ඇන්ටන් ජෝන්ස් සිංදුවලට පාදක වුණු ඉතිහාසයේ නොමැකෙන කතා (1 වෙනි කොටස).

ලෝකයෙ කොහොම වුණත් ලංකාවෙ නම් ඉතින් සිංදුවලින් ඉතිහාසය කිව්වෙ ඇන්ටන් ජෝන්ස් මහත්තයම තමයි. ඒකත් එසේ මෙසේ විදියකට නෙවෙයිනෙ, හීන් සීරුවෙ අහල කතාව රසවිඳින අයට එහෙමයි බොංගෝ, ඩොල්කි පාරක් ගගහ නට නට සිංදුව රස විඳින අයට එහෙමයි.

හැබැයි ඉතින් ඔය කොයි විදියට කිව්වත් ඇන්ටන් මහත්තයගෙ සිංදුවල පැහැදිලි අන්‍යතාවයක් තිබුණා. මොකද ඒ හැම සිංදුවකම වගේ අන්තර්ගත වෙලා තිබුණෙ ලංකා ඉතිහාසයට සම්භන්ධ රස බර සිද්ධීන්නෙ. එහෙම කිව්වට අතරින් පතර ලෝක ඉතිහාසය ගැන කියවෙන සිංදුත් නැතුවම නෙවෙයි, ඔය ගල්ෆ් යුද්ධය ගැන කියවෙන “ගල්ෆ් දේශය, රණ හඬ නැගුණු දේශය” වගේ සිංදු.

වැඩේ කියන්ණෙ එච්චර රස බර විදියට ඇහිලත්, ඇඟ නැටවෙන තාලෙට ගැයිලත් ඇන්ටන් මහත්තයගෙ සිංදුවලට පාදක වුණු කතා ගැන අපේ කට්ටිය හොයනව අඩුයිනෙ. අන්න ඒ නිසයි අපි හිතුව ඔයාල හොයනකම් ඉන්ණෙ නැතුව ඒ රස බර කතා ටිකක් හොයල කට්ටියටම කියන්න. එහෙනම් අදින් පස්සෙ බයිලා කියද්දි බය නැතුව කට ඇරල කියන්න පුලුවන්. මොකද කවුරු හරි ඇහුවත්, ඔයා කතාව දන්නවනේ.

1. අභීත අසම සම එඩිතර සිහළ කම… (දිඹුලාගල මහ වැද්දා)

සරණාගත ළමා ළපටි මහණ කරවලා

සාමණේර කැළක් බිහිකලා…

“රාති‍්‍රයේ ඝන අඳුර කපා හරිමින් ඇදුණු කැබ් රථයකි. හමුදා මුර කපොල්ලට ළං වත් ම අත දැමූ සෙබළකු එය නැවැත්වීමට සංඥා කළේ ය. ඊළඟ මොහොතේ වාහනය අසලට සෙබළෙකු කිට්ටු වූයේ

‘කවුද මේ’ අසන්නට මෙනි.

ඒ සමඟම, ‘මම කැප්ටන් දිඹුලාගල’ කියා වාහනයෙන් එළියට බැස්සේ ඉදිරි අසුනේ සිටි අයෙකි.

දෙකම්මුල් පුරා වැඩුණු සුදු රැවුල, සුදු පැහැ කෙසින් වැසුණු හිස, දහඩිය තැවරුණු පඬු පැහැ සිවුර, කර ගැට නැගුණු අත් පා, හදවතින්ම නැගෙන සිනහවෙන් යුතු මේ අමුත්තා හඳුනාගන්නට සෙබළුන්ට මුරකපොල්ල අසල වූ ලා එළිය හොඳින්ම ප‍්‍රමාණවත් විය.

‘දිඹුලාගල හාමුදුරුවෝ’ කියූ සෙබළු දණ ගසා වැඳ වැටිණි”

                                                                          උපුටා ගැනීම: දිණමිණ, (මලික් ධර්මවර්ධන)

1924 අවුරුද්දෙ ගාල්ලගේ සයිනහාමිටයි, එච්. ඩී. දියෝනිස්ටයි දාව හේවාදුලිගේ චාර්ලිස් කියල පුංචි කොලු පැටියෙක් ඉපදුණා. පොඩි කාලෙ ඉඳන්ම සෙල්ලම් කළා මිසක් කොල්ලට ඉගෙන ගන්න නම් උනන්දුවක් තිබුණෙ නෑ. ඒත් ගමේ පන්සලේ ඇසුරත් එක්ක චාර්ලිස් පොත පතට, බුදු දහමට බරවෙන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අවුරුදු 22දි මාතරවල්පිට ආරණ්‍ය සේනාසනාධිපති බදුල්ලේ පඤ්ඤාලංකාර නාහිමියන්ගෙ ශිෂ්‍යයෙක් විදියට සසුනට ඇතුල් වෙන්නෙ.

මාතර සීලාලංකාර හිමි නමින් උපසම්පදාව ලබන මේ තරුණ හාමුදුරුවො භාවනානුයෝගීව වැඩ වාසය කරනව කියල හිතාගෙන කදුරුවෙල, පළුගස් දමනට වැඩම කළාට මොකද ගමේ තිබ්බ ඛේදනීය තත්ත්වය දැකල සසරෙන් එතර වෙන එක ටික කාලෙකට අමතක කරන්න වෙනව. අවවාද, අනුශාසනාවලින් පළුගස්දමන ගොඩ දාපු දිඹුලාගල හාමුදුරුවො ඊට පස්සෙ වැඩම කරන්නෙ හඳපාන්ගල, සොරවිල ගමට. එහෙදි සිංහල, දෙමළ සමගිය ඇති කරල, ගම දියුණු කරල, ඒ අවටයි, නැගෙනහිර පළාතෙයි සිංහල පවුල් 45,000ක් විතර පදිංචි කරවනව. ඒ විතරක් නෙවෙයි ආරාම 40ක් ඉදි කරවල, කුල දරුවො 250කට වැඩි ගාණක් මහණ කරවනව. දන්නවද? දිඹුලාගල අපේ හාමුදුරුවොම තමයි ත්‍රස්තවාදය නිසා අත ඇරිලා කැළෑ වැදිලා තිබුණු සෝමාවතී චෛත්‍යයත් හොයා ගන්නෙ. එතකොට මාදුරු ඔය ව්‍යාපෘතියට අදහස දෙන්නෙත් උන්වහන්සේ.

ජාති, ආගම් බේද සලකන්ණෙ නැතුව උතුරු මැද, නැගෙනහිර ජන ජීවිතය සශ්‍රීක කරන්න උර දුන්ණු දිඹුලාගල හාමුදුරුවන්ට ගර්ජන තර්ජන ඇති වෙන්න පටන් ගත්තෙ 1978 වගේ කාලෙන් පස්සෙ, එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන්. ඒත් උන්වහන්සේ නම් කිව්වෙ “කොටින්ට මා බය නෑ” කියන එක විතරයි. කට්ටිය ඒ හැටි දන්ණෙ නැති වුණාට කොටි සංවිධානය 12 පාරක් විතර දිඹුලාගල හාමුදුරුවන්ව මරන්න උත්සාහ කරල තියෙනව. ඒ කරලත් බැරි වෙද්දි තමයි ඉබේටම වගේ උන්වහන්සේට දිඹුලාගල සිංහයා නම පට බැඳෙන්න පටන් ගන්නෙ. කොහොම හරි 1995 මැයි 26 වෙනිදා, එක අවාසනාවන්ත මොහොතක අපේ හාමුදුරුවො කුඹුරකට වැඩම කරන අතරෙ එල්. ටී. ටී. ඊ. වෙඩි පහරට ලක්වෙලා අපවත් වෙනව.

මොනව කරන්නද යාලුවනේ එතනිනුත් වුණේ අපේ ජාතියට තවත් සිංහයෙක් අහිමි වුණු එක තමයි.

2. අරන්තලාවේ පුවතක් ගුවන් තලාවේ… (අරන්තලා භික්ෂු ඝාතනය)

කරන දෙයක් මට කරන්න සාමණේරවරු අත්හැර

කියන විටදි නායක හිමි හිසට වැදුණි මන්න පාර…

1987 ජුනි 2වනිදා, පොසොන් සඳ නැගගෙන එන හිමිදිරියක හෑගොඩ ඉන්දසිරි හාමුදුරුවො තවත් සාමණේර හාමුදුරුවො 40 නමක් එක්ක අම්පාරෙන් බස් එකකට ගොඩවුණේ ධර්ම ප්‍රචාරක වැඩසටහනකට කොළඹට වැඩම කරන්න. එ් අතර තුර පුංචි සාමණේර හිමිවරුන්ට දළදා මාළිගාව වන්ද වන්නත් ඉන්දසිරි හාමුදුරුවන්ගෙ පොඩි අදහසක් තිබුණා. ඒත් අවාසනාවක මහත කියන්ණෙ පැය 8ක ගමන පැයකින් අහවර කරන්න වුණානෙ. නිකම් නෙවෙයි ඉන්දසිරි හාමුදුරුවොන්ගෙයි තවත් සාමණේර හාමුදුරුවරු තිස් නමකගෙයි ජීවිතත් පූජා කරලා.

අම්පාරෙන් පිටත් වුණු බස් එක අරන්තලාවෙදි නතර වෙන්ණෙ අවි ආයුධ ගත්තු කොටි ත්‍රස්තවාදී පිරිසකගෙ හරස් කිරීමෙන්. සමරපාල ඩ්‍රයිවර් මහත්තයයි, ජිනදාස කොන්දොස්තර මහත්තයයි, වසන්ත ජයවර්ධන තරුණයයි වෙඩි වරුසාවක් මැද මැරිලා වැටෙද්දි ඉස්සරහ දොරෙන් බස් එකට ගොඩ වුණු එල්. ටී. ටී. ඊ. කාරයො කැති, මන්නවලින් පොඩි හාමුදුරුවරුන්ට කොටන්න පටන් ගත්තා.

“මාව මරපල්ලා, ඒත් මගේ දරුවො ටිකට යන්න දීපල්ලා” ඉන්දසිරි හාමුදුරුවො එඩිතරව කෑගැහුවා. ඒත් වැඩක් වුණේ නෑ. උන්වහන්සේටත් සිද්ධ වුණේ කොටි මිලේච්ඡයන්ගෙ අතින් මන්න පාර කන්න. බස් රථය ලේ විලක් බවට පත් වෙද්දි යාන්තමින් හුස්ම අල්ලගණෙ ජීවිතය ගැට ගහ ගන්න පුලුවන් වුණේ පුංචි සාමණේරවරු දහ නමකට විතරයි. යුධ හමුදාව දඩි බිඩි ගාලා එතනට ආවත් වෙන්න තිබුන දේ වෙලා තිබුනෙ. හ්ම්ම්… කරුමෙ කියන දේට පිටු පාන්න බෑණෙ යාලුවනේ.

3. බැලුවම අහිංසකයි මේ මිනිහ හරි වසයි… (මරු සිරා)

එල්ලාද මැරුවේ මරලාද එල්ලුවේ

මේ ප්‍රෙහෙළිකාව කවුද විසඳුවේ…

සිරිපාල හා රන් මැණිකා, මරුවා සමග වාසේ ෆිල්ම් දෙක බලල තියනවද? එහෙනම් මේ කතාව හොඳ හැටි දන්නව ඇති.

‘මරුවා සමඟ වාසේ’ පච්චය නිසා ‘මරු සිරා’ වුණු ඩේඩ්ඩුව ජයතුංගලාගේ සිරිපාල අතින් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්ණෙ මිනී මැරුම් දෙකයි. ඒකත් කසිප්පු ජාවාරම් කාරයො දෙන්නෙක්ව. රන් මැණිකාට පෙමින් බැඳුණු සිරිපාල ඇයට කරදර කරන්න ආපු ගුණපාල කියන චණ්ඩියාවයි සීමන් කියන කසිප්පු කාරයවයි තමයි මේ විදියට මරන්නෙ. වැඩේ කියන්ණෙ එ් සිද්ධියෙන් පස්සෙ කැලේ පැන්න සිරිපාලව පොලිසියටවත් අල්ල ගන්න බැරි වෙන එක. ඉතින් පොලිසියත් මරුවා ආවේශ වෙලා ඉන්නෙ.

කොහොම හරි මහව කැලේට වෙලා ඉඳපු සිරිපාලව පෝෂණය කරන්න රන් මැණිකා නිතර දෙවේලෙ අවා ගියා. ඕක දැන ගත්තු කෙනෙක් තමයි පොලිසියට ඔත්තුව දීලා තියෙන්නෙ. එවෙලේම වගේ සිරිපාලව අත් අඩංගුවට ගන්නව. ඒ අතර තුර සිරිපාලට පොලිසියෙ තරහ කාරයෙකුත් ඇතිවෙනව ඒකනායක කියල. මිනිහා සිරිපාල අතින් මැරුම් කාපු කසිප්පු බිස්නස් කාරයින්ගෙ පැත්තෙ කට්ටියගෙන් පගාව අරගෙන අනුරාධපුරේ හිර ගෙදරදියි, මහනුවර හිර ගෙදරදියි සිරිපාලට කරදර කරනව, ජීවිතේ එපා වෙන තරමට. ඔය හේතුව නිසා සිරිපාල 4 පාරක් සිය දිවි හානි කර ගන්නත් ගිහින්.

රන් මැණිකාට තියෙන ආදරේ නිසාම සිරිපාල අනුරාධපුර හිර ගෙයින් 3 පාරක් එළියට පනිනවා. එක පාරක් හිර කාරයො 36දෙනෙකුත් එක්ක. ඒ සිරිපාලට දාව රන් මැණිකාට ලැබුණු දුව බලන්න. ඒ විතරක් නෙවෙයි සිරිපාල හිරේදි ලියපු කවි,

‘වරදින් සමාජයේ මම කළ වැරැදි ගැන

දිනයක් උදා වී ඇත පසුතැවිලි වන

කොතැනද කවුද වරදට මුල පිරුව තැන

මට ඒ සමාජෙම පිළිතුරු කියණු මැන’

කොහොම හරි නඩුවෙන් පැරදුණු සිරිපාලව එල්ලල මරන්න තිරණය වෙන්ණෙ 1975 අගෝස්තු 5 වෙනිදා, උදේ 05.05ට. ඊට කලින් දවසෙත් සිරිපාල රන් මැණිකාට කවියක් ලියනව,

‘රන් මැණිකා මගෙ ලඟ සිටි එකම පණ

හෙට උදයේ අටට නිමවෙයි මගේ පණ

අහිතක් නොහිතන්න මා යන ගමන ගැන

දරුවා සමඟ ඔබ යහතින් සිටිණු මැන’

මැරෙන එක සිරිපාලට ගාණක් නැති වුණාට වෙන කවුරු හරි අතින් මැරෙන්න සිරිපාල කැමති වුණේ නෑ. ඒ නිසයි තීන්දුව ලැබුණු දවසෙ ඉඳන්, නින්ද යන්ණෙ නෑ කියල, බොරු කියල ඉල්ල ගත්තු නිදි පෙති රහසේම එකතු කලේ. ඒව හංගල තිබුණෙ සිරිපාලගෙ තනියට ඉඳපු ‘කිටී’ කියන බැල්ලිගෙ කර පටියෙ. අන්තිම හමුවීමෙදි සිරිපාල තමන්ගෙ හොඳම යාලුවා ධර්මදාසට රන් මැණිකාව භාර කරනව. ඒ මැරෙන්න කලින් දවසෙ.

ඔරලෝසුවෙ රෑ එකොළහේ කණිසම වදිද්දි හිර කුටියෙ තනිවෙලා ඉඳපු සිරිපාල ලඟට එන්ණෙ ‘කිටී’…

පහුවෙනිදා එළිවෙන පාන්දර බන්ධනාගාරය ඇතුලෙ ලොකු ගාල ගෝට්ටියක්. එල්ලල මරන්න වෙලාව කිට්ටු වුණත් සිරිපාල නෙවෙයි ඇහැරුනේ. බණ කියන්න ආපු හාමුදුරුවො “මැරුච්ච මිනිස්සුන්ට බණ කියන්න බෑ” කියල යන්න ගිහින්. වධකයොත් සිරිපාලව එල්ලන්න එච්චර කැමති වෙලා නෑ. කොහොම වුණත් අන්තිමට වෙලාව බලල සිරිපාලගෙ නිද්‍රා ශරීරය එල්ලනව. අධිකරණ වෛද්‍යවරයගෙ නිර්දේශය හැටියට සිරිපාලගෙ පණ ගිහින් තියෙන්ණෙ එල්ලල විනාඩි 18කටත් පස්සෙ.

“ඇත්ත… පොන්නදොරේ මුදලාලි බැංකුවට සල්ලි දාන්න යන වේලාවකදී ඒ සල්ලි හොරකම් කරලා තෙප්පම්කුලමේ නැති බැරි මිනිසුන්ට බෙදා දීලා තිබුණා. මගේ අතේ දාලා තිබුණු මුද්ද උගස්‌ කරලා දුප්පත් මිනිස්‌සුන්ට කන්න බොන්න බඩු අරන් දීලා තියෙනවා. සිරිපාල යනකොට අතේ දාගෙන එන මුද්ද ගෙදරට එනකොට නැහැ. මුද්ද කෝ කියලා ඇහුවාම යාළුවෙක්‌ ටිකකට ඉල්ල ගත්තා කියලා හිනා වෙනවා. සමහර දවස්‌වලට ඇඳගෙන යන සරම කාටහරි දීලා එනකොට ඇඳන් එන්නේ පරණ සරමක්‌”

රන් මැණිකා අදටත් සිරිපාලව මතක් කරන්ණෙ හද පිරි ආඩම්බරකාර දුකකින්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide