සතිඅන්තේ අපූරු සවාරියක්! වනගත රැයක් ගතකරන්න කියාපු නවාතැන් 6ක්.

වැස්ස කාලෙත් එක්ක ගස් කොළන් පීදිලා, සතා සීපාවා එළි බැහැලා වටපිටාව හරි අපූරුවට හැඩ වුණාට පස්සෙත්, වීක්එන්ඩ් එකේ ගෙදර ඉන්නද කල්පනාව? නිකමටවත් හිතෙන්නෙ නැද්ද යාළුවොත් එක්ක රෝන්දයක් ගහන්න ගියොත් හොඳයි කියල. අඩුම තරමෙ ගෙදර අය එක්කවත්. ලට්ට ලොට්ට ටිකක් බෑග් එකක දාගෙන, ෆිටේ ෆිට් සෙට් එකත් එක්ක පොඩි කැලෑ ගමනක් යන්න, නැත්නම්… මොකක් හරි අවුට්ඩෝර් ෆන් එකක් ගන්න!

අපි දන්නව ඉතින් අවුල තියෙන්නෙ, අපේ ගොඩක් යාළුවොන්ට එහෙම එකපාරට කිව්වට එන්න බෑනෙ. මොකද පවුල් වෙලා ඉන්න කට්ටියට පවුලේ සැම එක්කගෙන එන්න වෙනව. එහෙම නැති අයට බාග වෙලාවට මුදල් ප්‍රශ්න එනව. ඒ මුකුත්ම නැති අයට අඩුම තරමෙ වෙලාව ඇරේන්ජ් කර ගන්න බැරි කමක් හරි ඇති වෙන්න පුළුවන්නේ.

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, මෙදා පාර ඒ කොයි කාටත් ප්‍රශ්නයක් නොවෙන විදියෙ හොඳ නවාතැන් ටිකක් හොයල කියන්න. කොටින්ම කියනව නම් අතේ තියෙන ගාණට පවුලේ අයත් එක්ක වුනත් නිදහසේ වනගත නිවාඩුවක් ගත කරලා එන්න කියාපු තැන් ටිකක්. ඒකත් නිකම් නෙවෙයි යාල, විල්පත්තු වගේ සුන්දර වනෝද්‍යාන මායිමේ පිහිටපු නවාතැන්. හැරත් ඒවා සුවපහසුව අතිනුත් උපරිමනෙ.

එහෙනම් ඉතින් පහළ ලැයිස්තුව බලල ප්ලෑන් කරගන්නකො, කටට රහට කෑම ටිකක් කාලා, සීතල වතුර ටිකක් නාලා, සෆාරියක් එහෙමත් ගිහිල්ලා, හැන්දෑ ජාමෙට ගිණිමැලයක් අටවගෙන පොඩි සිංදුවක් කියල විනෝද වෙලා එන්න, ඔයාට කොයි තැනද සෙට් වෙන්නෙ කියල. හැබැයි ප්ලෑන් කරල විතරක්මත් මදි, හැකි ඉක්මනට බුකින්ග් එක දාන්නත් වෙනව හොඳේ…!

1. Rice Rice Villas, Yala (076 8267541,

රු. 6000)

මේ ලැයිස්තුවෙ තියෙන සුපිරිම තැනද කොහෙද. පිහිටල තියෙන්නෙ තිස්ස, රණකෙලියෙ අපූරු වෙල් යායක් ඉස්මත්තෙ. මැටි පෙනුමට ගඩොල්වලින් හදල, පොල් අතු වහලට හෙවිලි කරලා පුංචි පූල් එකක් එක්ක තියෙන මේ අපූරු නවාතැන් ටිකේ ඇතුළත අලංකරණය හරි සරලයි වගේම හරිම ලස්සනයි. අනික වටපිටාවෙ ලොකු ඉඩක් එහෙමත් තියෙන නිසා, නිදහසේ ඇවිදින්න කරන්නත් පුළුවන්. නැතත් ඉතින් ඒ ඉඩෙන් හැන්දෑවට හරි වැඩක් ගන්න බැරියැ, ඔය බාබකියු පාර්ටියක් එහෙම දාලා. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ කෑම එහෙමත් ෆුල් ගමේ ටයිප්ලු. හැබැයි අවශ්‍ය කට්ටියට වෙස්ටර්න් කෑම  වුණත් හදල දෙනවලු. කොහොම වුණත් මෙතන ගත කරන දවසෙ මතකය නම් අනිවා, අමතක නොවෙන එකක් වේවිලු! අපි නෙවේ කියන්නෙ ගියපු අය.

2. Wild Wadi, Wilpattu (071 8817721,

රු. 9000)

යන්න විල්පත්තු… හුණුවිළගම පැත්තෙන් නෙවෙයි, එළුවන්කුළම පැත්තෙන්. එතකොට තමයි මේ අපූරු නවාතැනට ඉක්මනින්ම කිට්ටු කරන්න පුළුවන් වෙන්නෙ. මේක පිහිටල තියෙන්නෙ අළුත් එළුවන්කුළම හරියෙ. පුංචි විලකට එහෙම මුහුණලා, කටුපඳුරු පිරිච්ච අපූරු වනගත පරිසරයක. මහ විශාල ගස් කොළන් නැතත් තියෙන ටිකෙන් හොඳ හැටි හැඩ කරල හදපු වයිල්ඩ් වාඩියෙ වටපිටාව කුරුලු කොබෙයියො, සතා සීපාවන්ගෙන් එහෙමත් පිරිලා. අනික විල්පත්තු කැලේ මායිමේ නිසා අලි, කොටි, වලස්සුත් එමටයි. ලී, මැටි පාවිච්චි කරල හදපු මේ අපූරු නවාතැනේ පොඩි පූල් එකක් එහෙමත් තියෙන නිසා සුවපහසුව අතිනුත් උපරිමයි. හැරත් ඒ අභ්‍යන්තර අලංකරණයත් පංකාදුවට තියෙනවනෙ. ආරංචියෙ හැටියට මෙයාලගෙ කෑම එහෙමත් සුපිරියිලු. කොහොම වුණත් වයිල්ඩ් වාඩියට එන වැඩිහිටි අයට නම් හැන්දැකරේට ලෑස්තිවෙන මෙයාලගෙ ගිණිමැළ බාබකියු, බෝතල් පාටිය අමතක නොවෙන එකක් වේවි, අනිවා!

3. Heina Nature Resort, Yala (077 8544575,

රු. 8000)

යාල, කටගමුව පැත්තට වෙන්න තමයි මේ නවාතැන පිහිටල තියෙන්නෙ. මේකෙ නම් ලොකු විව් අනම් මනම් නෑ. හැබැයි මැටි, ලී භාවිතයෙන් හදලා නිසා අමුතුම ගැමි අත්දැකීමකට මරු. අනික මෙයාලගෙ කෑම එහෙමත් සුපිරි ගමේ රහට තියෙනව. වටපිටාවෙ ලොකු කැලෑවක් නැති වුණාට පරිසරය නම් නිදහස්. එකම අවුල ඉතින් කුරුලු කොබෙයියො, සතා සීපාවා ඒ හැටි නැති එක තමයි. ඒත් ඉතින් ඒකට යන්න බැරියැ යාල සෆාරියක්. විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙ නවාතැන් ගාස්තුවට සාපේක්ෂව සේවාව ගොඩක් හොඳයි කියල තමයි ගියපු අය කියන්නෙ. හැබැයි ඉතින් එකක්, මේකෙ ස්විමින්ග් පූල් එහෙම නෑ හොඳේ.

4. Kirinda Beach Resort, Yala (0473 620500,

රු. 7000)

කිරින්දෙ, නිදන්ගවැල්ල පැත්තට වෙන්න තමයි මේ සුන්දර ලී කබානා ටික පිහිටල තියෙන්නෙ. හරියටම බීච් එකට මුහුණලා. ඉතින්, අමුතුවෙන් කියන්න ඕන නෑනෙ විව් එක ගැන. හැන්දෑවට විතරක් නෙවෙයි දවස පුරාවටම ෆුල් ජොලියෙ ඉන්න පුළුවන්. අනික මේවයෙ උළු වහල නිසා ගිණි මද්දහනෙ වුණත් ඒ හැටි රස්නෙ නෑ. නැතත් ඉතින් කට්ටිය දවල්ට සෆාරි යනවනෙ ගොඩක් දුරට. අන්න ඒ ගිහින් එනකොට තමයි මෙතන වටිනාකම හොඳටම තේරෙන්නෙ. ඇඟපත හෝදගෙන, සීතල බීම වීදුරුවක් තොල ගාලා පොඩි ස්නැක් එකක් එක්ක ඉර බැහැගෙන යන ක්ෂිතිජය දිහා බලාගෙන රෙස්ට් කරනව කියන්නෙ? ඊට පස්සෙ සැඳෑ ඇඳිරියත් එක්ක ලෑස්ති වෙන ගිණිමැල පාර්ටිය. ලන්තෑරුම් එළියෙ රෑ කෑම වේල… අපි මුකූත් කියන්නෙ නෑ. ගිහින්ම බලන්නකෝ!

5. Hidden Jungle, Wilpattu (077 1149990,

රු. 3500)

විල්පත්තු කිව්වට ඇත්තටම මේක තියෙන්නෙ ගල්කිරියාගම වැව පැත්තට වෙන්න. නමේ තියෙන විදියටම මේක හැංගිච්ච තැනක්. මොකද ඔක්කොම ඉදිකරලා තියෙන්නෙ කැලේ ඇතුළට වෙන්න. ඒ මදිවට කබානා, කොටේජ්, රෙස්ටුරන්ට් ඔක්කොමත් මැටි, ලීවලින් තමයි නිම කරලා තියෙන්නෙ. ඉතින් අනිත් නවාතැන්වලට වඩා මෙතන අමුතු ගතියකුත් තියෙනව. හැරත් මෙයාලා ළඟ තියෙන ටොප් ගමේ කෑම ටික රස බැලුවාම ආයෙත් යන්නමයි හිත. එකම අවුල තියෙන්නෙ ‘හිඩ්න් ජන්ගල් එකේ’ පූල් එකක් නැති එක තමයි. ඒත් ඒකට හරියන්න මරු වැවක් තියෙනව. කොහොමහරි මෙතනත් හැන්දෑවට ගිණිමැල පාර්ටිය දාන්න කියාපු තැන. පොඩි අඩියකට සූර් වෙලා, බොංගො ගිටාර් සද්දයත් එක්ක සිංදුවක් කියලා… ලන්තෑරුම් එළියෙ රෑ කෑමට වාඩි වුණා කියන්නේ, ආයෙ මොනවද ඉතින් නේ!

6. The Beach Camp, Yala (077 2075696,

රු. 9000)

කිරින්ද බීච් එකේ සුන්දර රාත්‍රියක් ගත කරන්න, යාල සෆාරියක් එහෙම ගිහිල්ල හිතේ හැටියට අලි, කොටි, වලස්සුත් බලාගෙන හැන්දැ වෙද්දි බීච් එකේ ගිණිමැල පාර්ටියකට සෙට් වෙන්න, යන්න යාල බීච් කෑම්ප් එකට. අවංකයෙන්ම ඒක නම් සුපිරිම අත්දැකීමක් වේවි. අති සුවපහසු, සරලව අලංකරණය කරපු ලොකු ටෙන්ට් ඇතුළෙ සැපට නිදාගන්න විතරක් නෙවෙයි කටට රහට හැදුණු ගමේ කෑම වේලක් ලන්තෑරුම් එළියෙ ඉඳගෙන තරු පිරිච්ච අහස යටට වෙලා හීන් සැරේ රස බලද්දි, කොහොමද නේ… ඊටත් කෑම කාලා ඉවරවෙලා ගිටාර්, බොංගො සංගීතයක් එක්ක බීච් එකේ සිංදු කියද්දි! පිස්සු හැදෙයි ඉතින් ඈ…

හැබැයි ඉතින් පිස්සු හැදුන වගේ නෙවෙයි, නිවාඩුවට ගිහින් ඇවිත් ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නත් ඕන හොඳද. අනික ඒ අතරට ඔයාලා දන්න මේ වගේ කොටේජ්, කබානා, කෑම්ප් සයිට් තියෙනව නම් ඒවත් අපිට කියන්න ඕන. මොකද අපිත් ආසයිනෙ ඔය අළුත් අළුත් තැන්වල රවුම් ගහන්න, නේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide