14 බැරි වුනොත් පහුවෙනිදට හරි! උදේ ගිහින් හවස එන්න කියාපු සොබාදම් උද්‍යාන 7ක්.

ආදරණීයයන්ගෙ දවස නම් තමයි. ඒත්.. ගොඩදෙනෙක්ගෙ තියෙන වැඩ රාජකාරිත් එක්ක.. එදාටම ඉතින් මුණගැහෙන්න අවස්ථාවක් ලැබෙයිද කවුද දන්නෙ. ඊටත් එහෙම ලැබුනත්, නිදහසේ පාඩුවෙ පුංචි කතාවක් බහක් දාගෙන, රස කෑම බීම ටිකකුත් රස බලල, ඉඳල එන්න පුලුවන් තැනක් වෙන්නත් එපැයි.

හැරත්.. ඒ වගේ ආදරණීය හමුවීම් වලට අපේ අය තෝරගන්නෙත් එයාලටම ආස කරන තැන්නෙ.

ම්.. ඉතින් ඒ තැන් ගැන කතා කරන්න නෙවෙයි අපි අද..

ඊටත් පොඩ්ඩක් එපිටට හිතන, නිතරම වගේ සොබාදහමට ඇලුම් කරන, ගහ කොළත් එක්ක ඉන්න ආදරවන්තයින්ට ගැලපෙනම තැන් ටිකක් කියන්න.

ඒ නිසාමයි..

අපේ මේ ලිපිය ලියවෙන්නෙත්!

1. Seethawaka Wet Zone Botanic Garden

0363 795295

අක්කර සීයකට වැඩි මේ උද්භිද උද්‍යානයෙ හරි හැටි රවුමක් ගහනව නම් ඇත්තටම වරුවක් වගේ යනව. මොකද පුංචි පුංචි කැළෑ රොදවල්, තණ බිම්, රෑස්ස ගස් වගේම අපූරු විල් ටිකක් එහෙමත් තියෙනවනෙ. ඒ හැරුනාම.. ඒ විල් වල බෝට්ටු පදින්නත් අවස්ථාවක් එයාලා දීලා තියෙන්නෙ, පොඩි ගාණක් ගෙවල හැබැයි. කොහොම වුනත් මෙතන තියෙන එකම අවුල තමයි හරි හැටි කන්න තැනක් නැති එක. ඒකට නම් ඇත්තටම පාරට එන්නම වෙනව. ම්.. ඒ කෙසේ වෙතත් උදේ 8 වෙද්දිම විවෘත කරන මේ උද්‍යානයෙ හැන්දෑවෙ 5 වෙනකම් රවුම් ගහන්න කාට කාටත් අවසරය තියෙනව. ඉතින්.. නිදහසේ සොබාදහමත් එක්ක ඉන්න, කොළඹට කිට්ටුම.. අවිස්සාවේල්ල, පුවක්පිටිය – ලබුගම පාරෙ තියෙන මේ සුන්දර වන උද්‍යානය..

හොඳම තැන නෙවේවිද?

2. Diyasaru Park

0112 073 550

තලවතුගොඩ ජපන් මිත්‍රත්ව පාරෙ හරියටම පටන් ගැන්මත් එක්කම වගේ.. මෑතකදි විවෘත කරපු මේ අපූරු වන උයන, සොබාදහටම ආදරය කරන අයට රවුමක් ගහන්න කියාපුම තවත් තැනක්. හැරත් මේක උදේ 6 ඉඳන් හවස 6 වෙනකම්ම විවෘත නිසා.. ලොකු හදිස්සියක් කරගන්න ඕනත් නෑ. වටපිටාවෙත් කෑම කඩ ඕන තරම් තියෙනව. ඔක්කොමත් හරි මෙතන ඉන්න කුරුළු කොබෙයියො තොගයක්? ඇත්තටම උදෙන්ම ගොඩවුනොත්.. කීචිබීචියෙ තොර තෝංචියක් නැතුවම. අනික ඉස්සරහින්ම දියවන්නාවත්නෙ තියෙන්නෙ. ඉතින්.. රස්නෙත් ඒ හැටි නෑ..!

3. Labugama – Kalatuwawa Forest Reserve

ලබුගමින් කෙලීන්ම කළටුවාව පැත්තට, කැළේ මැදින්!

මේක.. උද්‍යානයක් නම් නෙවෙයි. ඇත්තටම වන සංරක්ෂණයක්. ඒ නිසාම මගක් යද්දි පාර ඉවර වෙනව. ඊට පස්සෙ අඩි පාර දිගේ තමයි ඉතින්. හැබැයි උද්‍යානයකට වඩා නම් ඇත්තටම හොඳයි. මොකද සතා සීපාවා වගේම කුරුළු කොබෙයියොත් හොඳ හැටියට බලාගන්න පුලුවන්නෙ. එකම දේ තමයි මේ කැළේට කිට්ටු කරන්න කලින් බලන්න ඔයාලා ලඟ ඇති වෙන්න කෑමයි, බීමයි තියෙනවද කියල. නැත්නම්.. වැඩේ ටිකක් අමාරුයි..

4. Hora Forest Reservation

හඳපාන්ගොඩ හොර කැළේ කිව්වාම කවුරු කවුරුත් දන්නව. නැතත්.. නොදන්න කෙනෙක්ට වුනත් හොයාගන්නත් ලේසියි. බෝපෙ හංදියට ගිහිල්ල එතනින් කෑම බීම ටික අරගෙන, එතනින්ම ඇහුව නම්.. විනාඩි 10ක් යයි යාලු උපරිම.

මෙතනත්.. යන්න තියෙන්නෙ පාර දිගේමයි. හැබැයි.. හෙමි හෙමිහිට ඇවිදගෙන වගේ ගියා නම් තමයි වටින්නෙ. මොකද එතකොටනෙ පරිසරයෙ සුන්දරත්වය එහෙමත් රස විඳින්න ලැබෙන්නෙ, නේ..

5. Beddagana Wetland Park

0113 047974

අහල පුරුදු, හුරු පුරුදු තැනක් වෙන්න ඕන.. කොළඹ පැත්තෙ උදවියට. මොකද මේකනෙ තරමක් හරි පරණම වන උද්‍යානය, කොළඹට කිට්ටුවෙන්ම හදපු.

නැතත් කාරි නෑ. කොහොමහරි මේක තියෙන්නෙ බැද්දගාන හංදියෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න. උදේ 7 වෙද්දිම වගේ මෙතන විවෘතයි. ඒ ඉඳන් හැන්දෑවෙ 5 වෙනකම් කාට කාටත් ඇවිදින්න පුලුවන්. ඇත්තටම හරි අපූරු වගේම නිදහස් තැනක් මේක. ඒ වගේම තමයි ලස්සනම පාර්ක් එකකුත් එක්ක. කුරුළු කොබෙයියො වැඩි හරියක්ම හිටියට මොකද.. ඔය පොඩි පොඩි ක්ෂීරපායි සත්තු එහෙමත් දැක බලාගන්න මෙතන බැරි කමක් නෑ.

කොහොමවුනත් එකක්, මෙතනටත් යන්න කලින්ම කෑම බීම ටික අරගෙන යන්න. මොකද ගිහිල්ල ආයෙ පයින් එනව කියන්නෙ හංදියට ටිකක් දුරයි හොඳේ.

6. Gampaha Botanical Garden

0332 222 316

කියන්න ඕනත් නැති තරම් ඇත්තටම. ඒ පැත්තෙ අය නම් ගොඩ දෙනෙක් දන්නව මේ තැන. උදේ.. 8 ඉඳන් හැන්දෑවෙ 5 වෙනකම් විවෘත කරල තියෙන මේ පාර්ක් එකේ.. ලොකු ඉඩක් වගේම නිදහසේ පාඩුවෙ ඉන්න තැනුත් ඕන තරම්. හැබැයි.. ඒ නිසාමද මන්දා මෙතන සතා සීපාවා නම් ඒ හැටි දැක බලාගන්න හැකියාවක් නෑ. ඒ වුනාට ගස් කොළන් වලිනුත් අඩුවක් නෑ ඉතින්. කෑම කඩ එහෙමත් වටපිටාවෙ තියෙන නිසා ඇත්තටම මෙතනට ගොඩ වෙන්නත් දෙපාරක් හිතන්න ඕන නැති තරම්.

7. Horagolla National Park

0332 287 877

PC. Explore Sri Lanka

නිට්ටඹුව – වේයන්ගොඩ පාරෙ ටිකක් ඉස්සරහට ගිහිල්ල ගොඩ වෙන්න තියෙන මේ කැළෑ පොඩ්ඩ තමයි බස්නාහිර පළාතෙ තියෙන එකම වනෝද්‍යානය. ඒ නිසාම මේකෙ ඇවිදින්න කරන්න තියෙන්නෙත් පයින්. අනික උදේ 6ට විවෘත කලාම මෙතන හැන්දෑවෙ 5ට වහනව. කොහොම වුනත් මේක නම් තනිකරම කැළයක්. කොටින්ම කියතොත් හඳුන් දිවියො, වල් ඌරො, කිඹුල්ලු පවා මෙතන ඉන්නව. ඒ හැරුනාම කුරුලු කොබෙයියොන්ගෙනුත් අඩුවක් නෑ. ම්.. රෑස්ස ගස් පිරිච්ච කැළේ නිසා හුදකලාව පරිසරය රස විඳින්නත් මෙතන කියාපුම.

ඒ නිසාම.. මෙතනට ගියාට කමක් නෑ ඔයාලා, වැදගත් විදියටම හැසිරෙන්න ඕන හොඳද ඔන්න.

ඔය හැරුනාම තව තැන්.. 2, 3කුත් තියෙනවා.. ඒත් ඒවා නම් නොකිය ඉන්න තරමට තමයි හොඳ, අපි කියන්නෙ මේ කාරණාව වෙනුවෙන්. ඒ නිසා ඒවා වෙන දවසක කියන්නම් හොඳේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide