හැමදාම කන මස් කෑල්ලට අළුත් රසක්! ගෙදරදිම හදාගන්න කියාපු සුපිරි ‘මස් කෑම’ 5ක්.

ඇත්තනෙ ඉතින්, චිකන් කරිය කනව නැත්නම් බැදල කනව එහෙමත් නැත්නම් ඉස්ටුවක් දාගෙන කනව. ඔහොම කාලා ඉතින් දවසක එපාත් වෙනවනෙ. ඊටත් ඔය පෝර්ක්, බීෆ් වගේ දෙයක් ගෙනාවොත් අනිවා කරි තමයි. එහෙමත් වෙලාවක ඉස්ටුවක් වගේ දැම්මොත් මිසක් වෙන කිසිම රසකට මේසෙට එන්නෙ නෑනෙ. වැඩිය ඕන නෑ, ඩෙවල් එකක් දාගන්නත් මාර ගේමක් දෙන්න එපැයි. ඇයි අප්පේ… ගෙනාපු බෝතලේ ෂේප් එකේ මේසෙට ගලපල, ගෙදර උන්දැලවත් කැමති කරගෙන, හොඳම යාළුවො දෙතුන් දෙනෙක්ටත් අඬ ගහගෙන, සැන්ඩි අඩුම කුඩුමත් ගෙනැල්ලා… වැඩ කෝටියයි ඉතින්.

ඇත්තටම ඊට වැඩිය ලේසි නැද්ද, තියෙන මසක් මාළුවක් ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන රස පදම හොඳ හැටි තියෙන්න අපි ම හදාගන්න විදියක් හොයා ගත්තොත්. අඩුම තරමෙ අම්මට, බිරිඳටවත් සෙකන්ඩ් වෙන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්නෙ.

නැතත්, දෙයියනේ කියල ගෙදර කවුරුත් නැති වෙලාවට හිතේ හැටියට කෑම ටිකක් හදාගෙන රස බලන්න වුණත් පුළුවන්.

ඉතින්… ඔන්න ඔය හේතු මත අපි කල්පනා කලා, අපේ කට්ටියට පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් කියන්න, මස් ටිකක් සෙනිකව, කටට රහට හදාගන්න. එහෙනම්… බලන්නකො, ගෙදර ඉන්න වෙලාවට මේවයින් එකක් දෙකක් හදලා…

තලුමරමර බඩ පිරෙන්න කෑම කන්න!

1. ඇඹුල් බීෆ් සම්බෝල

හරිම ලේසි වැඩක්. ඒවගේම තමයි බයිට් එකට එහෙම පංකාදු රසක්.

කරන්න තියෙන්නෙ බීෆ් කෑලි ඇඟිලි පුරුක් සයිස් එකට කපලා… දෙහි, ලුණු, සියඹලා, ඉඟුරු, ගම්මිරිස්, කොච්චි, අබ, එනසාල් දාලා හදාගත්තු පේස්ට් එකක පැයක් හමාරක් පදම් වෙන්න අරින එක. ඊට පස්සෙ ඒ ටික බටර් හරි මාගරින් හරි දාලා මද ගින්දරේ පෑන් ෆ්‍රයි කරන්න ඕන. ඒ අතරට හීනියට ලියාගත්තු ලූණු, අමු මිරිස්, කෑලි මිරිස්, තක්කාලි, දෙහි ටිකකුත් ලෑස්ති කරල තියාගත්ත නම්… බීෆ් ටික හරියාගෙන එද්දි ම පෑන් එකෙන් බාලා, දීසියකට දාලා කවලම් කරල ගන්නයි තියෙන්නෙ. පස්සෙ ඉතින් පදම බලල ලුණු අඩුම කුඩුම ටික දාගන්න බැරියැ.

2. ස්පයිසි චීස් චිකන්

දැන් බලනව ඇති මේ මොකක්ද බොලේ මේ කියල.

ඇත්තට ම ඒක ටිකක් අමුතු කෑමක් තමයි. අනික චීස් නැතත්, කිරි පාවිච්චි කරල වුණත් හදාගන්න පුළුවන් කෑමක්. කොහොම වුණත් මේකට, මුලින් ම කුකුල් මස් අරගෙන පොඩියට කපල හොඳට ඉරි ගහගන්න ඕන. ඊට පස්සෙ ඒක පැත්තකින් තියල, කුකින්ග් චීස් ටිකක් වැඩිපුර අරගෙන පෑන් එකක මෙළෙක් කරගන්න ගමන් ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, සූදුරු කුඩු හරි මහදුරු කුඩු හරි ටිකකුත් එකතු කරන්න. හදිස්සියෙවත් ඔයා ළඟ චීස් තිබ්බෙ නැත්නම් එළකිරි වුණත් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එළකිරි ගත්තොත් කෝන්ෆ්ලා ටිකකුත් එකතු කරන්න වෙනව.

එ් කෙසේ වෙතත්, අන්තිමට ඉතින් චීස් ටික තෙල් වෙන්න කලින් චිකන් ටික එකතු කරල, හොඳට දැවටෙන්න ෆ්‍රයි කරගත්තෙ නැත්නම් නම්… කාලා හමාරයි හොඳේ.

3. පෝර්ක් හින්දුම

පාන්, රොටි වගේම බත් කන්න වුණත් සුපිරි මස් එක. ඒ විතරක් නෙවෙයි රත් කර කර දවස් ගාණක් තියාගන්නත් පුළුවන්.

මේක හදාගන්න ඕන කරන්නෙ ඇඟිලි පුරුකක් සයිස් එකට කපාගත්ත පෝර්කුයි දෙහි, ලුණු, ඉඟුරු, සියඹලා, අබ පොල් බැදුම් ඇඹරුමක්, මිරිස් කුඩු, බැදපු තුනපහ වගේ ටිකකුයි තමයි. ඒ හැරුනාම විනාකිරි පොඩ්ඩක්, වතුර ටිකක් එහෙමත් ඕන වෙනව. ඒ ඔක්කොම එකතු කරගත්තට පස්සෙ ඔක්කොම එකට දාලා (වතුර නොදා) මැටි මුට්ටියක පැයක් හමාරක් පදම් වෙන්න අරින්න. පදම් වුණාටත් පස්සෙ මස් මට්ටමටම වතුර දාලා මද ගින්දරේ අඩි අල්ලනකම්ම හින්ද ගන්න. ඒකෙදි දර ලිපක් පාවිච්චි කරන්න පුළුවන් නම් වැඩේ සුපිරියටම තියෙයි.

4. පැණි චිකන්

සුප්ප ඈ… කෑවොත් වරක් අනිවා හදනවා තව වරක්!

අවංකයෙන්ම, සුපිරි චිකන් එක. හැබැයි පාන්, බනිස් වගේ එකක් එක්ක තමයි හොඳටම යන්නෙ.

විශේෂම කාරණේ තමයි මේක හදාගන්න හරිම ලේසි එක. මුලින්ම චිකන් බ්‍රෙස්ට් ටිකක් අරගෙන ඇඟිලි සයිස් එකට කූරු වගේ කපා ගන්න ඕන. ඊට පස්සෙ ඒවා ලුණු දාලා ලාවට තම්බ ගන්න ඕන. ඊටත් පස්සෙ කිතුල් පැණි ටිකක් අරගෙන (නැතිම නම් සුගර් සිරප් වුණත් අවුලක් නෑ) ඒකට එනසාල්, කරාබු නැටි, සූදුරු හරි මහදුරු හරි තලල අරගෙන එකතු කරලා ගම්මිරිස් චුට්ටකුත් දාන්න. දාලා මැටි මුට්ටියක චිකන් ටිකත් එක්ක එකතු කරලා පුළුවන් වෙලාවක් පදම් වෙන්න අරින්න.

හැබැයි එකක්!, පදම් වෙච්ච චිකන් නිකම් එහෙම කනව නෙවෙයි. බටර් දාලා ලාවට පෑන් ෆ්‍රයි කරල තමයි කෑමට ගන්න ඕන, හොඳද.

5. බිත්තර සොසේජස්

ඡායාරූපය: Healthy Food Recipes

හරි ෆන් වැඩක්. ඒ වගේම තමයි පොඩි අයට එහෙමත් කියාපු කෑමක්.

මේකට ගන්න ඕන අර ටිකක් මහත සොසේජස් එක. අරගෙන මේස හැන්දක මිටක් පාවිච්චි කරල ඇතුළ තරමක් හිස් කරගන්න. සාමාන්‍යයෙන් ඇඟිල්ලක මහතට විතර. ඊට පස්සෙ ඒ ටික පැත්තකින් තියල පෑන් එකට බිත්තරයක්, සොසේජස් හූරගත්ත ටික, චීස් ටිකක්, කැරට්, ලීක්ස් වගේ එළවළු තියෙනව නම් ඒවත් හීනියට ලියල දාලා, ලුණු, ගම්මරිස්, කෑලි මිරිස් එක්ක කැරලි වෙන්න හදාගන්න. අන්තිමට ඉතින් ඒ පිරවුම සොසේජස්වලට පුරවලා… ෆ්‍රයි කරගන්නයි තියෙන්නෙ. ඕන නම් ඉතින් අවන් එකේ බේක් කරගන්නත් පුළුවන්. එතනින් එහාට ඉතින්… කියන්න ඕන නෑනෙ.

ඔය වගේ ඉතින් තව කෑම තොගයක් තියෙනව, ගෙදර ඉන්න වෙලාවට නිදහසේ හදල හිතේ හැටියට රස බලන්න පුළුවන්. ඒත් ඉතින් ඔක්කොම එකපාර කියන්න බෑනෙ. හැබැයි පස්සෙ දවසක තව ටිකක් කියනකම්… අපි ආසයි ඔයාලා දන්න ඔය වගේ කෑම ටිකක් අහල දැනගන්න. එතකොට අපිටත් බැරියැ නිකම් ඉන්න වෙලාවට හදල, රස බලල අපේ යාළුවන්ටත් කියන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Flavorful Fusion with NOODS!

Noods is a unique restaurant that offers delicious and simple dishes. Their signature Chicken and

Highlights Kamu

Caterers for your events 2024

Written by Fathima Rukaiya, When planning an event, finding the perfect catering spot can be

Highlights Kamu

Top Burger Joints of 2024

Written by Fathima Rukaiya, Who doesn't adore a juicy, mouthwatering burger? But finding the ideal

Highlights Kamu

Ramada Colombo: Break Your Fast in Style with a Luxurious Iftar

Written by Shamrina CIt’s that holy month of the year again for all Muslims around

Highlights Kamu

A blissful evening at The Sheraton Colombo

https://www.tiktok.com/@yamusrilanka/video/7350182026114338050 Nestled in the heart of Colombo, the Sheraton Colombo hotel epitomizes luxury and sophistication.

Highlights Kamu

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Trending.

RTC GOVERNOR’S CUP RACE RESULTS SHEET

RACE 01 : HPSL SUPER CHALLENGE TROPHY  PLACE HORSE  NAMEOWNER JOCKEY TRAINER1st Place ZULU  FANTASYMr. & Mrs.Edwards Akash Agrawal S.D.Mahesh2nd Place STREET CAT Mr.Hasanga Jayaratne

Trending

Introducing the Claw: MSI’s First Handheld Gaming Device Powered by Intel Core™ Ultra Processor

As AI technology continues to make waves globally, MSI, a leading laptop brand, has adeptly

Trending

MSI’s Innovation Unleashed: The New 18-Inch Gaming Laptop Family and Sleek, High-Performance Productivity Laptops

Written by Fathima Rukaiya, MSI, a premier laptop manufacturer, has unveiled its latest 18-inch gaming

Trending

MSI Unveils New Laptops Tailored for Content Creators: The Content Creation Series

MSI has unveiled an updated range of laptops designed specifically for content creation, introducing new

Trending

Unveiling the Latest MSI Gaming Laptops: A Detailed Look at High-Performance and Mainstream Options

MSI, a distinguished name in the world of laptop manufacturing, has recently unveiled its latest

Trending

MSI Unveils Waves of AI-Ready Laptops & Its First Gaming Handheld at CES 2024

Powered By The Brand New Intel® Core™ Ultra & Refreshed 14th Gen HX-series processors With the zeitgeist

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide