වෙලා විසිවෙලා තියෙනවා. ඒ වගේ ම, කොනප්පු බණ්ඩාර ඉඳපු කාලේ පැවැත්වුණු අංගම් පොර උළෙලකදී ඉන්දියාවේ ගෝවේ නුවරින් ආව සටන්කරුවෙක් පරද්දන්න ඔහු සමත් වුණාය කියලත් කතාවක් තියෙනවා. මීට අමතරව අපේ ඔය පරණ සිද්ධස්ථාන, කැටයම්, මූර්තිවලින් දැක්වෙන දේවල්වලිනුත් ලංකාවේ අංගම් පොර කලාවේ ඉතිහාසය දැකගන්න පුළුවන්.

අංගම් පොර පුහුණු කරපු ගුරුකුල

Image Source : srilankafoundation.org

අංගම් පොර පුරුදු කරන ගුරුකුල බිහිවෙන එක පටන්ගත්තේ මහනුවර යුගයේදී. “සුදලිය” සහ “මරුවල්ලිය” විදියට ප්‍රධාන ගුරුකුල දෙකක් යටතේ මිනිස්සු අංගම් සටන් කලාව හැදෑරුවා.

ලංකාව විදේශ ආක්‍රමණවලට ලක්වෙද්දී අංගම් පොරවලට තිබුණු අවධානය වැඩිවුණු බවක් පේන්න තියෙනවා. ඒ බව හොඳින් ම පිළිබිඹු වෙන්නේ ඒ කාලේ බිහිවුණු සුදලිය මුහන්දිරම්, මරුවල්ලිය මුහන්දිරම්, මොහොට්‌ටාල වගේ තනතුරු නිසා. මේ තනතුරු සේරම අංගම් පොර කලාවට සම්බන්ධ ඒවායි. රාජ්‍ය අනුග්‍රහය පවා අංගම් පොර කලාවට ලැබුණු බව මේකෙන් පැහැදිලි වෙනවා. අංගම් හරඹ පුරුදු කරන්න වගේ ම නඩත්තුවට රජතුමා විසින් ප්‍රදානය කරපු නින්දගම් කීපයක් එහෙමත් තියෙනවා. මාතලේ, හාරිස්පත්තුව, සිදුරුවාන, උඩුනුවර, යටිනුවර වගේ පැතිවල සුදලිය ගුරුකුලයේ නින්දගමුත්, හේවාහැට, උඩපළාත, දෙල්තොට හා රත්මලේ වගේ ගම්දනව්වල මරුවල්ලිය ගුරුකුලයේ නින්දගමුත් පැවතුණා.

අංගම් සටන් කලාවේ ශිල්ප ක්‍රම

Image Source : angampora.info

අවිආයුධ සහිත වගේ ම, රහිත සටන් ශිල්ප ක්‍රම අංගම් සටන් කලාවේදී දැකගන්න ලැබෙනවා. කඩු පලස් සටන්, පොලු මුගුරු සටන්, තනි ලී හරඹ, පැනුම් සහ පිනුම්, අශ්වාරෝහක සටන්, දුනු හීතල සටන්, ප්‍රහාර සහ මල්ලව පොර, සහ හස්ති ශිල්පය මේ අතරේ අඩංගුයි. හැබැයි අලුතෙන් සටන් ඉගෙන ගන්න එන අයට ඇත්ත කඩු අතට දීලා සටන් පුරුදු කළේ නැහැ. ඔවුන්ට බොරු කඩුවලින් පැද්දෙන කුරුම්බා, පොල් පැල කඳන්, කෙසෙල් කඳන්, පඹයන් වගේ ඉලක්කවලට පහරදීම උගන්වනු ලැබුවා. දුනු ශිල්පය පුරුදු කරන අයට ඉලක්ක විදියට දුන්නේ පැද්දෙන කුරුම්බා, පිදුරු පඹයන්, රවුම් අඳින ලද ලෑලි වගේ ජාති. ජන සාහිත්‍යයේ කියන විදියට නම්, ප්‍රහාර එල්ල කරන විදි 4000ක් විතර අංගම් සටන් කලාවේ තිබිලා තියෙනවා. ඒත් අද වෙද්දී මේ දැනුම ගොඩක් වියැකිලා ගිහින්.

Image Source : exploresrilanka.lk

අතින් අත පහරදෙන අත් පොරය අංගම් සටන් කලාවේ එක්තරා ශිල්පීය ක්‍රමයක්. දිග් ගුටිය, හරස් ගුටිය, ඉස්‌ ගුටිය වගේ ගුටි ක්‍රම කීපයක් මේකේ ඇතුළත් වෙනවා. මේ සටන් නොදන්නා කෙනෙක් එක්ක කළොත්, ඒ පුද්ගලයාගේ අත් තුවාල වෙන බවයි කියවෙන්නේ.

Image Source : thearchitect.lk

පයින් පහර දීලා කරන අංගම් පොර ශිල්පීය ක්‍රමවලදී වැඩි වශයෙන් ම පාවිච්චි වුණේ විලුඹ, පතුල, මහපට ඇඟිල්ල, දණහිස වගේ ස්ථානයි. සතුරාගේ උගුරු දණ්ඩට ගසන ඇඟිලි පහර, විලුඹෙන් එල්ල කරන පහර, යටිබඩට දණහිස නවා ගසන පහර මේ ශිල්පීය ක්‍රමයේ තියෙන දරුණු ගුටි වර්ග අතරින් සමහරක්.

Image Source : nation.lk

අංගම් පොර සටන්වල කඩු ශිල්පය ප්‍රගුණ කරන අය කඩුව දරාගන්නේ වම් අතින්. ඉස්සර කාලේ ගුරුකුල අතරේ තියෙන තරගකාරී බව වැඩි කරන්න, ගුරුකුලවල ඉඳපු දක්ෂ ම සටන්කරුවෝ එක තැනකට රැස් කරලා අංගම් පොර උළෙලවල් පවා පවත්වලා තියෙනවා.. ඔවුන් සටන් වැදෙන පිටිය හඳුන්වන්නේ ඌරු ළිඳ නමින්. මේවට රාජ්‍ය අනුග්‍රහයත් අඩුවක් නැතුව ම ලැබුණා. ඕම්මට්‌ටිය (පහළට කැපුම), උම්මට්‌ටිය (ඉහළට කැපුම), වෙම්මට්‌ටිය (ඇනීම) මේ වගේ කඩු සටන්වලදී පාවිච්චි කරපු ශිල්ප ක්‍රම විදියට හඳුන්වන්න පුළුවන්.

Image Source : angampora.com

අංගම් සටන් කලාවට ම ආවේණික මරුනිල ශාස්ත්‍රයකුත් තියෙනවා. අතේ ඇඟිල්ලෙන්, දණහිසෙන්, වැලමිටින් ඇනලා කෙනෙක් ව මරණයට පත් කරන්න පුළුවන් ශිල්පීය ක්‍රම මේ ශාස්ත්‍රයේ දක්වලා තියෙනවා. මරු නිල අදාළ නිලය ඇති තැනට පහර එල්ල කර පමණින් සතුරාට අනතුරක් කරන්න බැහැ. ප්‍රහාරය එල්ල කරන්න ඕනේ කොච්චර ප්‍රබල විදියටද, කොච්චර වේගයකින්ද කියන එකත් දැනගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, මේ එල්ල කරන පහරකින් සතුරා මිය යන ගතවෙන කාලයත් තීරණය වෙනවා. එවෙලේ ම මිය යන්න වගේ ම, මාසයකින්, අවුරුද්දකින් මිය යන විදියට මේ ප්‍රහාර එල්ල කරන්න ඇහැකි. ආයේ සුව කරන්න ඕනේ නම්, එකටත් පහර දෙන්න ඕනේ විදියත් මේවයේ ඇතුළත් වෙනවා. නාසය මුල, ඇස්‌, මැණික්‌කටු සන්ධිය, උර කුහරය, උඩ පතුල, කන පිටුපස; මේ වගේ මරුනිල අතරින් කීපයක්.

Image Source : angampora.com

ගැට පූට්ටු කියන්නෙත් තවත් අංගම් සටන් ක්‍රමයක්. ප්‍රතිවාදියාගේ පහර වළකන ගමන්, තමන්ගේ ශරීරයේ අංග උපයෝගී කරගෙන ඔහුව තමන්ගේ ග්‍රහණයට හසු කරගැනීම, අඩපණ කිරීම හෝ මරණයට පත්කිරීම මේකෙන් සිද්ධවෙනවා.

අංගම් සටන් කලාවේ පරිහානිය

Image Source : angampora.org

කවුරු මේ සටන් ක්‍රම ප්‍රගුණ කරන්න ආවත්, ඒ හැමදෙනාට ම බල පැවැත්වුණේ එකම නීති සහ සාරධර්ම සංග්‍රහයකුයි. බෞද්ධාගමිකයෙක් වීම ඔවුන්ට අනිවාර්ය වුණා. චරියාව එහෙම සලකලා බැලුවේ හඳහන, හස්ත රේඛා, නාඩි, සහ අංජනම් කියවලයි. සටන් ක්‍රම විතරක් නෙවෙයි, ප්‍රථමාධාර, භාවනාව වගේ දේවලුත් ඔවුන් ඉගෙන ගත්තා.

අංගම් පොර කලාවේ පරිහානිය පටන්ගැනුණේ 1815න් පස්සේ. හරියට ම කිව්වොත් මහනුවර සුද්දන්ට පවරලා දීමත් එක්කයි. බොහොම දරුණු විදියේ සටන් ක්‍රමයක් වුණු නිසා එයින් බයට පත්වෙච්ච බ්‍රිතාන්‍යයෝ, අංගම් පොර ශිල්පීන් මරා දමන්න පටන්ගත්තා. ඒත් ඒවායින් ගැලවුණු පරම්පරාවන්ගෙන් පැවතගෙන එන දක්ෂ අංගම් පොර ශිල්පීන් ගුරුකුල කීපයක් අපට අදටත් කරතොට, අවිස්‌සාවේල්ල, රිටිගල වගේ ප්‍රදේශවලින් මුණගැහෙනවා.

අංගම් සටන් කියන්නේ ලංකාවේ අනන්‍යතාවය පෙන්වන තවත් සංකේතයක්. අද අපේ අය  පිටරටවලින් ආව වූෂු, ජූඩෝ, ටයිකොන්ඩෝ, ජිට්කුන්ඩෝ වගේ සටන් ක්‍රම ඉගෙනගන්න දැඟලුවත්, ලංකාවේ අපේ අංගම් සටන් කියලා තියෙන බව දන්නෙත් බොහොම ටික දෙනයි. ඔය ඒරොප්පෙන් ආව මාෂල් ආට් කරලා දිව උළුප්පගන්න කලින්, අපේ සටන් ක්‍රම ගැනත් පොඩ්ඩක් දැන කියාගමු නේද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide